ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 23, 2017

බැඳුම්කර කොමිසමේ නොමිලේ කරන අමිල සේවය සහ රටේ මුදල් සොරා කෑ පාදඩයන්ගේ මුදලින් යැපෙන දේශද්‍රෝහීන් ගේ කෙරුවාව...!!!

අර්ජුනගෙන් මුදල් ගෙන ඔහුගේ උපදෙස්‌ මත රොමේෂ් ද සිල්වා කළ ප්‍රකාශය ගැන කනගාටුයි...!!!
ජාතිය වෙනුවෙන් කළයුතු යුතුකමක්‌ සේ සලකා නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් කොමිසමට සහාය දෙන්නේ කිසිදු මුදලක්‌ ලබා නොගෙනයි...
අතිරේක සොලිසිටර්¨ ජෙනරාල් යසන්ත කෝදාගොඩ
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට එදිනෙදා පැවරී ඇති රාජකාරි කටයුතුවලට සහ වගකීම්වලට අමතරව මෙම කොමිසමට සහය වන්නේ අමතර සේවාවන්හි යෙදෙන රජයේ නිලධාරීන්ට ගෙවනු ලබන අතිරේක මාසික දීමනාව පවා ලබා ගන්නේ නැතිව බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  (22 වැනිදා) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.
එම දීමනාව ලබාගැනීමෙන් වැළකීමට නීතිපතිගේ කණ්‌ඩායම සියලු දෙනාම ඉකුත් මාර්තු මාසයේදී තීරණය කළ බව ද එම කණ්‌ඩායමේ ප්‍රධානියා වන අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ  කීය.
මේ වන විට සියලු තොරතුරු හෙළිවී ඇති විශාලම මුදල් සොරකම එසේ නොවේ නම් නිදහස්‌ ලංකාවේ සිදුවූ විශාලම මූල්‍ය වංචාව ගැන කරනු ලබන විමර්ශනවලට ස්‌වෙච්ඡාවෙන් සහය වීම කාලෝචිත වූත් ජාතිය වෙනුවෙන් ඉටුවිය යුතු රාජකාරි යුතුකමක්‌ ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු විශ්වාස කරනවා.

අපට හැකි උපරිම ශක්‌තිය යොදා අපි කොමිසමට සේවය කළා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් කවුරුත් පුදුමයට පත්කරවන වැරදි, නීතිවිරෝධී මෙන්ම දැවැන්ත වංචනික ක්‍රියාවන් රැසක සුලමුල හෙළිකර ගැනීමට කොමිසමට හැකි වූ බව ද සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.

අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ එසේ පැවසුවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  සහ තවත් පුද්ගලයකු විසින් කරන ලද ප්‍රකාශවලට ප්‍රතිචාර දක්‌වමිනි.


කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට සූදානම් වීම සඳහා කොමිසම රැස්‌වීම දින 02 කට කල් තබන්නැයි ඉල්ලා සිටි අවස්‌ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු කොමිසමට සහය වන්නන් බදු ගෙවන්නන්ගේ මුදල් නාස්‌ති කරනවා යෑයි පවසමින් රොමේෂ් ද සිල්වා කොමිසම කල් තැබීමට විරෝධය පළ කළ බවත් උසස්‌වීම් බලාපොරොත්තුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු කොමිසමට වැඩ කරන බව තවත් පුද්ගලයෙක්‌ ටික දිනකට උඩදී පැවසූ බවත් අතිරේක සොලිස්‌ටර් ජනරාල්වරයා කීය.

කොමිසම හමුවේ අප මෙහෙයවූ සාක්‍ෂිවලට ඉතා උනන්දුවෙන් සවන් දුන් ගරු කොමසාරිස්‌වරු එමෙන්ම ඒවා නිරීක්‍ෂණය කළ සියලු දෙනා විස්‌තර සහිතව සහ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ කොමිසමේ වාර්තා කියවූ ජනතාව අප බදු ගෙවන ජනතාවගේ මුදල නාස්‌ති කළාද නැත්නම් අපගෙන් සේවයක්‌ වුණාද යන්න පිළිබඳව අවසානයේ තීරණය කරනු ඇත.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය සේවාදායකයා වන අර්ජුන මහේන්ද්‍රන්ගෙන් මුදල් ලබාගෙන ඔහුගෙන් ලැබුණු උපදෙස්‌ අනුව නීතිපති වෙනුවෙන් කොමිසමට සහය වන නීතිඥවරුන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක්‌ කිරීමට ඉක්‌මන්වීම ගැන කනගාටු වෙනවා.


නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය සේවාවල නියුතු සියලු දෙනාම ජීවත්වන්නේ බදු ගෙවන ජනතාවගේ සහ රජයේ මුදල්වලින්. ඒ කවුරුත් විනිවිදභාවයෙන් හා කැපවීමෙන් යුතුව සේවය කරනවා. වංචනික ක්‍රියාවල හෝ රජයේ මුදල් නිකරුණේ වියදම් කරන්නේ නැතිව ජාතියේ හා ජනතාවගේ උපරිම යහපතට කටයුතු කරන බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවසාන වශයෙන් සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.