මහත් ආන්දෝලනයකට ලක්වූ සහ මහජන උනන්දුවක් දක්වන අලි ඇතුන් ජාවාරමට අදාලව
අභියාචනාධිකරණයේ ප්රතිශෝධන අයදුම්පත්‍රයක් සම්බන්ධව අභියාචනාධිකරණ
විනිසුරු එච්. සී. ජේ. මඩවල සහ එල්. ටී.බී. දෙහිදෙනිය 2017.03.09 දින ලබා
දුන් තීන්දුවේ සිංහල භාෂවෙන් වන පරිවර්තනය මාස 6ක් ගතවී ඇතැත් නො ලැබීම
සම්බන්ධව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
මෝසමක් මගින් අභියාචනාධිකරණයේ අවධානය යොමු කිරීමෙන් පසු අභියාචනාධිකරණ
තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමේ නීතිමය හැකියාව සම්බන්ධව කරුණු තහවුරු
කිරීම 2017.10.16 දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී.බී.
දෙහිදෙනිය සහ ශිරාන් ගුණරත්න ඉදිරියේ සිදුවිය.
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු
තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට ව්‍යවස්ථානුකූල අයිතිය 1978
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට ලබා දී තියෙනවා. – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.4 ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
යටතේ අධිකරණ විෂය භාර ඇමතිවරයා ගැසට් පත්‍රයකින් ලබා දුන් අධිකාරිය මත
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් නඩු විභාග කිරීම සහ
නඩු තීන්දු ලබා දුන්නද, එකී ගැසට් පත්‍රයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1,
24.2 සහ 24.3 ව්‍යවස්ථා අභිබවා යාමට නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
මගින් සිංහල භාෂාවෙන් නඩු කටයුතු ආරම්භ කිරීම, උත්තරවාද සහ වෙනත් ලේඛන
ඉදිරිපත් කිරීම, අධිකරණ කටයුතුවලට සහභාගීවීමට ලබා දී අයිතිය අහිමිකිරීමට
හැකියාවක් නැති බවද නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අභියාචනාධිකරණය හමුවේ
තර්ක කරන ලදී.
එම ඉල්ලීමට ඉඩදුනහොත් අභියාචනාධිකරණයේ නඩු පවරන සියලු දෙනා තීන්දුවල සිංහල පරිවර්තන ඉල්ලා සිටීමෙන් අධිකරණ කටයුතුවලට භාධාවක් වේවි – නීතීඥ අස්තික දේවේන්ද්‍ර
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන එක්
ආයතනයක් වන අධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ගරු කිරීමට
සහ වර්ධනය කිරීමට බැදී සිටින බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1,
12.2, 14.1.අ, 14.1.ඊ ව්‍යවස්ථා මගින් ආරක්ෂාකර දී ඇති අයිතිවාසිකම් අහිමි
කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.4 ව්‍යවස්ථාව මගින් අධිකරණ විෂය භාර
ඇමතිවරයාට බලය ලැබී නැති බවත් නීතීඥවරයා අභියාචනාධිකරණයේ අවධානයට යොමු කරන
ලදී.
අභියාචනාධිකරණයේ නඩු තීන්දුවල සිංහල පරිවර්තන ලබා ගැනීමට කරන ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණයට අදාල කාරණාවක් – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වැනි පරිච්ඡේදයේ දක්වා ඇති රාජ්‍ය ප්‍රතිපත්ති
මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් සම්බන්ධ ව්‍යවස්ථා අධිකරණය මගින්
බලාත්මක කරගත නොහැකි වුවත්, රටේ පුරවැසියන් භාෂාව මගින් වෙනස්කමට ලක් නොකළ
යුතු බවට විධිවිධාන එහි අන්තර්ගත බවත්, විශේෂයෙන් ව්‍යවස්ථාවේ 27.2.අ,
27.2.උ, 27.2.ඌ, 27.5, 27.6, 27.10 සහ 28.ඉ මගින් එය පැහැදිලිවන බවත්
විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කුමාරස්වාමි එ. ශන්මුගරත්න අයිර් සහ තවත්
අය නඩුවේ (1978-79-80-1- SLR-323) නඩුවේ සමරකෝන් අගවිනිසුරු, තාමෝදරන්
විනිසුරු සහ ශර්වානන්ද විනිසුරු විසින් 1980 ජනවාරි 27 වැනි දින ලබා දී ඇති
තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.4 ව්‍යවස්ථාවට ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 24.1, 24.2 සහ 24.3 ව්‍යවස්ථා අභිබවා යාමට නොහැකි බවත් අධිකරණ
විෂය භාර ඇමතිවරයෙකුට බලය අතික්‍රමණය කරමින් ගැසට්පත්‍ර නිවේද නිකුත් කළ
නොහැකි බවට තීරණය කර ඇති බවත් නීතීඥ අරුණ ලක්සිරි මහතා අභියාචනාධිකරණය
හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී.
එකී කරුණු දැක්වීම්වලට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ අභියාචනාධිකරණයේ
අවධානයට යොමු කරන ලද්දේ අභියාචනාධිකරණයේ නඩු තීන්දුවල සිංහල පරිවර්තන ලබා
ගැනීමට කරන ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණයට අදාල කාරණාවක්
බැවින් එය තීරණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ යුතු බවයි.
අභියාචනාධිකරණයේ නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීමට අදාල මෙම
ඉල්ලීමට ඉඩදුනහොත් අභියාචනාධිකරණයේ නඩු පවරන සියලු දෙනා තම නඩුවල,
තීන්දුවල සිංහල පරිවර්තන ඉල්ලා සිටීමට ඉදිරිපත් විය හැකි අතර එය අධිකරණ
කටයුතුවලට භාධාවක් බවත්, එකී ඉල්ලීමට ඉඩ නොදිය යුතු බවත් වගඋත්තරකරුවන්
වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ අස්තික දේවේන්ද්‍ර අභියාචානාධිකරණයට සිය
ස්ථාවරය දක්වන ලදී.
අභියාචනාධිකරණයේ නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් පර්වර්තන ලබා ගැනීමට ඇති
නීතිමය තත්ත්වය සම්බන්ධ දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සළකා බලා සිය
නියෝගය 2017.10.24 වන දිනට ලබා දෙන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.
ටී.බී. දෙහිදෙනිය ප්‍රකාශ කළේ ය.
මෙම නඩුවේ පෙත්සම සීගිරීයේ පිහිටි පාරිසරික සංස්කෘතික අධ්‍යයන
මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරුන් වන සුජීව ජාසිංහ සහ සුදර්ශනී ප්‍රනන්දු
ඉදිරිපත් කර තිබූ අතර වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
විශේෂ විමර්ශන අංශ 01 ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, හොරණ, ගොවින්නේ
විජයන්ති පෙරේරා ඇතුළු 15 දෙනෙකු නම් කර ඇත.
Thursday, October 19, 2017
අභියාචනාධිකරණයේ තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දිය හැකිද යන්න නියෝගය 24 වැනිදා…
Posted by
LANKANEWS ORAGANIZATION
at
October 19, 2017
Labels: aruna unawatuna, history of sinhala land, lankanews, sinhala law
අභියාචනාධිකරණයේ තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දිය හැකිද යන්න නියෝගය 24 වැනිදා…
2017-10-19T23:17:00+02:00
LANKANEWS ORAGANIZATION
aruna unawatuna|history of sinhala land|lankanews|sinhala law|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
