හැටන් නගර මධ්‍යයේ රතිඥඥා දල්වමින් සතුට පලකල අතර බගවන්තලාව කදිඳොරේෂන් කෝවිලේදි විශේෂ ආගමික වතාවන් පවත්වා කිරිබත් පිලියෙල කර සියලු දෙනාට පිලිගන්වා සිය සතුට පලකරනු ලැබුවා.
නුවරඑළිය ප්‍රාදේශිය සභාව කොටගල, ආගරපතන සහ නුවරඑළිය වශයෙනුත් අඹගමුව ප්‍රාදේශිය සභාව නොර්වුඩි, මස්කෙළිය සහ අඹගමුව වශයෙනුත් කොටස් තුනකට මේ වන විට පළාත් පාලන අමාත්‍යංශය මගින් වෙන් කර තිබෙනවා.
මෙතෙක් කල් ප්‍රාදේශිය සභා මගින් වතු ආශිතව කිසිදු සෞඛ්‍ය කටයුත්තක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු නොකළ අතර නව ප්‍රාදේශිය සභා වෙන් කිරිමත් සමග එම ප්‍රාදේශිය සභා මගින් වතු ආශිතවද සංවර්ධන කටයුතු සිදුකිරිමට බලය ලැබි ඇති බවයි වතුකමිකරුවන් පවසන්නේ.
රංජිත් රාජපක්ෂ – හැටන්