ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 14, 2017

ඉඩම් අහිමි බව දැන්නම් සහතිකය උපන් බිමේ සිංහල අපි අනාථය ...!!!

මඩකලපුව එරාවුර් පොදු වෙළෙඳපොළේඛේදවාචකය
   * අපේ කුඹුරු ඉඩම් දෙමළ මිනිස්‌සු අල්ල ගත්තා...
* දැන් අපේ වෙළෙඳපොළ මුස්‌ලිම් මිනිස්‌සු අල්ලගෙන...lll


 අනාථයින් ලෙස සරණක්‌ පතා එන ඕනෑම සත්වයකුට පිහිටවීම මනුස්‌ස ගුණාංගයකි. බෞද්ධ ධර්මයේද ඒ බව සඳහන් වේ. එහෙයින් අනාථයින් කියාගෙන රටට ඇතුළු වී සිටින මියන්මාර් රෝහිsන්ග්‍යා සරණාගතයින්ට පිහිටවීමට ජාත්‍යන්තර නීති ඇවැසි නැත. බෞද්ධ රටක පුරවැසියන් ලෙස ඒ අසරණයන්ට පිහිටවීම අපේ යුතුකමකි. ඒ යුතුකම ඕනෑවටත් වැඩියෙන් මෙරට බලධාරීන් ඉෂ්ට සිද්ධ කර ඇති ආකාරය හරිම අගනේය. පිහිට පතාගෙන පැමිණි ඒ අසරණයන්ට පහරදීමට තැත් කිරීම ද ශිෂ්ට සම්පන්න ජාතියක මිනිසුන් ලෙස කිසිලෙසකින් අනුමත කළ නොහැකි තත්ත්වයකි. එමෙන්ම සරණාගතයන් ඉදිරියේ සත්ව කරුණාව පහළ වන ධර්මිෂ්ඨ පාලකයන් සහිත රටක උතුර, නැගෙනහිරදී සිංහල මිනිසුන් අනාථයන් බවට පත්ව සිටීම ද හදවත් කම්පනය කරවන්නකි.
උතුර, නැගෙනහිරදී ඇසෙන තරමක්‌ ඇසෙන්නේ අන්තවාදී නිලධාරීන් ඉදිරියේ කල්ලතෝනින් බවට පත්ව සිටින පීඩිත සිංහල මිනිසුන්ගේ කඳුළු කතාය. ඒ කතා දෙසවනින් අසා, ඔවුන් විඳින දුක දෑසින් දැක පත්තර පිටු පිරෙන්නට සටහන් තැබූ වාර අනන්තය. නැවතත් අප මේ සටහන් තැබීමට යන්නේ නැගෙනහිර අන්තවාදීන් ඉදිරියේ පීඩාවට පත්ව සිටින සිංහල මිනිසුන් ගැනය. මේ කතාව පෙළගැසෙන්නේ මඩකලපුව එරාවුර් පොදු වෙළෙඳපොළේ සිටය.

 1948 වර්ෂයේ සිට එරාවුර් පොදු වෙළෙඳපොළේ සිංහල මිනිසුන් ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. ගන්දර, කෝට්‌ටේගොඩ, වැලිගම, හබරාදූව, දොඩන්දූව සහ බටපොළ ආදී දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිංහල ව්‍යාපාරිකයන් හැටදෙදෙනකු පමණ එරාවුර් ප්‍රදේශයේම පදිංචිව ව්‍යාපාර කටයුතුවල නිතරව ඇත. එම ව්‍යාපාරිකයින් තම ව්‍යාපාර කටයුතු කරගෙන ගොස්‌ ඇත්තේ ඔවුන් විසින්ම තනාගන්නා ලද තාවකාලික වෙළෙඳ කුටිවලය. පසුව එවකට පැවති එරාවුර් සුළු නගර සභාව විසින් එරාවුර් පොදු වෙළෙඳපොළෙහි ස්‌ථිර කඩ කාමර හැත්තෑදෙකක්‌ ඉදිකරමින් තාවකාලික මඩුවල ව්‍යාපාර කටයුතු කරගෙන ගිය සිංහල ව්‍යාපාරිකයන්ට කඩ කාමර පනස්‌දෙකක්‌ ද, මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ට කඩ කාමර දහනවයක්‌ සහ එක්‌ කඩ කාමරයක්‌ දෙමළ ව්‍යපාරිකයකුට වෙන් කර දී ඇත. එම ව්‍යාපාරිකයින්ගේ නම් සහිතව 1986 හැන්සාඩ් වාර්තාවේ ද ඒ බව සඳහන්ව ඇත. අනතුරුව 1956 වර්ෂයෙන් පසුව විටින් විට නිර්මාණය වූ ගැටුම්කාරී වාතාවරණය මත එරාවුර් සිංහල ව්‍යාපාරිකයන්ට ද හිරිහැර වෙන්න පටන් ගත්තේය. එරාවුර් සිංහල මිනිසුන්ට වෙච්ච තාඩන, පීඩන ගැන එරාවුර් වෙළෙඳ සංගමයේ සභාපති ඇල්මිස්‌ වල්ගම මහතා දැන් අපට කියන්නේය. මේ වල්ගම මහතා කියන කතාවය."තාත්තා අම්මලත් එක්‌ක මම එරාවුර්වලට ආවේ 1950 අවුරුද්දේ. එතකොට අපේ බාප්පලා, අයියලා වෙළෙඳාම් කළේ එරාවුර් නගරයේ ගස්‌ යට පොල් අතු මඩු හදාගෙන. ඒ වෙනකොට සිංහල පවුල් තුන්සිය පනහක්‌ විතර එරාවුර්වල පදිංචිවෙලා හිටියා. ව්‍යාපාරවලට අමතරව අපේ මිනිස්‌සු ගොවිතැන් බත් කළා. බොහෝම සරුවට ජීවත් වුණා. මම එරාවුර්වලට ආවට පස්‌සෙ ඉස්‌කෝලේ ගියේ බණ්‌ඩාරමුල්ල මධ්‍ය මහා විද්‍යාලයට. අද නැගෙනහිර විශ්වවිද්‍යාලය බවට පත් කරලා තියෙන්නේ අපි ඉගෙනගත්ත ඒ ඉස්‌කෝලේ. 1956 අවුරුද්දේ 'ශ්‍රී' අකුරේ කෝලාහලය වෙනකොටත් මම ඉස්‌කෝලේ යනවා. 1957 අවුරුද්දේදී පාසල් ගමන නතර කරලා මමත් ව්‍යාපාර කරන්න පටන් ගත්තා. එතකොට එරාවුර් පොදු වෙළෙඳපොළේ ආධිපත්‍යය පතුරුවාගෙන හිටියේ අපේ තාත්තලා, බාප්පලා. ඒ අවුරුද්දේම ඇති වෙච්ච මහා ගංවතුරෙන් අපේ ගෙවල් දොරවල් කැඩිලා, බිඳිලා ගොවිතැන් සේරම විනාශ වුණා. නැවත අපේ මිනිස්‌සු ගෙවල් දොරවල් පිළිසකර කරගෙන ජීවත් වෙනකොට තමයි 1958 මැයි අරගලය ආවේ. ඒ මාසේම 24 වැනිදා අපේ මාර්කට්‌ එකේ සිංහල කඩවලට ගිනි තිබ්බා. කෝලාහල ඉවර වෙනකම් එරාවුර් පොලිසියේ ඉඳලා නැවත අපි කඩ පිළිසකර කරගෙන බිස්‌නස්‌ පටන් ගත්තා..."
 


 "අවුරුදු හය, හතක්‌ කිසිම හැලහොල්මනක්‌ නැතිව පාඩුවේ ජීවත් වුණා. ඔය අතරේ 1965 අවුරුද්දේ නැවත දෙමළ, මුස්‌ලිම් කෝලාහලය ඇවිලුණා. සිංහල මිනිස්‌සු කෝලාහල කරන්න ගියේ නැති වුණාට දෙපැත්තෙන්ම අපේ උන් හොඳ හැටි බැට කෑවා. ඒ ගින්දර නිවිලා ගිහිල්ලා කැඩුණු, බිඳුණු දේවල් පිළියම් කරගෙන ජීවත් වෙනකොට 1971 අවුරුද්දේ ඡේ.වී.පී. කැරැල්ල ආවා. ඡේ.වී.පී.කාරයෝ එක පැත්තකින් කරදර කරනකොට අනිත් පැත්තෙන් පොලිසිය කරදර කළා. අපි ගිරයට මැදිවෙච්ච පුවක්‌ ගෙඩියක්‌ බවට පත්වුණා. ඒ ගින්දරත් නිවිලා අපේ ජීවිතවලට හොඳ කලදසාවක්‌ උදා වේගෙන ආවා. 1960 අවුරුද්දේදී ගමේ සියලු දෙනාගේ එකමුතුවෙන් 'එරාවුර් තරුණ බෞද්ධ සමිතිය' පිහිටුවා ගත්තා. සමිතියේ ලේකම් ධුරය දැරුවේ මමයි. 1963 අවුරුද්දේ වෙසක්‌ පෝයට 'නැගෙනහිරින් බුදුරැස්‌' කියලා ප්‍රථම වරට එරාවුර් නගරයේ තොරණක්‌ ඉදිකළා. 1975 අවුරුද්දේ අපේ සමිතියේ මුදල්වලින් ඉඩමක්‌ අරගෙන ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ වැඩම කරලා ඒ බිමෙහි රෝපණය කළා. පස්‌සේ ඒ ස්‌ථානයේ පුලිනතලාරාමය නමින් විහාරස්‌ථානයක්‌ ආරම්භ කළා. විහාරස්‌ථානයේ නායක ස්‌වාමීන් වහන්සේ ලෙස වැඩ සිටියේ හික්‌කඩුවේ සුමනසිරි හිමියන්. ගමේ පන්සල ආරම්භ කිරීමත් එක්‌ක අපේ දරුවන්ට ඉගෙනගන්න එරාවුර් දුම්රියපොළ අසල සිංහල විදුහලක්‌ ආරම්භ කළා. අපේ ගම සෑම අංශයකින්ම දියුණු වෙමින් තිබුණා. එරාවුර් පොදු වෙළෙඳපොළත් නැගෙනහිර පළාතේ හොඳම වෙළෙඳපොළ බවට පත් වෙලා තිබුණා. කොළඹ, යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය පළාත්වලට බඩු ලොරි පිටින් පැටෙව්වා. කල්මුණේ, කාත්තන්කුඩි, මඩකලපුව, වාලච්ෙච්න, වැලිකන්ද, ඔට්‌ටමාවඩි, කිරාන් කල්කුඩා ප්‍රදේශවල කඩකාරයන් බඩු අරගෙන ගියේ අපේ වෙළෙඳපොළෙන්. උදේ පහට බිස්‌නස්‌ පටන් අරගෙන උදේ 8 වෙනකොට තොග දීලා ඉවරයි. තොග වෙළෙඳාම ජයටම කෙරුණා. ඔය විදිහට එරාවුර් දියුණු වීගෙන එනකොට 1978 අවුරුද්දේ සුළි සුළඟක්‌ ආවා. ඒ හුළඟට අපේ තිබුණු සේසතම ගහාගෙන ගියා. නැවත අපිට මුල ඉඳලම ජීවිත පටන් ගන්න වුණා. ඒත් අපි වැටුණේ නෑ. ගොවිතැන් බත් කරගෙන, නැවත ව්‍යාපාර දියුණු කරගෙන ජීවත් වෙනකොට තමයි 1983 අවුරුද්දේ ජාතිවාදී කෝලාහල පටන් ගත්තේ. එතැන ඉඳලා දිගටම කරදර. 1985 අවුරුද්දේ ත්‍රස්‌තවාදී ක්‍රියා නිසා එරාවුර් සිංහල පවුල් ගණනාවකට උන්හිටි තැන් පවා අහිමි වුණා. අපේ කුඹුරු ඉඩම් පවා දෙමළ මිනිස්‌සු බලහත්කාරයෙන් අල්ලා ගත්තා. 1987 අවුරුද්දේ ත්‍රස්‌තවාදීන් පහර දීලා සිංහල මිනිස්‌සු විශාල පිරිසක්‌ ඝාතනය කළා. එදා අපි බේරුණේ පූරුවේ පිනකට..."

 "පොලිසිය, හමුදාව මැදිහත් වෙලා 'අලිගාර්' ඉස්‌කෝලේ කොටසක්‌ වෙන් කරලා අපව නතර කළා. එක්‌දහස්‌ දෙසීයක්‌ විතර සිංහල මිනිස්‌සු අලිගාර් අනාථකඳවුරේ අවුරුදු දෙකක්‌ විතර අපාදුක්‌ වින්දා. ඒ කාලය තුළ පුනරුත්ථාපන කාඩ් පත ලබා දුන්නා හැරෙන්නට අපිට කිසිම ආධාරයක්‌ දුන්නේ නෑ. අලිගාර් ඉස්‌කොලේ විදුහල්පතිවරයා, ගුරුවරුන්ගේ ඇනුම්, බැණුqම් ඉවසා ඉන්න බැරිව අපේ උන් වෙන පළාත්වල නෑදෑ, හිතමිතුරන් ළඟට ගියා. ඔය අතරතුර කාලයේදී එරාවුර් පුලිනතලාරාම විහාරස්‌ථානයට කොටි පහරදීලා එහි වැඩ සිටි හික්‌කඩුවේ සුමනසිරි හිමියන්ට වෙඩි තියලා ඝාතනය කළා. විහාරස්‌ථානය සම්පූර්ණයෙන්ම විනාශ කළා. තායිලන්තයෙන් වැඩමවා තැන්පත් කර තිබූ වටිනා බුදු පිළිමය පවා කොටි ත්‍රස්‌තවාදීන් විනාශ කර දලා තිබුණා. ඉතිරි වුණේ බෝධිය විතරයි. ඊට පස්‌සේ අපි කිහිපදෙනෙක්‌ හබරණ පොලිසියට ඇවිත් අනාථකඳවුරේ විඳින දුක කියලා අපේ මිනිස්‌සුන්ට පදිංචි වෙන්න ඉඩම් දෙන්න කියලා ඉල්ලා හිටියා. ඊට පස්‌සේ තමයි අලිගාර් අනාථකඳවුරේ ජීවත් වෙච්ච සිංහල පවුල්වලට මහවැලි ව්‍යාපාරයෙන් ඉඩම් දෙන්න පටන් ගත්තේ. ඒ වෙනකොට ගොඩක්‌ම පවුල් තම, තමන්ගේ මුල් ගම්වලට ගිහින් තිබුණා...'
"අපේ මිනිස්‌සුන්ට මුල ඉඳලම ජීවිත පටන් ගන්න වුණා. මට ළමයි හයදෙනෙක්‌ හිටියා. එක දරුවෙක්‌ නැති වුණා. පස්‌සෙ 2009 අවුරුද්දේ යුද්ධය ඉවර වුණ ගමන් මම එරාවුර් අපේ ගමට ගියා. ඒ යනකොට අපේ ගෙවල්වල අත්තිවාරම විතරයි. සමහර ඉඩම් මුස්‌ලිම් මිනිස්‌සු අල්ලගෙන. ගොවි බිම් සම්පූර්ණයෙන්ම මුස්‌ලිම් මිනිස්‌සු අල්ලගෙන තිබුණා. එරාවුර් පොදු වෙළෙඳපොළට ලොකුවට හානි වෙලා තිබුණේ නෑ. පස්‌සෙ මම වෙළෙඳ සංගමයේ හිටපු සභාපති විදිහට ගාල්ල, මාතර ප්‍රදේශවලට ගිහිල්ලා එරාවුර් මාර්කට්‌ එකේ බිස්‌නස්‌ කරපු අයව එකතු කරලා නැවත එරාවුර් ව්‍යාපාර පටන් ගන්න කියලා දිරිමත් කළා. මගේ සාකච්ඡා සාර්ථක වුණා. 2009 ඔක්‌තෝබර් මාසේ අපි හතළිස්‌ තුන්දෙනෙක්‌ ඇවිත් එරාවුර් පොදු වෙළෙඳපොළේ ව්‍යාපාර පටන් ගන්න හැදුවා. ඒත් නගර සභාවෙන් ඒකට ඉඩ දුන්නේ නෑ. පස්‌සෙ අපි එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මුණගැහිලා අපේ අයිතිය තහවුරු කරලා අපේ වෙළෙඳසල් ලබාදෙන්න කියලා ඉල්ලීමක්‌ කළා. එතුමා අපේ දුක්‌ගැනවිල්ල අහලා 'මේ අයගේ අයිතිවාසිකම් ලබාගන්න උදව් කරන්න' කියලා එරාවුර් පොලිසියේ ස්‌ථානාධිපතිවරයාට උපදෙස්‌ දුන්නා. ස්‌ථානාධිපතිවරයා කිහිප සැරයක්‌ම එරාවුර් නගර සභාවේ සභාපතිවරයාට කතා කරලා ප්‍රශ්නය නිරාකරණය කරන්න හැදුවා. ඒ හැම අවස්‌ථාවක්‌ම සභාපතිවරයා මඟහැරියා. පස්‌සේ එරාවුර් පොලිසියේ ස්‌ථානාධිපතිවරයා මාර්කට්‌ එක අපිට භාර දුන්නා. මාර්කට්‌ එකට එනකොට මේක තනිකරම හරක්‌ මඩුවක්‌. තැනින්, තැන වහළ කඩා වැටිලා. වෙළෙඳපොළේ ආරක්‍ෂාවට තිබුණු යකඩ දොරවල් මළ කාලා දිරාපත් වෙලා. අපි මාර්කට්‌ එක ශුද්ධ පවිත්‍ර කරලා ගන්න හදනකොට ඒ අවුරුද්දේම දෙසැම්බර් 09 වැනිදා එවකට හිටපු නගරාධිපතිවරයා අපි තුන්දෙනකුට විරුද්ධව උසාවියේ නඩුවක්‌ දැම්මා. අපි මාර්කට්‌ එක බලහත්කාරයෙන් අල්ලගෙන, රාජ්‍ය දේපළවලට අලාභහානි කළා කියලා කෝටියක්‌ වන්දි ඉල්ලලා නඩු දැම්මේ. තවම නඩුව යනවා. ඒත් මේ අවුරුදු අටටම නඩුව අහලා නෑ..." ඇල්මිස්‌ වල්ගම මහතාට දැන් වයසය. අවුරුදු අසූපහකි. විවිධ රෝගවලින් පීඩාවිඳින්නේය. නඩු කියන්න උසාවියට යන්නේ මුත්‍රා බෑගයක්‌ ද එල්ලාගෙනය. එහෙත් මේ වියපත් මිනිසාට රටේ නීතිය හමුවේද තවමත් පිහිටක්‌ නැත.

 එරාවුර් පොදු වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන්ට එරෙහිව එරාවුර් හිටපු නගරාධිපතිවරයකු විසින් පවරා ඇති නඩුව වසර අටක පමණ කාලයක සිට මඩකලපුව අධිකරණයේ විභාග වෙමින් පවතී. එරාවුර් පොදු වෙළෙඳපොළ ද දිනෙන්, දින ගරාවැටෙමින් කැලයට යට වෙමින් තිබේ. කැලයට අතහැර දමා තිබෙන එරාවුර් පොදු වෙළෙඳපොළට පසුගිය දිනක අපි ගියෙමු. එම පොදු වෙළෙඳපොළේ ව්‍යාපාර කරගෙන ගිය සිංහල ව්‍යාපාරිකයන්ගෙන් දැනට ව්‍යාපාර කරගෙන යන්නේ අනෝමා පමණි. අප එම වෙළෙඳපොළට යන විටත් අනෝමා සහ ඇයගේ මව මැගිලින් අම්මා පුංචි සිල්ලර වෙළෙඳසලේ බඩු විකුණමින් සිටීයහ. මේ අනෝමා අපට කියූ කතාවය.

 "2009 අවුරුද්දේ ඉඳලා අපි මෙතැන බිස්‌නස්‌ කරනවා. අපේ කඩේට කරන්ට්‌ එක දුන්නේ ඊයේ පෙරේදා දවසක. එතකම් අපි වෙළෙඳාම් කරගෙන ගියේ කුප්පි ලාම්පු එළියෙන්. ඒකත් දුන්නේ ජනාධිපතිවරයාට ලිව්වට පස්‌සෙ. ඒත් නඩු තියෙද්දී වෙළෙඳපොළ ඇතුළේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් එළු මස්‌, කුකුළු මස්‌ කඩ පවත්වාගෙන යනවා. ඒ කඩවලට ලයිට්‌ තියෙනවා. මුස්‌ලිම් මිනිස්‌සුන්ට ඕන වේලාවක කඩ අරින්න නගර සභාවෙන් අවසර දෙනවා. එකම රටේ නීති දෙකක්‌. අපේ ප්‍රශ්න හොයා බලන්න කිසිම සිංහල නිලධාරියෙක්‌ නෑ. ඉන්න අයත් මුස්‌ලිම් මිනිස්‌සුන්ගේ සලAලිවලට යට වෙලා අපිටම පහර ගහනවා. එරාවුර්වල සිංහල මිනිහෙක්‌ කියලා මුලින්ම කොටි අරගෙන ගියේ අපේ පොඩි අයියව. 1985 මාර්තු 17 වැනිදා. අදටවත් අයියා ගැන තොරතුරක්‌ නෑ. අපේ ගමේ මිස්‌සුන්ව එක තැන දහය, විස්‌ස කොටි මරලා ගියා. සමහර මිනිස්‌සුන්ව පණපිටින් කොටි අරගෙන ගියා. ඔය අතුරුදහන්වූවන් හොයන අය කොටි අරගෙන ගිය අපේ මිනිස්‌සු ගැන හොයන්නේ නෑ. අයියා වෙනුවෙන් කියලා අපේ අම්මට රුපියලක වන්දියක්‌ ලැබිලා නෑ. අපිට වන්දි ඕන නෑ. නිදහසේ ව්‍යාපාර කරගෙන යන්න අපේ අයිතිය දුන්නා නම් ඇති..." මේ වන විට භූත බංගලාවක්‌ බඳු එරාවුර් පොදු වෙළෙඳපොළ තුළ කාන්තාවන් දෙදෙනකු පමණක්‌ ජීවත් වනවා කියන එක පුදුම දනවන්නකි. එහෙත් අප පුදුම වුවද, අනෝමලාට එය උපන් නිවස වැනිය. එමෙන්ම ත්‍රස්‌තවාදයත් සමඟ ජීවත් වූ අනෝමලාට බිය කියන දේ නොදැනේ. ඔවුන්ට ගැටලුව වී ඇත්තේ භූතයන් කුම්භාණ්‌ඩයන් සමඟ ජීවත්වීම නොව, ගෝත්‍රික අන්තවාදීන් සමඟ ජීවත්වීමය. ගෝත්‍රික පරිසරය වියපත් මවක්‌ සමඟ ඒ දිරිය දියණිය කරගෙන යන ජීවන අරගලය ජාතියේ පැසසුමට ලක්‌ කළ යුතුය. ඔවුන්ට ඇවැසි 'බිස්‌නස්‌' නොව ජීවිත පරදුවට තබා ගොඩනඟා ගත් උරුමය පමණි.

 මේ වන විට ප්‍රදේශයට ජලය බෙදාහරින විශාල ජල ටැංකිය ඉදිකර ඇත්තේ එරාවුර් සිංහල විද්‍යාලය පිහිටි භූමියේය. පොදු වෙළෙඳපොළ පිහිටි ස්‌ථානයේ එරාවුර් පොලිසිය අලුතින් ඉදිකිරීමට යන බවට කතාවක්‌ තිබේ. දැනට එරාවුර් පොලිසිය ආසන්නයේ මුස්‌ලිම් බාලිකා පාසලක්‌ තිබෙන බැවින් පොලිසිය බාලිකාවට අවහිරයක්‌ යෑයි කියා එම ස්‌ථානයෙන් පොලිසිය ඉවත් කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව එරාවුර් පොදු වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් අප සමඟ පැවසුවේය. මේ ගොඩනැඟිලි මාරුව සහ සිංහල පාසලේ වතුර ටැංකි ඉදිකිරීම රාජ්‍ය ආයතන නොදැනුවත්ව කළ නොහැකිය. ප්‍රාදේශීය, පළාත් කාර්යාල අන්තවාදීන්ට යට වී එම විපර්යාසයන්ට ඉඩ දී සිටිය ද අප පුදුමයට පත්වන්නේ අදාළ ආයතනවල කොළඹ පිහිටි මව් ශාඛාවලිනුත් මේ දේවල් පාස්‌ වී යැම ගැනය. දුකට පත්වන්නේ එරාවුර් පොදු වෙළෙඳපොළේ ගොඩනැඟිලි සමඟ එහි අයිතිය ඉල්ලාගෙන නඩු කියන ව්‍යාපාරිකයනුත් දිරාපත් වී යැම ගැනය.

 තරංග රත්නවීර
 ජායාරූප - ප්‍රදීප් මහකුමාර





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.