වරාය ඇමති කාලේ මුං වරාය ඉහ ගෙන කෑවා දැන් තෙල් සංස්ථාව...!!!රණතුංගලා කැබිනට් මණ්ඩලයට කොකා පෙන්වා එක මාසයකදී රටට සිදුකළ පාඩුව රු.කෝටි 108 කට වැඩියි: මෙන්න සාක්කි..!
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව
විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term
Tenders) ප්රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික
රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක්
හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි සාක්කි සහිතව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව
(SSCAPC) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂනික ඇගැයුම් කමිටුවේ (TEC)
නිර්දේශය මත පදනම්ව සැපයුම් වාර 23 ක් ඇතුලත් කාලීන/වාරික ටෙන්ඩර් 3 ක්
අනුමත කර තිබේ.
එම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ලැබී මාසයකට ආසන්න
කාලයක් ගත වී තිබියදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අදාල කැබිනට්
දැනුම් දීම (Cabinet Memoranda) මේ වන තෙක් ලබා දීමට ඇමැති අර්ජුන රණතුංග
කටයුතු කර නැත.
කාලීන/වාරික ටෙන්ඩර් 3 ප්රදානය කිරීම 2017 අගෝස්තු 23 වන විට අවසන් විය
යුතුව තිබුණු නමුත් එම ටෙන්ඩර් ප්රදානය කිරීමෙන් වැළකී ඛනිජ තෙල් සංස්ථාව
එහි සඳහන් නිෂ්පාදන සඳහා හදිසි ටෙන්ඩර් 3 ක් (Spot Tender) ප්රදානය කර
ඇත්තේ ඒ වන විටත් විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද,
කැබිනට් අනුමැතිය ලැබූ කාලීන/වාරික ටෙන්ඩර් මගින් වඩා අඩු මිලකට නිෂ්පාදන
මිලදී ගැනීමේ හැකියාව තිබියදී ය. තවත් එක් හදිසි ටෙන්ඩරයක් Ref No:
BK/71/2017 අවසන් කිරීමට නියමිතව තිබුනේ 2017 සැප් 07 වෙනිදා ය.
ඛනිජ තෙල් සංස්ථාවේ BK/65/2017, BK/69/2017 සහ BK/70/2017 යන අනුක්‍රමික
සංඛේත අංක වලින් හඳුන්වනු ලබන අගෝස්තු මාසයේ අනුමත කළ හදිසි ටෙන්ඩර් 3
හේතුවෙන් මේ වන විටත් සංස්ථාව විඳිමින් සිටින පාඩුව ඇ.ඩො. 7,064,446 . 00
කි. එනම් ඩොලර් එකක් රු. 153 ක් හුවමාරු වටිනාකම ලෙස සැලකුව හොත් රු.
1,080,860,238 ක් හෙවත් රුපියල් බිලියන එකයි මිලියන අසූවකටත් අධිකය. රු.
කෝටි 108 කට අධිකය
රණතුංග සොයුරන් කැබිනට් මණ්ඩලයටද කොකා පෙන්වමින් මෙලෙස කටයුතු කරන්නේ
අන් කිසිවක් නිසා නොව මෙම ගණුදෙනු වලින් ලැබෙන අධික කොමිස් මුදල් නිසා බව
නොරහසකි.
විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද ටෙන්ඩර් තුනෙහි
විස්තර සහ දැනටමත් ගණු දෙනු අවසන් කර පාඩු විඳින හදිසි ටෙන්ඩර 3 හි දත්ත
පහත ඉමේජයේ ඇති වගු වල දැක්වේ.
ලංකා ඊ
නිව්ස්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, September 16, 2017
මෙන්න රාජකීය පට්ට හොරු ...!!!
Posted by
lankanews
at
September 16, 2017
Labels: arjuna family, Arjuna Ranatunga, dhammika ranathunge, lankanews, Prasanna Ranatunga, ranathunga family, unp politicians, yahapalanaya
මෙන්න රාජකීය පට්ට හොරු ...!!!
2017-09-16T16:56:00+02:00
lankanews
arjuna family|Arjuna Ranatunga|dhammika ranathunge|lankanews|Prasanna Ranatunga|ranathunga family|unp politicians|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...