ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 1, 2017

ජෙප්පන්ද රටට විනයක්...!!!

ජවිපෙ විරෝධිය නිසා බිලියන බාගයක් රටට අහිමි වෙයි..!!! 


 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීගේ විරෝධය නිසා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය ටෙන්ඩරයෙන් රටට ලැබීමට තිබුනු මිලියන 540 ක මුදල අහිමිව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ප‍්‍රසිද්ද ටෙන්ඩර් කැදවීමක් මගින් පසු කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබල ද්‍රව්‍ය සදහා වූ ටෙන්ඩරය මිලියන 540 ක මුදලකට වැඩිම  ලංසුව තැබූ මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පසුගිය දා පිරිනමන ලදී. ඒ අනුව අදාල සමාගම විසින් එම ලංසු මුදල ගෙවූ පසු කන්තලේ සීනි සමාගම සතුව ඇති අබලි ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට අවස්ථාව ඔවුනට හිමිවේ.
මෙම ටෙන්ඩරය පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකු ප්‍රකාශ කරන ලද්දේ අදාල ලංසු මුදල වූ මිලියන 540 කට වඩා කන්තලේ සීනි කර්මාන්තශාලාවේ අබලි ද්‍රව්‍ය තොගයේ වටිනා කමක් ඇති බවත් එම මුදලට එම අබලි ද්‍රව්‍ය තොගය ලබාදීමෙන් රටට විශාල මුදලක පාඩුවක් සිදුවන බවයි.

තවදුරටත් එම මන්ත්‍රීවර‍ය පැවසූවේ  කන්තලේ සීනි සමාගමට ඉන්දියානු ආයෝජකයෙක් පැමිණියද ඔවුන් උනන්දු වන්නේද ආයෝජනය පසෙකලා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට බවයි.
කෙසේ වෙතත් අදාල ටෙන්ඩරය පිරිනැමූ සමාගම 2017-09-29 දින ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවනු ලබන ලිපියක් මගින් ප්‍රකාශ කරන්නේ මිලියන 540 ක මුදලකට තම සමාගම මෙම අබලි ද්‍රව්‍ය    තොගය ලබා ගැනීම මෙරට ජනතාවගේ දේපල කොල්ල කෑමක් ලෙස මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකු  ප්‍රකාශ කිරීම නිසා උක්ත අබලි  ද්‍රව්‍ය තොගය මිලදීගත හොත් තම සමාගමේ කීරිති නාමයට යම් හානියක් වන බවත් කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ටෙන්ඩරය තම සමාගමට ලබා දුන් අවස්ථාවේ සිට තම සමාගමට විවිධ බලපෑම්ද එල්ල වූ බවත්ය. ඒ අනුව  උක්ත අබලි ද්‍රව්‍යය තොග ලබා ගැනීම සදහා  තමන් මුදල් ආයෝජනය නොකරන බවත්ය.
වැඩිදුරටත් ඔවුන් පවසන්නේ තමන් මිලියන 540 ක මුදල ආයෝජනය කලද එහි සුරක්ෂිතතාවය පිළිබදව ගැටලු මතුවන බවත්ය. එනම් එම අබලි  ද්‍රව්‍යය තොගය ඉවත් කර ගැනීමට යාමේදී උද්ගතවී ඇති තත්වය මත ගැටලු මතුවිය හැකි බවත්ය.
මෙහිදී අප චෝදනා කරන්නේ මිලියන 540 ක මුදලකට මෙම අබලි ද්‍රව්‍යය ටෙන්ඩරය පිරීනැමීමට බාධා කරන පාර්ශව උත්සහ කරන්නේ ඉතා අඩු මුදලකට මෙම අබලි  තොගය ද්‍රව්‍යය වෙනත් පාර්ශවයකට ලබා දීමට බවයි.ප්‍රසම්පාදන කාර්යය පටිපාටියට අනුව වැඩිම ටෙන්ඩර් ලංසුව තැබූ පාර්ශවය අදාල භාණ්ඩ ලබා නොගතහොත් දෙවැනි වැඩිම මුදල ලෙස ලංසු තැබූ පාර්ශවයට අදාල ටෙන්ඩරය පිරිනැමිය යුතුය. එහෙත් එම ලංසුව රජයේ තක්සේරැකරැගේ මුදලට වඩා වැඩි විය යුතුය. අපට දැන ගන්නට ලැබෙන ආකාරයට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබලි  ද්‍රව්‍යය  සදහා රජයේ තක්සේරැකරැගේ තක්සේරැ වටිනකම මිලියන 350 කි.මෙම ටෙන්ඩරයේ දෙවන වැඩිම ලංසුව මිලියන 440 කි .නීතියට අනුව අදාල ටෙන්ඩරය හිමි වියයුත්තේ එම දෙවන වැඩිම ලංසුව තැබූ පාර්ශවයටය
එහෙත් ආර්ථික කමිටුවේ යෝජනාවකට කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍යය තොගය ඉතා අඩු මුදලකට වෙනත් පාර්ශවයකට ලබා දීමට කටයුතු කල හොත් එයින් රටට වන පාඩුවට ජනතා විමුක්ති පෙරමුණ  ජනතාවට සෘජුව වගකිවයුතුය
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.