ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 5, 2017

රටේ නම කන මිලාන්හී පාහර අමනයෝ...!!!

රැකියාවකට හෝ වෙනත් කාරියකට විදේශ ගත වන පුද්ගලයන් අදාල රටට ගොඩ බැසීමෙන් පසු ප්‍රධාන වශයෙන්ම හඳුනාගනු ලබන්නේ පුද්ගල නාම, නගර නාමයන්ගෙන් නොව ඔවුන් පැමිණි රටේ නාමයෙනි. අපේ රටේ අයෙකු නම් ශ්‍රී ලාංකිකයෙකු ලෙසිනි. එවන් වූ ශ්‍රී ලාංකික නාමයට අපහාස කර, මව් රටම නින්දා සහගත තත්ත්වයට ඇද දමන ලංකාවෙන් පැමිණි නරුමයන් පිරිසක් ඉතාලියේ සිටිති. 
ලංකාවේ නීතියේ ඇසට වැලි ගසා ඉතාලියට පැන ගෙන සිටින මිනීමරුවන්, මං කොල්ල කරුවන්, කුඩු ජාවාරම්කරුවන් සහ වංචාකාරයන් මේ නරුම පිරිසට අයත් ය.
වසර කිහිපයක සිටි ඉතාලියේ මිලානෝ නගරයේ හා අනෙකුත් ලාංකිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල මොවුන් කරන නීති විරෝධී අකටයුතු කම් නිසා නීති ගරුක යහපත් ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන් දැඩි අපහසුතාවයටත්, සංවේගයටත් පත්ව සිටිති.

මෙම ලිපිය ලිවීමට ආසන්න සිදුවීම වූයේ පසුගිය ඉරිදා මිලානෝහි, සාන්ත අගොස්තීනු චතුරස්‍රය අසල ‘නෙල්සන්ස් පබ්‘ නමැති ලංකාවේ අයෙකුට අයත් භෝජන ශාලාවේ ඇති වූ ගැටුමයි. ශාලාව තුල ඇති වූ ගැටුම, මහා මාර්ගයටත්, ඉන් පසුව උමං දුම්රිය පොලේ දොරටුව දක්වාත් ඇදී ගියේ ය. බෝතල් ප්‍රහාර හා පිහි ඇනුම් හුවමාරු වූ ගැටුම දෙස ඉතාලි ජාතිකයන් සිය ගණනක් බලා සිටි අතර පොලිසිය පැමිණ තුවාලකරුවන් රෝහල් ගත කිරීමෙන් හා එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමෙන් අවසන් විය.
අපකීර්තියට පත් වූයේ මුළු ශ්‍රී ලංකාවමය. ඉතාලියේ වෙසෙන සමස්ථ ශ්‍රී ලාංකිකයාම ය. ඇති වූ තත්ත්වය මත අදාල නිළධාරියෙකු ස්ථාන පරීක්ෂාවක නිරත වූ අතර, ව්‍යාපාරික ස්ථාන දෙකක් සීල් තැබුවේ ය. තවත් ශ්‍රී ලාංකික ව්‍යාපාරයන් රැසක් එම ස්ථානයේ පවත්වාගෙන යනු ලබන බැවින් නගර සභාව සහ පොලිසිය ඉදිරියේ දී සියළු ව්‍යාපාරික ස්ථාන වලට යම් නීති රීති හා සීමා කිරීම් ගෙන ආවොත් එකී ව්‍යාපාර වලටද කණ කොකා හඬනු ඇත.
මෙය එකම සිද්ධිය නොවන අතර සෑම දිනෙකම පාහේ ශ්‍රී ලාංකිකයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලින් මෙවැනි කාලකන්නි ප්‍රවෘත්ති ඕනෑ තරම් අසන්නට ලැබේ. ඒ සෑම සිද්ධියකටම ඉහත කී නරුම පිරිසෙන් කවුරුන් හෝ අයෙකු සම්බන්ධය.
මෙම නරුමයන් මැද කොළඹ, බොරැල්ල, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, කොළොන්නාව, කැළණිය, බලපිටිය හා හික්කඩුව ප්‍රදේශ වලින් පැමිණි වුන්ය.
ඉතාලියේ දී අයථා ලෙස සහ කූඨ ලෙස මුදල් උපයා ගැනීම මොවුන්ගේ ක්‍රියා පිලිවෙතය. ඒවා අතර,
* ශ්‍රී ලාංකික ව්‍යාපාරික ස්ථානවලින් හෝ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම (මුදල් වශයෙන් හෝ භාණ්ඩ වශයෙන්)
* ණය, නිවාස, ඉඩම් හා පොලී ප්‍රශ්න වලට මැදිහත් වී මුදල් කඩා වඩා ගැනීම. බදු නොගෙවන බදු කරුවන් නිවාස වලින් පන්නා දැමීම. (බොහෝ අවස්ථාවල ලංකාවේ සිටින ඥාතීන්ට මරණ තර්ජන කර ඉතාලියේ දේ ඉටුකර ගනිති)
* අනුන්ගේ නිවාස වල බලෙන් පදිංචි වී සිටීම
* මුදල් අතමාරුවට ගෙන පොලු තැබීම

ආදී කරුණු නිසා ඉතාලි ශ්‍රී ලාංකියන්ගේ ජන ජීවිත වලට ද තර්ජන එල්ල වී තිබේ. බියට පත් බොහෝ ශ්‍රී ලාංකිකයන් දැන් ලංකාවෙන් පැමිණෙන සංගීත සංදර්ශන, චිත්‍රපට, නාට්‍ය ආදී විනෝද ජනක අවස්ථා සඳහා සහභාගී වීම කැපී පෙනෙන ප්‍රමාණයකින් අඩු කර තිබේ. තම දරුවන් සමග සතුටු වීමට ගොස් අනුන්ගේ ගැටුම් වලට මැදිහත් වී ප්‍රශ්න ඇතිකර ගැනීමට  කැමැති නැති නිසා ඉහත කී ලාංකිකයන්ගේ විනෝද වීම් සඳහා සහභාගී වීම සීමා කර ඇති බව මේ ලියුම්කරු සමග බොහෝ දෙනා පවසා තිබේ.
මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය නම් වගකිව යුතු ලංකාවේ තානාපති අංශ, ආගමික අංශ සහ සම්භාවනීය පුද්ගලයන්ද නෑසූ කන්ව මුනිවත රකිමින් සිටීමයි.  එමෙන්ම නොයෙක් නම් වලින් හැඳින්වෙන ඉතාලියේ ඇති ලාංකිකයන්ගේ සිය ගණනක් වූ සමිති සමාගම්ද එහි නියමුවන්ද දෙමුඛ පියාගෙන සිටිති.
මිලානෝ නගරයේ අඩියෙන් අඩියට පන්සල් ය. සිංහලෙන් පූජාව පවත්වන පල්ලියක් ද ඇත. ප්‍රත්‍යන්ත නගර වලින්ද ස්වාමීන් වහන්සේලා මිලානෝ නගරයට වැඩම කර බණ දේශනා කරමින් ආධාර එකතු කරගෙන ආපසු වඩිති. එහෙත් ලාංකියන්ගේ සදාචාරය පිරිහී දුරාචාරය හා අකටයුතු කම් වර්ධනය වී ඇත.

මේ ප්‍රශ්න වලදී සැබෑ ලෙසම පෙනී සිටිය යුතු ඒ සඳහා නිල අයිතිය ඇති ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරාල් කාර්යාලයක්ද මිලානෝ නගරයේ ස්ථාපිත කර ඇතත් එය මර නින්දේ ය.
වසර 20 කාලයක් විදේශ සේවයේ අත්දැකීම් ඇතැයි පුරසාරම් කියන ප්‍රදීපා ද සේරම් මහත්මිය දැන් සිටින කොන්සල් ජෙනරාල් වරියයි. එහෙත් මිලානෝ ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී වූ අවස්ථා කිහිපයදී ම ඇයගෙන් කිසිදු සහයෝගයක් නොලැබුණි. උදාහරණයක් ලෙස මව්බිමේ ඇති වූ පසුගිය ගංවතුර හා නාය යෑම් ඛෙදවාචකයේ දී ශ්‍රී ලාංකිකයන් ආධාර ලබා දීමට සූදානම් වී, එහි මූලිකත්වය ගෙන සම්බන්ධීකරණය කරන ලෙස ඉල්ලා සිටියද නොයෙක් නිදහසට කරුණු දක්වමින් ඇය මග හැර ගියා ය. එමෙන්ම කුප්‍රකට Travel 4M ටිකට් වංචාව සිදු වූ අවස්ථාවේ දී ද ඇය කිසිදු සහායක් නොදක්වා මග හැරියා ය.
එබැවින් වත්මන් ප්‍රශ්න හමුවේ නීති ගරුක ශ්‍රී ලාංකියන්ට සහ ව්‍යාපාරිකයන්ට ඇයගෙන් සහායක් ලැබේ දැයි සැක සහිතය.
ඊට හේතුවක් නම් කොන්සල් වරියගේ නොනිල ආරක්ෂකයා ලෙස පෙනී සිටින ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිවාඩු ලබා මෙහි පැමිණියා යැයි කියන අසංක කූරගම නමැත්තාද මේ පාතාල කාරයන් සමග සම්බන්ධතා පවත්වන නිසා ය. පසුගිය දිනෙක ඉතාලියට පැමිණි ලාල් පීරිස් හෙවත් ‘කුඩු ලාල්‘ ගේ පහසුකම් සපයන්නා වූයේ ද අසංක කූරගම නමැති පොලිස් කාරයා ය. අඳෝමැයි.., එවැන්නෙකු නොනිල ආරක්ෂකයා කරගෙන සිටින කොන්සල් ජනරාල් වරිය ප්‍රදීපා මේ මැරයන්ගෙන් නීති ගරුක ශ්‍රී ලාංකිකයා බේරා ගනීවි යැයි නිකමටවත් සිතිය හැකිද?
කොන්සල් ජෙනරාල් කාර්යාලයේ උත්සව වලට නොමිලේ ආහාර සපයන ලංකාරාම බෞද්ධ සංගමයේ සභාපති, කුප්‍රකට ස්ත්‍රී ධූර්තයෙකු වන තිලක් ලියනාරච්චි ද ඉහත කී පාතාලය හා සම්බන්ධතා පවත්වන්නෙකි. ඉතින් කොන්සල් කාර්යාලය පමණක් නොව ලංකාරාමයද නරුමයන්ට එරෙහිව කෙළ බිඳක් නොහෙලති.
මෙවැනි කාලකන්නියන් සහ ඩීල් කාරයන් නිසා යුරෝපයෙන් මව් බිමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙන ඉතාලියේ නීති ගරුක යහපත් ලාංකිකයන් බලවත් අපහසුතාවයන්ට සහ පීඩාවන්ට පත්ව ඇත. වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු වේවා..!

චන්ද්‍ර වික්‍රම මිලානෝ සිට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.