දෙමළ සන්ධානය අපූරු යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ රට අනාගමික
කරන ලෙසයි. එසේම උතුර - නැගෙනහිර එක්කළ යුතු බවත් ඔවුහු යෝජනා
කරති. නව ව්‍යවස්ථාවෙන්ද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව
යහපාලන ආණ්ඩුව මොර දෙයි. එහෙත් අනෙක් පැත්තෙන් නව
ව්‍යවස්ථාවක් ඉල්ලා හඬා වැටෙන දෙමළ ජාතික සන්ධානය රට අනාගමික
කළ යුතු යෑයි පවසන්නේ කවර අභිප්‍රායකින් ද...? දෙමළ සන්ධානයේ
තක්කඩි යෝජනාවලට ලබා දිය යුතු පිළිතුර කුමක්ද? වසර දෙදහස්
පන්සියයක ඉතිහාසය වළදමා රට අනාගමික කිරීමට එකඟ විය හැක්කේ
කවරෙකුටද? රණවිරු ජීවිත තිස්දහසක් පුදකර ලබාගත් ජයග්‍රහණ
ආපසු හැරවිය යුතුද? උතුර නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම යනු 2009
මැයි මාසයේ සමස්ත ජාතියම ලැබූ ජයග්‍රහණ පාවාදීමක් නොවන්නේද?
නව ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනකු උනන්දුවෙන් පසුවන බව පෙනේ.
එහෙත් මේ නව ව්‍යවස්ථාව මගින් රටට යහපත කෙසේ වෙතත් අයහපත නම්
ළඟා කරන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැක. විපක්ෂනායකවරයා යෝජනා
කරන්නේ අනාගමික රටක් තුළ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ද...?
බහුතර සිංහල බෞද්ධයා කොන් කිරීම සඳහා මේ නව ව්‍යවස්ථාව
සම්පාදනය වන්නේ දැයි සැක සිතේ. සංහිඳියාව ඇතිවන්නේ රට අනාගමික
කිරීමෙන්ද...? මෙය තවත් මුළාවක්ද? වසර දහස් ගණනක සිට මෙරට
සංහිඳියාව සුරැකුනේ බෞද්ධ සංස්කෘතිය නිසාය. නමුත් බෞද්ධ
සංස්කෘතියට ඇති පූජනීය ස්ථානය බිඳ හෙළීමට දෙමළ සංධානයට ඉඩ
දිය යුතු ද? රට අනාගමික කිරීමෙන් සුළු ජනයාගේ දුක් ගැනවිලිවලට
සහායක් ලැබෙයිද? කිසිසේත්ම නැත. මානව හිමිකම් කොමසාරිස්වරයා
නම් ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පරිවර්තනය වීම වඩා වැදගත්
යෑයි සැලකිය හැක. නමුත් මෙරට බහුතර බෞද්ධයන් මෙන්ම හින්දු
ජනතාව ද ඊනියා අනාගමික රාජ්‍යයට අකැමැතිය. අනාගමික රාජ්‍යයෙන්
සිදුවන්නේ ආරක්ෂා වී ඇති ආගමික සංහිඳියාව ද විනාශ වී යැමය.
1972 ජනරජ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය.
ශ්‍රේෂ්ඨ බෞද්ධ නායිකාවක් වූ හිටපු අගමැතිනි සිරිමාවෝ
බණ්ඩාරනායක මහත්මිය මෙහි නායකත්වය ගත්තාය. බුද්ධාගමට හිමිවිය
යුතු නියම ස්ථානය ඇය ව්‍යවස්ථාව මගින් ම සහතික කළාය. ඒ
කාර්යය පිළිබඳ සමස්ත ජාතියම මේ උතුම් නායිකාවට ගරු බුහුමන් කළ
යුතුය. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? ප්‍රමුඛස්ථානය බිඳ දැමීමේ
බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය සිදුවන්නේ නව ව්‍යවස්ථාව හරහාද?
දෙමළ සන්ධානයට මෙරට ඉතිහාසය පුරාම බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව
ගැන හිත් අමාරුකම් තිබෙන්නේ ද යන්න ප්රශ්නයකි. දෙමළ සන්ධානයේ
හිතේ අමාරුකම් වේවා, කවර කනස්සලයක් වේවා ඒ සියල්ල මැකී යන්නේ
රට අනාගමික කිරීමෙන් ද? මෙය කවර විහිළුවක්ද? සම්බන්ධන්ට හෝ
සුමන්තිරන්ට අවශ්‍ය පරිදි ඉතිහාසය වෙනස් කළ යුතු නැත.
ජාත්‍යන්තර ප්‍රජාව ද ලංකාවේ නව ව්‍යවස්ථාව ගැන වඩා
උනන්දුවකින් සිටී. එහෙත් මෙරට බහුතරයට නව ව්‍යවස්ථාව ගැන
කිසිම උනන්දුවක් නැත. ඔවුනට අවශ්‍ය ජීවන බර කුමන හෝ
ක්‍රමයකින් අඩුවනු දැකීමය.
පොල්ගෙඩිය රුපියල් සියය වූ විට කුමන නව ව්‍යවස්ථාද?. එනිසාම
රට අනාගමික කිරීමේ කූට උපායන් පරාජය කිරීම වැදගත් ය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, September 26, 2017
අනාගමික කුමන්ත්‍රණ
Posted by
lankanews
at
September 26, 2017
Labels: act of buddhist, againsed sinhala buddhists, yahapalanaya
අනාගමික කුමන්ත්‍රණ
2017-09-26T17:22:00+02:00
lankanews
act of buddhist|againsed sinhala buddhists|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
