ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 4, 2017

දෙයියන්ගේද කණින් රිංගන කපු හැත්ත....!!!

කතරගම පඬුරු පෙට්‌ටියට පමණක්‌ නොව පූජා වට්‌ටියටද විගණන වාර්තා තැබීමේ කාලය එළැඹිලා...!!!

 අතීතයේ පටන් සුවිශාල ඓතිහාසික බෞද්ධ පසුබිමකට උරුමකම් කියනු ලබන කාචරගාමය නැතහොත් කතරගම පුද බිම කිසිදු තරාතිරමකින් මෙන්ම ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු ජන හදවත් තුළ දේව භක්‌තිය හා විශ්වාසය දිනා ගත් සර්ව ආගමික කේන්ද්‍රස්‌ථානයකි. දුටුගැමුණු රජු, එළාර රජු හා සටනට නික්‌මීමට පෙර තමා මෙම සටනින් ජය ලද හොත් කතරගම දෙවිඳුන් උදෙසා මහා දේවාලයක්‌ ඉදිකරනු ලබන පොරොන්දුව වෙනුවෙන් බිහි වූ රුහුණු කතරගම මහා දේවාලය මේ දක්‌වාම දහස්‌ සංඛ්‍යාත ජනතාව තුළ ජාතික සංහිඳියාවක්‌ ඇති කළාවූ පින් කෙතක්‌ බව සැබෑමය. මෙම උතුම් පූජනීය කතරගම මහා දේවාලයත් ඒ හා බැඳුණු සංස්‌කෘතික හා සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ද මේ දක්‌වා රැගෙන ඒමට එදා සිට මහා දේවාලයේ සියලු වගකීම් දැරූ බස්‌නායක නිලමේවරුන් මෙන්ම පාරම්පරික කපු මහතුන්ද ඇප කැප වී කටයුතු කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය බව කිව යුතුය.
නමුත් ඉකුත් 22 වැනි දින අභාග්‍ය සම්පන්න ලෙස ඉතිහාසගත නොමැකෙන කැළලක්‌ මෙම ශුද්ධ භූමිය තුළ තැබීම ඉතාමත් පිළිකුල් සහගත බව පළමුවෙන්ම කිව යුතුය.

දහසකුත් බැතිමතුන් පූජාව පැවැත්වීමට දේවාලය වෙත රොද බැඳී සිටින හිමිදිරි උදැසන බස්‌නායක නිලමේ කැටුව පැමිණි පිරිසක්‌ විසින් දේවාලයේ යතුර බලහත්කාරයෙන් රැගෙන යැමේ පුවත සත්‍යයක්‌ද? ඕනෑම ගැටලුවක්‌ ඇති වීමට නම් පාර්ශ්ව දෙකක්‌ හෝ ඊට වැඩි සංඛ්‍යාවක්‌ තිබිය යුතුය. ඊට අදාළ පාර්ශ්වයන්ගෙන් සාධාරණව කරුණු විමසලා බැලීමෙන් ඕනෑම ගැටලුවකට සාධාරණ විසඳුමක්‌ ලබාදිය හැකි වන්නේමය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන්න කියමනද මෙම සිදුවීමේදී මතක්‌ කරදීම සිදුවිය යුතුය.

මෙම සිදුවීමේදී බස්‌නායක නිලමේවරයාට මෙලෙස යතුර බලහත්කාරයෙන් රැගෙන යැමට සිදු වූයේ කිනම් හේතුවක්‌ නිසාද යන්න ඒ පිළිබඳව ප්‍රචාරය වූ යම් යම් ආරංචි මාර්ගවල සත්‍යතාවය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති බව මෙම සිදු වීමේ වතගොත සොයා ගිය විට ප්‍රත්‍යක්‌ෂ වූවකි.

මෙම සිදුවීමේ සත්‍යය වසන් කරමින් දෙවියන්ගේ නාමයෙන් දෙවියන් ඉදිරියේ ඇන කොටා ගනු ලබන්නේ අපමණ දේව භක්‌තියෙන් කතරගම දෙවිඳුන්ගේ පිහිට පතා පැමිණෙන ලක්‌ෂ සංඛ්‍යාත අවිහිංසක බැතිමතුන් නිර්ලෝභීව පරිත්‍යාග කරනු ලබන කාසි, පඬුරු, රන් රිදී, මුතු මැණික්‌වලට පමණක්‌ නොව ප්‍රදේශවාසීන් පවසන ආකාරයට පූජා වට්‌ටියේ ඇති ඇපල් ගෙඩියක්‌, මල්මාලයක්‌ නැවත මුදල් බවට පත් කර ගනිමින් තමාගේ මඩිය තරකර ගැනීමට ඇති ගිජුකම නිසාවෙන් මිස දෙවියන්ට ගෞරවයෙන් පූජෝපහාර සිදුකිරීමේ පරම පිරිසිදු ෙච්තනාවෙන් නොවන බව මේ වන විට මුළු රටටම හැඟී ගිය කරුණකි.

දේව මාලිගයේ රාජකාරි තේවාව සිදුකරනු ලබන පාරම්පරික කපු මහතුන් පස්‌ දෙනෙකි. තුණ්‌ඩු ඇදමෙන් කපු මහතුන්ට දේවාල තේවාව සිදුකිරීමට අවසර ලබා දෙන්නේ බස්‌නායක නිලමේවරයා විසිනි. එය විහාර දේවාල ගම් පනත යටතේ ඔහුට නීත්‍යානුකූලව පැවරෙන වගකීමකි. කපු මහතුන්ට අදාළ මාස පහට අමතරව ඇති ඉතිරි මාස හත (ඇසළ පෙරහැර මාසයද ඇතුළුව) අයිති වන්නේ බස්‌නායක නිලමේවරයාටය. ඔහුට අයත් මාස හතේදී දේවාලයට ලැබෙන පුද පඬුරුවලින් වැඩි කොටසක්‌ ඔහු වෙත ලබාදෙන කපු  වෙත තේවාව භාරදීම ලිත ගිවිසුමක්‌ මත සිදුවන අතර, අදාළ කපු මහතාට ලැබෙන මාසය අවසන් වූ පසු අලුතින් ඇරඹෙන මාසය භාරගැනීමට නියමිත කපු මහතාට බස්‌නායක නිලමේවරයාගේ අවසරය පරිදි යතුර භාරදීම මෙතෙක්‌ පැවති දේවාල සම්ප්‍රදාය වේ.

එසේ නම් මෙම ගැටලුව පැන නැඟීමට හේතු වූ මූලික කරුණ වන්නේ ඉහත සඳහන් දේවාල සම්ප්‍රදාය කපු මහතුන් කීප දෙනකු විසින් උල්ලංඝනය කිරීම නොවේද?

බස්‌නායක නිලමේවරයා මෙදින දේවාලයට පිවිසියේ දේවාල යතුර ගැනීමට බව සත්‍යයකි. නමුත් ඒ වන විට දේවාලයේ දොරවල් පූජාව සඳහා විවෘත වී තිබූ අතර බැතිමතුන්ද ඒ සඳහා සූදානමින් සිටින්නට විය. ඒ වන විට තේවාව සිදු කිරීමට සූදානමින් සිටි සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු  සහ ලාල් ආරපක්‌ෂ කපු  මෙලෙස බස්‌නායක නිලමේවරයා විසින් යතුර ගෙන යැම පිළිබඳ දැඩි විරෝධය පළ කරමින් මහා බලසම්පන්න දෙවිඳුන් හා අහිංසක බැතිමතුන් ඉදිරියේ නිරුවත්ව ක්‍රියා කරන්නට වූයේ නිලමෙට අයත් මාස කීපයට බලහත්කාරයෙන් අයිතිවාසිකම් කියන්නටය. දේවාලය තුළ සහ දේවාල භූමියේ රැඳී සිටි සියලුම බැතිමතුන් ගේට්‌ටුවෙන් එළියට පිටත් කර දේවාලයේ දොරවල් සහ ගේට්‌ටුවද වසා දමා සියලුම බැතිමතුන්ට හා රටටම හඟවන්නට වූයේ බස්‌නායක නිලමේ විසින් පූජාව කඩාකප්පල් කොට දේවාල දොරවල් වසා දමන්නට පවසමින් බලහත්කාරයෙන් දේවාල යතුර රැගෙන ගිය බවය. මෙම සිදුවීම සහමුලින්ම අසත්‍යයකි.

දුටුගැමුණු රජු දවසේ පටන් දිවි හිමියෙන් රැකගත් දේවාල යතුර කෞතුක වස්‌තුවක්‌ සේ සලසා ඊට වන්දනාමාන කොට සුවිශේෂ ස්‌ථානයක තැන්පත් කර තබනු ලැබේ. එබැවින් මෙම යතුර නිලමේවරයා විසින් ඔහුගේ නිල නිවස වෙත රැගෙන යැමෙන් ඔහු අතින්ද යම් සදාචාරත්මක වරදක්‌ සිදු වී ඇති බව කිව යුතුය. එසේ යතුර දේවාලයේ තැබුවද යතුර පිළිබඳ කිසිදු අයිතියක්‌ කිසිදු කපු මහතෙකුට නොමැති අතර ඕනෑම කපු මහතෙක්‌ යතුර භාරගනු ලබන්නේ බස්‌නායක නිලමේවරයා ඉල්ලන ඕනෑම අවස්‌ථාවකදී නැවත යතුර භාරදීමේ පොරොන්දු ලියවිල්ලකට අත්සන් තබමින්ය. එසේ නම් දුටුගැමුණු යුගයෙන් පසු විහාර දේවාලගම් පනත යටතේ සම්ප්‍රදායානුකූලව දේවාල යතුරÊභාරව කටයුතු කිරීමට හා එහි වගකීම දැරිය යුත්තේ කපු මහතුන් නොව අදාළ බස්‌නායක නිලමේවරයාය.

මීට මාස කීපයකට පෙර ඉහත නම් සඳහන් කළ කපු මහත්වරු දෙදෙනකු සමග බස්‌නායක නිලමේවරයා ඇති කරගත් ගිවිසුමකට අනුව සෑම මාසයක්‌ අවසානයේම නිලමේ වෙත යතුර ලබාදෙන බවට වූ පොරොන්දු ගිවිසුම අත්සන් කරනු ලැබුවද එම පොරොන්දුට කඩකරමින් නියමිත දිනට නිලමේවරයා වෙත යතුර භාර නොදී කපු මහත්වරු දෙදෙනා විසින් බලහත්කාරයෙන් යතුර තබා ගැනීම මෙම ගැටුමේ මූලාරම්භය බව සඳහන් කළ යුතුය.

එසේ නම් බලහත්කාරයෙන් මෙසේ යතුර තමා සතු කර ගනිමින් හිතාමතාම පූජා භූමිය තුළ විශාල ගැටලුවක්‌ නිර්මාණය කර සදාචාරාත්මක විරෝධී ක්‍රියාවක්‌ සිදු කළේ මෙම කපු මහත්වරු විසින් බව මනාව පැහැදිලි වේ.

නිලමේට අයත් මාස ගැනීමේ දැඩි තණ්‌හාවෙන් පසු වන කපු මහත්වරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ මෙම සිදු වීමට පෙර දින කතරගම පොලිසියේ කරන ලද පැමිණිල්ල වන්නේ නිලමේවරයා වෙත යතුර භාර නොදී තමන් විසින් ඉදිරි මාසයේද දේවාලයේ තේවාව සිදුකරන බවය.

එසේ නම් මෙම ප්‍රකාශනයෙන්ද අපට පැහැදිලි වන්නේ මෙම ගැටලුකාරී තත්ත්වය මෙම කපුවන් දෙදෙනා විසින් බලයට ඇති කෑදරකමින් සැලසුම් සහගතව සිදු කර අන් අය වෙත ඇඟිල්ල දිගු කරන බවය.

එසේ නම් විහාර දේවාල ගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාගේ මැදිහත්වීමෙන් ඡන්ද බලයෙන් පත් කරනු ලැබූ දේවාලයේ භාරකරු වශයෙත් පත් කර ඇති බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතාට දේවාලය තුළට ගොස්‌ තම බලය පෙන්වා යතුර ගැනීමට මඟ එළි කළෝaa කවුරුන්ද?

එමෙන්ම දේවාල ඇතුල් මාලිගයට ඇතුල්වීමේ අයිතිය මෙන්ම ඕනෑම පුද පූජා කටයුත්තක්‌ සිදුකිරීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ බස්‌නායක නිලමේවරයා ප්‍රධාන කපු මහතුන්ට පමණකි. එහිදී දේවාලයෙන් පවත්වනු ලබන මුරුතැන් පූජාව පැවැත්වීමේ කාර්යභාරය මුළුමනින්ම පැවරී ඇත්තේ කපු මහතුන් වෙතය. එම කාර්යභාරය එසේ පැවරී තිබියදීත් ඊට අවශ්‍ය සියලු කළමනා වන හාල්, මුං, පොල්, කජු, මුද්දරප්පලම් සම්පාදනය කිරීමටද වැඩි මාස තේවාවට පොරකන කපු මහතුන්ට පූජාවෙන් ලැබෙන කෝටි ගණන් මුදල්වලින් තඹ සතයක්‌ හෝ ලබා නොදෙන අතර ඒ සියල්ලේ බර පැන දැරිය යුත්තේ නිලමේවරයා විසින්ම වීම කෙසේ නම් සාධාරණ වන්නේද? එපමණක්‌ නොව කතරගම මහා දේවාලයේ දිවා රෑ දැල්වෙන විදුලි බුබුළක පටන් සියලුම නඩත්තු කිරීම් වියදම්, ට්‍රැක්‌ටර්වලට තෙල් ගැසීමේ සිට පවිත්‍රතාවය සඳහා දරන වියදම් සහ එම සේවකයින්ට වැටුප් ගෙවීම් කෝටි හතරකට ආසන්න මුදලක්‌ වියදම් කරමින් පුරා දින පහළොවක්‌ සිදු කෙරෙන ඇසළ මහා පෙරහැර සංවිධානය කිරීමේ සියලු වියදම් ප්‍රධාන දහම් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීම, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට පැවැත්වෙන උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ට වැටුප් ගෙවීම හා එම දරුවන්ට ඇඳුම් පැලඳුම්, සපත්තු සෙරෙප්පු සඳහා වියදම් දැරීම සිදුකරනු ලබන්නේද නිලමේවරයා විසින්මය.

එසේ නම් මෙම දෙවොලේ තේවාවට පොරකන කපු මහතුන් විසින් දේවාලයේ පරිපාලන කටයුතු සඳහා දක්‌වන අනුග්‍රාහකත්වය කුමක්‌ද යන්න විශාල ගැටලුවකි. කතරගම දෙවිඳුන්ගේ පිහිට ආශිර්වාදය පතා පැමිණෙන දස දහස්‌ සංඛ්‍යාත බැතිමතුන් ශ්‍රද්ධාවෙන් රැගෙන එන කෝටි ගණන් කාසි පඬුරු, රන් රිදී, මුතු මැණික්‌ පිළිබඳ කොතැනකවත් සටහන් නොවන්නේ නම් ඒවාට සිදුවන්නේ කුමක්‌ද යන්න දැන් කොයි කාටත් හොඳින් වැටහී යනු ඇත.

තවද දුටුගැමුණු යුගයෙන් පසු දේවාලය වසන ලද පළමු අවස්‌ථාව මෙය බව පසක්‌ කිරීමට ගත් උත්සාහයද හාස්‍යයට ලක්‌වන්නකි. කිරිවෙහෙර රාජමහා විහාරාධිපතිව වැඩ විසූ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම නිසාත්, කතරගම ශ්‍රී අභිනවාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය ආයුපාල නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම නිසාත් දේවාලය පුරා සතියක්‌ බැගින් වසා දමන්නට විය. එමෙන්ම 1964 සිරිමාවෝ බණ්‌ඩාරනායක පූජා භූමි යෝජනා ක්‍රමය යටතේ මෙම පූජා භූමියේ තිබූ සියලු ගෙවල් දොරවල් කඩා ඉවත් කිරීමට පෙර පූජා භූමිය අවට විසූ ගම්වාසියෙක්‌ මියගිය දින සිට භූමදානය දක්‌වා කාලය තුළ දේවාලය වසා දමනු ලැබීය. යම් ලෙසකින් පූජා භූමිය තුළ හදිසි අනතුරකින් හෝ සියදිවි නසා ගැනීමකින් යමෙක්‌ මිය ගියේ නම් දේවාලය වසා දැමීම අදටත් සිදුවන්නකි. එමෙන්ම 1989 දී අවසාන මහ පෙරහැර වීදී සංචාරය කරන අවස්‌ථාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය ධර්මදාස බණ්‌ඩා ඝාතනය කිරීමට ජවිපෙ ගසන ලද බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මහා පෙරහැරද නවතා දේවාලය වසා දැමීම සිදු විය. එසේ නම් දුටුගැමුණු යුගයෙන් පසු දේවාලය වසා දමන ලද ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. එදත් ගැටලුකාරී අවස්‌ථාවලදී දේවාලය වසා දමා ඇත.

බෞද්ධ කටයුතු කොමසාරිස්‌ , රුහුණු කතරගම මහා දේවාලයේ ඇති පඬුරු පෙට්‌ටියට බැතිමතුන් විසින් දමන පඬුරු සම්බන්ධයෙන් පමණක්‌ විගණන වාර්තා තැබීම ප්‍රමාණවත් නොවන අතර පූජා වට්‌ටියට පැමිණෙන කෝටි ගණන් වටිනා රන් රිදී, මුතු මැණික්‌ පිළිබඳ විගණන වාර්තා සැකසීමට දැන් කාලය එළඹ ඇති බව පසක්‌ කර සිටිමු.

බස්‌නායක නිලමේවරයාට අයත් වැඩිපුර මාසවලට බලහත්කාරයෙන් හිමිකම් කියමින් කපු මහතුන් විසින් මෙසේ උපයා සපයා ගනු ලබන බැතිමතුන් විසින් නිර්ලෝභීව පරිත්‍යාග කරනු ලබන කෝටි සංඛ්‍යාත තුඩු පඬුරු, දේවාලයේ පරිපාලනය වෙනුවෙන් ලබා නොදෙමින් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් කතරගම ගම්වාසීන් මෙන්ම අනෙකුත් දේවාල කාර්ය මණ්‌ඩලය තුළද ඇත්තේ ඉතාමත් අප්‍රසන්න හැඟීමකි.

දේවාලයේ කපු මහතුන් හැර දේවාලයේ සෙසු වැඩ කටයුතුවල නියෑළෙන දේවාල කාර්ය මණ්‌ඩලයේ සේවකයින්ටද වැටුප් හා දීමනා ලබා දෙනු ලබන්නේ බස්‌නායක නිලමේ කාර්යාලය මගින් වීමද මෙහිදී සඳහන් කළ යුතු කරුණකි.

එමෙන්ම මෙම පුද පූජා පැවැත්වීමට පාරම්පරිකව උරුමකම් කියන "ආලත්ති අම්මා" නමැති අම්මලාද මහා දේවාලය වෙනුවෙන් අනුපමේය සේවාවක්‌ සිදුකරනු ලැබුවද ඔවුන් ඉතා දිළිඳු ආකාරයෙන් ජීවත් වන අතර ඔවුන්ගේ නිවෙස්‌ කුඩාරම් බඳුය.

එසේ නම් මහා දේවාලයට ලැබෙන කෝටි ගණන් මුදල් කපු මහත්වරු පස්‌ දෙනකු අතරේ බෙදී යනවා වෙනුවට මෙම අහිංසක අසරණයින්ටද එම කෝටි සංඛ්‍යාත මුදල්වලින් අංශු මාත්‍රයක්‌ හෝ ලබාදීම උදාර මානුෂීය ගුණාංගයක්‌ නොවන්නේද?

කුමන බල පුළුවන්කාරකමක්‌ මත හෝ සත්‍යය යටපත් කොට අසත්‍යය ඉස්‌මතු කරන්නට කෙතරම් වෑයම් කළත්, මෙම සිදුවීමේ "සත්‍යය" මුහුණු සයක්‌, අත් දොළසක්‌ ඇතිව මයුරාසන මත වැජඹෙන කඳ සුරිඳුන්ගෙන් වසන් කළ නොහැකි බවත්, දිට්‌ඨ ධම්මවේදනීය වශයෙන් මෙම කළ කම් ඵල දෙන විට එය කිසිසේත් මුදලට යටපත් කළ නොහැකි බව සෑම කෙනාම තරයේ මතක තබා ගත යුත්තකි.

සටහන - අචලා ඉරෝමි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.