මහනුවරට දළදා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමුවරට අගනුවර කරගත් පළමු
විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551 - 1597) ක්‍රිස්තියානිය
වැළද ගත්තේ 1557 දී ය. සිංහල රජු බෞද්ධයෙකු වියයුතු යන චිරාගත
සම්ප්රදාය ධර්මපාල රජු චිරාගත සම්ප්රදාය කඩ කළේය. ඒ නිසා ඒ සිද්ධිය
වූ ආසන්නම කලම එදා කෝට්ටේ දියවඩන පදවිය දැරූ දන්ත කුමරුගේ පෙළපතින්
පැවත ආ හිරිපිටියේ ඒකනායක දියවඩන රාළ සිහිනයක් දැක එහි අර්ථය වටහාගෙන
වෙස්වෙළාගෙන දළදා හිමි රහසේ සඟවාගෙන දිවස්නාතොටින් එතෙර ව සීතාවක රජකළ
මායාදුන්නේ රජුට දළදා හිමි රහසේ බාරදුන් බව ‘සිංහල දළදා වංශය’ කියයි.
දළදා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු (1521 - 1578)
සීතාවක සබරගමුවේ කුරුවිට විහාරයේ තබා පුදපූජා කරන්නට විය. කෝට්ටේ සිට
සීතාවකට දළදා රහසේ වැඩම වූ හිරිපිටියේ ඒකනායක රාළව සීතාවක රාජ්‍ය කාලය
පුරා සීතාවක දියවඩන පදවිය දැරීය. සීතාවක කල අලගියවන්න මුකවැටි ලිවූ
සැවුල් සන්දේශයේ එදා දළදා වැඩසිටි දෙල්ගමු විහාරය මෙසේ වර්ණනා කරයි.
ලොව නොමදින් පිරි ගණදුර දමා දුර
සිය කිරණින් හිරු පැමිණෙන උදාගිර
ලැඟි නිවසින් ලැඟි තෙරුවන් මෙනෙහි කර
මිතුර වඩින් දළදාගෙට මනෝ හර
අලගියවන්න සැවුල් සන්දේශයේ 124 දස පද හෑල්ලෙන් එදා දෙල්ගමු විහාරයේ
අධිපතිධූරය දැරූ මහින්දාලංකාර හිමි වර්ණනා කරයි. දළදා හිමි දෙල්ගමු
විහාරයේ වැඩ සිටින කල පරසතුරන්ගෙන් සිදුවිය හැකි උවදුරකට වඩාත්
ආරක්ෂාකාරී ලෙස දෙල්ගමු විහාරයේ පහත මාලයේ යෝධ කුරහන් ගලක යටපළුවේ
සිදුරක දළදාහිමි සඟවා තිබු බව කිරිඇල්ලේ ඥානවිමල ලියූ ‘සපරගමුවේ පැරැණි
ලියවිලි’ හා ‘සපරගමු දර්ශන’ යන ග්‍රන්ථවල දී කියයි. එදා සීතාවක කල දළදා
පෙරහර පැවැත්වුණේ දෙල්ගමු විහාරයේ සිට රත්නපුර සමන් දේවාලයටයි. සීතාවක
මායාදුන්නේ රජුට පසු රජ වූ පසුකල ශිවාගමට බර වූ සීතාවක රාජසිංහ රජු
(1578 - 1592) දෙල්ගමු ෂහාරයේ වැඩසිටි දළදාහිමිට ගම්බිම් පූජා කර ඇත.
සීතාවක රාජසිංහ රජු බලන සටනේදී පරදවා උඩරට කොණප්පු බණ්ඩාර තමා සමග උඩරට
ආ පෘතුගීසි සේනාව පරදවා එළවාදමා 1592 පළමු විමලධර්මසූරිය යන නමින්
සෙංකඩගල තම අගනුවර කර ගත්තේ ය. පේරාදෙණිය ප්‍රාදේශීය රජ පෙළපතකට අයත්
පළමු විමලධර්මසූරිය රජුට රජකම තහවුරු කර ගැනීමට ප්‍රධාන කරුණු දෙකක්
ඉටුකර ගත යුතුවිය. පළවෙනි කරුණ සීතාවක දෙල්ගමු වෙහෙර වැඩසිටි දළදා හිමි
ලබා ගැනීමයි. දෙවැනි කරුණ උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූලව හිමි
කුසුමාසනදේවී අල්ලා පාවාගෙන රාජ්‍ය අයිතිය තහවුරු කර ගැනීමට. මීට පෙර
සීතාවක රාජසිංහ රජු උඩරට රජකළ කරල්ලියද්දේ බණ්ඩාර රජු (1551 - 1581)
පරදවා උඩරට අල්ලා ගත්විට කරල්ලියද්දේ රජු තම දූ වූ කුසුමාසන දේවී හෙවත්
දෝන කතිරිනා කුමරියද තම බෑණා වූ යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් කුමරු
ද සමඟ මන්නාරමේ පෘතුගීසීන් වෙත පලා ගියේ ය. එහි දී කරල්ලියද්දේ රජු
රෝගී ව මියගියෙන් කුසුමාසන දේවී හා යමසිංහ බණ්ඩාර බෞතීස්මව පෘතුගීසීන්
යටතේ වැඩුණහ.
දළදාහිමි ලබා ගැනීමේ පළමු පියවර වශයෙන් උඩරට රජ වූ පළමු විමලධර්මසූරිය
රජු ඇල්ලේපොළ මංගල හිමි, ප්‍රධානව සාමණේරවරු පස්නමක් දෙල්ගමු විහාරයට
යවා ඇත. මේ වනවිට ශිවාගමට බරව බෞද්ධයන් අතර අපි්රයව සිටි සීතාවක
රාජසිංහ රජුගේ පාලනයට යටත් දෙල්ගමුව විහාරයේ දළදා බාරව සිටි හිරිපිටියේ
ඒකනායක රාළ හමුවී ඔහු සමග රහස් සාකච්ඡා කොට දළදාහිමි මහනුවරට වැඩමවීම
පිළිබඳ සැලැසුම්කිරීම ඇල්ලේපොළ මංගල හිමිගේ ගමනේ අරමුණ බව පෙනෙයි.
හිරිපිටියේ ඒකනායක රාළ සමග දළදාහිමි සෙංකඩගලට වැඩමවීමට ඇති කැමැත්ත
ඇල්ලේපොළ මංගල හිමි පළමු විමලධර්මසූරිය රජුට වරින්වර දන්වා එවූ බව
හැගෙයි. සෙංකඩගල මෙකල ම ලියවුණු ‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථය අනුව
දළදා හිමි සෙංකඩගලට වැඩමවීමට පෙර දෙල්ගමුවේ සිට සෙංකඩගලට දළදා වැඩමවිය
හැකි පාරවල් කුමක්දැයි විමලධර්මසූරිය හිමි ගලඋඩහිමි හා සාකච්ඡා කළ බව
කියවෙයි’. සිංහල දළදා වංශය හා ‘දළදා පුවත’ කාව්‍ය ග්රන්ථ අනුව
ඉදල්ගස්හීන්න හරහා ඌව පාරෙන් ඉතා රහසිගතව දෙල්ගමුවේ වැඩසිටි දළදාහිමි
මහ නුවරට වැඩමවීම ආරම්භ විය. මේ ආරංචිය බලාපොරොත්තුවෙන් සිටි පළමු
විමලධර්මසූරිය රජු මහනුවර නගරය ඉතා අලංකාර ලෙස සරසා ඇමතීන් පිරිවරාගෙන
අම්පිටියට පෙර ගමන් ගොස් දෙල්ගමුවේ සිට වැඩමවන දළදා හිමි ඉමහත්
ගෞරවයෙන් පිළිගත් බව ‘දළදා පුවත’ කාව්‍ය ග්‍රන්ථයේ 440 - 442 කවිවල
කියැවෙයි.
දළදාහිමි දෙල්ගමුවේ සිට සෙංකඩගලට වැඩමවීමට මුල් වූ අය කවරේද?
1. සෙංකඩගල සිට දෙල්ගමුව විහාරයට සාමණේර පස්නමක් සමඟ ගොස් කාලයක් එහි
වසමින් හිරිපිටිය ඒකනායක දියවඩන රාළගේ හිත දිනාගෙන ඔහු සමඟ දළදා හිමි
සෙංකඩගලට වැඩමවීමට සියලු කටයුතු රහසේ සැලැසුම් කළේ ඇල්ලේපොළ මංගල හිමි
බව ‘අස්ගිරි පුවත’ කියයි. ඇල්ලේපොළ මංගල හිමි ඉටු කළ ඒ කාර්යයට
උපහාරයක් ලෙස අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයේ දළදා හිමි තාවකාලිකව
වැඩසිටින විට දළදා හිමිගේ ආවතේව කටයුතු පැවරුම් ඇල්ලේපොළ මංගලහිමිට බව
‘අස්ගිරි උපත’ කියයි.
2.කෝට්ටේ ධර්මපාල රජු 1557 භෞතීස්ම වූ පසු කෝට්ටේ සිට සීතාවක දෙල්ගමුවට
රහසේ දළදාහිමි වැඩමවා අවුරුදු 35 පමණ කාලයක් දෙල්ගමු විහාරයේ දී දියවඩන
නිළමේ පදවිය දැරූ දන්තකුමරුගේ පදවියට අයත් සියනෑකෝරළේ හිරිපිටියේ
ඒකනායක රාළ දෙල්ගමුව සිට සෙංකඩගලට දළදාහිමි වැඩමවීමට මූලික විය.
මීට පෙර කෝට්ටේ රාජ්‍යයේ ද කාලයක් ඔහු දියවඩන නිළමේ පදවිය දරා ඇත.
දළදාහිමි දෙල්ගමුවේ සිට සෙංකඩගලට දළදාහිමි වැඩම වූ පසු දෙවැනි විමල
ධර්මසූරිය රජු ගම්බිම් දුන්බව “දළදා පුවත” කියයි. ඉන්පසුව ඔහුට සෙංකඩගල
රාජ්‍යයේ දියවඩන නිලමේ පදවිය ලැබී ඇත.
දළදා ඉතිහාසයේ අපට හමුවන පළමු දියවඩන නිළමේ ඔහුය. හිරිපිටියේ රාළ
කෝට්ටේ මුලින්ම ද දෙල්ගමු විහාරයේ අවුරුදු 35 කාලයක් ද සෙංකඩගල
රාජ්‍යයේ අවසානවරට ද ලෙස අඩු වශයෙන් අවුරුදු 50 පමණ කාලයක් දියවඩන
නිළමේ පදවිය දරා ඇත.
3. සීතාවක රාජසිංහ රජුකල රජුට විරුද්ධව කටයුතු කිරීම නිසා ඈත පලාගොස්
සැඟ වී වාසයකළ දෙවනගල රත්නාලංකාර හිමි පළමු විමලධර්මසූරිය රජු උඩරට
රජකිරීමට මූලිකව කටයුතු කළ අයෙකි.
ඒ නිසා පළමු විමලධර්මසූරිය රජු දෙවනගල රත්නාලංකාර හිමිට උඩරට මහාසාමී
පදවිය හෙවත් සංඝරාජ පදවිය පිරිනැමූ බව මැන්දිස් රෝහණධීර ලිව් ‘ලක්දිව
මහාසාමී සංගරාජ පරපුර’ - දෙවැනි කාණ්ඩය ග්රන්ථයේදී කියයි. එය නිවැරදි
නම් සෙංකඩගල රාජ්‍යයේ සිටි පළමු සංඝරාජ හිමි එතුමාය. දළදාහිමි එතුමාය.
දළදාහිමි සෙංකඩගල වැඩමවීමට මේ හිමි ක්‍රියාකාරීව මුල්විය.
4. දළදාහිමි මහනුවරට වැඩමවීමට පෙර පළමු විමලධර්මසූරිය රජු දළදා හිමි
දෙල්ගමුවේ සිට මහනුවරට ඉදිරියේ ගෙන ආ හැකි මාර්ග ගැන ගලඋඩහිමි සමග
සාකච්ඡා කළ බව ‘දළදා කාව්‍ය ග්‍රන්ථය කියයි. ඒ අනුව ගලඋඩහිමි රජුගේ
හිතවත් විශ්වාසවන්ත අයෙකු විය. දළදා හිමි මහනුවරට වැඩමවිමට ගලඋඩහිමි
මූලික වූ බව කිරිඇල්ලේ ඥානවිමල ලියු ‘සබරගමුවේ පැරැණි ලියවිලි’ හා
සපරගමු දර්ශන’ ග්‍රන්ථවලදී කියයි. ගලඋඩහිමි ගැන තොරතුරු හෙළීම දුෂ්කරය.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව මඟින් පළකළ හේමමාලා හා දන්ත කුමරු ‘කුඩා
ග්‍රන්ථය අනුව ගලඋඩහිමි යනු දෙවනගල රත්නාලංකාර හිමිම බව අනුමාන කරයි.
හේතුව පසුකල දෙවනගල රත්නාලංකාර හිමි මාවනැල්ලට නුදුරු දෙවනගල කඳුගැටයක්
උඩ දෙවනලෙන් විහාරයේ වැඩවාසය කළ බැවිනි. දෙවනගල කඳුගැටයක් බැවින්
‘ගලඋඩ’ යන කෙටිනම ගැළපෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ
එස්. කේ. ජයවර්ධන
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, September 6, 2017
සීතාවකින් මහනුවරට දළදා වැඩම කළේ කවුද...?
Posted by
lankanews
at
September 06, 2017
Labels: dalada madura, Dalada Maligawa, kandy, king wimaladharma, lankanews, rajasinghe king, srilankan kings
සීතාවකින් මහනුවරට දළදා වැඩම කළේ කවුද...?
2017-09-06T16:18:00+02:00
lankanews
dalada madura|Dalada Maligawa|kandy|king wimaladharma|lankanews|rajasinghe king|srilankan kings|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
