ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 6, 2017

හොරා හැංගිලා...!!! ලැජ්ජාවක් ඇත්නම් දැන්වත් රනිල් උඹ අස්වෙයං....!!!

ඇලෝසියස්‌ට ලංසු තබන්න මහ බැංකුවෙන් රහස්‌ තොරතුරු බිලියන 11ක්‌ ලාභ ලැබුවේ ඒනිසයි කොමිසමෙන් නොතීසි: භාර ගන්න ඇලෝසියස්‌ නැහැ - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී...
 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු  පිළිගත්තේය.

2015 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්‌වා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රු. බිලියන 11 ක (රු. කෝටි 1100 ක) පමණ අති විශාල අසාමාන්‍ය ලාභයක්‌ උපයාගෙන තිබුණු බවත් එම ලාභ උපයා ගැනීමට සමාගමට හැකි වූයේ අර්ජුන ඇලෝෂියස්‌  විසින් ලබාදෙන ලද එම මිල සංවේදී රහසිගත තොරතුරු සමාගමේ බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීමේ තීරණ ගැනීම සඳහා යොදාගත් නිසා බවත් සල්ගාදු  කොමිසම හමුවේ පිළිගත්තේය.
අර්ජුන් ඇලෝෂියස්‌  භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුව විසින් ලංසු පිළිගන්නා මට්‌ටම පිළිබඳව අන්තිම දශමය දක්‌වාම දැන සිටි බවත් එය ඔහු මහ බැංකුවෙන් දැනගත් බවත් කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු  කීවේය.

එසේ ලංසු පිළිගන්නා මට්‌ටම පිළිබඳ අවසාන තීරණය ගන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් පමණක්‌ බව ද විනිසුරු ජයවර්ධන ඇසූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කීවේය.
මේ අවස්‌ථාවේ මහ බැංකු අධිපතිවරයා වූයේ අර්ජුන ඇලෝෂියස්‌ගේ මාමා වන අර්ජුන මහේන්ද්‍රන්  බව ද සාක්‌ෂිකරු කීවේය.
එසේම 2016.03.29 දින සේවක අර්ථ සාධක අරමුදල විසින් ලංසු ඉදිරිපත් කරන ආකාරය අවසාන රුපියලටම අර්ජුන් ඇලෝෂියස්‌  දැන සිටි බව ද සල්ගාදු  කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
ඔහුට තොරතුරු ලබාදෙන අය එම ස්‌ථානවල සිටි බව ද සල්ගාදු  පැවසූ අතර, ඒ ඉන්දික සමන් කුමාර නේදැයි විනිසුරු ජයවර්ධන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එය සත්‍යයක්‌ බව ද සල්ගාදු  කීවේය.

එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉදිරිපත් කරන ලංසු පිළිබඳ විස්‌තර නවීන් අනුරාධ විසින් ලබාදුන් බව ද සල්ගාදු  පිළිගත්තේය.
ඇලෝෂියස්‌  විසින් තමා ලද මිල සංවේදී රහසිගත තොරතුරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට ලබාදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඒ අනුව භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි වලදී ලංසු ඉදිරිපත් කිරීමට එම අභ්‍යන්තර තොරතුරු සහ මිල සංවේදී තොරතුරු යොදාගත් බවට ද ඊයේ කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නුවන් සල්ගාදු  පිළිගත්තේය.
දුරකථනයෙන් එවැනි තොරතුරු ලබාදෙන අවස්‌ථාවක තමා අර්ජුන් ඇලෝෂියස්‌  සමඟ සිංගප්පූරුවේ සිටි බවත් එය නීති විරෝධී ක්‍රියාවක්‌ බව හැඟී ගිය නිසා තමා ඒ අවස්‌ථාවේදී අදාළ කාමරයෙන් පිටතට පැමිණි බවත් සල්ගාදු  කීවේය.

කසුන් පලිසේන සහ අර්ජුන් ඇලෝෂියස්‌ අතර සිදු වූ පටිගත කළ දුරකථන සංවාදයක්‌ ඊයේ (06 දා) කොමිසම හමුවේදී වාදනය කර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  ඒ පිළිබඳව අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සල්ගාදු  මේ බව ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.