ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 3, 2017

බර්ටිලාගේ ගුවන්විදුලිය

කොළඹින් කතාකළ යුගයක් තිබිණි. ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා වූ ඩී.ඇම්. කොළඹගේ මහතා කොළඹින් කතා කරමි යැයි කියමින් රට අමතන විට ගුවන් විදුලි යන්ත්‍රය වටා රැස්වූ ගැමියෝ මේ කතා පෙට්ටිය ගැන තේරුම් ගන්නට බැරිව පුදුමයට පත්වූහ. පසුව දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක් වූ ගුවන් විදුලිය එදා මෙරට සන්නිවේදන කලා ලොව පහන් ටැඹක් ලෙස වැජඹිණි. චතුර සන්නිවේදකයෝ විචිත්‍රවත් මිනිස්සු, පඬිවරැන්, කලාකරුවන් මෙන්ම දුහුනන්ද ගුවන් විදුලියේ හරඹ කළහ. ඩී.ඇම්. කොළඹගේ, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, එච්.ඇම්. ගුණසේකර ආදී ප්‍රවීණ සන්නිවේදක කලා පරපුර වෙත හැටේ දශකයේ සේන්දු වූ බර්ටි ගලහිටියාව මේ විචිත්‍ර මිනිසුන්ගේ රැව ගුණවරුණ මෙන්ම හොඳ ඉතිහාස කතා මතකයක් ඇති ප්‍රවීණයෙකි.
“රුපියල් පනහෙ පඩියටයි මට ගුවන් විදුලිය නැත්නම් රෝඩියෝ සිලෝන්එකට ආවේ. ඒ කාලේ මම හිටියේ බොරැල්ලෙ වයි.ඇම්.බී.ඒ.එකේ මේ කියන්නේ. 1963 අවුරුද්ද ගැනයි. කියමින් ගලහිටියාව මහතා කතාව ඇරඹිය...  

එදා අද මෙන් ගුවන්විදුලියට දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවීය. සැබැවින්ම ඔවුන් එදා දේශපාලනඥයන් මායිම් කළේ නැත. එවකට ගුවන් විදුලියේ සභාපති ලෙසින් කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවා නිලධාරියකු වූ නෙවිල් ජයවීර මහතායි. දිනක් සුදු ජාතික ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් නෙවිල් ජයවීර මහතාගේ කාර්යාලය පහුකරගෙන ගියේය.
මෙය නෙවිල් ජයවීර හොඳාකාරවම දුටුවේය. නැවතත් එම පුද්ගලයා තම කාර්යාලය පහුකරගෙන ගොස් එළියට බැස නොපෙනී යනු ඔහු බලාගෙනය. මෙය නෙවිල් මහතාට පුදුමයකි... කවුද ඒ... මොකටද ආවේ... ඔහු තුළ පැනයක් නැගිණි. ඔහු වහාම ඔහුගේ කාර්යාල සහායකයා අමතා මේ බව තේවිස් ගුරුගේ මහතාගෙන් විමසන ලෙස පැවසීය.
කාර්යාල සහායක නැවතත් නෙවිල් ජයවීර මුණගැහෙන්නට ආවේය.
“සර්... ඒ ඇවිත් තිබෙන්නේ ඩබ්ලිව්. දහනායක ඇමැතිතුමා...”
කාර්යාල සහායක දුන් පිළිතුර එය විය. මේ පිළිබඳව තේවිස් ගුරුගේ ගෙන්වා නෙවිල් ජයවීර විස්තර ඇසීය.
“සර්.... අපේ සහන නිවේදක තනතුරු පරීක්ෂණයට ඇමතිතුමා දන්න කෙනෙක් එනවා කියලා... පොඩ්ඩක් දහනායක නම තියෙන කෙනෙක් ආවොත් ටිකක් බලන්න කිව්වා....”
තේවිස් ගුරුගේ ඇමැතිවරයා ආ කාරණය පැහැදිලි කළේය. නමුත්... ඒ පිළිබඳව නෙවිල් ජයවීරට තිබුණේ එතරම් පැහැදීමක් නොවේ.

“කාගේවත් උදව්වෙන් බලපුළුවන්කාරකමින් එන අයට විශේෂ සැලකිල්ලක් දෙන්න එපා...” ඔහු නියෝගයක් දුන්නේය.
කෙසේ වෙතත් ටික කලකින් සහන නිවේදක තනතුර වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්විණි. නමුත් ඇමැතිවරයා හඳුනන පුද්ගලයාට එකම ලකුණක් හිමි නොවීය. ඊට හේතුව වූයේ පරීක්ෂණයට ඉදිරිපත් වූ ඔහු ගොළු පුද්ගලයකු වීමය. කිසිදාක ගොළු පුද්ගලයකුට ගුවන් විදුලියේ නිවේදකයකු විය නොහැකි බව දේශපාලනඥයන් දැන නොසිටීම සැබැවින්ම පුදුමයකි.
අනුස්මරණ දින වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය කිරීමට බර්ටි ගලහිටියාව ලොකු කැමැත්තක් දැක්වීය.
එවැනි අනුස්මරණ දින වෙනුවෙන් ඔහු සංවිධානය කළ අපූරු සිදුවීමක් අදත් ඔහුට හොඳින් මතකය.
වරක් ඔහු කැප්පෙටිපොළ දිනය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කළේය. ප්‍රධාන කතාව වෙන්වී තිබුණේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ලෙසින් කටයුතු කළ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාටය. එවකට ප්‍රවෘත්ති නිවේදනය කරනා අංක තුන දරනා පුංචි මැදිරිය මේ සඳහා වෙන්විය. ඇමැතිගේ කතාව ආරම්භ විය. බර්ටි ගලහිටියාව ඇතුළු කණ්ඩායම මෙය පටිගත කරමින් සිටිති.
කතාව අතරමගදී ඇමැතිවරයාට කතාවේ මාතෘකාවත් අමතක විය. එවකට බලයේ ඉන්නා ආණ්ඩුවට ඔහු දෙහි කැපීය. ප්‍රධාන නිලතල දරන ඇතැමුන් ජාතිද්‍රෝහියෝ ලෙසින් හංවඩු ගැසීය. අවසානයේදී ඔහු තමන්ගේ කතාව හමාර කළේය. පටිගත කිරීම් අවසානයේදී බර්ටි ගලහිටියාව, ඇමැති ළඟට කිට්ටු විය.
“සර්.... ඔබතුමා කතා අතරතුරේදී මේ මේ අයට කෑ ගැහුවනේ... බැන්නනේ... මොකද කරන්නේ සර්...”
ඇමැතිගේ දොළෝ රත්විය. ඔහු නළලට අත ගසා ගත්තේය.
“අනේ... බර්ටි ඇත්තටම මට අමතක වුණා. මොකක් හරි දෙයක් කරන්න... නැත්නම් මං ගස්....” 
අවසානයේ කපා කොටා සංස්කරණය කොට ගත් කළ ඉතිරි වූයේ ඉතාමත් පුංචි අනුස්මරණ කතාවක් පමණි.
කැප්පෙටිපොළ අනුස්මරණ දිනය වෙනුවෙන් එය ප්‍රචාරය කෙරිණි.

එවකට ගුවන් විදුලියේ ප්‍රචාරය වූ පැයේ බණ වැඩසටහන් මාලාවද ඉතා ජනප්‍රිය වූ වැඩසටහනක් විය. එය නිවේදනය කිරීමද ඒ වැඩසටහන් සංවිධානය කිරීමද කාලයක් බාර වූයේ බර්ටි ගලහිටියාවටය. වජිරාරාමවාසී නාරද හිමි, පියදස්සි හිමි වැනි ඉතා ප්‍රසිද්ධ හාමුදුරුවරුන්ගේ බණ දේශනා ගුවන් විදුලිය හරහා ප්‍රචාරය විය. ඉරිදා උදෑසන අටේ සිට නවය දක්වාත්, බදාදා රාත්‍රී අටේ සිට නවය දක්වාත් මේ ගුවන් කාලය ධර්ම දේශනා වෙනුවෙන් වෙන්විය.
දිනක් බර්ටි ගලහිටියාව බදාදා රාත්‍රියේ ධර්ම දේශනාව ප්‍රචාරය කිරීමට සියල්ල සූදානම් කරමින් සිටියේය. පටිගත කර තිබූ ධර්ම දේශනාවේ පන්සිල් ගැනීමක් නොතිබිණි. කණ්ඩායමට තරු විසිවීය. කුමක් කරම්දැයි කල්පනා කරමින් අතරමංව සිටි බර්ටි ගලහිටියාවට යස අදහසක් පහළ විය. ඔහු වහා ප්‍රවෘත්ති මැදිරියට දිව්වේය. එදින ප්‍රවෘත්ති කීම බාරව සිටියේ සරත් විමලවීර මහතායි. ඔහු හනි හනිකට සරත්ව මෙහා මැදිරියට ඇදගෙන මෙන් ආවේය.
“සරත්.... දැන් මේකයි කරන්න තියෙන්නේ... මම් පන්සිල් ගන්නම්... සරත් පන්සිල් දෙන්න. මිනිත්තු දෙක තුනකට හාමුදුරු කෙනෙක් වෙයං.”
බර්ටි ගලහිටියාවගේ ඉල්ලීම සරත්ට ප්‍රතික්ෂේප කරන්නට බැරිවිය. අවසානයේදී රටේ ඉතා ප්‍රසිද්ධ හාමුදුරුනමකගේ ධර්ම දේශනාවේ පන්සිල් සමාදන් කරවීම සිදුකෙරුණේ එවකට නිවේදකයකු වූ සරත් විමලවීර අතිනි.
දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර වැනි අග්‍රගණ්‍ය කලාකාමී සහෘදයන් ඇසුරු කරන්නට බර්ටි ගලහිටියාවට අවස්ථාව හිමිවිය. දේශාභිමානී ගීත, වේදිකා නාට්‍ය ගීත, දේශීය ගීත ගුවන් විදුලිය ඔස්සේ මොවුන්ගේ ආභාෂයත් සමඟින් නිතර ප්‍රචාරය විය. මේ නිසා කලාව, සාහිත්‍යය, භාෂාව පිළිබඳව ලොකු නැඹුරුවක් ඇල්මක් මිනිසුන් තුළ ඇතිකරලීමට ගුවන් විදුලිය ප්‍රබල මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කළේය.

ගුවන් විදුලිය ආරම්භ වූ මුල් කාලයේදී එය තාක්ෂණය අතින් පොහොසත් නොවීය. බාහිර පටිගත කිරීමක් සඳහා පහසුකම් ඒ තුළ නොවීය. බල්ලකුගේ බිරුමක් සඳහා තිබුණේ එංගලන්ත බල්ලකුගේ බිරුමකි. රටවල් වෙනස් වුවත් බල්ලන්ගේ බිරීම වෙනස් නොවන නිසා එය ප්‍රශ්නයක් නොවීය. නමුත් ටිකින් ටික ගුවන් විදුලි ශිල්පීහු මේ තත්ත්වය වෙනස් කළහ. අපේ රටේ වටපිටාවේ, දියඇලිවල, කුරුල්ලන්ගේ වැනි ශබ්ද එළියට ගොස් පටිගත කරන්නට පසුකාලීනව ඔවුන්ට හැකිවිය.
වරක් අපූරු සිදුවීමක් සිදුවිය. ඒ 1964 වසරේ බර්ටි ගලහිටියාව ඇතුළු කණ්ඩායම වැදි ගම්මානයේ පටිගත කිරීමකට සහභාගි වී සිටියදීය. ඒ යන අතරමගදී ඔහුට නතරවීමට සිදුවී තිබුණේ මොනරාගල ප්‍රදේශයේ දන්නා කියන නිවසකය. දහවල් ආහාරයත් හොඳට තිබුණි. සියලු දෙනා හිතේ හැටියට බඩ පැලෙන තෙක් ආහාර ගිල දැමූහ. මේ ගමනට දිසාපති පදවිය දැරූ විමල් අමරසේකර මහතාත් අමරදාස ගුණවර්ධන මහතාත් සහභාගි වී සිටියහ. හොඳ හැටි බඩ පුරවාගත් මේ පිරිස පිළිකන්නට ගියේ හිතේ හැටියට පරිසරය නැරඹීමටය. ඒ එක් තැනක පුංචි කොටි පැටවෙක්ද ගැට ගසා තිබීම මොවුන්ගේ සතුටට ලොකු හේතුවක් විය.
ඔය අතරතුර කෙනෙක් මේ කොටි පැටවා ළඟට ගොස් බලු පැටවෙක් සේ ඔළුව අතගාන්නට සැරසුණා පමණි....
“බුදු අම්මෝ... මූ මාව කනෝ....” බර්ටිට ඇසුනේ එපමණකි. කොටි පැටවා ගුවන් විදුලි නිලධාරියාගේ කලිසම ඉරා දමා තිබිණි
ලංකාවේ එවකට සිටි ඉතා දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයන් ලෙස එච්.ඇම්. ගුණසේකර, නන්දා ජයමාන්න, ආනන්ද සරත් කුරුවිට, කරුණාරත්න අබේසේකර, සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ, තිලක සුධර්මන්ද සිල්වා, ඩී.එස්. දයාරත්න හැඳින්වෙති. ලංකාවේ ගුවන් විදුලියේ කුලුනු බවට පත්ව සිටියේ ඔවුන් බවද සඳහන් කළේය. එච්.ඇම්. ගුණසේකරයන්ගේ වචන උච්චාරණය ඉතා පැහැදිලි වූ අතර ක්‍රිකට් ක්‍රීඩාව නිවෙස් තුළටම ගෙන ආ පාලිත පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ වගේ හඬවල් ගැන අදත් ඔහු සිහි කරනුයේ සැබෑ සතුටකිනි. එවකට සෑම නිවේදකයකුම සිංහල භාෂාව පිළිබඳවත්, ඉංග්‍රීසි භාෂාව පිළිබඳවත් පුළුල් දැනුමක් පැවැති අතර ඔවුන්ට නිවේදනයට අත් පිටපත ලැබු‍ණේ ඉංග්‍රීසියෙන් බවත් එය තමන් විසින්ම සිංහලයට පරිවර්තනය කළයුතු බවත් ගලහිටියාව මහතා පවසයි.
මුල්කාලීනව දේශපාලනය ගුවන් විදුලියට ඇඟිලි නොගැසුවත් කාලයක් යද්දී ගුවන් විදුලියටද දේශපාලන ඇඟිලි ගැසීම් ආවේය.

වරක් ගුවන් විදුලියේ සභාපති නෙවිල් ජයවීර මහතාගේ රියදුරා වූ විජේසිංහට අම්පාරට මාරුවීමක් ලැබුණි. නමුත් විජේසිංහ අම්පාරට යන්නට කැමැති නොවීය. මේ නිසා විජේසිංහ එක්තරා ප්‍රබල ඇමැතිවරයකු හමු වී ඔහු ලවා මාරුකිරීම නතර කරගන්නට සූදානම් විය. මේ සිදුවීම නෙවිල් ජයවීරට ආරංචි විය. ඔහු විජේසිංහ කාර්යාලයට ගෙන්වීය....
“විජේසිංහ... ඇයි අම්පාරට යන්නේ නැත්තේ...”
“සර්... මේ...මේ....” විජේසිංහ ගොත ගැසීය.
“හරි... ප්‍රශ්නයක් නෑ... විජේසිංහ ඔය ඇමැතිතුමාව ගෙන්වගෙන මේ පුටුවෙන් වාඩිකරවා ගන්න... මම ඩ්‍රයිවර් කෙනෙක් විදිහට අම්පාරට යන්නම්.”
අවසානයේදී විජේසිංහ අම්පාරේ මාරුවීම බාර ගත්තේය.
දේශපාලන ඇඟිලි ගැසීම්වලට හිස නොනැමූ පාලකයන් ගුවන් විදුලියේ අනන්තවත් හිටියත් දේශපාලනය නිසා විවිධ හේතු නිසා පළිගැනීම්, මාරුවීම්, හිත්රිදීම්ද ගුවන් විදුලියේ නොතිබුණාම නොවේ.
බර්ටි ගලහිටියාවත් එවැනි මාරුවීම් ලැබූවෙකි. වරක් ඔහුට රුහුණ සේවයට මාරැවීමක් ලැබුණි. ඔහු මාරුවීම සතුටින් බාරගෙන මාතර ගියේය. 1981 වසරේ රුහුණ විශ්වවිද්‍යාලය බිහිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය සංවිධානය විය. එවකට මුදල් ඇමැති ලෙසින් සිටි රොනී ද මැල් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.
නියමිත දිනයේ නියමිත වෙලාවට බර්ටි ඇතුළු පිරිස ඒ ස්ථානයට ගියහ. ඇමැතිවරයාද පැමිණියේය. නියමිත වෙලාවට සුපුරැදු පරිදි ඇමැතිවරයා කතාව ආරම්භ කළේය. ඇමැතිවරයාට මාතෘකාව අමතක විය. ඒ වෙනුවට බණ්ඩාරනායක පරපුර මතක් විය. බණ්ඩාරනායක මහතාගෙන් පටන්ගත් කතාව අනුර බණ්ඩාරනායකට බැණ වැදීමෙන් අවසන් විය. පැමිණ සිටි පිරිස එක දිගට අත්පුඩි ගැසූහ. නමුත් තේමාව හැටියට කතාවේ කිසිදු වටිනාකමක් නැත. අවසානයේදී විනාඩි හතළිස් පහක් තිස්සේ කළ රොනී ද මැල් ඇමැතිගේ කතාව විනාඩි දහයකට බර්ටි ගලහිටියාව මහතා සංස්කරණය කළේය. එසේ නොකලා නම් බොහෝ අයගේ හිත් රිදීම් ඇතිවනවාට කිසිදු සැකයක් නැතැයි ඔහු කියයි.
මෙලෙස තැනට ගැළපෙන ලෙස වැඩකටයුතු කළ නිසා රුහුණට මාරුවීම් ලැබූ බර්ටි ගලහිටියාවට ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂක ලෙසින් පත්වීමක් දී නැවතත් ගුවන් විදුලියට ගෙන්වා ගනු ලැබීය. නමුත්.... විශ්‍රාම යන්නට සුදුසු වයසට අවුරුදු හයක් තියෙද්දී බර්ටි ගලහිටියාව මේ “සුන්දර විශ්වවිද්‍යාලයෙන්” විශ්‍රාම ගියේය.
♦ දිශානි ජයමාලි කරුණාරත්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.