මල්වත්තේ මහනායක හාමුදුරුවෝ TNA එකෙන් පාර්ලිමේන්තුවට...?
“පහුගිය දවස්වල අපිට දැක්ක දේවල් එක්ක ඉදිරියේදි ටී එන් ඒ ජාතික ලැයිස්තුවෙන් මහනායක හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තු එයිද කියන බයකුත් අපි සතුව තියනවා. හේතුව තමයි ටී එන් ඒ දරන මතයම දරන මහනායක ස්වාමින් වහන්සේලාත් මේ රටේ ඉන්න එක ගැන පොඩි සැකයක් තියනවා. පහුගිය දවසක මල්වත්ත මහනායක හිමියන් ලගට ගියාම දිනේෂ් ගුණවර්ධන සත පහකට ගන්න ගත්තේ නැති තත්ත්වයක් දකින්න තිබුණා, පහුවෙනිදා යනවා වියන්ගොඩලා. වියන්ගොඩලා ගියාම හරියට නෑදෑයෙක් ආවා වගේ පිළිගත්තේ. පිළි අරගෙන කියනවා ඔබගේ මතයේ තමයි අපිත් ඉන්නේ කියලා. උන් ඉන්නේ වෙන මතයක නේ. NGO නඩ සල්ලි වලට රට පාවලා දෙන ජාතියේ බඩු. ඒනිසා ඒ බඩුත් එක්ක ඉන්නවා කියන්නේ අපි ඉතින් අමුතුවෙන් මහනායක හාමුදුරුවෝ ගැන නිර්වචන දෙන්න ඕන නැහැ කියන එක තමයි අපි කියන්නේ.VIDEO
ඒ වාගේම තමයි මල්වත්තට අයිති පන්සල් මේ රට පුරාම තියනවා. ඒ හාමුදුරුවෝත් දැන් සාකච්ඡා කරමින් ඉන්නවා මල්වත්තත් එක්ක ඉන්නවාද නැද්ද කියලා,” උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.
එහිදි මාධ්‍යවේදීන් විමසා සිටියේ දයාරතන හිමියන් මෙන් කාලයක් සරත් ෆොන්සේකා ද හිරේ සිටිය බවයි. එයට පිළිතුරු ලබා දුන් සද්ධාතිස්ස හිමියන් පවසා සිටියේ,
“සරත් ෆොන්සේකා හිරේ දාපු එක ගැන අපි සතුටු වෙනවා. ඌ එලියට දාපු එක ගැන විතරයි අපිට කණගාටුවක් තියෙන්නේ, මොකද එතුමා එලියේ ඉන්න එක රටට හොද නෑ. වෙලේ ඉන්න ගොම්බෝ වෙලේ ඉන්න හරකා ගාණට ඉදිමෙන්න යනවාලු. අන්තිමට ගොම්බා පුපුරලා මැරෙනවා. මොකද හරකා ගාණට ගෙම්බට ඉදිමෙන්න බෑ. ඒනිසා ගෙම්බො ගෙම්බෝ විදියටම ඉන්න ඕන. දැන් ගෙම්බම කට වහන් ඉන්නවා. දැන් දෙක දෙක ගාන්නේ නෑ. පාඩුවේ ඉන්නවා වගේ පේනවා,”