කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වර්තමාන යහපාලන ආණ්ඩුව බිහිකිරීමට
පුරෝගාමී මෙහෙවරක නියෑලුනෙකි. ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය එක වැකියකට හකුළා
ඔහු අද කියන්නේ යහ පාලනය යන වචනයට කළ හැකි උපරිම හානිය ආණ්ඩුව දැන් සිදුකර
ඇති බවයි. ආණ්ඩුව රට ගෙනියන අත පිළිබඳ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.
තව වසර කිහිපයකින් ණය බරින් ජනතාව නිදහස් කරන බව ආණ්ඩුව කියනවා. නමුත්
පසුගියදා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතිනුත් ලබන වසරේ ආණ්ඩුවේ වියදම
තවත් වැඩිවෙලා. ආදායම අඩුවෙලා. මෙවැනි සංඛ්‍යා ලේඛන දකින විට ආණ්ඩුව කියන
දේවල් ගැන ජනතා විශ්වාසය බිඳ වැටෙනවා නේද?
මේ ආණ්ඩුව ගැන ජනතාවගෙ විශ්වාසය බිඳවැටීම ආරම්භ වුණේ ඇමැති මණ්ඩලය
පිහිටවපු දවසෙ. බැඳුම්කර සිද්ධිය වන විට ජනතා විශ්වාසය බිඳවැටීමේ උපරිමයට
ඇවිත්. ජනවාරි 8 වැනිදා මේ ආණ්ඩුව බලයට පත්වුණේ බලයට පත්කරගත් අය ගැන ජනතා
විශ්වාසයක් තිබුණ හින්ද නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය තනිවම ඉල්ලුව නම්
පරදිනව. මේ අය බලයට පත්වුණේ පැවති රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණු යම් යම්
නිශේධනාත්මක ලක්ෂණ නිසා මිස මේක එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජනවරමක්
නෙමෙයි.
මේ ආණ්ඩුව පිහිටෙව්වට පස්සෙ සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂය බලය අරගෙන
ඒ අයගෙ තිබුණු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමයි. ඒ න්‍යාය පත්‍රය
කොයිතරම් ඉක්මනින් මහජනතාවගේ කලකිරීමට හේතුවුණාද කිවතොත් රාජපක්ෂ පාලනය
සම්බන්ධයෙන් තිබුණු විවේචනත් වැඩක් නැති තැනට පත්වුණා. මහජන දේපළ අවභාවිත
කිරීම පිළිබඳ පසුගිය ආණ්ඩුවට තිබුණු විවේචනයට මහජනතාව තුළ තිබුණු
වලංගුතාවය එජාප න්‍යාය පත්‍රය නිසා නැතිවෙලා ගියා. ඒ නිසා මේ ආණ්ඩුව බලයට
ගේන්න මහන්සි වුණු අයට මහජනතාවගේ විරෝධයේ සෘජු ඉලක්ක බවට පත්වන්නට
සිදුවුණා. මමත් එවැනි ඉලක්කයක් බව පාරේ යන එන විට මට පේනවා. ඒකෙන් අපට
වෙන පුද්ගලික හානිය නෙමෙයි, එයින් අපි හිතන්නට ඕන සමාජය තුළ ගොඩනැගිල තියෙන
කතිකාව. ආණ්ඩුව මේ වසර දෙක තුළ යහපාලනය කියන වචනයට කළ හැකි උපරිම හානිය
කරල තිබෙනව. ආණ්ඩුව කියන දේවල් දැන් මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ.
අපේ රටේ ආර්ථිකයේ අර්බුදයක් තියෙනව. ඒක ඇත්ත. ආණ්ඩුව ඇත්ත වහනව. එහෙමද?
සංඛ්‍යා ලේඛනවලින් මොනව පෙන්නුවත් රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ආර්ථිකය
වර්ධනය වුණේ නෑ. ණය අරගෙන ව්‍යාපෘති කරනකොට ආර්ථිකයේ වර්ධනයක් තියෙනව වගේ
පේනව. පාරවල් හදන එක, කාපට් දාන එක මේව කෙටිකාලීන ආර්ථක ක්‍රියාවලි. ඒවා
කළාට ආර්ථිකය පරිවර්තනය වෙන්නෙ නෑ. අපේ රටේ අධිවේගී මාර්ග හැදුවට ඒකෙන්
ආර්ථික ක්‍රියාකාරකම්වලට ජවයක් ලැබුණෙ නෑ. ලෝකෙ වෙනත් රටවල අධිවේගී
මාර්ගවල වැඩිපුර යන්නෙ භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ වැනි වාහන. එයින්
රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට සෘජු දායකත්වයක් ලැබෙනව. අපේ අධිවේගී මාර්ගවල
වැඩිපුර යන්නෙ කාර්, බස් වැනි වාහන. ගාල්ලට හරි මාතරට හරි කෙනෙක් පැය
තුනක් ඉක්මනින් ගියා කියල විශේෂ දෙයක් වෙන්නෙ නෑ. එයා කලින් ගෙදර යයි.
එච්චරයි. ඒකෙන් රටේ ආර්ථිකයට අලුතෙන් යමක් එකතු වෙන්නෙ නෑ. ණය අරගෙන
අධිවේගී මාර්ග හැදුවට ණය ගෙවන්න අලුතෙන් යමක් ලැබෙන්නෙ නෑ. රාජපක්ෂ
ආණ්ඩුව අවුරුදු දෙකක් කලින් ඡන්දෙ තියන්න මේව තමයි බලපාපු හේතු.
මේ ආණ්ඩුවට කළයුතුව තිබුණෙ මහජනතාවට ඇත්ත තත්ත්වය කියන්නයි. එහෙම කිව්ව
නම් ඔය මහබැංකුවෙ කළා වගේ මගඩි කරන්නත් බෑ. ඇත්ත කිව්ව නම් සුඛෝපභෝගී වාහන
ගෙන්වන්නත් බෑ. විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නත් බෑ. යථාර්ථයට මුහුණ
දෙන ආණ්ඩුවක් තමයි මේ රටට ඕන. එහෙම ආණ්ඩුවක් තමයි අපි හදන්න හැදුවෙ.
සෝභිත හාමුදුරුවො ජන්දයට ඉදිරිපත් විය යුතුයි කියන මතය වෙනුවෙන් දැඩි ලෙසම
පෙනී හිටියෙ මම. මම එහෙම කළේ සෝභිත හාමුදුරුවන්ට වෙනම න්‍යාය පත්‍රයක්
නැති නිසා.
අපේ රටේ ජනාධිපති තනතුර ඉවත් කළ යුතුයි කියන මතය දැඩිව දැරූ කෙනෙක් ඔබ.
ආණ්ඩුව නම් දැන් ඒ මතයේ ඉන්න බවක් පෙනෙන්න නෑ. ඔබත් දැන් ඒ මතයෙ නැද්ද?
මේ වෙලාවෙ ජනාධිපති තනතුර අහෝසි කරනවට මම විරුද්ධයි. ඒකට තියෙන්නෙ සරල
හේතුවක්. උදාහරණයක් විදිහට අපේ රටේ මේ බැඳුම්කර ප්රශ්නය වුණත් මේ විදිහට
හොයල බලන්නෙ හරි ජනාධිපති සහ අගමැති අතර සීතල යුද්ධයක් තියෙන නිසා. ඒ බල
තුලනය නැතිවුණොත් තත්ත්වය රටට ඉතාමත් හානිකරයි. එදා ජනාධිපති තනතුර ඉවත්
කිරීමට යෝජනා වුණේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක එක කොටසක් හැටියටයි.
ජනාධිපති තනතුර අහෝසි කරන්න ඕන රටේ ප්රජාතන්ත්රීය වාතාවරණය පුළුල්
කරන්නයි. දැන් ජනාධිපති තනතුර අහෝසි කළොත් වෙන්නෙ ඒක නෙමෙයි. රටේ බලය තුලනය
කරන කුලුනු දෙකක් තිබෙන විට එක කුලුනක් කඩා වැටුණොත් ඇතිවිය හැකි
ප්‍රතිඵල භයානකයි. එය ප්රජාතන්ත්රීයකරණයට ඉවහල් වෙන්නෙ නෑ.
පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මාව දුර්වල කරන්න එපා එහෙම වුණොත් බලවත් වෙන්නෙ යක්ෂයා කියල?
මම හිතන්නෙ ජනාධිපතිතුමා ඒ යක්ෂයා විදිහට හැඳින්වුවෙ පුද්ගලයෙක්
නෙමෙයි. යම් බලවේගයක්. මේ ප්‍රකාශය එතුමා කළේ උද්ඝෝෂණය කරපු යාපනයේ
තරුණයන්ට. එතුමාට උවමනා වුණේ යාපනයේ ජනතාව වෙනුවෙන් එතුමා ගෙන යන
වැඩපිළිවෙළ දුර්වල කරල ඊට වඩා හොඳ වැඩපිළිවෙළක් බලාපොරොත්තු වෙන්න එපා
කියන පණිවිඩය යාපනයේ ජනතාවට දෙන්නයි.
ඔබත් දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. යෝජිත නව
ව්‍යවස්ථාවෙන් මේ රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්වෙනවා යෑයි මතයක් ජනතාව
තුළ තිබෙනවා?
ෆෙඩරල් කතා, රට
බෙදන කතා, මේව සිංහල මිනිස්සු බය කරන්න කියන කතා. වෙනම රාජ්‍යයක් ඇතිවීමට
අවශ්‍ය කොන්දේසි අපේ රටේ නෑ. කවුරු හරි එහෙම දෙයක් කිව්ව කියල එහෙම
වෙන්නෙ නෑ.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි, රටේ අනෙක් පළාත්වල බුද්ධාගමට
ප්‍රමුඛස්ථානය ලබා දුන්නත් උතුරු නැගෙනහිර අනාගමික විය යුතුයි වැනි
ප්‍රකාශ උතුරේ මහ ඇමැතිවරයා සිදුකර තිබෙනවා?
දකුණේ දේශපාලනය ගැන උතුරේ ජනතාව තුළ කලකිරීමක් තිබෙනවා. විග්නේෂ්වරන්
ජනප්‍රිය වෙන්න හදන්නෙ ඒකෙන්. අනික ඔවුන් කරන්නෙ කේවල් කිරීමක්. යමක් අපි
රුපියල් දාහකට මිල නියම කළාට දාහටම නෙමෙයි, හත්සිය පනහකට පන්සීයකට ආවත්
දෙනව. නමුත් මුලින් දාහ නොකිව්වනම් පන්සීයකටවත් දෙන්න බෑ. උතුරෙ
දේශපාලකයොත් ඔය ඉහළින්ම ඉල්ලන්නෙ පහළම මට්ටමින් හරි යමක් ලබාගන්න පුළුවන්
වෙන්නෙ ඉහළින්ම ඉල්ලුවොත් කියල දන්න හින්දයි. ඔවුන් ඉහළින්ම ඉල්ලන දේ තමයි
වෙනම රාජ්‍යය.
උතුරේ වෙනම රාජ්‍යයක් ඇතිවෙන්න නම් සැපිරිය යුතු කොන්දේසි කිහිපයක්
තිබෙනවා. අංක එක ඉන්දියාව කැමැති වෙන්න ඕන. 80 දශකයේ එවැනි නැඹුරුවක්
ඉන්දියාව තුළ තිබුණත් දැන් එහෙම දෙයක් නෑ. ඉන්දියාව අද ඒ මට්ටමින් ලංකාවට
අතදාන්න කැමති නෑ. ඉන්දියාවට ඕන උතුර ගැන මධ්‍යස්ථ ආකල්පයක් දරන
ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ තිබෙනවා දකින්න. මේ ආණ්ඩුව පත්කරන්න ඉන්දියාව
උදව් කළේ ඒ නිසයි.
මේ දිනවල සාකච්ඡාවට බඳුන් වී තිබෙන නව ව්‍යවස්ථාව ඒ ආකාරයෙන් සම්පාදනය කරන්න හැකිවෙයි කියල ඔබ හිතනවද?
නෑ. ෆෙඩරල් කියන වචනයට අපේ රටේ තිබෙන්නෙ විශාල බියක්. ඒනිසා මොනයම්
විදිහකට පාර්ලිමේන්තුවේදි මේ ව්‍යවස්ථාව සම්මත කරගත්තොත් එය අපේ රටේ විශාල
දේශපාලන අර්බුදයකට මඟපෑදීමක්. එයට හේතුව සමාජය ඊට දක්වන විරෝධය. සිංහල
බෞද්ධ සමාජයේ එකඟතාවක් නැතිව මේ ප්රශ්නය විසඳන්න බෑ.
අපේ රට සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව දක්වන ප්‍රතිචාර පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අපේ රටේ දකුණේ දේශපාලන විඥානය හැදිල තියෙන විදිහක් තිබෙනවා. එනම්
ජාත්‍යන්තර වශයෙන් ලංකාවට නොයෙක් විරුද්ධකම් සිදුවෙනවා කියන එක. පසුගිය
මාර්තු මාසේ වෙනත් අවශ්‍යතාවක් සඳහා ජිනීවා ගිය මම දුටු දෙයක් තමයි දෙමළ
ඩයස්පෝරාවට එහි විශාල බලයක් තිබෙනවා. දෙමළ කණ්ඩායම් විසින් එහි ඡායාරූප
ප්‍රදර්ශනයක් පවත්වාගෙන යනවා. එහි අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා පවා
නිරූපණය කරල තිබෙන්නෙ භයානක චරිත හැටියට. මේවා යුද අපරාධද සාමාන්‍ය දේවල්
ආදී වශයෙන් කවුරුවත් තර්කානුකූලව හොයල බලන්නෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ගෙ
පින්තූර පෙන්නපුවම කිසියම් ආවේගයක් ඇතිවෙනව. ඒවා පාවිච්චි කරන්න පුළුවන්.
ඒවායින් ජාත්‍යන්තර ප්‍රජාවට ලොකු බලපෑම් කරන්න පුළුවන්. ආණ්ඩු ඒවා
කළමනාකරණය කරන්න දැනගන්න ඕන.
කවුරුහරි කෙනෙක් මේ ආණ්ඩුවේ වැරදි කිය කියා මේ ආණ්ඩුව පත්කිරීමට මමත්
උදව් කළා කියල මට දොස් පවරනකොට මම කරන්නෙ එයාටත් වඩා වැඩියෙන් මේ ආණ්ඩුවේ
වැරදි කියමින් මේ ආණ්ඩුව විවේචනය කරන එක. එහෙම නැතිව මම ආණ්ඩුව ආරක්ෂා
කරන්න හැදුවොත් ඒ මිනිහ මට පහර දෙනව. බටහිර රටවලුත් අපිට චෝදනා කරනව නම්
අපි යුද අපරාධ කළා, පුද්ගලයින් අතුරුදන් කළා ආදී වශයෙන් එකවරම අපි
විරුද්ධත්වය ප්‍රකාශ නොකර එහෙම දෙයක් වෙලා තියෙනවද කියල අපි සොයා බලමු ආදී
වශයෙන් කිසියම් මධ්‍යස්ථ තැනකට අපිට යන්න පුළුවන් නම් මේ බටහිර බලපෑම්
හුඟක් අඩුකරගන්න පුළුවන්. නමුත් අපේ අයට බටහිර බලපෑම් අඩුකරගන්න ඕනකමක්
නෑ. ඒක තියන තරමට තමයි අපේ අයට මෙහෙ පවතින්න පුළුවන්. බ්‍රිතාන්‍යය
එල්ටීටීය තහනම් කළ යුතු බවට අපේ රට තුළ විශාල උද්ඝෝෂණයක් කළ එක්තරා
ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් අපි මෙහෙ උද්ඝෝෂණය කළාට බ්‍රිතාන්‍යය එහෙම නොකරනව
නම් හොඳයි කියල පෞද්ගලිකව මට කිව්වා. මෙහෙ උද්ඝෝෂණ කරන්න පුළුවන් එතකොට
බවයි ඔහුගෙ අදහස. විදුලි පුටුව ගැන නිතරම ජනතාවට කියපු ප්‍රසිද්ධ භික්ෂූන්
වහන්සේ නමකුත් මට කිව්වා විදුලි පුටුවක් නැති බව උන්වහන්සේ දැනගෙන හිටියා
කියල. අපේ රටේ විදේශ ප්රතිපත්තියත් තියෙන්නෙ විදේශවලට නෙමෙයි, අපේ රටට. ඒ
නිසා ඔය ජාත්‍යන්තර බලපෑම් කියන දේවල් නැති කරන්න බෑ. එහෙම වෙනවට
දේශපාලනඥයො කැමතිත් නෑ.
අපේ රටට නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට අලුත් සංශෝධන හෝ අවශ්‍ය
නැති බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව කර ඇති ප්‍රකාශය පිළිබඳ ඔබේ අදහස
කුමක්ද?
අපේ රටේ සංඝ සමාජයට විශාල සමාජ බලපෑමක් තිබෙන නමුත් ඔවුන්ට නවීන දේශපාලන
ප්‍රශ්න ගැන කිසිම අවබෝධයක් නෑ. අපේ රටේ භික්ෂූන් වහන්සේ සතු සමාජ
බලපෑමට දේශපාලනඥයොත් බයයි. භික්ෂූන් වහන්සේ අමනාප කරගත්තොත් අපේ රටේ
කිසිදෙයක් කරන්නත් බැහැ. හොඳින් තියාගත්ත කියල කිසිම ප්‍රශ්නයක්
විසඳන්නත් බැහැ.
සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, October 26, 2017
නිර්මාල් රංජිත් දේවසිරි දැන් කියන්නෙ මෙහෙමයි...!!! යහපාලන වචනෙට මේ ආණ්ඩුව උපරිම හානිය කළා
Posted by
lankanews
at
October 26, 2017
Labels: nirmal, nirmal devasiri, yahapalanaya
නිර්මාල් රංජිත් දේවසිරි දැන් කියන්නෙ මෙහෙමයි...!!! යහපාලන වචනෙට මේ ආණ්ඩුව උපරිම හානිය කළා
2017-10-26T17:09:00+02:00
lankanews
nirmal|nirmal devasiri|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...