ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 16, 2017

කෝටිපති චතුරිකා සරළ තාත්තා ගැන ලියාගෙන තමුන්ගේ නම දමා ගත් ග්‍රන්ථ රාජයා...!!! හික්ස්

දන්නවද අවුරුදු දෙක හමාරක් වැනි සුලු කාලයක්තුල මෙම දියණිය කෝටි පතිණියෙක් වුනේ කෙසේද කියල...?
 තාත්තා ජනාදිපති උන ගමන් කෝට් 150 ක  එපාර්ට්මන්ට් එකක් ගත්තේ කෙසේද...!!!

තමන් මියයන තුරා සමාජ සේවිකාවක් ලෙස පමණක් කටයුතු කරන බවත් කිසිදාක දේශපාලනයට නොඑන බවත් ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන  පවසයි. කොළඹදී පැවති ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් ඇය මේ බව කියා සිටියාය.
 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත (15) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එලි දැක්වීය.
මෙම පොත සම්බන්ධයෙන් ප්‍රචාරක වීඩියෝ දැන්වීම් පමණක් 6 ක් ඇයට අයත් දැන්වීම් සමාගම් විසින් නිමවා තිබේ. ඒ දැන්වීම් වලින් දැක්වෙන්නේ පරස්පර විරෝධී මතයන්ය. එකකින් පවසන්නේ මෙය චතුරිකා සිරිසේනගේ ස්වයං ආත්ම ප්‍රකාශනය බවයි. තවත් එකකින් පවසන්නේ මෙය ජනාධිපතිවරයාගේ ජීවිත කතාව බවයි. කෙසේ වෙතත් මෙම පොත එලිදැක්වීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී මහාරාජාගේ රූපවාහිනී චැනලයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ චතුරිකාගේ ප්‍රකාශ වලින් අපට තේරුම් ගත හැකි වූයේ ඇය බොහෝ සිංහල වදන් වල නියමාකාර අර්ථ නොදන්නා බවයි. ඊට උදාහරණ රැසකි. ඇය ‘දෝලනය‘ වන වචනය නිතර භාවිතා කළ නමුත් එය බොහෝ විට යෙදුවේ වැරදි අවස්ථාවන් සඳහා ය.  ‘චරිතාපදානය‘ යන වචනය පවා ඇය දන්නේ නැත. ඇය ඒ වෙනුවට පැවසුවේ ‘චරිතප්‍රධානය‘ කියා ය. සිංහල බස නිවැරදිව හසුරුවන තාත්තා විසින් කියවා ඇති ගෙදර තිබෙන පත පොතවත් ඇය පරිශීලනය කර නැති බව මොනවට පෙණින.
මේ නිසා නිසි ලෙස සරල සිංහල වචන වල අරුත් පවා නොදන්නා චතුරිකා විසින්ම මේ පොත ලීවේ දැයි සැක පහල වූ බැවින්  ඒ පිලිබඳව සොයා බැලීමට තීරණය කෙළේය.

පොතේ නම සොරකම් කරලා

අපට ප්‍රථමයෙන්ම හමුවූයේ මෙම පොතේ නම වන “ජනාධිපති තාත්තා“ යන්න පවා ඇය විසින් සොරකම් කරගෙන ඇති බවයි. ‘ජනාධිපති තාත්තා‘ යනු 2001 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ප්‍රසිද්ධ නාට්‍යයක නමයි. ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් නිෂ්පාදනය කළ එම නාටකයේ නම චතුරිකා විසින් සොරකම් කර ඇතැයි අප ස්ථිරවම පවසන්නේ ඇය තම පොතට එම සම්මානනීය නම යොදා ගැනීමට පෙර ඉන්දික ෆර්ඩිනැන්ඩු ආචාර්ය තුමන්ගෙන් නිකමට හෝ අසා අවසර ලබා ගැනීමක් හෝ දැනුම් දීමක් හෝ කර නැති නිසාය. එවැනි සදාචාරයක් රැකිය යුතුව තිබිණි. චතුරිකා කරන ලද සොරකම නිසා ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ රාජ්‍ය සම්මානලාභී නාට්‍යයේ පෙළ පොතක් ලෙස ප්‍රකාශනයට පත් කිරීමට දැන් ඉඩක් නැත.
ඉන් පසුව අප සොයා බැලුවේ මෙම පොත ඇය විසින්ම ලියන ලද්දක්ද කියා ය.

පොත ලිව්වේ වෙනත් අය

අප වෙත වාර්තා වූයේ මෙම පොත ඇය විසින් ලියන ලද්දක් නොවන අතර ඇයට එවැනි ලිවීමේ හැකියාවක් නොමැති බවයි. මෙම පොතේ මුල් කොටස්  ලියා ඇත්තේ ටෙලිකොම් සමාගමේ වෙළඳ අංශයේ ප්‍රධානියෙකි. ඉන්පසු ඔහු එය අත් හැර දමා ඇති අතර ඉතිරි කොටස් ලිවීම සඳහා වෙළඳ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ අයෙකු දායක කරගෙන තිබේ. ඔහු ද කොටස් කිහිපයක් ලිවීමෙන් පසු අත්හැර දමා ගොස් ඇති අතර ඉන්පසුව තුන් වැන්නෙකු විසින් පොත අවසන් කර තිබේ. මේ අයගේ නම් ගම් අප සතුව තිබෙන නමුත් ඔවුන්ගේ ඉල්ලීම මත නම් ගම් හෙලි කිරීමෙන් වළකිමු. 

ජනාධිපති දරුවන්ගේ පුදුම දක්ෂතා

ලංකාව වැනි දකුණු ආසියාවේ පසුගාමී රටවල දේශපාලන නායකයන් ඉහළ තනතුරුවලට පත් වූ පසු ඔවුන්ගේ දරුවන්ට එතෙක් නොතිබූ අමුතු ‘දක්ෂතා‘ පහල වීමට පටන් ගනී. පසුගිය වනචර දශකයේ රාජපක්ෂලාගේ දරුවන්ටද එවැනි පුදුමාකාර ‘දක්ෂතා‘ පහළ විය. නාමල් රාජපක්ෂ නීතිඥ විභාගය සමත් වූයේ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් සියයෙන් 98 ක් ලකුණු ලබා ගනිමිනි. යෝෂිත රාජපක්ෂගේ ‘දක්ෂකම්‘ අනුව එංගලන්තයේ  ඩාර්ට්මවුත් රාජකීය නාවික ඇකඩමියේ පුහුණුවට යැවීමෙන් පසු එහිදී සැබෑ ‘දක්ෂකම්‘ හෙලිවීම නිසා එම නාවික ඇකඩමිය ලංකාවට පුහුණුව සඳහා ලබා දී තිබූ අවස්ථාව පවා අහිමි කළේය. රෝහිත රාජපක්ෂ රොකට් විශේෂඥයෙකු වී උඩුගුවනට සැටලයිටයක් පවා යැවූ නමුත් අද දක්වා එය සොයා ගැනීමට නොහැකි වී ඇත. රාජපක්ෂලා පරාජය වුනේ මෙවැනි කියුම් කෙරුම් රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිසාය. දැන් චතුරිකා සිරිසේනද විලි ලැජ්ජාවක් නැතිව එම ගමන් මගේම ඉදිරියට ගමන් කරමින් සිටින්නීය. ඇය මේ කරන්නේ මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව විසින් දින සියයකින්  ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනාධිපති පුටුවේ ඉන්දැවූ  ඇගේ තාත්තාව ඒ හැට දෙලක්ෂයක් ජනතාවගේ විහිළුවට පාත්‍ර කිරීම බව ඇය නොදන්නවා විය යුතුය.  මහින්ද රාජපක්ෂට වන්දි භට්ටියන් විසින් ‘මහරජාණෙනී‘ කී වාරයක් පාසා, වන්දිභට්ටයන් විසින් බුදු රජාණන් වහන්සේට මහින්දගේ ඇති ඥාතීත්වය ගැන පුරසාරම් කී වාරයක් පාසා මහින්ද රාජපක්ෂ රටේ බුද්ධිමත් ජනතාවගේ විහිළුවටත් අගෞරවයටත් පත් වූ බව එකල නාමල්ලාට තේරුම් ගියේ නැත.  මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු කෝටිපතිනියක වී සිටින චතුරිකාට ද අද දවසේ මෙය තේරුම් යන්නේ නැත.

‘ජනාධිපතිධූර අහෝසි නොකළ තාත්තා‘

දන්නා කාලයේ සිටම ජනතා මුදලින් ජීවත් වූ දර්ශනී චතුරිකා සිරිසේන මේ රටේ ජනතාවට අවංක වී නම් ලියවා ගත යුතුව තිබුනේ ‘ජනාධිපති තාත්තා‘ කියා ආඩම්බරකාර පොතක් නොව, දින සියයක් තුල ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වී පැමිණ දැන් වසර 3 කට ආසන්න වී නමුත් එය ඉටු කර ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන  ගැන කණගාටු වී ඔහුට ඒ සඳහා බලපා ඇති බාධක හෙළිකරමින් ‘ජනාධිපතිධූර අහෝසි නොකළ තාත්තා‘ කියා පොතක් ලියවා ගැනීම ය. එවැන්නක් ප්‍රකාශයට පත් කෙළේ නම් එය මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට හේතුවනු නිසැක ය. එදා සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි කරවීමට පමණක් නොව ජනහතුරන්ව සිටි රාජපක්ෂලා පන්නා දැමීම සඳහා එක අකුරක් ලියා ගත නොහැකි වූ චතුරිකා දැන් නටන නාඩගම් වලින් සිරිසේන  විනාශ වීම ගැන අපට කණගාටු ය. 
කෙසේ වී නමුත් ලංකා ඊ නිව්ස් මේ සටහන තැබුවේ චතුරිකා සිරිසේනගේම ඉල්ලීම පරිදිය. ඊයේ ඇයගේ සම්මුඛ සාකච්ඡාව අවසානයේ දී ඇය ප්‍රසිද්ධියේ පවසන්නේ තම පොත ගැන ඕනෑම විවේචනයක් කරන ලෙසත් ඇය එය ‘ආඩම්බරයෙන්‘ බාර ගන්නා බවය. ( ඇය කිව යුතුව තිබුනේ ‘නිහතමානීව‘ බාර ගන්නා බව කියා නමුත් එහිදී ද ඇය පාවිච්චි කළේ වැරදි වචනයකි) එබැවින් මෙම විවේචනය පල වූ පසු රටේම සිටින ලංකා ඊ නිව්ස් ලඟ හිතවතුන්ට, අනුග්‍රාහකයන්ට දුරකථන ඇමතුම් දී මේ සටහන ඉවත් කරන්නැයි ඔවුන් ලවා අපට බලපෑම් නොකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

-ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙකු විසිනි-

 මෙම ලිපිය උපුටා ගත්තේ ලංකා ඊ නිව්ස්  වෙතිනී ඔවුනට අපගේ ස්තූතිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.