කාතානායක හිතුමතේ පනත් සම්මත කරනවා..- ගැටඹේ නාහිමි,
වත්මන් ආණ්ඩුවට පනතක් සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කලබලයක් මවා කථානායකයා විසින් සම්මත වූ බව කියන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.
ආණ්ඩුවේ මෝඩයින් රැල රටට කුමක් කරන්නේදැයි සිතාගන්නටත් නොහැකි යයිද එහිමියෝ කියති.
ඒකාබද්ද විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් උන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මේ බව කියා සිටියහ.
වත්මන් රජයේ මැති ඇමතිවරුන් විසින් භික්ෂූන්ට අපහාස කරන තරම් කිසිදු ආණ්ඩුවකින් අපහාස කර නැතැයිද නාහිමියෝ වැඩි දුරටත් පැවසූහ.