ශ්‍රී ලංකාවට යුධ අපරාධ අධිකරණයක් ජිනීවාහිදී යෝජනා කෙරේ…!!!
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුද අපරා කර ඇතැයි ප්‍රකාශ කර ඇති නිසා එම යුධ අපරාධ ගැන පරීක්ෂණ කිරීමට ජාත්‍යන්තර අධිකරණයක උවමනා බව උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ජිනීවා මානව හිමිකම් කවුසලය අමතමින් පැවසීය.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා නිලධාරීන් 30 දෙනෙකු විසින් යුධ අපරාධ කර ඇති බවටද තොරතුරු ඇති බව කී මන්ත්‍රීවරයා යුධ අපරාධ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැුසක් පවතින බව සරත් ෆොන්සේකා විසින් සදහන් කර ඇති බවද කියා සිටියේය.video
මේ හේතුව නිසා දෙමල ජනතාවට සාධාරණයක් කිරීමට ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයක් අවශ්‍ය යයිද ඔහු එහිදී වැඩි දුරටත් කීය.