ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 29, 2017

ව්‍යාග්‍රා අපතයා නාකි ජෝන්ගේ ඥති සම්බන්ධතාව අනුව පොරක්වූ රන්දීර්...!!!

රන්දීර් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ ඥති නැන්දනියක විවාහ වී සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟයි. මෙම ඇමැතිවරයා නිරන්තරයෙන්ම ජනතාව සහ මාධ්‍ය අතර කතාබහට ලක්‌වන පුද්ගලයෙකි. සමහරු වයාග්‍රා යන අන්වර්ථ නාමයෙන්ද මොහුව හඳුන්වති.
 ඥති සම්බන්ධතාව අනුව රන්දීර් එම ඇමැතිවරයා සමඟ ඉතා සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේය. එලෙස කලක්‌ ගතවෙද්දී ඇමැතිවරයාගේ සුවච කීකරු ගෝලයා බවට පත්වූයේ රන්දීර් ය. ඉන්පසු එම ඇමැතිවරයාගේ සියලුම දහජරා වැඩ සිදු කළේ මොහුය.
  කලක සිට මොහුට දැඩි පාතාල උණක්‌ සෑදී තිබුණි. ඔහු පාතාල අපතයන් ඇසුරු කිරීමට විශාල කැමැත්තක්‌ දැක්‌විය. ඇමැතිවරයාට සමීපවීමත් සමඟ මොහු

ගේ පාතාල උණ තව තවත් වැඩිවිය. ඒ අනුව මොහු ඇමැතිවරයාගේ දේශපාලන බලයද පාවිච්චි කරමින් පාතාල අපතයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.

Thursday, October 26, 2017

පට්ට හොරෙකුගේ නිරුවත හෙළිවේ...!!!දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල් නිලංග දෑල ....!!!

වික්කේ කෝටි 9කට: මාලිගාවට ලැබුණේ ලක්ෂ 7යි පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වෙයි
ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ හරහා කරුණු හෙළිවී ඇත.
ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ් පිහිටි උඩවත්ත සහ මල්නයිදාගේ හේන නැමති අක්කර 9ක් විශාල ඉඩම් දෙකක් රුපියල් 92,870,000කට සින්නක්කර ඔප්පු මගින් විකුණා ඇත. ඉඩම් විහාර දේවාල ගම් ආඥා පනත අනුව ප්‍රවේණි ඉඩම් විකිණිය හැකිය. එහෙත් එෙසේ විකුණන අවස්ථාවක එකී ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැක්විය යුතු අතර, ඉඩම් මිල දී ගන්නන් ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට යටත් බව සඳහන් කළ යුතුවේ. එහෙත් මෙම ඉඩම් විකිණීම පිණිස පාර්ශ්වකරුවන් ලෙස දියවඩන නිලමේ නිලංග දෑල අත්සන් කර ඇති නමුත් එකී ඉඩම් ඔප්පුවල ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට අයත් බව දක්වා නැත. මේ ඉඩම් විකිණීමෙන් රුපියල් 92870000ක ආදායමක් ලබා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවේ. එහෙත් මේ සුවිසාල මුදල් ප්‍රමාණයෙන් ශ්‍රී දළදා මාලිගාවට ලැබි ඇත්තේ රුපියල්730000ක් පමණය.

ඔන්න ලංකාවේ නීතිය...!!! ගෙඩි තුනක අඹ වල්ලට දවසක් නිරාහාරව කූඩුවේ ඇපය ලක්‍ෂයයි ...!!!


අඹ ගෙඩි තුනක්‌ කතාවකට සුදුසු ප්‍රස්‌තුතයක්‌ නිර්මාණය කර තිබේ. ඒ වයසක අම්මා කෙනෙක්‌ අඹ ගසකින් ගෙඩි තුනක්‌ කඩා ගත්තේය කියා පොලිසියට ගෙන ගොස්‌ අවසානයේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත නිදහස්‌ කර ඇති අපූරු කතාවකි. සිද්ධිය වාර්තා වන්නේ අනුරාධපුර, සාලියපුරෙන්ය. නීතිය නැමෙන හැටි පිළිබිඹු වන මේ සිද්ධිය ද මිනිසුන්ට විචිත්‍ර ලෙස වාර්තා කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේය. දැන් කතාව පෙළගැසෙන්නේ අඹ හොරකම් කළා යෑයි කියන ලලිතා අම්මාගේ ගෙදර සිටය.

 ලලිතා අම්මාට වයස අවුරුදු හැටහතරකි. දරුවන් තිදෙනකුගේ මවකි. එහෙත් දැන් ඇයට සිටින්නේ දරුවන් දෙදෙනෙක්‌ පමණි. එක්‌ අයෙක්‌ අකාලයේ මිය ගොස්‌ය. අනෙක්‌ දරුවන් දෙදෙනා ද දීග තලවල ගිය පසු සැමියාගේ රැකවරණය අහිමි ඇය නිවසේ තනි විය. ජීවත්වීම උදෙසා ඇය අදටත් සාලියපුර ජයන්ති ග්‍රාමයේ පොල්වත්තක්‌ මුරකරන්නීය. පොල් වත්තේ එකතු වන පොල් අතු වියා විකුණා අමතර ආදායමක්‌ උපයාගන්නීය. ඒ ලැබෙන සොච්චම් මුදලින් ඇය කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව ජීවිතය ගැට ගසාගෙන ජීවත්වන්නීය. පෙනීම දුර්වල දෙනෙත්වලට කාච දමා ඇත්තේ ද ඇයගේම වියදමිනි. එහෙත් එක ඇසක පෙනීම තවමත් දුර්වලය. එමෙන්ම ශරීර කූඩුව දිරාපත් වන විට ඇති වන දුබලතාවලින් කාලයක සිට ඇය පීඩා විඳින්නීය. ඇයගේ ඒ සියලු කෙඳිරිලි, දුක්‌ වේදනා දරාගෙන තනි නොතනියට සහ සෙවණට සිටින එකම මිතුරා සීට්‌ සෙවිළි කළ පුංචි කාමරය පමණි. පුංචි ඇඳක්‌, පුටු දෙකක්‌ හැරෙන්නට ඒ කාමරය තුළදී නෙතගැටුණේ කාඩ්බෝඩ් පෙට්‌ටි කිහිපයක්‌ පමණි. අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන ඒ අම්මාට බොහෝ විට කෑම බීම ලබාදෙනු ඇත්තේ ද තවකෙකුගේ දුක ඉදිරියේ උණුවන සිත් ඇති අසල්වැසි මිනිසුන්ය.

නිර්මාල් රංජිත් දේවසිරි දැන් කියන්නෙ මෙහෙමයි...!!! යහපාලන වචනෙට මේ ආණ්‌ඩුව උපරිම හානිය කළා

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වර්තමාන යහපාලන ආණ්‌ඩුව බිහිකිරීමට පුරෝගාමී මෙහෙවරක නියෑලුනෙකි. ආණ්‌ඩුවේ දෙවසරක පාලන කාලය එක වැකියකට හකුළා ඔහු අද කියන්නේ යහ පාලනය යන වචනයට කළ හැකි උපරිම හානිය ආණ්‌ඩුව දැන් සිදුකර ඇති බවයි. ආණ්‌ඩුව රට ගෙනියන අත පිළිබඳ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.
 
 තව වසර කිහිපයකින් ණය බරින් ජනතාව නිදහස්‌ කරන බව ආණ්‌ඩුව කියනවා. නමුත් පසුගියදා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතිනුත් ලබන වසරේ ආණ්‌ඩුවේ වියදම තවත් වැඩිවෙලා. ආදායම අඩුවෙලා. මෙවැනි සංඛ්‍යා ලේඛන දකින විට ආණ්‌ඩුව කියන දේවල් ගැන ජනතා විශ්වාසය බිඳ වැටෙනවා නේද?
 
 මේ ආණ්‌ඩුව ගැන ජනතාවගෙ විශ්වාසය බිඳවැටීම ආරම්භ වුණේ ඇමැති මණ්‌ඩලය පිහිටවපු දවසෙ. බැඳුම්කර සිද්ධිය වන විට ජනතා විශ්වාසය බිඳවැටීමේ උපරිමයට ඇවිත්. ජනවාරි 8 වැනිදා මේ ආණ්‌ඩුව බලයට පත්වුණේ බලයට පත්කරගත් අය ගැන ජනතා විශ්වාසයක්‌ තිබුණ හින්ද නෙමෙයි. එක්‌සත් ජාතික පක්‌ෂය තනිවම ඉල්ලුව නම් පරදිනව. මේ අය බලයට පත්වුණේ පැවති රාජපක්‌ෂ ආණ්‌ඩුවේ තිබුණු යම් යම් නිශේධනාත්මක ලක්‌ෂණ නිසා මිස මේක එක්‌සත් ජාතික පක්‌ෂයට ලැබුණු ජනවරමක්‌ නෙමෙයි.

මාසික වැටුප ලක්‌ෂ හතර හමාරයි...!!!

ලංකාවේ හෙද හෙදියන් බ්‍රිතාන්‍යයේ රැකියාවක්‌ ලබාගන්නේ මෙහෙමයි...!!!

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන බොහෝ සාත්තු සේවක සේවිකාවෝ පිටරැටියෝ වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පෝලන්ත, රුමේනියා වැනි නැගෙනහිර යුරෝපා ජාතිකයෝය. එහෙත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු සාත්තු සේවක සේවිකාවන්ගේ විශාල හිඟයක්‌ ඇති වන බව වාර්තා වෙමින් පවතියි. වාර්තා වන අන්දමට වසර 2026 වන විට සාත්තු සේවක සේවිකාවන් ගේ හිඟය හතළිස්‌ දෙදහසක්‌ පමණ වනු ඇත.වසර 2019 න් පසු යුරෝපා ජාතිකයන්ට බ්‍රිතාන්‍යයේ සේවය කිරීමට අවසර නොලැබෙන නිසා ජාතික සෞඛ්‍ය සේවය දැනටමත් ආසියාතික රටවලින් සාත්තු සේවක සේවිකාවන් බඳවා ගැනීමට පටන් ගෙන තිබේ. දැනට වැඩියෙන්ම බඳවාගෙන ඇත්තේ පිලීපීන ජාතිකයින්ය. ඊට අමතරව ඉන්දියානු සහ නේපාල ජාතිකයෝද ටිකෙන් ටික මෙහි රැකියා ලබා ගනිමින් සිටිති. දැන් ඒ මහඟු අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට ද උදාවී තිබේ.

Tuesday, October 24, 2017

කොහොමද වැඩේ...!!!

සාමාන්‍ය පෙල අසමත් මන්ත‍්‍රීවරුන් 94 දෙනෙකු වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින බව මහාචාර්ය එම්.ඕ.ඊ. ද සොයිසා  පවසයි.VIDEO

දේශපාලන අපතයෙකු නඩත්තුවට දිනකට ලක්‍ෂ දෙකක්.. වසරකට ලක්‍ෂ හත්සීයයක්..!!!

වර්තමාන යහපාලන ආණ්ඩුවේ එක කැබිනට් ඇමතිවරයෙකු නඩත්තු කිරීම සදහා වසරකට රැපියල් ලක්‍ෂ 700ක මුදලක් වැය වන්නේ යයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  මෙම අදහස් පල කරනු ලැබුවේ එම පක්‍ෂයේ ජනහමුවක් අමතමිනි.
රටම අර්බුදයට යද්දී පාලකයින් විසින් වරප‍්‍රසාද වැඩි වැඩියෙන් ලබා ගනිමින් සිටින්නේ යයිද ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.

Sunday, October 22, 2017

බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!

විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇත.

ගාමිණි වියන්ගොඩයනු අපතයෙකි...!!!  ඵසේම කාළකණ්නියෙකි .ඵසේම මූ රටට ආදරේ ඇති ඵකෙකු නොවේ.මූ ශ්‍රී  ලාංකිකයෙකුද නොවේ අප දන්නා තරමින් මූ ප්‍රංශ පුරවැසියෙකී.ඩොලර් කපුටන් කිහිප දෙනෙකු විසින් අටවා ගෙන ඇති කුරවැසි පෙරමුණ නම් ඵන්.ජී.ඕ ව  අප රටට කරනුයේ විනාශයකී. මේ අපතයන් දුටු තැන පළවා  හැරිය යුතුය.
වත්මන් ආණ්ඩුව විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප‍්‍රනාන්දු යන පුද්ගලයින් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම  පවසයි.VIDEO

නපුංසක රනිල්ට කේන්ති ගිය මල්වතු-අස්‌ගිරි ප්‍රකාශයේ ඇත්ත කතාව මෙන්න…

ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ වන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මල්වතු අස්‌ගිරි උභය මහා විහාරයන් ඇතුළු අමරපුර රාමඤ්ඤ නිකාය සහ කෝට්‌ටේ පාර්ශවය ඇතුළු සමස්‌ථ සංඝයා වහන්සේලා දැඩි අවධානයකින් පසුවන්නේ, මේ හරහා බෞද්ධාගමට රටෙහි ඒකීයත්වයට මෙන්ම සිංහල ජනතාවට කිසියම් අකටයුත්තක්‌ සිදුවේය යන කුකුස පැන නැඟී ඇති නිසාය. නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමට බලාපොරොත්තුවන්නේ කුමක්‌ද යන වග, අස්‌ගිරි පාර්ශවයේත් මල්වතු පාර්ශවයේත් මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝ සභාවේ ස්‌වාමින් වහන්සේලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් විමසා සිටියේ, දෙදහස්‌ දහහතේ මැයි මස සිටය.
විවිධ මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සභා රැස්‌වීම් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය විවිධ අදහස්‌ දැක්‌වීම් සහ නන් අයුරින් ප්‍රචාරය වන දේශපාලන තොරතුරු සම්බන්ධයෙන් , උභය මහා විහාරයීය ලේඛකාධිකාරි හිමිවරු ඇතුළු සංඝ සභාවේ සංඝයා වහන්සේලා ජුනි මස විසිපස්‌ වැනි දින අස්‌ගිරි විහාරයේදී රැස්‌ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට, ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නැයි දැනුම් දුන්හ. ඒ අනුව, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කර නොමැති බවට පැහැදිලි ප්‍රකාශයක්‌ දිය හැකි බැවින්, ඒ පිළිබඳ අනියත බියක්‌ ඇතිකර නොගන්නා ලෙසත්, ව්‍යවස්‌ථාව කෙටුම්පත් කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලා මෙන්ම සෙසු ආගමික නායකයන්ට ද මහ ජනතාවට ඉදිරිපත් කර අදහස්‌ හා යෝජනා ගෙන යළි වෙනස්‌කම් කිරීමට රජය ක්‍රියාකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන ත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු හමුවෙහි මහනුවරදී ප්‍රකාශ කොට සිටියේ, ඉකුත් ජුලි මස හයවැනි දිනය. රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්‌ථාවක්‌ රජය කිසි විටකත් ගෙන නොඑන බව එදින සඳහන් කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන  මහනුවර ජනපති මැඳුරේදී ත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක්‌ පුරා සාකච්ඡාවක නිරත විය.

හොරුන්ගේ හෙළුව..!!!

විශේෂයෙන්ම 2000දි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනපතිනියගේ පාලන කාලය තුළ දේශපාලන විසඳුම් යෝජනාවලිය ‘පැකේජය’ ගෙන ආ අවස්ථාවේ ඒ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් විය. අද නව ව්‍යවස්ථාවට එරෙහිව කෑගසන ඒකාබද්ධ විපක්ෂයයැයි කියාගන්නා කණ්ඩායමේ බොහෝ දෙනා ඒ අවස්ථාවේ ‘පැකේජය’ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයය. හාස්‍යජනකම කාරණය වන්නේ එම ‘පැකේජයේ’ න්‍යායාචාර්යවරයා වූයේ අද ඒකබන්ධ විපක්ෂයයැයි තමන්ව හඳුන්වාගන්නා පිරිසේ ගුරුවරයාගේ භූමිකාව රඟ දක්වන ජීඑල් පීරිස්ය.2000 පැකේජ් එකෙන් පලාත් සභා සදහා පරමාධිපත්‍යය පිරිනමා තිබුණේ එහි 2, 106 ව්‍යවස්ථා මගිනි.

Thursday, October 19, 2017

ආණ්‌ඩුව හදන්නෙ කොළේ වහල ගහන්න

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ වදාරති+
 උතුර නැගෙනහිර යළි එකතු කිරීමට සහ මේ රට අනාගමික රාජ්‍යයක්‌ බවට පත්කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාත්, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත් කර ඇති ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ප්‍රකාශයට පත් කළ අතුරු වාර්තාවේ සඳහන් යෝජනාත් මේ දිනවල නොයෙක්‌ දෙනාගේ කතාබහට ලක්‌ව ඇති මාතෘකා කිහිපයකි. එම යෝජනා පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්‌ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]

නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ.

අලුත් ව්‍යවස්තාව සකසා ඇත්තේ පාදඩ නඩයක්.. දුටු තැන පන්නා දමනු.. [Video]

කොහේවත් යන එන්ජීඔ් නඩවලට ජනතාව ගැන රට ගැන තීන්දු ගන්න ඉඩ නොතැබිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඔවුන් විසින් සම්පාදනය කර ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බවයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිඳු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ...!!!

නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යානුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පවසයි.
 (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලේකම්වරයා පෙන්වා දුන්නේ රජයට පවරා ගත් බව කියූ නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව සෞඛ්ය අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය පිළිගෙන ඇති බවත්, සයිටම් ආයතනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් රට තුල මතුව ඇති අර්බුදකාරි වාතාවරණය සඳහා මෙම අමාත්යාංශ දෙක ඍජු ලෙස වගකිව යුතු බවයි.

අභියාචනාධිකරණයේ තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා දිය හැකිද යන්න නියෝගය 24 වැනිදා…

මහත් ආන්දෝලනයකට ලක්වූ සහ මහජන උනන්දුවක් දක්වන අලි ඇතුන් ජාවාරමට අදාලව අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් සම්බන්ධව අභියාචනාධිකරණ විනිසුරු එච්. සී. ජේ. මඩවල සහ එල්. ටී.බී. දෙහිදෙනිය 2017.03.09 දින ලබා දුන් තීන්දුවේ සිංහල භාෂවෙන් වන පරිවර්තනය මාස 6ක් ගතවී ඇතැත් නො ලැබීම සම්බන්ධව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මෝසමක් මගින් අභියාචනාධිකරණයේ අවධානය යොමු කිරීමෙන් පසු අභියාචනාධිකරණ තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමේ නීතිමය හැකියාව සම්බන්ධව කරුණු තහවුරු කිරීම 2017.10.16 දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී.බී. දෙහිදෙනිය සහ ශිරාන් ගුණරත්න ඉදිරියේ සිදුවිය.
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවල සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට ව්‍යවස්ථානුකූල අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ පුරවැසියන්ට ලබා දී තියෙනවා. – නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

Saturday, October 14, 2017

මිලියන 120 ගෙදර – මිලියන 35 ලී බඩු – මිලියන 550ක් වටිනා සුපිරි නිවාස සහිත රවීගේ අලුත්ම කතාව මෙන්න (සුපිරි නිවසේ වීඩියෝව සහිතයි)

රවී කරුණානායක  මුදල් අමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද බරපතළ විශමාචාරයන් සහ ඒ තුලින් උපයාගන්නා ලද මුදල් හරහා මිලදී ගෙන ඇති වත්කම් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ රජමල්වත්ත මාවතේ පිහිටි රවී කරුණානායක ට අයත් නිවස ඔහු අමාත්‍යවරයෙකු වූ දා පටන් අලුත් වැඩියා කිරීම ආරම්භ වූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 120 (කෝටි 12) පමණ වන බව අනාවරණය වී තිබේ.
එම රුපියල් මිලියන 120ක මුදල ලබාදී ඇත්තේ මෙරට අංක එකේ කෝටිපතියා ලෙස හැදින්වෙන ධම්මික පෙරේරා විසින්ය.
රජමල්වත්ත මාවතේ මේ ඉඩම තුල ගෙවල් තුනක් දක්නට ඇති අතර ඒ සෑම නිවසක්ම පාහේ අධි සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබේ.
මෙම නිවස අලුත්වැඩියාවෙන් පසුව එහි භාවිතයට ගැනීම සඳහා රුපියල් මිලියන 35ක (කෝටි 3.5) ගෘහභාන්ඩ ඇණවුමක් දොන් කරෝලිස් ගෘහ භාන්ඩ නිපදවන සමාගමට ලබාදී ඇති අතර ඔවුන් එම ඇණවුමේ විශාලත්වය නිසාම ඉදිරි මාස තුනේදී කිසිදු ඇණවුමක් භාර නොගැනීමටද තීරණය කර තිබේ.

කිසිම රෝගයක් නෑ – සේරම බොරු – දුමින්දයි වාසුයි බන්ධනාගාර රෝහලෙන් එලවයි..!

වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ රඳවා සිටි මරණීය දණ්ඩනය නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙවන වතාවටත්  රෝහලෙන් පිටකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අණවාරණය කරයි.
රෝහලේ නව වැඩ බලන වෛද්‍ය නිළධාරි ජගත් මල්වත්ත  විසින් වැඩ භාරගත් (28) දිනයේ සිට එහි අංක 3 වාට්ටුව දැඩි පරීක්ෂාවට ලක්කල අතර එහිදී කිසිදු රෝගී තත්වයක් නොමැතිව දිගු කලක් තිස්සේ රුඳීසිටි රැඳවියන් කිහිපදෙනෙකුම රෝහලෙන් පිටකර යවා ඇතැයිද පැවසේ.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන දෙදෙනාද බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැත් එම දෙදෙනොම හිසේ අමාරුවක් බව කියමින් බන්ධනාගාර නිළධාරීන්ගේ මාර්ගයෙන් නැවතත් රෝහල් ගත වී ඇතැයි කියති.

රවි සහ අර්ජුනගේ දිවුරුම් ප්‍රකාශ පට්ට බොරු බව කොමිසමට හෙළිවෙයි

වර්ෂ 2015 මාර්තු මාසයේ 28 වැනිදා අපේ රටේ ඇති රාජ්‍ය බැංකු තුනෙහිම ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට කැඳවූ එවකට මුදල් ඇමැති රවි කරුණානායක අපූරු නියෝගයක් දුන්නේය.
එම නියෝගයෙන් ඔවුන්ට නියම කොට ඇත්තේ ඊට පසුදින මහ බැංකුවේ පැවැත්වෙන භාණ්ඩාගාර වෙන්දේසියේදී රාජ්‍ය බැංකු තුන විසින් ලංසු තැබිය යුත්තේ තමන් විසින් ලබාදෙන ඉතා පහළ අගයන් සඳහා ඉතාමත්ම ඉහළ පොලී අනුපාතයන් යටතේ වූ මිල ගණන් පත් (ඡඪඤඵ) හරහා බවය.
අපේ රටේ රාජ්‍ය බැංකු තුනවන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවද නියෝජනය කරමින් එකී රැස්වීමට සහභාගිවූ සභාපතිවරු තිදෙනාම බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ පසුගිය සතියේදී මේ බව අනාවරණය කළෝය.
එහිදී හෙළිදරව් වුණු තවත් කරුණක් වූයේ මුදල් ඇමැතිවරයා විසින් රුපියල් බිලියන 60ක පමණ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කරන්නට මහ බැංකු අධිපතිවරයාටද දැනුම් දී තිබීමය.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට රුපියල් කෝටි ගණන් ලාභ ලබාගන්නට හැකි වන පරිදි අසීමිත අගයන්ගෙන් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නට ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කොට ඇත්තේද අන් කවරකුවත් විසින් නොව ඒ රවි කරුණානායක මුදල් ඇමැතිවරයා විසින්ම බව ඒ පුවතින් හෙළිදරව් විය.

ලංකාව ඔරුමිත්ත නාඩුවක් නොකරනු! බෙදුම්වාදී ව්‍යවස්ථාව එපා !!! "

කියන ගමන්
පළාත් සභා මැතිවරණය ව්‍යවස්ථාව ඇතුළට දාන්නත් විරැද්ධ වෙමුද? හොරගල් ඇහිලීම තවතමුද?
ඒ ගේමත් මේ ගේමත් ඇර තවත් ගේම් තිබේද? 
මේ සියල්ලෝම ඉංග්‍රීසි ජාතිවාදීන්ගේ බළල් අත්ද...?

විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..!!!

විල්පත්තු රක්‍ෂිතය ආසන්න පරිවාර වනාන්තරයන් එහි පෙහෙලි කරමින් නව ජනාවාසි බිහි කරමින් සිටින බව ස්වර්ණවාහිනී නාලිකාව වාර්තා කලේය.
මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින.VIDEO

ඉඩම් අහිමි බව දැන්නම් සහතිකය උපන් බිමේ සිංහල අපි අනාථය ...!!!

මඩකලපුව එරාවුර් පොදු වෙළෙඳපොළේඛේදවාචකය
   * අපේ කුඹුරු ඉඩම් දෙමළ මිනිස්‌සු අල්ල ගත්තා...
* දැන් අපේ වෙළෙඳපොළ මුස්‌ලිම් මිනිස්‌සු අල්ලගෙන...lll


 අනාථයින් ලෙස සරණක්‌ පතා එන ඕනෑම සත්වයකුට පිහිටවීම මනුස්‌ස ගුණාංගයකි. බෞද්ධ ධර්මයේද ඒ බව සඳහන් වේ. එහෙයින් අනාථයින් කියාගෙන රටට ඇතුළු වී සිටින මියන්මාර් රෝහිsන්ග්‍යා සරණාගතයින්ට පිහිටවීමට ජාත්‍යන්තර නීති ඇවැසි නැත. බෞද්ධ රටක පුරවැසියන් ලෙස ඒ අසරණයන්ට පිහිටවීම අපේ යුතුකමකි. ඒ යුතුකම ඕනෑවටත් වැඩියෙන් මෙරට බලධාරීන් ඉෂ්ට සිද්ධ කර ඇති ආකාරය හරිම අගනේය. පිහිට පතාගෙන පැමිණි ඒ අසරණයන්ට පහරදීමට තැත් කිරීම ද ශිෂ්ට සම්පන්න ජාතියක මිනිසුන් ලෙස කිසිලෙසකින් අනුමත කළ නොහැකි තත්ත්වයකි. එමෙන්ම සරණාගතයන් ඉදිරියේ සත්ව කරුණාව පහළ වන ධර්මිෂ්ඨ පාලකයන් සහිත රටක උතුර, නැගෙනහිරදී සිංහල මිනිසුන් අනාථයන් බවට පත්ව සිටීම ද හදවත් කම්පනය කරවන්නකි.

Tuesday, October 10, 2017

ඵකැස් දේශද්‍රෝහී මහළු යකින්නගේ අවතීර්ණය...!!!

චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2000 ගෙන ආ පැකේජ් එකේ 4 ඉ ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය ඡන්ද බලය පළාත් සභාවලට ඇත. මේ එන්නේ පැකේජ් එකමද...?

මේ ලිපිය උඹලගේ භාෂාවෙන් පරිවර්තනය කරගෙන කියව ගනින්..!!!

යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන 
පැබ්ලෝ ඩී ග්‍රෙයිප් වෙත සිංහලයෙකුගෙන් ලිපියක්...
මෙම ලිපිය පදනම් වී ඇත්තේ දිවයින පුවත් පතේ කීර්ති වර්ණකුලසූරිය විසින් ලියා ඇති යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණීවට අදාල දිවයින පුවත් පතේ ලිපියයි. (එම ලිපියද පහත දැක්වේ)
යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් වෙත ය. (මේ ලිපිය උඹලගේ භාෂාවෙන් පරිවර්තනය කරගෙන කියව ගනින්..උඹලට ඒවට ඕන තරම් සල්ලි තියෙනවනේ)
අපේ සිංහල හමුදාව සම්බන්ධව ලංකාවෙදී පරීක්ෂණ කරනවා නම් උඹලගේ භාෂාවෙන් බෑ...අපේ රටේ භාෂාවෙන් කරපන්...

ලංකාවේ ලොකුම බේකරි මීයා දැලේ...!!! මෙතෙක් එක් පුද්ගලයකුට තිබු ලොකුම මුදල.. හෙලිදරව් කිරිමට පෙර ඉහළින් බලපෑම්…!!!

ලිත්‍රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යපාරයක් වන අතර එහි වර්තමාන සභාපතිවරයා වන ශලිත මුණසිංහ විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධව පොලිසියට කට්ටි පනිමින් සිට ඔහු පොලිස් අත් අඩංගුවට පත් වී දිනක කාලයකට රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.
කට්ටි පනිමින් සිටි යහපාලන හංස පක්‍ෂයේ සභාපතිවරයා පොලිසිය වෙත ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති, ලංකා හොස්පිටල් හී අධ්‍යක්ෂක, එජාපය ට හිත්වත් තීනියාවල පාලිත හාමුදුරුවෝ ඇතුළු නීතිඥවරුන් පිරිසක් කටයුතු කලේය.
ඉහත ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගත් ඇ.ඩොලර් මිලියන 2 කට අධික කොමිස් මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් ඇතුළු විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් අයකුගේ නමින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා ගෙන්වා ගත්තේ ඉතා රහසිගතවයි. ඒ ඔස්සේ පරික්ෂණ ඇරැඹූ පොලිසිය වංචා රැසක් මේ වනවිට සොයාගෙන ඇත.ශලීල මුණසිංහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු වන අතර මෛත්‍රීපාල සිරිසේන ට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ සභාපතිවරයාද වෙයි.

බැසිල් රාජපක්‍ෂ හා සිරසේ සංඛ්‍යාත හොරකම..

සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්‍රවෘත්ති සම්ප්‍රදායන් පවා කඩා දමමින් ප්‍රවෘත්ති විකාශය අතර තුර ප්‍රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොර ව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය. බැසිල්ට ඇණගෙ ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ ය. මල්වාන ඉඩ‍මේ සිට දිවිනැගුම හරහා ජී අයි බට දක්වා ගියේ ය. එහෙත් පොඩි වූයේ කාගේ වළං ද? සිරසේ ම වළංම ය. බැසිල්ට කුමන අවලාද නැගුව ද ඔහු ඉතා නිවැරදි ව කළ චෝදනාවට පමණක් සිරසට පිළිතුර දීගත නොහැකි විය. අප අසන්නේ සිරස ජාතික සංඛ්‍යාත හිමි කර ගත්තේ කෙසේ ද යන්න ය.ව්‍යාජ දූෂණ විරෝධී සටන් පාඨ ගෙන රටපුරා යන සිරස එය හෙළි කළ යුතු ය.
රුපියල් බිලියන 5ක් හෙවත් කෝටී 500ක් පමණ වටිනා ජාතික සංඛ්‍යාත පරාස එක් මාධ්‍ය සමාගමකට පමණක් අතයටින් දීම ලංකා මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දූෂිත ම වංචාවයි. අදාළ සංඛ්‍යාතයක් හිමි කර ගැනීමට නම් ටෙන්ඩර් පටිපාටියේ දී ලකුණු 60කට වඩා ලබාගත යුතු ය. එහෙත් සිරස එය ලබා ගන්නේ එකදු ලකුණක් හෝ නොගෙන ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව බව ඔබ දන්නෙහි ද?. මීට එරෙහි වූ මුහුන්න් කානගීට තම ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. මේවාට ඉඩ දිය හැකි ද?

සිරසට තදවුනේ ...!!! සාටක සුණඛ බැසිලා ඇත්ත කියූ නිසාවෙනි...!!!

සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..!!!

සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය සිදු කරන අතරවාරයේ මෙතෙක් කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් සිදු විය.
නිවේදකයකු හා නිවේදිකාවක ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියදී සිරස මාධ්‍ය ජාලයේ ඉහල නිලධාරියෙකු හා මාධ්‍යවේදියෙකු වන රොෂාන් වටවල සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුළු වී ප‍්‍රවෘත්ති විකාශයද අත්හිටුවීය.
ඉන් අනතුරුව ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පල කලේය.VIDEO

Friday, October 6, 2017

සරත් ෆොන්සේකා හිරේ දාපු එක ගැන අපි සතුටු වෙනවා. ඌ එලියට දාපු එක ගැන විතරයි අපිට කණගාටුවක් තියෙන්නේ,..!!!

මල්වත්තේ මහනායක හාමුදුරුවෝ TNA එකෙන් පාර්ලිමේන්තුවට...?

 ඇතම් මහනායක හිමියන්ගේ ක්‍රියා කලාපයන් අනුව ඉදිරියේදි TNA ජාතික ලැයිස්තුවෙන් මහනායක හිමියන් පාර්ලිමේන්තුව එයිදැයි සැකයක් මතුවන බව  රාවණා බලයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසනවා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.
“පහුගිය දවස්වල අපිට දැක්ක දේවල් එක්ක ඉදිරියේදි ටී එන් ඒ ජාතික ලැයිස්තුවෙන් මහනායක හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තු එයිද කියන බයකුත් අපි සතුව තියනවා. හේතුව තමයි ටී එන් ඒ දරන මතයම දරන මහනායක ස්වාමින් වහන්සේලාත් මේ රටේ ඉන්න එක ගැන පොඩි සැකයක් තියනවා. පහුගිය දවසක මල්වත්ත මහනායක හිමියන් ලගට ගියාම දිනේෂ් ගුණවර්ධන  සත පහකට ගන්න ගත්තේ නැති තත්ත්වයක් දකින්න තිබුණා, පහුවෙනිදා යනවා වියන්ගොඩලා. වියන්ගොඩලා ගියාම හරියට නෑදෑයෙක් ආවා වගේ පිළිගත්තේ. පිළි අරගෙන කියනවා ඔබගේ මතයේ තමයි අපිත් ඉන්නේ කියලා. උන් ඉන්නේ වෙන මතයක නේ. NGO නඩ සල්ලි වලට රට පාවලා දෙන ජාතියේ බඩු. ඒනිසා ඒ බඩුත් එක්ක ඉන්නවා කියන්නේ අපි ඉතින් අමුතුවෙන් මහනායක හාමුදුරුවෝ ගැන නිර්වචන දෙන්න ඕන නැහැ කියන එක තමයි අපි කියන්නේ.VIDEO

පළාත් සභා මැතිවරණය 4 ඉ ව්‍යවස්ථාව තුළට ගැනීමෙන් බෙදුම්වාදයට සුජාතබව ලැබෙයිද?

(20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අදාල 2017.09.19 දින හැන්සාර්ඩ් වාර්තාව ඇසුරෙන් නීතිය ගලපා ඇත)
සෝල්බරි සාමිවරයාගේ මූලිකත්වයෙන් සහ පේරාදෙනිය සරසවියේ නිර්මාතෘ ජෙනිංග්ස් පෙරදැරිව 1947 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත්කර දී බ්‍රිතාන්‍යය කිරීටයට වගකියන ලංකාවේ පුරවැසියෙකුට රටේ අගමැතිධුරය ලබාදී 1948 පෙබරවාරි 04 වැනි දින ඩොමීනියන් නිදහස ලබා දෙන ලදී.
1815 දී උඩරට ගිවිසුමෙන් දෙපාර්ශවයේ එකගත්වයෙන් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය බ්‍රිතාන්‍යයන් ලබා ගත් අතර එදින සිට මුළු රටටම බලපාන පරිදි විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය එංගලන්තයේ මහරජුන් සහ මහ රැජිණියන් විසින් ලංකාවේ එවකට “සිලෝන්” පාලනය කිරීම සදහා යොදා ගනු ලැබී ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය කිරීටයේ බලය සීඝ්‍රයෙන් පිරිහී ගිය අතර හිරු නොබසින අධිරාජ්‍යයේ බලය කෙමෙන් දියවන තත්ත්වයක් ඇති වෙමින් තිබූ අතර සිය යටත් විජිත වූ රටවල නිදහස් අරගල ආරම්භවී තිබීමත් මත ප්‍රජාතන්ත්‍රවාදය නම් භූමිකාව නිරූපණය කරන ආයතන පිහිටුවා එම රටවල් දිගටම සිය නොනිල පාලනයේ තබා ගැනීමට බ්‍රිතාන්‍යය බුද්ධිමත්හු ක්‍රියාකාරී විය.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පියවර අනුව ජනතාවගේ නියෝජිකයින් පත්කර රට පාලනය කරන බව 1947 ආණ්ඩුක්‍රමයෙන් පෙන්වා දුන්නද විධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත් පාලනනය කරන තීරක බලය බ්‍රිතාන්‍යය කිරීටයටත්, රාජාධිකරණයටත් විය.

පට්ට හොරාගේ කිතුලේ උත්තරය...!!! මේ පරයාගේ බදු නිසා රටේ ජනතාව තාමත් හාමතේ...!!!

බැදුම්කර හොරා මහබැංකුවයි.. මා නොවේ.. මා දුන් නිවැරදි උපදෙස් මහ බැංකුව වැරැද්දුවා..- ලෝකයේ හොදම මුදල් ඇමති පට්ට හොරා...!!!
 බැඳුම්කර නිකුත් කිරීම සදහා තමන් විසින් ශ‍්‍රි ලංකා මහ බැංකුවට නිවැරැදි උපදෙස් ලබා දුන්නත් මහ බැංකුව විසින් පරිදි එම උපදෙස් අනුව කටයුතු කර නැතැයි හිටපු මුදල් ඇමති කරුප්පයියා සදහන් කරයි.
ප‍්‍රශ්ණගත බැඳුම්කර නිකුතුවේදී රාජ්‍ය බැංකු තුනට අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට අැමතිව සිටි කරුප්පයියා උපදෙස් දුන්නේ යයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පල කරමින් කරුප්පයියා එසේ පැවසීය.
තමන් මුදල් ඇමති ලෙස පත් වූ මුල් දිනයන්හිදී සිටිම පොලී අනුපාතය අඩු කිරීමට උපදෙස් දුන් බවත් රටේ පොලී අනුපාතය අඩු වීමට එය බලපාන බවත් එය රටට හිතකර තත්වයක් සදහන් කල ඔහු මෙම තීරණ ගනු ලැබුවේ මුදල් විෂය සම්බන්ධ විශේෂඥයකු වන පාස්කරලිංගම්  ඇතුළු තිස් දෙනෙකුට අධික පිරිසක් නියෝජනය කල සාකච්ඡවකදී බව සදහන් කරයි.

සරල සිරාගේ බෑණාගේ ප්‍රකෝටි ගැහිල්ලට ලොන්ත කැබිනෙට්ටුවේ අනුමැතිය...!!!

පරණ යුද නැවක් රුසියාවෙන් මිලට ගන්න කැබිනට් අනුමැතිය.. !!!

ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් යුද නෞකාවක් මිලට ගැනීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව මෙම යුද නෞකාව මිලදී ගැනීමට නියමිතව ඇත්තේ රැසියාවෙනි.

Tuesday, October 3, 2017

මල්වතු මහා නායක ගණින්නාන්සේ ලා ජාරාව කා අනුමැතිය දුන් නව ව්‍යවස්ථාව ....!!!

“යහ පාලනය ආශීර්වාදයක්, කොට්ඨාස ක්‍රමය රටට යහපතක්..” මල්වතු මහ නායක ...!!! මෙරට මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමෙන් රටට යහපතක් වන බව මල්වතු පාර්ශ් වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හමුවේ පැවැසූහ.

පකිස්ථානයෙන් 1037… ඇෆ්ගනිස්ථානයෙන් 190…යි… මුස්ලිම් සරණාගතයන් 1333 ලංකාවේ…

දේශපාලන රැකවරණ පතන්නන් හා සරණාගතයන් ලෙස පැමිණි 1333 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය. මේ පිරිස අතරින් 728 දෙනෙක් සරණාගතයන් ලෙස රැදී සිටින අතර තවත් 605 දෙනෙක් දේශපාලන රැකවරණ පතා රැදී සිටින බව ද අමාත්‍යවරයා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (3) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම පිරිස අතර වැඩිම දෙනෙක් සිටින්නේ පකිස්ථානයෙන් පැමිණි 1037 දෙනා බව ද හෙතෙම සඳහන් කළේය.

Monday, October 2, 2017

අරාබි සල්ලි - බැංකු ටිකටත් අත ගසයි...!!! මහමොළකරුවා යුනියන් ලොක්කෙක්...!!!

ලංකාවේ ජාතික ව්‍යාපාර විනාශ කර දමා ඉස්ලාමීය අන්තවාදීන්ගේ උවමනා එපාකම් ඉටු කරන සමාගම් හා ආයතන මෙරට ස්ථාපිත කිරීමේ ව්‍යාපාරයන් මෙරට ක්‍‍්‍රියාත්මක වන බව නොරහසකි. දුගියාගේ ආදායම් මාර්ගයක්ව පැවති ත‍්‍රීරෝද රථ සේවාවේ සිට මහාපරිමාණ ආයතන දක්වා මේ ව්‍යාපෘතිය පුළුල් වී තිබේ. 
දැන් දැකගන්නට ඇති අලූත්ම ක්ෂේත‍්‍රය නම් මෙරට බැංකු හා මුල්‍ය පද්ධතිය සදහා අත ගැසීමට මෙම ඉස්ලාමීය අන්තවාදීන් කටයුතු කිරීමයි. ඒ අනුව, මේ සදහා ලංකා බැංකු සේවක සංගමය, සමස්ත ලංකා බැංකු සේවක සංගමය ඇතුළු සංගම් කිහිපයකට සම්බන්ධව ඉහළින් වැඩ කරන අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් පිරිසක් මිල දී ගෙන ඇත. මේ ව්‍යාපෘතිය පිටුපස සිට මෙහෙයවමින් සිටින්නේ මහජන බැංකුවේ සේවක පෙරමුණ නම් සංවිධානයක ඉහළ තනතුරක් දරන මොහොමඞ් රුවායිස් නැවැත්තෙකු බව වාර්තා වේ.

Sunday, October 1, 2017

ජෙප්පන්ද රටට විනයක්...!!!

ජවිපෙ විරෝධිය නිසා බිලියන බාගයක් රටට අහිමි වෙයි..!!! 


 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීගේ විරෝධය නිසා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය ටෙන්ඩරයෙන් රටට ලැබීමට තිබුනු මිලියන 540 ක මුදල අහිමිව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ප‍්‍රසිද්ද ටෙන්ඩර් කැදවීමක් මගින් පසු කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබල ද්‍රව්‍ය සදහා වූ ටෙන්ඩරය මිලියන 540 ක මුදලකට වැඩිම  ලංසුව තැබූ මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පසුගිය දා පිරිනමන ලදී. ඒ අනුව අදාල සමාගම විසින් එම ලංසු මුදල ගෙවූ පසු කන්තලේ සීනි සමාගම සතුව ඇති අබලි ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට අවස්ථාව ඔවුනට හිමිවේ.
මෙම ටෙන්ඩරය පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකු ප්‍රකාශ කරන ලද්දේ අදාල ලංසු මුදල වූ මිලියන 540 කට වඩා කන්තලේ සීනි කර්මාන්තශාලාවේ අබලි ද්‍රව්‍ය තොගයේ වටිනා කමක් ඇති බවත් එම මුදලට එම අබලි ද්‍රව්‍ය තොගය ලබාදීමෙන් රටට විශාල මුදලක පාඩුවක් සිදුවන බවයි.

සිරාගේ අන්තර් ජාතික ගැහිල්ල....!!!

රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සමාගමක් BlackList කරයි..
 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් ලෝක බැංකුවේ ආධාර මත 2007 වර්ෂයේ මෙරට වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්‍යපතියක් ඔස්ට්‍රේලියා සමාගමට දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඔ්ස්ටේ‍්‍රලියානු මාධ්‍ය ගණනාවක් වාර්තා පල කර ඇත.
එම කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්‍රීලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව අදාළ ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඔස්ට්‍රේලියාවේ සියලම මාධ්‍ය මේ සති අන්තයේ වාර්තා කොට තිබුනි.
ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත (Blak List) වේ.

සිංහල දෙමළ පංගුපේරු නැතුව සලකන සිංහලයන්ටම වියළි සලාකයක්‌ නෑ...!!!

අන්තවාදී නිලධාරීන් නිසා උපන් බිමෙහි 'කල්ලතෝනින්' වූ වේල්ලවාඩියේ සිංහල මිනිස්‌සු....!!! 
නැවත පිළියම් වන පරණ ගමකට පැමිණ හිඳිමු. ඇස ගැටෙන බොහෝ තැන්වල අලුතින් ඉදිවෙන නිවාසය. තැනක තවමත් ඉටි රෙදිවලින් ආවරණය වූ පොල්අතු මඩුය. ඒ අතර කැලෑ රොදවල් ගිනි අව්වට පිච්චී පරඬැල් වී ගොස්‌ය. හිරු දැනුදු වියරුය. එක සීරුවට අවට දවාලන්නේය. වළ ගොඩැලි සහිත දූවිලි පිරුණු මගෙහි ගමන් කිරීම ද තරමක්‌ අසීරුය. එහෙත් අප මේ දුෂ්කර ගමනෙහි නිරතව සිටින්නේ සොබාදහමේ වියරුව ගැන කියන්නට නොවේ. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කෙළවරේම පිහිටි පැරැණි සිංහල ගමක්‌ ගැන කතාවක්‌ කියන්නටය. බැරි, බැරි ගානට ඉදිරියට ඇදුණු මෝටර් රථය ගම මැද අලුතින් ගොඩනැඟෙන විහාරය අසල නතර විය. දෙනෙත්හි රැඳෙන්නේ සිත් පහන්වන දසුනකි. ඒ ස්‌වාමීන්වහන්සේලා තුන්නමක්‌ ගිහියන් සමඟ හරි, හරියට ඉදිකිරීම් කටයුත්තක නිතර වී සිටින අයුරුය. ගිනියම් අහස යට, හිරු කොතරම් සැහැසි වුවද උන්වහන්සේලා එය බාධාවක්‌ කර නොගන්නාහ. පොල් අත්තක සෙවණට වහං වූ උන්වහන්සේලා සිමෙන්ති ගඩොලෙන් ඉදිකරමින් සිටින්නේ බෝධිඝරයකි. උන්වහන්සේලාගේ අත්උදව්වට ගමේ තරුණයන් පිරිසක්‌ ද එකතු වී සිටියහ. ගමේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක්‌ම එතැන සිටින බව දැනගත් විට අපේ සිත් සතුටින් ඉපිලිණි. අසල පොල් රුප්පාවක සෙවණට වූ අප ගිහි, පැවිදි වික්‍රමයේ අසිරිය විඳිමින් හිඳිමු.

හිටපු ජනාධිපති ආර්යාව කර ඇති තවත් පර වැඩක්....!!!

2004දී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ආපදාවට ආධාර ලෙස ජපානය විසින් අධාර ලබා දුන් ත‍්‍රිරෝද රථ 100ක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ  විසින් රැගෙන ගොස් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
මෙම ත‍්‍රිරෝධ රථ ලංකා ධිරවර සංස්තාව යටතේ තිබී ඇති බවත් එවකට සිටි ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ  ඒවා බෙදා නොහැර සංස්ථාව යටතේ රදවා තබාගෙන තිබී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ජාතික සම්පත් විකුණා හමාර නැත මේ මත්තල වාරයයි...!!! පර හැත්තේ විකුණං කෑම...!!!

මත්තල ඉන්දියවට කැබිනට්‌ පත්‍රිකාව ළඟදීම... * බදු ගිවිසුමේ දිනය සහ කොන්දේසි ගැන තීරණය කැබිනට්‌ මණ්‌ඩලය සතුයි * ගිවිසුම කැබිනට්‌ අනුමැතියෙන් පසු ජනතා හමුවට හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට ලබාදීම සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව අනුමැතිය සඳහා ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ පැවසීය. ණය උගුලක්‌ බවට පත්වී ඇති මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කර දකුණු ආසියානු කලාපයේ දියුණු ගුවන් තොටුපළක්‌ බවට පත්කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.