ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 4, 2017

ලෑලි මඩුවක අසරණව සිටින වියපත් අක්‌කයි මල්ලියි ඔබේ පිහිට අයදිති

වසර හතක පමණ කාලයක සිට අංශභාග රෝගයෙන් පෙළෙන සිය වයෝවෘද්ධ සහෝදරයාද රැක බලා ගනිමින් ඉතා අසරණ දිවියක්‌ ගත කරන වයෝවෘද්ධ කාන්තාවක පසුගිය දිනක දෙවිනුවර පූජා භූමිය ඉදිරිපස බිම් කඩකදී අපට මුණ ගැසිණි. ලෑලි වලින් අටවා ගත් කුඩා මඩුවක්‌ සහිත නිවසක වසර 20 ක්‌ තිස්‌සේ ඔවුහු වාසය කරති. දෙවිනුවර පූජා භූමියට ඉදිරිපස මාතර තංගල්ල පාරේ වම්පස ඔවුන් ගේ ලෑලි ගැසූ කුඩා නිවස පිහිටා ඇත. වයෝවෘද්ධ සහෝදරයා සහ සහෝදරිය වෙසෙන්නේ මෙම කුඩා ලෑලි මඩුවෙහි වන අතර ඔවුන් දැනට මඩුව අවටාගත් බිම් කඩද දෙවිනුවර ප්‍රදේශයේ අයකුට අයත්ය. හෙතෙම මේ අසරණ දෙදෙනාට ලෑලි ගැසූ නිවස අටවාගෙන ජීවත් වීමට අවසරය දී ඇත්තේ සිය යහපත් ගති පැවතුම් නිසාවෙනි.

64 හැවිරිදි හේවා කණ්‌ඩම්බිගේ ආරියදාස වසර ගණනක සිට අංශ භාග රෝගයෙන් පීඩා විඳිමින් එක්‌තැන්ව සිsටියි. ඔහු රැක බලා ගනු ලබන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන 67 හැවිරිදි හේවා කණ්‌ඩම්බිගේ ලලිතාය. ඇය විවාහකය. ඇයගේ ස්‌වාමි පුරුෂයා මිය ගොස්‌ වසර කිහිපයක්‌ ගතව ඇති අතර ඇයට සිටි දරුවන් තිදෙනාද ඇය විදේශගතව සිටියදී මියගොස්‌ ඇති බව පවසයි. ඇයගේ වැඩිමහල් පුතු 88,89 භීෂණ සමයේදී අතුරුදන් වූ බව පැවසේ.
ආරියදාස දෙවිනුවර කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මීට වසර කිහිපයකට පෙර විවාහ දිවියට ඇතුළත්ව පසු කලකදී විවාහ දිවියෙන් වෙන්ව ජීවත්ව සිටියදී රෝගාතුරව එක්‌තැන් වී තිබේ. වසර ගණනාවක සිට ඔහුට පිහිට වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරියයි. වෙනත් පිළිසරණක්‌ ඔවුන්ට නැත. 67 හැවිරිදි වැඩිමහල් සහෝදරිය ද අඩු රුධිර පීඩනයෙන් පෙළෙන අතර ඇයට කෙටි දුරක්‌ පවා ඇවිද යැමට නොහැකි බව පවසයි.

මොවුන් දෙදෙනාම දැඩි ලෙස රෝගීව අසරණව සිටින අතර කිසිවකුගෙන් සරණක්‌ හිමි නොවූ බවත් ඔවුන්ගේ දිවියෙන් පැහැදිලි වෙයි.

"ඉන්න හිටින්න හරියාකාර තැනක්‌ නැති වුණාට අපට කෑමෙන් බීsමෙන් අඩුවක්‌ නැහැ. පූජා භූමියට එන බැතිමතුන් ඒ වගේම විවිධ පිංවත් පිරිස්‌ අපට කන්න බොන්න ගෙනත් දෙනවා. අංශභාගේ හැදිල එක්‌තැන් වුණු මල්ලීට රෝද පුටුවක්‌ ගෙනත් දුන්නේ කොළඹ පැත්තේ මහත්තයෙක්‌. සමහර පිංවත් පිරිස්‌ හාල් තුන පහ හැම දෙයක්‌ම ගෙනත් දෙනවා. ඒත් අපට කෑම උයාගන්න තැනක්‌ නැහැ. වැසිකිළියක්‌ නැහැ. මල්ලීට වැසිකිළි යන්න අවශ්‍ය වුණාම පිට්‌ටනියේ තියෙන පොදු මහජන වැසිකිළියට එක්‌කර ගෙන යනවා.

දැනට සමෘද්ධියෙන් ලැබෙන සුළු මුදලයි, පිං පඩියෙනුයි අපි දෙන්නා ජීවත් වෙන්නේ. වැඩිහිටි අරමුදල අපි දෙන්නට ලැබෙන්නේ නැහැ. වයස අවුරුදු 70 ට අඩු නිසා. ලෙඩක්‌ දුකක්‌ හැදුනම මාතර ඉස්‌පිරිතාලෙට යන්නවත් අතේ වියදමට මුදල් නැහැ. අපට කිසිම පිළිසරණක්‌ නැහැ.

සමාජ සුබසාධක දෙපාර්තමේන්තුවෙන් වත් වෙන රාජ්‍ය ආයතනයකින් වත් අපි ගැන සොයාබලා නැහැ. මේ ලෑලි ගෙය කොයි මොහොතක හෝ කඩා වැටිලා අපි දෙන්නවම ඒකට යට වෙලා මැරිලා යාවි. අපි දෙන්නම රෝගීන්. ජීවත් වෙනවට ජීවත් වෙනවා. අපිට ඉන්න හිටින්න වැඩිහිටි නිවාසයක්‌ හරි ලැබෙනවා නම් බොහොම පිං අයිති වෙනවා මහත්තයා. ලලිතා මහත්මිය කියා සිටියාය.

මේ අසරණයන් දෙදෙනාට යම් පිළිසරණක්‌ වීමට හැකියාවක්‌ ඇත්නම් එච්.කේ. ලලිතා, ලෑලිමඩුව, තංගල්ල පාර, දෙවිනුවර ප්‍රදේශයට පැමිණීමෙන් ඔවුන් හමුවිය හැක.

 කැකනදුර - ගයාන් දර්ශන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.