ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 24, 2017

පිං පඩි කාරයන් ඩයස්‌පෝරා කුක්‌කන්ට ශ්‍රී ලංකාව පාවා දෙයි...!!! දේශද්‍රෝහී බැල්ලියක් වන නිමල්කා පෙරමුණේ....!!!

දේශප්‍රේමීන්ගේ අභියෝග මැද්දෙන් ජිනීවා සටන ඇරඹෙයි


ජිනීවා නුවරදී ආරම්භ වූ 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව ගෙන යන සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත්වී ඇත. මෙතෙක්‌ කල් කොටි හිතවාදී සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කළත් ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දැක්‌වීමට ඉදිරිපත් වූයේ නැත. මේ නිසා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශප්‍රේමීහු එම අභියෝගය භාර ගත්හ. ඉන් සිදු වූයේ කොටි මිනීමරුවන්ගේ යුද අපරාධ මානව හිමිකම් සමුළුව තුළ හෙළි වීමයි.

රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ මෙහෙයවීමෙන් යුත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සැප්තැම්බර් 25 දා කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ජිනීවා සටන දියත් කර ඇත. එහිදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එක්‌ව මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ ජිනීවා යෝජනාවේ නීsත්‍යනුකූලභාවය ගැන අභියෝග කෙරේ. මෙතෙක්‌ මානව හිමිකම් සමුළුව තුළ ජිනීවා යෝජනාවට අභියෝගයක්‌ එල්ල වූයේ නැත.

ඒ වෙනුවට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ජිනීවා යෝජනාව පිළිගෙන ඊට සම අනුග්‍රහය දැක්‌වීමට ඉදිරිපත් විය. මේ අන්දමට ඇමරිකානු හමුදා ඉරාකයේ යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වුවත් ඇමරිකාව ජිනීවා යෝජනාවක්‌ ගෙන ඒමට ක්‍රියා කළේ නැත.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව සම්මත වී විනාඩි කීපයකට පසු සවුදි අරාබියානු හමුදා සේවකයෝ යුද අපරාධ සිදු කළ බවට නෙදර්ලන්තය යෝජනාවක්‌ ගෙන ආවත් ඇමරිකාව ඊට එරෙහි විය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව නීති විරෝධී බවට ජාත්‍යන්තර නීති තර්ක කීපයක්‌ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්‌ථාවේ ඉදිරිපත් කිරීමටත් මානව හිමිකම් කොමසාරිස්‌ මානව හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් එම යෝජනාවට අනුමැතිය දී ඇති බවටත් කරුණු ඉදිරිපත් කෙරේ. මානව හිමිකම් සමුළුවක්‌ හමුවේ ලෝකයේ මුල්වරට රියර් අද්මිරාල්වරයකු කරුණු ඉදිරිපත් කරන අවස්‌ථාව මෙයයි. මෙවැන්නක්‌ මින් පෙර සිදු වී නැත. මෙලෙස ඉදිරිපත් කෙරෙන කරුණු නිසා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ රෙදි ගැලවෙනු ඇත.

සෙයිද් රාද් හුසේන් නීතිවේදියකු නොවේ. එහෙත් ශ්‍රී ලංකාව කොතරම් දීන තත්ත්වයකට පත්වී ඇද්ද කීවොත් ඇතැම් අඳබාල මාධ්‍ය මේ ජෝර්දානුවා හඳුන්වනු ලබන්නේ කුමරු නමිනි.

එහෙත් මේ ජෝර්දානුවා ඒකපාක්‍ෂික පුද්ගලයකු බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත. සෙයිද් රාද් හුසේන්ගේ නිල නොවන උපදේශිකාව ලෙස ක්‍රියා කරන්නේ දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ වූ යස්‌මින් සුකා නමැත්තියයි. ඇයට යුරෝපා සංගමය අරමුදල් සපයයි. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වූ සමයේ දකුණු අප්‍රිකාවේ ක්‌වායුම් තමාල් ප්‍රදේශයේ දේශපාලන ඝාතන 90 ක්‌ සිදුවීමේ පුවත හෙළි විය. එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා හෝ යස්‌මින් සුකා ඊට එරෙහි වී දකුණු අප්‍රිකානු රජයට චෝදනා ඉදිරිපත් කළේ නැත.

මේ තත්ත්වය මැද පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් මානව හිමිකම් සමුළුව තුළදී පළමු වෙඩි මුරය පත්තු කළේ ජිනීවා නුවර ජීවත් වූ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ නිමලා ලියනපටබැඳියි. ඇය කොටි ත්‍රස්‌තවාදීන්ගේ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව ඇස්‌ වසාගෙන සිටි බවට චෝදනා කළාය. මෙතෙක්‌ එවන් ප්‍රකාශයක්‌ අපේ තානාපතිවරයකුගෙන් හෝ එල්ලවී නැත. නිමලා ලියනපටබැඳි මහත්මිය මෙසේද කීවාය.

"පෘථිවිය තුළ ක්‍රියාත්මක වූ බිහිසුණු ත්‍රස්‌තවාදී සංවිධානය දශක තුනක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළා. ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කරනු ලැබුවා. මේ අයිතිය උල්ලංඝනය කළේ සිංහල, දෙමළ මුස්‌ලිම් අහිසංක ජනතාවගේය. පැය 24 ක්‌ තුළ උතුරින් සිය ගණනක්‌ මුස්‌ලිම් හා සිංහල ජනතාව පලවා හැරීය. මෙම පිරිසට තම පාරම්පරික ඉඩම්වලට තවදුරටත් යැමට නොහැකි වූයේ කොටි හිතවාදී කණ්‌ඩායම් නිසාය.


එහෙත් මානව හිමිකම් කවුන්සිලය මළ සංවිධානයක්‌ ලෙස කටයුතු කරනු ලැබුවා. ජාත්‍යන්තර ප්‍රජාව ඊට විරෝධය දැක්‌වීමක්‌ සිදු කළේ ද නැත. මානව හිමිකම් කවුන්සිලය ද නිහඬව සිටියා. මේ පසුබිම මැද වන්නි මෙහෙයුම තුළින් 300,000 කට අධික ද්‍රවිඩ සිවිල් වැසියන් බේරා ගනු ලැබුවා. එහිදී අපේ හමුදා සෙබළුන් 29000 ක්‌ දිවි පිදුවා.

එහෙත් සිවිල් වැසියන් බේරා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය හෝ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා හමුදාව ඇගයීමකට ලක්‌ කළේ නැහැ. රාජ නීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා, නීතිවේදී ජෙෆ්රි නයිට්‌ සහ බ්‍රිතාන්‍යයේ හිටපු ජෙනරල් ජෝන් හොල්ම්ස්‌a පවා වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය නොකළ බව තහවුරු කළා. මේ විශේෂඥයන්ගේ වාර්තා අපි පසුගිය මාර්තු මස මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට ක්‍රියා කළා. එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය අන්ධයන් සහ බිහිරන් ලෙස ක්‍රියාකරනවා. ඉන් මානව හිමිකම් කවුන්සිලයේ අපක්‍ෂපාතී බව දියවී යනවා.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මානව හිමිකම් කවුන්සිලය කෙරේ. විශ්වාසය තබන්නේ නැහැ. ඔවුන් මානව හිමිකම් කවුන්සිලය ධනවත් රටවල් වෙනුවෙන්ය. දුප්පත් රටවල් වෙනුවෙන් ක්‍රියා නොකරන බවට විශ්වාස කරනවා.

ලොව පිළිගත් නීතිවේදීන් දෙදෙනාගේ සහ බ්‍රිතාන්‍ය ජෙනරාල්වරයාගේ විමර්ශන වාර්තාව අධ්‍යයනය කරන ලෙස අපි ඉල්ලීමක්‌ කරනවා."

හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී නිමලා මානව හිමිකම් සමුළුව හමුවේ කළ මේ ප්‍රකාශය ගැන කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් බලාසිටියේ කෝපයෙනි.

ඔවුන් මෙවන් ප්‍රකාශයක්‌ ශ්‍රී ලංකා රජය නොකරන බව දනී. මේ අතර කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කිරීම ආරම්භ කරනු ලැබීය. මුලින්ම ඒ.බී.සී. තමිල්වලි නමැති ඩයස්‌පෝරා සංවිධානයක්‌ සමුළුව අමතමින් හිටපු කොටි ක්‍රියාකාරීන්ට දේශපාලන රැකවරණ දීමට රටවල් රැසක්‌ එකඟ වී නැති බවට චෝදනා කළේය.


"ද්‍රවිඩයන් මුහුණපාන තත්ත්වය ගැන විදේශ රටවල් අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් අනතුරුදායක තත්ත්වයකට මුහුණපා සිටිනවා. ද්‍රවිඩ අනාථයන්ගේ ප්‍රශ්නය ගැන ජාත්‍යන්තර ප්‍රජාව කඩිනම් පියවරක්‌ ගත යුතු" යෑයි තමිල්වලි සංවිධානය තවදුරටත් කියා සිටියේය.


ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරතී සංස්‌කෘතික සංවිධානය ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට යුක්‌තිය ඉටු වී නැති බව කීවේය.

රජය සහ විපක්‍ෂය හයිබ්‍රිඩ් අධිකරණයකට එරෙහි වී තිබෙනවා. විපතට පත් වූවන්ට යුක්‌තිය හිමි වන්නේ ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් පමණක්‌ යෑයි භාරතී සංවිධානය පළ කළේය.

අනතුරුව තමිල් උයගම් සංවිධානය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ජීවත් වීම සඳහා යටිතල සහ තාක්‍ෂණික පහසුකම් ලබාදීමට මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු බව සඳහන් කළේය. තමිල්නාඩුවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට රැකවරණ ලබාදීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියා කළ යුතු බව ද එම සංවිධානය කීවේය. ඉන් සනාථ වූයේ වත්මන් තමිල්නාඩු රජයට ද මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි. තෙන්ඩුල් නමැති සංවිධානය ඔස්‌ටේ්‍රලියානු රජයට චෝදනා කරමින් ද්‍රවිඩයන් රැසක්‌ විවිධ ස්‌ථානවල රඳවා ඇති බව පළ කළේය. ද්‍රවිඩ අනාථයන් වෙනුවෙන් වෙනත් රටක්‌ සොයා දීමට ඔස්‌ටේ්‍රලියානු රජය ක්‍රියා කළ යුතු බව ද තෙන්ඩුල් සංවිධානය කියා සිටියේය. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන ටර්ගර් ලාපේස්‌ සංවිධානය ශ්‍රී ලංකා බුද්ධි සේවාව උතුරේ සිටින කොටි ක්‍රියාකාරීන් ගැන වාර්තා සපයන මෙන් රාජ්‍ය නිලධාරීන්ට නියෝග කර ඇති බවත් හිටපු කොටි ක්‍රියාකාරීන් විවිධ හිරිහැර කිරීම්වලට ලක්‌වන බවත් පළ කළේය.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ වූ නිමල්කා ප්‍රනාන්දුගේ ඉමාඕර් සංවිධානය ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාවලිය මන්දගාමීව ක්‍රියාත්මක වන බව පවසමින් ඇමරිකාවේ තම නායකත්වය ජාතිවාදී පිළිවෙතක්‌ අනුගමනය කරන බවට චෝදනා කළේය. එසේම මියන්මාරයේ රෝහින්ගා මුස්‌ලිම් අනාථයන්ගේ අර්බුදයන් ද නිමල්කා ප්‍රනාන්දු මැදිහත් විය. ඇය මියන්මාරයේ මුස්‌ලිම් සටන්කාමීන් ගැන වචනයක්‌වත් පැවසුවේ නැත.


ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ප්‍රැන්සිස්‌කන්ස්‌ ඉන්ටර්නැෂනල් සංවිධානය ශ්‍රී ලංකාවේ කටයුතු විමර්ශනයට ලක්‌ කරන ලෙසත් මෙතෙක්‌ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කර නැති බවටත් චෝදනා කළේය.

ශ්‍රී ලංකා රජය කෙටුම්පත් කළ අතුරුදන් වූවන් පිළිබඳ පනතේ දුර්වලතා තිබෙනවා. එසේම නව ත්‍රස්‌ත මර්දන පනතක්‌ ගෙන ඒමට ක්‍රියා කරන බව වාර්තා වුණා. හමුදාවට යටත් වූවන්ගේ නාමලේඛනයක්‌ ඉදිරිපත් කිරීමට රජය මෙතෙක්‌ ක්‍රියා කර නැහැ. මේ නිසා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ශ්‍රී ලංකාව ගැන අධ්‍යයනය කර එම තොරතුරු මානව හිමිකම් සමුළුව වෙත වාර්තා කළ යුතු" යෑයි එම ක්‍රිස්‌තියානි සංවිධානය සඳහන් කළේය.

මේ අතර තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව පැවසූ බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ, රජය එකවරම සිය පිළිවෙත වෙනස්‌ කරමින් ජිනීවා යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුබව කීවේය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා පවා ශ්‍රී ලංකා රජයේ පිළිවෙත ගැන ඉච්ඡා භංගත්වයට පැමිණ ඇති බව බ්‍රිතාන්‍යය කියා සිටියේය.

මේ අතර යුද අපරාධ චෝදනා එල්ල කරන මානව හිමිකම් කොමසාරිස්‌වරයා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක අවසරය නැතිව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව අධිකරණ සම්මුතිය ක්‍රියාත්මක කළ යුතු බව ඉල්ලා ඇත.

මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් අද වනතුරු ශ්‍රී ලංකා රජය ඊට එරෙහිව විරෝධතාවක්‌ පළ කර නැත. මෙය පුදුම සහගත තත්ත්වයකි. පාකිස්‌තානයට විරුද්ධව මානව හිමිකම් කොමසාරිස්‌වරයා ප්‍රකාශයක්‌ කළ අවස්‌ථාවේ පාකිස්‌තාන් තානාපතිවරයා ඊට එරෙහි විය.

එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව තරහ නොකර ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා නොකළ යුතුයි යන පිළිවෙත නිසා විශ්ව සම්මුතියට රජය අභියෝග කර නැත.

මෙවන් පසුබිමක්‌ මැද රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් සමුළුවේදී පවසන්නේ කුමක්‌ද යන්න ගැන සාධාරණ සමාජය නමින් අටවාගත් සංවිධානයේ නිකමෙක්‌ විමසිල්ලේ යෙදී සිටී.
එහෙත් එම කේලම කියූ මේ නිකමා කවුදැයි දේශපාලකයා හෙළි කළේය. තාවකාලිකව ලබාගත් රැකියාවක්‌ නිසා මොහු රියර් අද්මිරාල් කරන ප්‍රකාශ ගැන නිරීක්‍ෂණය කිරීම විහිළුවකි.
මරණ තර්ජන එල්ලවූ බව කියන මාධ්‍යවේදින්ගේ නාමලේඛනයකට ව්‍යාජ ලෙස සිය නම ඇතුළත් කරගෙන ඇමරිකාවට පැන ගියේ මොහුය.

මේ අතර හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එල්ල කළ අපරාධ චෝදනා ජිනීවාහිදී පිළිරැව් දුන්නේය.

එහෙත් සරත් ෆොන්සේකාට අමතරව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට සාවද්‍ය ප්‍රකාශයක්‌ මත පාවා දුන් ද්‍රෝහීයා" අද පවුලේ අය සමග ස්‌විස්‌ටර්ලන්තයේ සැඟවී සිටියි.


ඔහු මාධ්‍ය අඳබාලයකු වූ බොම්බඩියර් හෙවත් ගෝඨාභය රණවීර, ලසන්ත නානායක්‌කාර, රුවන් සහ රණදේව යන නම්වලින් පෙනී සිටී.

එහෙත් යුද හමුදාපති, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති මො
හුගේ    ද්‍රෝහී ක්‍රියාව දන්නේද, ඔහුගේ ඥතියෙක්‌ මේ හමුදාවල උත්සවවලට සහභාගි වෙමින් චරපුරුෂ සේවයේ යෙදී සිටි.

හිටපු ආරක්‍ෂක ලේකම් කොටි මරණ ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළ බවට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාරීන්ට ප්‍රකාශයක්‌ ලබාදී ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ගත්තේ මොහුයි.

ස්‌විස්‌ රජය මොහුට පිං පඩියක්‌ ගෙවනු ලබයි. මේ 
ද්‍රෝහීයා ස්‌විස්‌ටර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට නොපෙනෙන ලෙස ක්‍රියා කරන බව අනාවරණය වී ඇත.

මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් කොටි ඩයස්‌පෝරාවට එරෙහිව කරන සටන නතර කර නැත.

ඔවුන් සැප්තැම්බර් 24 වැනි ඉරිදා එක්‌සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ද සංවිධානය කර ඇත. මේ වසරේ පවත්වන 2 වැනි විරෝධතාව මෙයයි.

මුල්ම විරෝධතාව ශ්‍රී ලංකාවේ නවක දේශපාලකයකු විසින් සමච්චලයට ලක්‌ කරනු ලැබීය.

මෙවර පවත්වන විරෝධතාව සහ මානව හිමිකම් කවුන්සිලයේ ද ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවත්වන සමාන්තර රැස්‌වීම් පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට ජිනීවාහි සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ වාර්තාකාරියක්‌ පැමිණෙන බවට වාර්තා වී ඇත. ඇගේ සැමියා ජිනීවා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ සේවය කරන විදේශ චරපුරුෂයෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.