ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 26, 2017

ඔන්න ලංකාවේ නීතිය...!!! ගෙඩි තුනක අඹ වල්ලට දවසක් නිරාහාරව කූඩුවේ ඇපය ලක්‍ෂයයි ...!!!


අඹ ගෙඩි තුනක්‌ කතාවකට සුදුසු ප්‍රස්‌තුතයක්‌ නිර්මාණය කර තිබේ. ඒ වයසක අම්මා කෙනෙක්‌ අඹ ගසකින් ගෙඩි තුනක්‌ කඩා ගත්තේය කියා පොලිසියට ගෙන ගොස්‌ අවසානයේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත නිදහස්‌ කර ඇති අපූරු කතාවකි. සිද්ධිය වාර්තා වන්නේ අනුරාධපුර, සාලියපුරෙන්ය. නීතිය නැමෙන හැටි පිළිබිඹු වන මේ සිද්ධිය ද මිනිසුන්ට විචිත්‍ර ලෙස වාර්තා කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේය. දැන් කතාව පෙළගැසෙන්නේ අඹ හොරකම් කළා යෑයි කියන ලලිතා අම්මාගේ ගෙදර සිටය.

 ලලිතා අම්මාට වයස අවුරුදු හැටහතරකි. දරුවන් තිදෙනකුගේ මවකි. එහෙත් දැන් ඇයට සිටින්නේ දරුවන් දෙදෙනෙක්‌ පමණි. එක්‌ අයෙක්‌ අකාලයේ මිය ගොස්‌ය. අනෙක්‌ දරුවන් දෙදෙනා ද දීග තලවල ගිය පසු සැමියාගේ රැකවරණය අහිමි ඇය නිවසේ තනි විය. ජීවත්වීම උදෙසා ඇය අදටත් සාලියපුර ජයන්ති ග්‍රාමයේ පොල්වත්තක්‌ මුරකරන්නීය. පොල් වත්තේ එකතු වන පොල් අතු වියා විකුණා අමතර ආදායමක්‌ උපයාගන්නීය. ඒ ලැබෙන සොච්චම් මුදලින් ඇය කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව ජීවිතය ගැට ගසාගෙන ජීවත්වන්නීය. පෙනීම දුර්වල දෙනෙත්වලට කාච දමා ඇත්තේ ද ඇයගේම වියදමිනි. එහෙත් එක ඇසක පෙනීම තවමත් දුර්වලය. එමෙන්ම ශරීර කූඩුව දිරාපත් වන විට ඇති වන දුබලතාවලින් කාලයක සිට ඇය පීඩා විඳින්නීය. ඇයගේ ඒ සියලු කෙඳිරිලි, දුක්‌ වේදනා දරාගෙන තනි නොතනියට සහ සෙවණට සිටින එකම මිතුරා සීට්‌ සෙවිළි කළ පුංචි කාමරය පමණි. පුංචි ඇඳක්‌, පුටු දෙකක්‌ හැරෙන්නට ඒ කාමරය තුළදී නෙතගැටුණේ කාඩ්බෝඩ් පෙට්‌ටි කිහිපයක්‌ පමණි. අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන ඒ අම්මාට බොහෝ විට කෑම බීම ලබාදෙනු ඇත්තේ ද තවකෙකුගේ දුක ඉදිරියේ උණුවන සිත් ඇති අසල්වැසි මිනිසුන්ය.


 "මට ගමේ අය ගොඩක්‌ උදව් උපකාර කරනවා. ගෙදරට ඇවිත් කෑම, බීම තියෙනවද කියලා බලලා නැති නම් ගෙනත් දෙනවා. එදා උදේ මම හාල් චුට්‌ටක්‌ රත් කළා. ඒත් හොඳි හදන්න දෙයක්‌ තිබුණේ නෑ. ඉස්‌සරින්දා රාත්‍රියෙත් කෑවේ පොල් සම්බෝලයි බතුයි. උදේටත් සම්බෝලම කන්න බැරි නිසා අඹ වෑංජනයක්‌ හදන්න කියලා හිතාගෙන අල්ලපු වත්තේ අඹ ගහෙන් ගෙඩි තුනක්‌ කඩා ගත්තා. ඒ කැඩුවේත් පාරට නැමිලා තියෙන අත්තකින්... ඇයට වචන හිරවිණි. අප අතර නිහඬතාවකි. ඒ නිහඬ බව තුළ බොහෝ හැඟීම්බර නින්නාදයන් සැඟව රහසිගතව ගුප්තව පවතින බව සැබෑය.

 "අඹ වල්ලෙන් ගෙඩි තුනයි කඩාගත්තේ. වත්ත ඇතුළේ හිටිය බල්ලා බුරනකොට ඒ ගෙදර නෝනයි, මහත්තයයි එළියට ආවා. මාව දැක්‌කා විතරයි මහත්තයා පොල්ලක්‌ අරගෙන ගහන්න පැන්නුවා. මගේ ගෙදර මිදුලටම පන්නගෙන ආවා. මම ගේ ඇතුළට ගිහිල්ලා දොර වහගත්තා. ඊට පස්‌සෙ තමයි ඒ නෝනා අනුරාධපුර පොලිසියට ගිහින් පැමිණිලි කරලා තියෙන්නේ. එදා උදේ 10 විතර වෙනකොට පොලිසියේ මහත්වරු දෙන්නෙක්‌ මගේ ගෙදරට ඇවිත් 'වත්තකට පැනලා අඹ ගෙඩි දහනවයක්‌ හොරකම් කරලා තියෙන බවට පැමිණිල්ලක්‌ ලැබිලා තියෙනවා... ඒක විභාග කරන්න පොලිසියට එන්න' කියලා මට දැනුම් දුන්නා. ඒක අහලා මම පුදුම වුණා. කඩා ගත්තේ අඹ ගෙඩි තුනයි. තව දහසයක්‌ම වැඩිපුර දාලා. අනිත් එක සපා කන බල්ලො දෙන්නෙක්‌ ඉන්න, කම්බි පොටවල් හතක්‌ උසට වැට ගසා තිබෙන වත්තකට වයසක මම කොහොමද පනින්නේ..."

 ලලිතා අම්මා අසල්වැසි නිවසේ අඹ ගහෙන් ගෙඩි තුනක්‌ කඩාගෙන ඇත්තේ පසුගිය සඳුදා (9 දා) හිමිදිරියේදීය. එදිනම උදේ 10 පමණ වන විට අනුරාධපුර පොලිසියේ රාළහාමිලා දෙදෙනකු ලලිතා අම්මා සොයාගෙන ඇයගේ ගෙදරට ආහ. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අනුරාධපුර පොලිසිය කිසිදු ලෙසකින් පසුබට නොවන බවට එය කදිම සාක්‍ෂියකි. එහෙත් එවැනි නීතිගරුක පොලිස්‌ බල ප්‍රදේශයක පිහිටි අනුරාධපුර නගරය වෙසඟනන්ගෙන් සහ කුඩු, මංකොල්ලකාරයන්ගෙන් ගහන ජරපත් නගරයක්‌ වී ඇත්තේ කෙසේද යන්න මගේ සිත පුදුමයට පත් විය. නිහැඬියාව බිඳිමින් ලලිතා අම්මා නැවත කතා කළාය.



 "දහවල් 11.00 ට විතර මම පොලිස්‌ නිලධාරීන්ගෙන් ඇහුවා ගෙදර යන්නද කියලා. එතකොට පොලිස්‌ නිලධාරීන් කිව්වා උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කියලා. ඊට පස්‌සේ මම කිව්වා පොලිසියේ ලොකු මහත්තයා මුණගස්‌සන්න කියලා. ඒත් පැමිණිල්ල විභාග කරපු මහත්වරු තුන්දෙනා ඒකත් වැළැක්‌කුවා. පස්‌සේ මම පැය ගානක්‌ බංකුවක්‌ මත වාඩි වෙලා හිටියා. මම වාඩි වෙලා හිටියේ පිරිමි සිරකරුවන් සිටි සිර කුටිය ළඟ. ඇඳිරි වැටෙනකොට මාව සිර කුටියකට දාලා අගුලු දැම්මා. ඒ සිර කුටියේ හිටියේ මම විතරයි. උදේ ඉඳලා කෑමක්‌ නැති නිසා මගේ උගුර කට වේළිලා තිබුණේ. ඒත් කෑම පැකට්‌ එකක්‌ ගෙන්න ගන්නවත්, මුත්‍රා කරන්න එළියට යන්නවත් කූඩුව ළඟ කවුරුවත් හිටියේ නෑ. මහා රෑ වෙනකොට මට දාඩිය දාලා කැරකිල්ලට වගේ ආවා. මම සිමෙන්ති පොළවේ හාන්සි වෙලා ඉන්නකොට දෙයියෝ පෙන්නුවා වගේ අපේ ගමේ පොලිසියේ වැඩ කරන මහත්තයෙක්‌ දැක්‌කා. මම ඒ මහත්තයාට කතා කරලා වැසිකිළි යන්න ඕනා කියලා කිව්වා. පස්‌සේ ඒ මහත්තයා පොලිසියේ නෝනා කෙනෙක්‌ එව්වා. නැති නම් එදා රෑ මුත්‍රා අඩස්‌සිය හැදිලා මාව මැරෙනවා. ඒත් එළිවෙනකම්ම කෑමක්‌ නෑ..."
 "පහුවදා උදේ වෙනකොට මේ සිද්ධිය අපේ ගමේ අයට ආරංචි වෙලා පොලිසියට ආවා. ඒ ආපු අය පෙරකදෝරු මහත්තයෙක්‌ අල්ලලා මාව උසාවියට ඉදිරිපත් කළා. පස්‌සේ උසාවියෙන් රුපියල් ලක්‍ෂයක ශරීර ඇප පිට මාව නිදහස්‌ කළා. අනුන්ගේ වත්තක ගහක අඹ කැඩීම වදරක්‌, ඒ නිසා අධිකරණ තීන්දුව හිස නමා මම පිළිගන්නවා. ඒත් මේක උසාවියට ගේන්නේ නැතුව පොලිසියෙන් විසඳනන්න තිබුණා. මටත් හොඳට සල්ලි පනම් තිබුණා නම් මේ ප්‍රශ්නය පොලිසියේදීම විසඳගන්න තිබුණා. මේ හැම නස්‌පැත්තියකටම මුල දුප්පත් වෙලා ඉපදීමයි..." ලලිතා අම්මා යථාර්ථය අවබෝධ කරගෙන උපේක්‍ෂාසහගතව ගැටලුවට මුහුණදී ඇති බව ඇයගේ කතාවෙන් පැහැදිලි වේ. එහෙත් මේ අසරණ මාතාව සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේ හොරෙක්‌ කර අවලාද වැකි පළ කර තිබුණේ නින්දිත අයුරිනි. ඒ වැකි අතරින් තවත් කාන්තාවක්‌ විසින් ලලිතා අම්මාගේ ඡායාරූපයත් සමඟ මුහුණු පොතේ අලවා තිබූ වැකි පෙළක්‌ ඔබගේ දැනගැනීම පිණිස ඒ භාෂාවෙන්ම දැන් අපි මෙසේ සටහන් කර තබමු.

 "යාළුවනේ මෙන්න මේ හොර බැල්ලි තමා අනුන්ගේ ඉඩම්වලින් අඹ හොරකන් කරලා තියෙන්නේ. මේ අවජාතක හොරකමේ යන බැල්ලිට පොලිසියට ගෙනිහින් මේකිට එස්‌ලෝන් බටයකින් ගහලා පැය 24 ක්‌ කූඩුවේ දැම්ම පොලිස්‌ කාන්තා කාර්යාංශ කාන්තාවන්ට ස්‌තූති. එක්‌සත් ජාතික පක්‍ෂය සිටිනකල් මේ රට හොරකන් කරලා කිළුටු කරන මේවගේ නාකි බැල්ලියන්ට හොඳ පාඩම් මේවා..."

 ගැහැනිsයකගේ දුක, වේදනාව හඳුනන්නේ තවත් ගැහැනිsයකි. එහෙත් මේ නීතිගරුක කාන්තාව මුහුණු පොතේ අලවා තිබූ වචන පෙළ කියවන විට මට නම් හැඟුණේ මේ අම්මා කෙනෙකුගේ කුසෙන් බිහි වූ දියණියක්‌ නොව, ඕපපාතිකව ගෝත්‍රික සමාජයක උස්‌ මහත් වූ කෙල්ලක්‌ බවය. එවැනි කාන්තාවන් අර්ථ දැක්‌වීමට තවත් වචන නාස්‌ති කිරීම අපරාධයකි. එහෙයින් අපි මුහුණු පොතෙන් ඈත් වී නැවත සාලියපුර අපූරු අඹ ගහ යටට ගියෙමු. ඒ අපූරු අඹ ගස කර්තකොළොම්බු, අල්පොන්සු මිල අධික අඹ පල දරන ගසක්‌ නොවේ. ඉබේ පැළ වූ වල් අඹ ගසකි. එම ගසේ පල දරන අඹවලට නම පටබැඳ ඇත්තේ ඇපල් අඹ ලෙසය.

 අඹ ගෙඩි තුනේ සිද්ධිය ලෝකය පුරා ප්‍රසිද්ධ වීමත් සමඟ අඹ ගසේ අයිතිකාර නෝනයි මහත්තයයි සිද්ධිය ගැන සොයාබැලීමට යන සියලු මාධ්‍යවේදීන්ට බැණ අඬ ගසන්නාහ. 'මේ නාකි ගෑනි පට්‌ට හොරෙක්‌..' කියා ලලිතා අම්මාට අපහාස කරන්නාහ. එහෙත් මාධ්‍ය ඉදිරියේ නම් ප්‍රසිද්ධ කිරීමට අකැමැති සාලියපුර ප්‍රදේශවාසීන් පවසන්නේ ලලිතා අම්මා කාත්කවුරුවත් නැති අසරණ කාන්තාවක්‌ බවය. එමෙන්ම මේ අම්මා අඹ ගෙඩි දහනවයක්‌ කැඩුවා කියා ඔප්පු කිරීම සඳහා අඹ ගහේ අයිතිකාර නෝනා තවත් ගෙඩි දහසයක්‌ කඩා මල්ලකට දමා පොලිසිය එන විට වැටේ එල්ලා තිබූ බවද ප්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. මුළු ගමේම වැසියන් ලලිතා අම්මා වෙනුවෙන් පෙනීසිටින බවද ඔවුහු අපට කීහ. ඒ අවසාන වූයේ ඓතිහාසික නගරයක්‌ වන අනුරාධපුරයෙන් ඇසුණු අඹ ගෙඩි තුනේ කතා වස්‌තුවයි.

 කෝටි, ප්‍රකෝටි ගණන් රාජ්‍ය දේපළ හොරා කෑ දේශපාලුවන් සහ නිලධාරීන් මේ රටේ ඕනෑතරම් සිටිති. හොරු, මංකොල්ලකාරයන් සහ කුඩ්ඩන් පොලිසියේ පිහිටෙන් නිදහස්‌ වී යන අවස්‌ථා නැතුවාම නොවේ. එවැනි කාලකණ්‌ණි සමාජයකදී කුසගින්දර නිවාගැනීම සඳහා අඹ ගසකින් ගෙඩි තුනක්‌ කඩා ගත් වියපත් මවට එරෙහිව අනුරාධපුර පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරයි. කුණු මළ ජාරාව සියල්ලම එකතු කරන දහජරා ගොහොරුවක්‌ වන මුහුණුපොත ඒ කතාවට තටු දෙයි. ඒක දකින 'පේස්‌බුක්‌' මිතුරො හොඳට, නරකට 'කමෙන්ට්‌ස්‌' දායි. අවසානයේ මේ අසරණ අම්මාගේ කතාවත් අන්තර්ජාලයේ සහ සමාජයේ කදිම කටගැස්‌මක්‌ විය. මේක පුදුම රටකි.

 
 අඹ හුටපටය ගැන පොලිසිය කියන කතාව



 mangoමේ අඹ හුටපටය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති සංජීව මහානාමගෙන් අපි කරුණු විමසා සිටියෙමු. මේ ඒ සංජීව අපට කියන කතාවය.

 ඒ කාන්තාව කඩාගෙන තියෙන්නේ අඹ ගෙඩි තුනක්‌ නෙමෙයි දහඅටක්‌. අපි ඒ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළා. දැන් ඇප පිට ඉන්නේ. නඩුව ජනවාරි මාසේ තියෙනවා.

 සාලියපුර ප්‍රදේශවාසීන් සහ අඹ හොරකමට සම්බන්ධ කාන්තාව කියන්නේ ගහෙන් කඩාගත්තේ අඹ ගෙඩි තුනයි කියලා...?

 අම්මා ඔයිට ඉස්‌සෙල්ලා හොඳට හොරකම් කරපු, සෑහෙන්න කේස්‌ තියෙන චාටර් වෙච්ච ගෑනු කෙනෙක්‌. ගමේ මිනිස්‌සු පොලිසියට ඇවිත් දැන් ඒවා කියනවා. අඹ ගහ අයිතිකාර මිනිස්‌සුන්ටත් බේරෙන්න බැරිම තැන තමයි අල්ලලා පොලිසියට ගෙනත් භාර දුන්නේ.
 

 තරංග රත්නවීර
 අනුරාධපුර රංග චතූ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.