කට්ටි පනිමින් සිටි යහපාලන හංස පක්ෂයේ සභාපතිවරයා පොලිසිය වෙත ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති, ලංකා හොස්පිටල් හී අධ්‍යක්ෂක, එජාපය ට හිත්වත් තීනියාවල පාලිත හාමුදුරුවෝ ඇතුළු නීතිඥවරුන් පිරිසක් කටයුතු කලේය.
ඉහත ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගත් ඇ.ඩොලර් මිලියන 2 කට අධික කොමිස් මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් ඇතුළු විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් අයකුගේ නමින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා ගෙන්වා ගත්තේ ඉතා රහසිගතවයි. ඒ ඔස්සේ පරික්ෂණ ඇරැඹූ පොලිසිය වංචා රැසක් මේ වනවිට සොයාගෙන ඇත.ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන ට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.
කෝටි 500 කට වැඩි කලු සල්ලි ප්‍රමාණයක් ඔහුගේ බැංකු ගිනුම් සන්තකයේ ඇති බැව් රහස් පොලිසියේ පැවත්වෙන පරීක්ෂණ කණ්ඩායම්වල හෙලි වි ඇති අතර මේ වනවිට ඒ මුදල් කෙසේ මොහු වෙත ලැබුණේ දැයි පොලිසියේ අවධානයට යොමුව ඇත.
දැනට සොයාගෙන ඇති මෙම මුදල වල වටිනාකම මෙතෙක් රාජපක්ෂ යුගයේ පරීක්ෂණවලට සහභාගි වූ දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු සංස්ථා සභාපතිවරුන් 569 දෙනෙකුගේ සියලුම බැංකු ගිනුම්වල තිබු වත්කම්වලට වඩා බෙහෙවින් වැඩි බවත් මේසා විශාල මුදලක් කෙසේ එක් පුද්ගලයකු සතුව තිබුනා ද යන්නත් මේ වනවිට පොලිසිය විසින් විශේෂ පරික්ෂාවක් කරගෙන යමින් තිබේ.
මෙහිදී බොහෝ දුරට මෙම කලු සල්ලිවල සැබෑ අයිතිකරුවන් ඉදිරියේදී හෙලිදරව් විමට ඉඩ ඇති බැව් නීති ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සිට මෙරට ලංකා බැංකු ශාඛාවකට විශාල මුදලක් ගෙන්වාගෙන එය මාරු කර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේය.
අදාල මුදල් තොගය ලිත්‍රො සභාපතිවරයා හා අත්අඩංගුවේ සිටින තවත් සැකකරුවකු සමග පැමිණ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය ලංකා බැංකුවේ කැමරාවල සටහන්ව තිබී ඇත.
ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන ට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.