ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 26, 2017

මියන්මාරයෙන් පැන ආ රෝගින්‍යා සරණාගතයින් ලංකාවේ කදවුරු ගසාගනී.. බෞද්ධ සංවිධාන වටලා අල්ලයි..

 පාට පක්‍ෂ වැඩක් නැත උන්ගෙ පංගුවට බෙදන කොට හ්ම් ශබ්දයක් , විරෝධයක්  නැති  පුහු දේශපාලන අපතයන් 225 ඇති දුප්පත් රට....!!! මීටද අමතරව උන් උන් බෙදා ගන්නා ලක්‍ෂ ගණන් දීමනා රටේ අහිංසකයන් බඩගින්නේ මියැදුනද ප්‍රතික්‍ෂේප කළ ඵකෙදු නැත මහින්ද රාජපක්‍ෂගේ ,නාමල් රාජපක්‍ෂගේ ,ගම්මන්පිළගේ ,විමල් ඇතුළුව සෙසු සියලුම දේශපාළු අපතයන් ඵසේය. බොරුවෙන් වංචාවෙන් රට වාසීන් මුලා කල චම්පික රණවකද රෝහීන්‍යා ත්‍රස්තවාදී සරණාගතයන් ආපසු යැවු බැව් රට හමුවේ පැවසුවේ පසුගිය දාය.ඵහෙත් සිදුව ඇත්තේ අසාද් සාලී, රිෂාරඩ් ,හකීම් සෙට් ඵකම ඵක්වී උන් සියල්ල මේ රටේම ස්ථාපිත කොට ඇතිබව අතටම මාට්ටුවී ඇත.ආණ්ඩුවේ ඇමතිවරුන් ඇතුලු බලධාරීන් පසුගියා දා සහතික කර කියා සිටියේ කිසිදු රෝගින්‍යා සරණාගතයෙක් ශ‍්‍රී ලංකාව තුල නැති බවයි.මේ ඒ පිළිබඳවයි..
මියන්මාරයේ මේ දිනවල ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙමරට නීති විරෝධී ලෙස ඇතුළු වී තිබෙන රොහින්ග්‍යා සංක්‍රමණිකයන් 31 දෙනෙකු ගල්කිස්ස ප‍්‍රදේශයෙන් හමුව තිබේ.
මෙම පිරිස සොයාගෙන ඇත්තේ භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් විසින් එහි ගොස් කල සෝදිසි කිරීම්වලදීය.[Video]

මහනායකලා දන්නෙ ගෑණුන්ගෙ රෙද්ද ගලවන්න විතරයි..-!!!

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමවාසී පූජ්‍ය සිරි සමන්තභද‍්‍ර  විසින් මහනුවරදී පැවැත්වූ ධර්ම දේශනාවකදී මහනායක හිමිවරුන්ගේ භාවිතය පිලිබදව දැඩිව විවේචනයට ලක් කලේය.දේශපාලන තක්කඩීන්ට පිරිත් නූල් ගැට ගසන්නටත් ගෑණුන්ගේ චීත්ත උස්සන්නත් , ඉස්මුරුත්තාව හැදෙන තුරු ආහාර බුදින්නටත් පමණක් සිටින මහානායක හොරු රංචුව ගැන අභීත හෙළිදරව්වක් කළ සමන්ත භද්‍ර උන්නැහේට අපගේ ස්තූතිය.සමන්ත භද්‍රගේ මසුරන් කථාව....!!! වීඩියෝ

අනාගමික කුමන්ත්‍රණ

දෙමළ සන්ධානය අපූරු යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත. ඒ රට අනාගමික කරන ලෙසයි. එසේම උතුර - නැගෙනහිර එක්‌කළ යුතු බවත් ඔවුහු යෝජනා කරති. නව ව්‍යවස්‌ථාවෙන්ද බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන බව යහපාලන ආණ්‌ඩුව මොර දෙයි. එහෙත් අනෙක්‌ පැත්තෙන් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලා හඬා වැටෙන දෙමළ ජාතික සන්ධානය රට අනාගමික කළ යුතු යෑයි පවසන්නේ කවර අභිප්‍රායකින් ද...? දෙමළ සන්ධානයේ තක්‌කඩි යෝජනාවලට ලබා දිය යුතු පිළිතුර කුමක්‌ද? වසර දෙදහස්‌ පන්සියයක ඉතිහාසය වළදමා රට අනාගමික කිරීමට එකඟ විය හැක්‌කේ කවරෙකුටද? රණවිරු ජීවිත තිස්‌දහසක්‌ පුදකර ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවිය යුතුද? උතුර නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම යනු 2009 මැයි මාසයේ සමස්‌ත ජාතියම ලැබූ ජයග්‍රහණ පාවාදීමක්‌ නොවන්නේද? නව ව්‍යවස්‌ථාව ගැන බොහෝ දෙනකු උනන්දුවෙන් පසුවන බව පෙනේ. එහෙත් මේ නව ව්‍යවස්‌ථාව මගින් රටට යහපත කෙසේ වෙතත් අයහපත නම් ළඟා කරන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැක. විපක්‍ෂනායකවරයා යෝජනා කරන්නේ අනාගමික රටක්‌ තුළ ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ ද...?

Monday, September 25, 2017

ජනාධිපති දෝණීට සහ බෑණාට හතර මහා නිධානයක්...!!! කෝටි හාරදහසක අති විශාල ජයමල්ලක්...!!!

රුසියාවෙන් පැරණි යුද නැවක් මිලට ගනී.. ගණුදෙනුවෙන් ජනාධිපති බෑණාට කෝටි හාරදහසක දැවැන්ත කොමිස් චෝදනාවක් එල්ල වේ..!!!


 දස වසරක් පැරණි රුසියානු යුද නැවක් හා පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් හරහා රුපියල් කෝටි දහස් ගණනක වංචාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ බෑණනුවන් හා සිරස මාධ්‍ය ආයතතනයේ හිමිකරු එක්ව සිදු කරන බවට වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.
මෙම ගණුදෙනුවෙන් රටට රුපියල් 13,464 ක් අලාබ සිදුවන බවත් ජනාධිපති බෑණා ඇතුළු අතරමැදියන් අතට ඉන් කෝටි 4039 බෙදී යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.

Sunday, September 24, 2017

යුද අපරාධ වූ බවට ෆොන්සේකා සාක්‍ෂියි..

 ශ‍්‍රී ලංකාවට යුධ අපරාධ අධිකරණයක් ජිනීවාහිදී යෝජනා කෙරේ…!!!


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ශ‍්‍රී ලංකා රජයේ හමුදාවන් යුද අපරා කර ඇතැයි ප‍්‍රකාශ කර ඇති නිසා එම යුධ අපරාධ ගැන පරීක්‍ෂණ කිරීමට ජාත්‍යන්තර අධිකරණයක උවමනා බව උතුරු පළාත් සභාවේ මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් ජිනීවා මානව හිමිකම් කවුසලය අමතමින් පැවසීය.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා නිලධාරීන් 30 දෙනෙකු විසින් යුධ අපරාධ කර ඇති බවටද තොරතුරු ඇති බව කී මන්ත‍්‍රීවරයා යුධ අපරාධ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැුසක් පවතින බව සරත් ෆොන්සේකා විසින් සදහන් කර ඇති බවද කියා සිටියේය.video

කාලකණ්නි හොර කරුප්පයියා අහිංසක ජනතාවගේ කෑම වේලට ගැසූ බදු....!!!

සහල්, පොල්, බීලූනු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළයැම නිසා මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.
මේ වන විට සාමාන්‍ය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 දක්‌වාද, පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්‌වාද, අල කිලෝව රුපියල් 180 දක්‌වාද බී ලූනු කිලෝව රුපියල් 160-180 දක්‌වාද ඉහළ ගොස්‌ තිබේ.
මීට අමතරව දරුවන්ගේ පෝෂණයට බලපාන ආහාර රැසකටද රජය අධික බදු අය කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවකට රජය විසින් පනවා ඇති අධික බදු මෙම මිල ඉහළයැම්වලට සෘජුවම බලපා තිබේ.

පිං පඩි කාරයන් ඩයස්‌පෝරා කුක්‌කන්ට ශ්‍රී ලංකාව පාවා දෙයි...!!! දේශද්‍රෝහී බැල්ලියක් වන නිමල්කා පෙරමුණේ....!!!

දේශප්‍රේමීන්ගේ අභියෝග මැද්දෙන් ජිනීවා සටන ඇරඹෙයි


ජිනීවා නුවරදී ආරම්භ වූ 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව ගෙන යන සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත්වී ඇත. මෙතෙක්‌ කල් කොටි හිතවාදී සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කළත් ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දැක්‌වීමට ඉදිරිපත් වූයේ නැත. මේ නිසා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශප්‍රේමීහු එම අභියෝගය භාර ගත්හ. ඉන් සිදු වූයේ කොටි මිනීමරුවන්ගේ යුද අපරාධ මානව හිමිකම් සමුළුව තුළ හෙළි වීමයි.

රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ මෙහෙයවීමෙන් යුත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සැප්තැම්බර් 25 දා කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ජිනීවා සටන දියත් කර ඇත. එහිදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එක්‌ව මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ ජිනීවා යෝජනාවේ නීsත්‍යනුකූලභාවය ගැන අභියෝග කෙරේ. මෙතෙක්‌ මානව හිමිකම් සමුළුව තුළ ජිනීවා යෝජනාවට අභියෝගයක්‌ එල්ල වූයේ නැත.

ඒ වෙනුවට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ජිනීවා යෝජනාව පිළිගෙන ඊට සම අනුග්‍රහය දැක්‌වීමට ඉදිරිපත් විය. මේ අන්දමට ඇමරිකානු හමුදා ඉරාකයේ යුද අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල වුවත් ඇමරිකාව ජිනීවා යෝජනාවක්‌ ගෙන ඒමට ක්‍රියා කළේ නැත.

ආණ්ඩුවේ මෝඩයින් රැල රටට කරන දේ සිතාගන්නත් බෑ..!!!

කාතානායක හිතුමතේ පනත් සම්මත කරනවා..- ගැටඹේ නාහිමි,


 වත්මන් ආණ්ඩුවට පනතක් සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කලබලයක් මවා කථානායකයා විසින් සම්මත වූ බව කියන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

දෙමල ජාතිවාදීන් වෙනුවෙන් රටම නොමග යවයි.. !!!

ව්‍යවස්ථා අතුරු වාර්තාව සිංහල බුද්ධිමතුන් කොනක සිට පට්ටා ගසයි.. සැගවුණු උගුල...!!!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් බව පෙන්වා දෙමින් ආචාර්ය චන්න ජයසුමන  සිය facebook ගිණුමේ පල කර තිබු ලිපිය පහත දැක්වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් 21 දෙනෙකි. වාර්තාවේ මාතෘකා 12 ඔස්සේ කරුණු දක්වා ඇත. සිංහල පිටපතේ පිටු 85 කි. යහපාලන රජය ඉදිරිපත් කරන නව ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථා සංශෝධනයේ හැඩරුව පිලිබඳ මෙම වාර්තාව මගින් අවබෝධයක් ලැබිය හැකිය. වාර්තාවේ 12 වන පරිච්ජේදය වෙන් කර ඇත්තේ මෙහෙයුම් කමිටු සාමාජිකයන් සිය පක්ෂයේ අදහස දක්වමින් ඉදිරිපත් කර තිබූ ලිපි කිහිපයක් වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂය හැරුණු විට මෙහෙයුම් කමිටුව නියෝජනය කළ සියලු පක්ෂ තම පක්ෂයේ අදහස් වෙන් වෙන් වශයෙන් දක්වා තිබීමත් ශ්‍රීලනිප, ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, ජාහෙඋ දක්වා තිබූ අදහස් එතරම් තැකීමකට ලක් නොකර අතුරු වාර්තාව ඉදිරිපත් කර තිබීමත් නිසා මේ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ අදහස ලෙස සැලකීම වැරදි නොවේ. එහි දක්වා ඇති කරුණුවලට අනුකුලතාවක් දක්වා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සහ ජයම්පති වික්‍රමරත්න  පමණි. රිෂාඩ් බද්යුදීන්ගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, රාවුෆ් හකීම් ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී ය මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඇතැම් කරුණු සමග එකඟ නැත.

අර්ජුනට දප්පුල හමුවෙයි..

අල්ලස්‌ කොමිසමට අර්ජුන මහේන්ද්‍රන් ලබාදුන් සාක්‌ෂියෙනි
"මා ඩුබායි රටේ රැකියාවක නිරතව සිටියදී 2015 ජනවාරි 9 දින හෝ ඊට ආසන්න දිනක රනිල් වික්‍රමසිංහ  දුරකථනයෙන් විමසා සිටියා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ හැකි ද කියා."

බැඳුම්කර ජනධිපති කොමිසමේ ශාක්‌ෂි දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්‌ සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාගේම (මාමා සහ බෑනාගේ) නීතිඥයන් කියා සිටි එක්‌ පොදු කරුණක්‌ වූයේ මේ දෙදෙනාටම ශාක්‌ෂි දීම සඳහා බල කිරීමට බැඳුම්කර ජනාධිපති කොමිසමට නොහැකි බවයි. ඒ සඳහා ඔවුන්ගේ නීතිඥයන් කොමිසමට කරුණු දැක්‌වූ අතර එහිදී ඔවුන්ගෙන් අර්ජුන් ඇලෝසියස්‌ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන  කීවේ තම උපදෙස්‌ මත ඇලෝසියස්‌  කොමිසම හමුවේ ශාක්‌ෂි නොදෙන බවයි. බෑනාගේ නීතිඥයා එසේ කියද්දී අර්ජුන මහේන්ද්‍රන්ගේ (මාමාගේ) නීතිඥයා කීවේ මහේන්ද්‍රන්  ශාක්‌ෂි දීමට බැඳී නැතත් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා ඔහු ශාක්‌ෂි දෙන බවයි. ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන්  ඉකුත් සැප්තැම්බර් 19 වැනිදා කොමිසම හමුවේ ශාක්‌ෂි දුන්නේය.

ඇලෝෂියස් සාක්‍ෂි නොදී සිටීමෙන් බැදුම්කර හොරු හැංගෙයි.. !!! RW, RK කියන්නේ කවුදැයි රටම දනී..!!!

අර්ජුන් අලෝෂියස් සාක්‍ෂි නොදී සිටීමෙන් බැදුම්කර මගඩියට සම්බන්ධ පුද්ගලයින් රැුසක් හෙලි නොවීමේ තත්වයක් මතුව ඇති බව සිරස රූපවාහිනයේ පැතිකඩ වැඩසටහනේදී හෙලි කලේය. VIDEO

බුද්ධ කාලීන සැබෑ බුදු දහම කුමක්ද?

බුදු දහම දැන් වසර ආසන්න වශයෙන් වසර දෙදහස් හයසීයක් තරම් පැරණිය.එහි ආරම්භක වකවානු තුළ පැවති ස්වරූපය කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකිය.නමුත් අද පවතිනුයේ එදා බුදුන් ජීවත්ව වැඩ වසන සමයෙහි පැවති උන්වහන්සේගේ ඉගැන්වීම් බව අපි විශ්වාස කරන්නෙමු.පාරම්පරික බුදු දහම එසේ නැතහොත් ථේරවාදී සම්ප්‍රදාය දිගු කාලයක් තිස්සේ ජනප්‍රජාවගේ හදවත්තුළට රිංගවා ඇති අදහසේ හරය එයයි.කාලයක් තිස්සේ නිවැරදි දේ වශයෙන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව මේ සියළුම පිළිගැනීම් ඒ අයුරින්ම මේ දක්වා අපි පවත්වාගෙන පැමිණෙන්නෙමු.එහි හරි වැරැද්ද කිසිදු ප්‍රශ්නකිරීමකින් තොරව අපි සියලු දෙනා ඒකමතිකව ගතානුගතිකව විශ්වාස කරන්නෙමු.ඊට පටහැනි වූ සියලු මතවාද ප්‍රකාශ කිරීම පමණක් නොව එසේ සිතීම පවා අවීචි මහනිරයේ හෙලන මට්ටමේ ආනන්තරිය පව්කමක් තරමට ප්‍රබල යැයි අපි අන්ධ ලෙස විශ්වාස කරන්නෙමු.ඔබ අයත් මේ සමාජකුලකයටම මමද අයත් වෙමි. පාරම්පරිකව හොඳ සිංහල බෞද්ධ දෙමාපිය පරපුරකින් පැවත එන බැවින් මමද ඔබ මෙන්ම බුදු දහමේ සාම්ප්‍රදායික මතවාද,විශ්වාසපිළිගත් කාලයක් තිබිණ.නමුදු සාම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනයෙන්ද බටහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයද විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබූ පුහුණුවද නිසා සාම්ප්‍රදායික ගැතිබවින් නිදහස්ව විචාරපූර්වක ආකල්පයකින් ඒ පිළිබඳව සිතීමට මට හැකියාවක් ලැබිණ.බුදු දහමේ ආදී කාලීන හැඩතල පිළිබඳව පර්යේෂණවල නියැලීමට අද මට කදිම පිටිවහලක්ව ඇත්තේ ඒ කරුණයි.

Saturday, September 23, 2017

අල්බාතර නමින් පාලි සංදේශ සාහිත්‍යයට එකතු වුණ නවතම ග්‍රන්ථය...!!!

රුහුණු විශ්වවිද්‍යාලයෙන් බිහිකළ අල්බාතර සොයා ගියෙමි
උපුල්වෙහෙරේ ධම්මාවාස භික්ෂු....
පාලි සාහිත්‍යයේ වර්ග කිරීම් අතරේ නූතන පාලි සාහිත්‍යය සැළකෙන්නේ ප්‍රකරණ කෘති වශයෙනි. වංශකථා ඇතුළු සාහිතයාංග කිහිපයක් මීට ඇතුළත්ය. පාලි සන්දේශ සාහිත්‍යාංගය ඉන් එකකි. පාලි සාහිත්‍යයේ සන්දේශ කෘති හෙවත් දීර්ඝ කාව්‍ය වශයෙන් සන්දේශ ලියැවුණු අවස්ථා මෙන්ම කෙටි සංදේශ (ගාථා 1ත් 6ත් අතර වැනි ඉතා කුඩා ලේඛන) ද දක්නට ඇත. දීර්ඝ සන්දේශ කෘතියක් වශයෙන් ගැනෙන පාලි සන්දේශ සාහිත්‍යයේ නවතම මෙන්ම පස්වන (05) පාලි සන්දේශය 2017 වසරේ එළි දකින්නේ “අල්බාතර සංදේසො” යන නමිනි. මීට පෙර ලියැවුණු පාලි සන්දේශ වන්නේ මහා නාගකුල (12 වන සියවස), වුත්තමාලා සතක (15 වන සියවස), සිරි රාම (19 වන සියවස), සහ ගරුළ සන්දේශය (20 වන සියවස) යි. ඒ අනුව 21 වන සියවසේ ලියැවුණු පළමු පාලි සන්දේශ කෘතිය වශයෙන් අල්බාතර සන්දේශය හැඳින්විය හැකිය. අල්බාතර නාමය පාලි භාෂාවට එකතු වන අභිනව නාම පදයකි. එය ‘අල්බාතර සංදෙසො’ නම් පාලි සංදේශ කාව්‍යයත් සමග පාලියට එක් වේ. එසේමැයි, අල්බාතර යන නාම බැලූ බැල්මට අරාබි වදනක් සේ පෙනෙයි. මන්ද ‘අල්’ පූර්වයෙන් තබා නිර්මිත වචන සම්පූර්ණයෙන්ම පාහේ අරාබි භාෂාවෙහි භාවිත බැවිනි. සැබෑවටම අල්බාතර යන වචනයේ උප්පත්තිය සලකුණු වන්නේ අරාබි භාෂාවෙහිය. එය කරවැල් කොකා, ඔටුමානා හෝ කිමිඳෙන්නා යන අර්ථ සංගෘහිත ‘al-câdous’ හෝ ‘al-ġaţţās’ යන අරාබි වචනයන් තුළින් විශාල මුහුදු පක්ෂියා ("gannet") යන අර්ථය දෙමින් ‘alcatraz’’ ලෙසට පෘතුග්‍රීසි භාෂාවට පෙරළු වචනයකි. පසුව එකී අල්බාතර වචනය Albatross ලෙසට ඉංග්‍රීසි භාෂාව තුළ සංග්‍රහ කරනු ලැබේ. මෙසේ “Albatross” ලෙසට ඉංග්‍රීසි භාෂාවේ භාවිත වචනයේ පාලි ඌරුව ලෙසට අල්බාතර යන්න සළකා තිබේ. මෙය “English” යන වචනය පාලියෙහි “ආංගලි” වශයෙන් සිටින්නාක් මෙනි.

බැඳුම්කර කොමිසමේ නොමිලේ කරන අමිල සේවය සහ රටේ මුදල් සොරා කෑ පාදඩයන්ගේ මුදලින් යැපෙන දේශද්‍රෝහීන් ගේ කෙරුවාව...!!!

අර්ජුනගෙන් මුදල් ගෙන ඔහුගේ උපදෙස්‌ මත රොමේෂ් ද සිල්වා කළ ප්‍රකාශය ගැන කනගාටුයි...!!!
ජාතිය වෙනුවෙන් කළයුතු යුතුකමක්‌ සේ සලකා නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් කොමිසමට සහාය දෙන්නේ කිසිදු මුදලක්‌ ලබා නොගෙනයි...
අතිරේක සොලිසිටර්¨ ජෙනරාල් යසන්ත කෝදාගොඩ
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ට එදිනෙදා පැවරී ඇති රාජකාරි කටයුතුවලට සහ වගකීම්වලට අමතරව මෙම කොමිසමට සහය වන්නේ අමතර සේවාවන්හි යෙදෙන රජයේ නිලධාරීන්ට ගෙවනු ලබන අතිරේක මාසික දීමනාව පවා ලබා ගන්නේ නැතිව බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  (22 වැනිදා) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.
එම දීමනාව ලබාගැනීමෙන් වැළකීමට නීතිපතිගේ කණ්‌ඩායම සියලු දෙනාම ඉකුත් මාර්තු මාසයේදී තීරණය කළ බව ද එම කණ්‌ඩායමේ ප්‍රධානියා වන අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ  කීය.
මේ වන විට සියලු තොරතුරු හෙළිවී ඇති විශාලම මුදල් සොරකම එසේ නොවේ නම් නිදහස්‌ ලංකාවේ සිදුවූ විශාලම මූල්‍ය වංචාව ගැන කරනු ලබන විමර්ශනවලට ස්‌වෙච්ඡාවෙන් සහය වීම කාලෝචිත වූත් ජාතිය වෙනුවෙන් ඉටුවිය යුතු රාජකාරි යුතුකමක්‌ ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු විශ්වාස කරනවා.

අමනයන්ගේ ගිනස් මඟුල....!!!

නුවර පාරේ මහ මගුලක්.. මනමාලිගේ රෙද්ද උස්සන්න  පාසල් ළමුන් 250 යොදවයි..


කිලෝ මීටර 3.2ක් දිග සාරි පොටක් සහිත ඔසරිය මනාලිය අදිමින්  මහනුවරදී තරුණ යුවලක් විවාහ වූහ. මෙය ලොව දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.
මෙම සාරි පොට ගෙන එනු ලැබුවේ ලොරියක පටවා වන අතර කිලෝ මීටර් 3.2ක් දුරට රදවා සිටි පාසැල් සිසු සිසුවියන් 250ක් විසින් එය අල්ලාගෙන සිටියහ.
සජිනි ප්‍රියංගිකා මනාලියගේ මෙම ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබුවේ ගිනස් වාර්තා නිරීක්‍ෂණ කමිටුයට නිරීක්‍ෂණය කිරීමටයි.
මල් කුමාරියන් 40ක් සහිතව පැවති මෙම විවාහ මංගල උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකද එක්ව සිටියේය.වීඩියෝ

Wednesday, September 20, 2017

වළත්ත වෙසමුණි වෙල් විදානේ ගරුතර සංඝරත්නය හෑල්ලු කරයි....!!!

මෙතෙක් පැවති කිසිම රජයක් නොකළ අයුරු අපේ රටේ ගරුතර සංඝරත්නයට ඵළිපිටම අපහාස කරන පාහරයන් රැසක් මේ වන විට පවතින මේ ජරා ජීර්ණ අපත රජයේ සිටිති.රන්ජන් රාමණායක වැනි ,රාජිත ,ලක්‍ෂ්මන් කිරිඇල්ල ,සරත් ෆොන්සෙකා ,අකිල විරාජ් , වැනි ඒ නිවට පාදඩ සුණඛයන්ට අපගේ විරෝධයද පළකරමු.අපගේ රට, ජාතිය ,ආගමට ඵරෙහිවන ඕනෑම පාහරයෙකුට ඌගේ තරා තිරම නොබලා අප විරුද්ධ වෙමු.
 ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා දැමීම සදහා මුදල් එකතු කිරීමට අද දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල සංඝයා වහන්සේලාට පිරිසක් විසින් සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් ආදියෙන් පාත්තර පිරවීමට ගත් ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.
ඔවුන් ඇමති සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් යයි ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයින් චෝදනා එල්ල කරයි.වීඩියෝ සහිතයි

සරල යැයි කියා ගන්නා සිරා තම කෝටිපති දියණිය චතුරිකා UN ගෙන යයි...!!!

අපමණ අගයක් මෛත්‍රී යුගයක්....!!! හික්ස්

ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 72වන සමුළුවට සහභාගී වීම සදහා ශ‍්‍රි ලංකා මෛත‍්‍රීපාල සිරිසේන  සහ දූත පිරිසක් සහභාගී වී සිටී.
එම ධුත පිරිස අතර ජනාධිපති ආර්යාව හා දියණිය චතුරිකා සිරිසේනද වෙයි.

Saturday, September 16, 2017

කෝටිපති චතුරිකා සරළ තාත්තා ගැන ලියාගෙන තමුන්ගේ නම දමා ගත් ග්‍රන්ථ රාජයා...!!! හික්ස්

දන්නවද අවුරුදු දෙක හමාරක් වැනි සුලු කාලයක්තුල මෙම දියණිය කෝටි පතිණියෙක් වුනේ කෙසේද කියල...?
 තාත්තා ජනාදිපති උන ගමන් කෝට් 150 ක  එපාර්ට්මන්ට් එකක් ගත්තේ කෙසේද...!!!

තමන් මියයන තුරා සමාජ සේවිකාවක් ලෙස පමණක් කටයුතු කරන බවත් කිසිදාක දේශපාලනයට නොඑන බවත් ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන  පවසයි. කොළඹදී පැවති ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් ඇය මේ බව කියා සිටියාය.
 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත (15) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එලි දැක්වීය.
මෙම පොත සම්බන්ධයෙන් ප්‍රචාරක වීඩියෝ දැන්වීම් පමණක් 6 ක් ඇයට අයත් දැන්වීම් සමාගම් විසින් නිමවා තිබේ. ඒ දැන්වීම් වලින් දැක්වෙන්නේ පරස්පර විරෝධී මතයන්ය. එකකින් පවසන්නේ මෙය චතුරිකා සිරිසේනගේ ස්වයං ආත්ම ප්‍රකාශනය බවයි. තවත් එකකින් පවසන්නේ මෙය ජනාධිපතිවරයාගේ ජීවිත කතාව බවයි. කෙසේ වෙතත් මෙම පොත එලිදැක්වීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී මහාරාජාගේ රූපවාහිනී චැනලයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ චතුරිකාගේ ප්‍රකාශ වලින් අපට තේරුම් ගත හැකි වූයේ ඇය බොහෝ සිංහල වදන් වල නියමාකාර අර්ථ නොදන්නා බවයි. ඊට උදාහරණ රැසකි. ඇය ‘දෝලනය‘ වන වචනය නිතර භාවිතා කළ නමුත් එය බොහෝ විට යෙදුවේ වැරදි අවස්ථාවන් සඳහා ය.  ‘චරිතාපදානය‘ යන වචනය පවා ඇය දන්නේ නැත. ඇය ඒ වෙනුවට පැවසුවේ ‘චරිතප්‍රධානය‘ කියා ය. සිංහල බස නිවැරදිව හසුරුවන තාත්තා විසින් කියවා ඇති ගෙදර තිබෙන පත පොතවත් ඇය පරිශීලනය කර නැති බව මොනවට පෙණින.
මේ නිසා නිසි ලෙස සරල සිංහල වචන වල අරුත් පවා නොදන්නා චතුරිකා විසින්ම මේ පොත ලීවේ දැයි සැක පහල වූ බැවින්  ඒ පිලිබඳව සොයා බැලීමට තීරණය කෙළේය.

මෙන්න රාජකීය පට්ට හොරු ...!!!

වරාය ඇමති කාලේ මුං වරාය ඉහ ගෙන කෑවා දැන් තෙල් සංස්ථාව...!!!රණතුංගලා කැබිනට් මණ්ඩලයට කොකා පෙන්වා එක මාසයකදී රටට සිදුකළ පාඩුව රු.කෝටි 108 කට වැඩියි: මෙන්න සාක්කි..!
 කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද සැපයුම් කරුවන් වෙත කාලීන / වාරික ටෙන්ඩර (Term Tenders) ප්‍රදානය නොකිරීමෙන් ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු ධම්මික රණතුංග විසින් පසුගිය අගෝස්තු මාසයේ දී පමණක් රටට රුපියල් කෝටි 108 ක් හෙවත් රු. බිලියන 1 යි මිලියන 80 කට අධික අලාභයක් සිදු කර ඇතැයි සාක්කි සහිතව වාර්තා වේ. 
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව (SSCAPC) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තාක්ෂනික ඇගැයුම් කමිටුවේ (TEC) නිර්දේශය මත පදනම්ව සැපයුම් වාර 23 ක් ඇතුලත් කාලීන/වාරික ටෙන්ඩර් 3 ක් අනුමත කර තිබේ.
එම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ලැබී මාසයකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අදාල කැබිනට් දැනුම් දීම (Cabinet Memoranda) මේ වන තෙක් ලබා දීමට ඇමැති අර්ජුන රණතුංග කටයුතු කර නැත. 

Sunday, September 10, 2017

අළුත්ම සුඛෝපභෝගී වන්ඩියෙන් අහිංසකයන් දෙදෙනෙකු යට කොට පළා ගිය සරල සිරාගේ සහෝදර මිනීමරුවා දැලේ...!!!

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගම්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අද (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ලාල් සිරිසේන  පොලොන්නරුව මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න  සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්විය.වීඩියෝ

දාගැබ කඩා එහි නිදන් වස්තු සොරා ගනි….CCTV පද්ධතියත් කඩලා…දඹ රණ් පිළිමය නුලෙන් බේරේ… !!!

විහාරවාසි හිමියන් සහ සේවකයාගේ ප‍්‍රකාශ පරස්පරයි...!!! 


 පුරා විද්‍යා දෙපර්තෙමින්තුව මගින් සංරක්‍ෂණය කර ඇති මල්වත්ත විහාරස්ථානයට අයත් වසර එක්දහස් හතලිස් හතරක් (1044) ඉපැරණි පුඩළුඔය කලපිටිය පුසුල්පිටිය රජමහා විහාරස්ථානයේ දාගැබ කඩා එහි තැන්පත් කර තිබු නිදන් වස්තු කිසියමි පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව පුඩළුඔය පොලිසිය පවසනවා.
ඊයේ (03.08) රාති‍්‍ර 9.00 ට පමණ එම විහාරස්ථානයට පැමිණි සිවිදෙනෙකු විසින් එහි විහාර වාසි හේවාවිස්සගේ පියනන්ද හිමියන්ව සහ එහි සේවකයෙකුව ගැටගසා එම විහාරස්ථානයේ දාගැබ කඩා එහි තුල වු නිදන් වස්තුද සොරා ගෙන ඇති අතර එම විහාරස්ථානයේ සවිකර තිබු සි.සි.ටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩා උපකරණය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා.

Saturday, September 9, 2017

ආණ්ඩුවේ ණය අඩුකරගන්න මහනුවර ජපානයට විකුණයි

ආණ්ඩුව මේ වනවිට හිර වී සිටින ණය උගුලෙන් බේරීම සඳහා මහනුවර නගරයේ ඓතිහාසික ස්ථාන රැසක් හා ව්‍යාපාරික ආයෝජන සඳහා ඉඩම් ලබා දීමට ශ්‍රී ලංකා රජය සහ ජපාන සමාගමක් අතර එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම කරුණු තහවුරු කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ  මහනුවර පැවති රැස්වීමක් අමතමින් චීන සමාගමකට හම්බන්තොට වරාය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත් මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යාපාර ඇරඹීම සඳහා ජපානය මේ වනවිටත් කැමැත්ත පළ කර ඇති බවත් කියා සිටියේ ය.

Friday, September 8, 2017

පිළියන්දල බෙලෙක් බාස්ගේ පිහිටෙන් ඇරඹූ ලංකාවේ ප‍්‍ර‍්‍රථම රූපවාහිනී සේවය


ශ්‍රී ලංකාවේ අද සෑම නිවෙසකම ආලින්දය බදුගෙන ඇති මෙවලමක් නම් ටෙලිවිෂනයයි. එයට සිංහලයෙන් ‘‘රූපවාහිනිය’’ කියාත් සාමාන්‍ය කට වහරේ ‘රූප පෙට්ටිය’ කියාත් පවසනු ලැබේ. රූපවාහිනිය එන්නට පෙර යුගයේ නිවෙසට අමුත්තන් පිරිසක් ආ විට තේ පැනින් සංග‍්‍රහ කොට ආගිය තොරතුරු විචාලීම සිරිතයි. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. පැමිණි අමුත්තාද තෑගි බෝග ද තැන්තැන්වල තිබෙද්දී අමුත්තාත් ගෙදර කට්ටියත් හැලහොල්මනක් නැතිව රූපවාහිනිය බැලීම අද ප‍්‍රවනතාව වී ඇත.
මේ වසරට ලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කොට වසර 37ක් සම්පූර්ණ වුවද ලංකාවේ රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමේ මුල්ම ආරංචිය හැටේ දශකයේ ඩඞ්ලි සේනානායක යුගය තෙක් දිව යන්නකි.
ඩඞ්ලි යුගයේ ජර්මනියෙන් ලංකාවට ‘ටැලිවිෂන් සේවයක්’ ලැබෙන්නට යන බව එදා සිංහල පුවත්පත් වාර්තා කරද්දී සිංහල පාඨකයන්ට ‘ටැලිවිෂනය’ යනු කුමක්දැයි ප‍්‍රශ්නාර්ථයක් විය. ‘කොළඹින් කතාකළ’ කොළඹගේ මහතාගේ රේඩියෝ සිලොන් ගැන පොදු ජනයා දැන සිටියත් ‘ටෙලිවිෂනය’ ඔවුනට ආගන්තුක විය.

අපතයන්ගේ කෑම වේල් මිළ ගණන් දන්නවාද....?

පාර්ලිමේන්තුවේ කෑම මිළ වැඩි කරයි ...!!!
එදිනෙදා සාමාන්‍ය ජනතාවගේ කෑම බීම වල මිල ගණන් ඉහල පහල යන එක ගැන හැමෝටම අසන්නට ලැබුනත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ගේ කෑම බීම සහ එයට දරන වියදම ගැන අහලා නැහැ සහ ඇහුවොත් පුදුම වෙයි. කෙසේ නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වල මිල ගණන් වල වෙනසක් සිදුකර තිබෙනවා.
කථානායක කරුජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයක් අනුවය. මෙලෙස මිල වැඩිකිරීමක් කර ඇත්තේ වසර 8 කට පසු වීම විශේෂත්වයක්. ඒ අනුව නව මිල දර්ශකය නම්,

Thursday, September 7, 2017

දයාගමගේ ප්‍රමුඛ ගමගේ සහ පවුල් සමාගම එජාපයට පිළිලයක් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සම්පාදකයෙකු, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ප්‍රධාන ගමගේ පවුල් සමාගම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පිළිලයක් වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ගමගේ සහ පවුල් සමාගම තම මුදල් පක්ෂය වෙනුවෙන් වැය කරන බව පවසමින් එම පක්ෂයට තම පවුලේ ග්‍රහණයට ගෙන තම පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමේ සැලසුමක නිරතව සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවල අනූව පක්ෂය තුළ පවුල් සමාගම් ගොඩ නැඟීම සපුරා තහනම් වන අතර එහෙත් එය කඩ කරමින් දයා ගමගේ තම බිරිඳ වන අනෝමා ගමගේවද එජාපයේ ජාතික ලැයිස්තුවෙන්ම පාර්ලිමේන්තුවට රිංගවා ගත්තේය. එවැන්නක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු නොකළ දෙයක් වන අතර එය දයා ගමගේ සිදුකළේ තමා පක්ෂය වෙනුවෙන් කරන වියදම් වලට හිලව් කරගැනීම සඳහා බවත් සඳහන්. මෙයට එජාපයේම පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් අවස්ථා කිහිපයකදී එජාප නායක සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තම විරෝධයද දක්වා ඇත.

ඇත්ත ඇති සැටියෙන්...!!!

ගිය සතියේ දින කිහිපයකට සරණ ගුණවර්ධන හිරේ දැම්මා ඌව කෙළින්ම ඵක්කන් ගියේ රෝහලකට හිරේ දාන්නෙ ඔබ අප වැනි අහිංසක ජනතාව විතරයි .උන්ගෙ පාදඩ දේශපාලන  පැළැන්තියෙ නම් මොන පක්‍ෂ පාටක් උනත් දින  සති කිහිපයකින් ඇප.උන්ගෙ මල්ලට ලක්‍ෂ  ගණන් වැටෙනකොට ඵපා කියපු ඵක මන්ත්‍රී පරයෙක් ඉන්නවද...? ජනතාවනි යථාර්තය ඵයයි .ජෙප්පො වේවා හොර ඒකාබද්ධයේ වේවා මුන් සේරම පට්ට හොරු...!!!
 මන්ත්‍රී කාර්යාල දීමනාව සඳහා කෝටි
13 1/2 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්‌ෂයක මාසික දීමනාවක්‌ ලබාදීමට රුපියල් දහතුන් කෝටි හතළිස්‌ හතර ලක්‌ෂයක්‌ ඉල්ලා පාර්ලිමේන්තුවට  (06 දා) පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කෙරිණි. සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල  මෙම පරිපූරකය ගෙන ආවේය.

Wednesday, September 6, 2017

හොරා හැංගිලා...!!! ලැජ්ජාවක් ඇත්නම් දැන්වත් රනිල් උඹ අස්වෙයං....!!!

ඇලෝසියස්‌ට ලංසු තබන්න මහ බැංකුවෙන් රහස්‌ තොරතුරු බිලියන 11ක්‌ ලාභ ලැබුවේ ඒනිසයි කොමිසමෙන් නොතීසි: භාර ගන්න ඇලෝසියස්‌ නැහැ - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී...
 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු  පිළිගත්තේය.

2015 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්‌වා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රු. බිලියන 11 ක (රු. කෝටි 1100 ක) පමණ අති විශාල අසාමාන්‍ය ලාභයක්‌ උපයාගෙන තිබුණු බවත් එම ලාභ උපයා ගැනීමට සමාගමට හැකි වූයේ අර්ජුන ඇලෝෂියස්‌  විසින් ලබාදෙන ලද එම මිල සංවේදී රහසිගත තොරතුරු සමාගමේ බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීමේ තීරණ ගැනීම සඳහා යොදාගත් නිසා බවත් සල්ගාදු  කොමිසම හමුවේ පිළිගත්තේය.
අර්ජුන් ඇලෝෂියස්‌  භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුව විසින් ලංසු පිළිගන්නා මට්‌ටම පිළිබඳව අන්තිම දශමය දක්‌වාම දැන සිටි බවත් එය ඔහු මහ බැංකුවෙන් දැනගත් බවත් කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු  කීවේය.

ඇන්කර් ඵළදෙනගෙ පුතාගේ බැඳුම්කර ඔත්තු රස්සාව මාට්ටු...!!!

කසුන් කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ පිටපතක්‌ රෝසිගෙ පුතාගෙන් ඇලෝෂියස්‌ට - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු...!!!
 එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායකගේ (ඇන්කර් ඵළදෙන)  පුත් කණිෂ්ක සේනානායක  ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන  07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු  කීවේය.
දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක 
(ඇන්කර් ඵළදෙන) බවත් සල්ගාදු  කීවේය.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම පළමු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකාවක්‌ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු  පිළිගත්තේය.

ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් මත් ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් කළ හැටි අභිරහසක්‌

ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ තිබූ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 15 කගේ නම් ඉවත් කළේ කවුදැයි මෙතෙක්‌ අනාවරණය වී නැත.ඵහි තිබු රිෂාඩ්ගේ සහෝදර කුප්‍රකට  කුඩු ගෙන්වන්නා මෙන්ම යහපාලනයේත් ඇමතිකමක රස බලන කුඩු සක්විත්තෙක් වන නිමල් ලන්සා ( වරක් මූ අසුවූ විට තකහනියක්ම නිවසට ගොස් බේරා ගත්තේ මහින්දය.මුන්ද ඇතුළත්ව තිබූ සහ සෙසු 13 දෙනෙකුගේ නම් අතුරුදහන්ව තිබේ.
ලංකාවේ සුප්‍රකට හොරා සාටක සුණඛයා සමග කුඩු ලන්සා...
පසුගිය අගෝස්‌තු මස සිට මෙම නම් ඉවත්කර ඇති අතර ඔවුන් දුටුතැන අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තු අහෝසි වී තිබේ.

සීතාවකින් මහනුවරට දළදා වැඩම කළේ කවුද...?

මහනුවරට දළදා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමුවරට අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551 - 1597) ක්‍රිස්තියානිය වැළද ගත්තේ 1557 දී ය. සිංහල රජු බෞද්ධයෙකු වියයුතු යන චිරාගත සම්ප්‍රදාය ධර්මපාල රජු චිරාගත සම්ප්‍රදාය කඩ කළේය. ඒ නිසා ඒ සිද්ධිය වූ ආසන්නම කලම එදා කෝට්ටේ දියවඩන පදවිය දැරූ දන්ත කුමරුගේ පෙළපතින් පැවත ආ හිරිපිටියේ ඒකනායක දියවඩන රාළ සිහිනයක් දැක එහි අර්ථය වටහාගෙන වෙස්වෙළාගෙන දළදා හිමි රහසේ සඟවාගෙන දිවස්නාතොටින් එතෙර ව සීතාවක රජකළ මායාදුන්නේ රජුට දළදා හිමි රහසේ බාරදුන් බව ‘සිංහල දළදා වංශය’ කියයි.

දළදා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු (1521 - 1578) සීතාවක සබරගමුවේ කුරුවිට විහාරයේ තබා පුදපූජා කරන්නට විය. කෝට්ටේ සිට සීතාවකට දළදා රහසේ වැඩම වූ හිරිපිටියේ ඒකනායක රාළව සීතාවක රාජ්‍ය කාලය පුරා සීතාවක දියවඩන පදවිය දැරීය. සීතාවක කල අලගියවන්න මුකවැටි ලිවූ සැවුල් සන්දේශයේ එදා දළදා වැඩසිටි දෙල්ගමු විහාරය මෙසේ වර්ණනා කරයි.

Tuesday, September 5, 2017

රටේ නම කන මිලාන්හී පාහර අමනයෝ...!!!

රැකියාවකට හෝ වෙනත් කාරියකට විදේශ ගත වන පුද්ගලයන් අදාල රටට ගොඩ බැසීමෙන් පසු ප්‍රධාන වශයෙන්ම හඳුනාගනු ලබන්නේ පුද්ගල නාම, නගර නාමයන්ගෙන් නොව ඔවුන් පැමිණි රටේ නාමයෙනි. අපේ රටේ අයෙකු නම් ශ්‍රී ලාංකිකයෙකු ලෙසිනි. එවන් වූ ශ්‍රී ලාංකික නාමයට අපහාස කර, මව් රටම නින්දා සහගත තත්ත්වයට ඇද දමන ලංකාවෙන් පැමිණි නරුමයන් පිරිසක් ඉතාලියේ සිටිති. 
ලංකාවේ නීතියේ ඇසට වැලි ගසා ඉතාලියට පැන ගෙන සිටින මිනීමරුවන්, මං කොල්ල කරුවන්, කුඩු ජාවාරම්කරුවන් සහ වංචාකාරයන් මේ නරුම පිරිසට අයත් ය.
වසර කිහිපයක සිටි ඉතාලියේ මිලානෝ නගරයේ හා අනෙකුත් ලාංකිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල මොවුන් කරන නීති විරෝධී අකටයුතු කම් නිසා නීති ගරුක යහපත් ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන් දැඩි අපහසුතාවයටත්, සංවේගයටත් පත්ව සිටිති.

කියන තරම් පොඩි නැති නාමල් බේබිගේ ඩීල් ....!!! තවත් ඵකක් මාට්ටුවෙලා...!!! පව් දුප්පත් අහිංසකය....හික්ස්..!!!

නාමල්ගේ මෝටර්රථය නව හිමිකාරියට නොලැබෙයි – නඩුව ඉහළ අධිකරණයට – නාමල්ට රට යන්නත් අවසර...!!!
 නාමල්ගේ පැටිකිරිය අප සතුවද ඇත.රටේ අහිංසක ජනතාව තව තවත් රවටමින් සිටින මෙවැනි පට්ට හොරුන් බුද්ධිමත් ජනතාව ඉදිරියේ නිරාවරණය කළ යුතුව ඇත .දැන් ජනතාව රැවටීමට ගම් බැද්දවල රස්තියාදු වෙමින් ගල් ඉණි ගෙන පොළව හාරමින් බොරු කරමින් ෆොටෝ ෂූට් කළද ඵකලදී ( බලය ඇතිවිට ) මූ හරි හම්බ කොට ඇත්තේ කෝටි ප්‍රකෝටි ගණනනි.මේ තවත් මගඩි ඩීල් ඵකකී...!!!

පසුගිය වසරේ සැප්තැම්බර් 05වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ  ඇමරිකාවෙන් ආනයනය කර දැනට කැලණිය ප්‍රදේශයේ කාන්තාවකට විකුණා ඇති ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නැවත තමන් වෙත පවරණ ලෙස එහි නව හිමිකාරිය ලෙස පෙනී සිටින ඩබ්.එම් ශාන්ති නැමති කාන්තාව පසුගිය 03 වනදා නීතීඥයන් මගින් කර තිබූ ඉල්ලීම කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌  පසුගිය 31 වනදා ප්‍රතික්ෂේප කර ඇත.

අම්මපා මේ ඉන්නෙ අර සෝභිත හාමුදුරුවො රවට්ටපු සරල සිරාමද...!!! හික්ස්...!!!

ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…!!! 
අම්මපා මේ ඉන්නෙ අර සෝභිත හාමුදුරුවො රවට්ටපු සරල සිරාමද...!!! හික්ස්...!!! අනේ මෙයා ඵදා අත්සන් කරන්න ගත්තෙ  රුපියල් පහේ බෝල්පොයින්ට් පෑනක් උත්සවේටම වියදම රුපියල් පන්දහලු ....ඒත් දෙවසරක ඇවැමෙන් අප්පුහාමි ගිහින් තියෙන දුරක් අම්මපා...!!! අනේ අපිට දුක මේ වගේ පට්ට හොරුන්ට රැවටෙන අපේ ජනතාව ගැනයි.

‘2025 ශ‍්‍රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.
මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර් 500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ‍්‍රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම් රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.වීඩියෝ

සිංහල අයට අයිතිවාසිකම් අහිමි කරද්දී නපුන්සක සෙයියාවෙන් සිටින යහපාලන බිහිරි පර හැත්ත...!!! මේ සංහිඳියාවද ...!!!

වවුනියාවේ සිංහල ග්‍රාමනිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතෙන් ඉවතට..!!!
 වව්නියාවේ සිංහල ග්‍රාමනිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතින් ඉවත් කර ඇති බව හෙල බොදු සවිය සංවිධානය චෝදනා කරයි.
බෝගස්වැව, නාමල්ගම, නන්දිමිත‍්‍රගම ආදී ගම්මාන කිහිපයක්ම මෙසේ ඉවත් කර ඇත්තේ එහි සිටින සිංහල ජනතාවට මහත් අසාධාරණයක් කරමින් බවද සදහන් කරමින් එම සංවිධානය විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාෆා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

මෙන්න බොලේ අස්ගිරිය ඇත්තන්ට රට ගැන මතක් වෙලා...අඳෝමැයි...!!!

අද රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටිලා.. කුඩු කන්ටේනර් ගනන් ඇල්ලුවත් ඒවාට මොකද වුනේ..- මල්වතු මහ නාහිමි.
 මේ වනවිට රටේ සෑම කේෂ්ත්‍රයක්ම කඩා වැටි ඇති බැව් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන් උන්වහන්සේ බැහ දැකීමට ගිය නව අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ ට පැවසුවේ ඉතා කනස්සල්ලෙනි.
මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ වනවිට මෙරටට කුඩු මත්ද්‍රව්‍ය කන්ටේනර් ගනන් ගෙන එන බවත් සමහර අවස්ථාවලදි එවා අත් අඩංගුවට ගත්තත් ඒවාට කුමක් කරන්නේ ද යන්න ප්‍රශ්නයක් බව ප්‍රකාශ කල අවස්ථාවේදි නව අමාත්‍යවරිය පැවසුවේ එවා නඩු අවසන් වනතුරු අධිකරණය තබා ගන්නා බවයි.
එවිට උන්වහන්සේ පැවසුවේ ගංජා හරී කසිප්පු තොග අල්ලා ගත් අවස්ථාවලදි එවායේ සුලු කොටසක් අධිකරණ කටයුතුවල අවශ්‍යතාවය සඳහා තබාගෙන ඉතිරි කොටස විනාශ කරන ආකාරයෙන් මේ කුඩු කන්ටේනර් විනාශ නොකරන්නේ මන්ද යන්නය.වීඩියෝ

රිලා මස් පවා විකිණීමට ඳගලන හෙළකරුමයේ රිළා පෝතකයා...!!!

වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති..!!!
 ලංකාවේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බව ජාතික හෙල උරුමයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමති කරුණාරාත්න පරණවිතාන පවසයි.
ඌරන්, රිලවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුනගේ මස් විකිණීමටද අවසර දිය යුතු බවයි.වීඩියෝ

Monday, September 4, 2017

ධර්මවිනය අනුව යළි ඇතිකළ නොහැකි ලාංකේය භික්ෂුණී පැවිද්ද

2017.06.07 දින දිවයින බුදු මඟ පුවත්පතේ පළ වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර විසින් රචිත භික්ෂූන් නැතිව සසුන අංග සම්පූර්ණ නොවේ මැයෙන් වූ ලිපියට පිළිතරකි. ලිපිය ආරම්භයේදීම මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සසුන යන්න නිර්වචනය කිරීම වරද්දාගෙන ඇත. සසුන නම් පණිවිඩයයි. ඒ අනුව බුදු සසුන නම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ය. පාලි ත්‍රිපිටකය ථේරවාදී සම්ප්‍රදාය අනුව බුදුරදුන්ගේ ඉගැන්වීම් වාර්තා වන මූලාශය වශයෙන් මෙරටේ ථේරවාදීහු සලකති. සසුන යන්නට අද බහුලව අව-භාවිතා වන භික්ෂු හා භික්ෂුණී බෞද්ධ සංකේත ඈදාගෙන වරද්දවා අර්ථකථනය කර පාඨක සමාජය නොමඟයෑවීමට තැතක් දරා ඇති අන්දම පිළිබඳව පළමුව කණගාටුවට පත් වෙමි. ඔහු ලිපියෙන් කීමට අදහස් කර ඇත්තේ භික්ෂූණී පැවිද්ද පිළිබඳව බව එහි අන්තර්ගතය අනුව පැහැදිලිය. ඔහු ප්‍රකාශකළ කරුණු ධර්මවිනයානූකූලව සාවද්‍ය කරුණුය. පාලි හා ත්‍රිපිටක දහම පිළිබඳව ප්‍රමාණික මහාචාර්යවරයෙක් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ලෙස එතුමා සිය ලිපිය පුරා විස්තර කර ඇති කරුණු ධම්මවිනය විරෝධී බව ත්‍රිපිටකයට අනුව ශාස්ත්‍රීයව හා සාධිකාරිව නිස්සරණාධ්‍යාශයෙන් කාරුණිකව පෙන්වාදීමට කැමැත්තෙමි.

ලෑලි මඩුවක අසරණව සිටින වියපත් අක්‌කයි මල්ලියි ඔබේ පිහිට අයදිති

වසර හතක පමණ කාලයක සිට අංශභාග රෝගයෙන් පෙළෙන සිය වයෝවෘද්ධ සහෝදරයාද රැක බලා ගනිමින් ඉතා අසරණ දිවියක්‌ ගත කරන වයෝවෘද්ධ කාන්තාවක පසුගිය දිනක දෙවිනුවර පූජා භූමිය ඉදිරිපස බිම් කඩකදී අපට මුණ ගැසිණි. ලෑලි වලින් අටවා ගත් කුඩා මඩුවක්‌ සහිත නිවසක වසර 20 ක්‌ තිස්‌සේ ඔවුහු වාසය කරති. දෙවිනුවර පූජා භූමියට ඉදිරිපස මාතර තංගල්ල පාරේ වම්පස ඔවුන් ගේ ලෑලි ගැසූ කුඩා නිවස පිහිටා ඇත. වයෝවෘද්ධ සහෝදරයා සහ සහෝදරිය වෙසෙන්නේ මෙම කුඩා ලෑලි මඩුවෙහි වන අතර ඔවුන් දැනට මඩුව අවටාගත් බිම් කඩද දෙවිනුවර ප්‍රදේශයේ අයකුට අයත්ය. හෙතෙම මේ අසරණ දෙදෙනාට ලෑලි ගැසූ නිවස අටවාගෙන ජීවත් වීමට අවසරය දී ඇත්තේ සිය යහපත් ගති පැවතුම් නිසාවෙනි.

64 හැවිරිදි හේවා කණ්‌ඩම්බිගේ ආරියදාස වසර ගණනක සිට අංශ භාග රෝගයෙන් පීඩා විඳිමින් එක්‌තැන්ව සිsටියි. ඔහු රැක බලා ගනු ලබන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන 67 හැවිරිදි හේවා කණ්‌ඩම්බිගේ ලලිතාය. ඇය විවාහකය. ඇයගේ ස්‌වාමි පුරුෂයා මිය ගොස්‌ වසර කිහිපයක්‌ ගතව ඇති අතර ඇයට සිටි දරුවන් තිදෙනාද ඇය විදේශගතව සිටියදී මියගොස්‌ ඇති බව පවසයි. ඇයගේ වැඩිමහල් පුතු 88,89 භීෂණ සමයේදී අතුරුදන් වූ බව පැවසේ.

දෙයියන්ගේද කණින් රිංගන කපු හැත්ත....!!!

කතරගම පඬුරු පෙට්‌ටියට පමණක්‌ නොව පූජා වට්‌ටියටද විගණන වාර්තා තැබීමේ කාලය එළැඹිලා...!!!

 අතීතයේ පටන් සුවිශාල ඓතිහාසික බෞද්ධ පසුබිමකට උරුමකම් කියනු ලබන කාචරගාමය නැතහොත් කතරගම පුද බිම කිසිදු තරාතිරමකින් මෙන්ම ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු ජන හදවත් තුළ දේව භක්‌තිය හා විශ්වාසය දිනා ගත් සර්ව ආගමික කේන්ද්‍රස්‌ථානයකි. දුටුගැමුණු රජු, එළාර රජු හා සටනට නික්‌මීමට පෙර තමා මෙම සටනින් ජය ලද හොත් කතරගම දෙවිඳුන් උදෙසා මහා දේවාලයක්‌ ඉදිකරනු ලබන පොරොන්දුව වෙනුවෙන් බිහි වූ රුහුණු කතරගම මහා දේවාලය මේ දක්‌වාම දහස්‌ සංඛ්‍යාත ජනතාව තුළ ජාතික සංහිඳියාවක්‌ ඇති කළාවූ පින් කෙතක්‌ බව සැබෑමය. මෙම උතුම් පූජනීය කතරගම මහා දේවාලයත් ඒ හා බැඳුණු සංස්‌කෘතික හා සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ද මේ දක්‌වා රැගෙන ඒමට එදා සිට මහා දේවාලයේ සියලු වගකීම් දැරූ බස්‌නායක නිලමේවරුන් මෙන්ම පාරම්පරික කපු මහතුන්ද ඇප කැප වී කටයුතු කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය බව කිව යුතුය.
නමුත් ඉකුත් 22 වැනි දින අභාග්‍ය සම්පන්න ලෙස ඉතිහාසගත නොමැකෙන කැළලක්‌ මෙම ශුද්ධ භූමිය තුළ තැබීම ඉතාමත් පිළිකුල් සහගත බව පළමුවෙන්ම කිව යුතුය.

Sunday, September 3, 2017

පෞද්ගලික අමනාපකම්වලට හමුදාව ගාවා ගන්න එපා

ෆොන්සේකාගේ ප්‍රකාශයට අප්‍රසාදය පළ කරනවා... යුදහමුදාපති කියයි 
 එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක  ඊයේ (03 දා) ඉල්ලා සිටියේය.
එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

බර්ටිලාගේ ගුවන්විදුලිය

කොළඹින් කතාකළ යුගයක් තිබිණි. ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා වූ ඩී.ඇම්. කොළඹගේ මහතා කොළඹින් කතා කරමි යැයි කියමින් රට අමතන විට ගුවන් විදුලි යන්ත්‍රය වටා රැස්වූ ගැමියෝ මේ කතා පෙට්ටිය ගැන තේරුම් ගන්නට බැරිව පුදුමයට පත්වූහ. පසුව දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක් වූ ගුවන් විදුලිය එදා මෙරට සන්නිවේදන කලා ලොව පහන් ටැඹක් ලෙස වැජඹිණි. චතුර සන්නිවේදකයෝ විචිත්‍රවත් මිනිස්සු, පඬිවරැන්, කලාකරුවන් මෙන්ම දුහුනන්ද ගුවන් විදුලියේ හරඹ කළහ. ඩී.ඇම්. කොළඹගේ, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, එච්.ඇම්. ගුණසේකර ආදී ප්‍රවීණ සන්නිවේදක කලා පරපුර වෙත හැටේ දශකයේ සේන්දු වූ බර්ටි ගලහිටියාව මේ විචිත්‍ර මිනිසුන්ගේ රැව ගුණවරුණ මෙන්ම හොඳ ඉතිහාස කතා මතකයක් ඇති ප්‍රවීණයෙකි.
“රුපියල් පනහෙ පඩියටයි මට ගුවන් විදුලිය නැත්නම් රෝඩියෝ සිලෝන්එකට ආවේ. ඒ කාලේ මම හිටියේ බොරැල්ලෙ වයි.ඇම්.බී.ඒ.එකේ මේ කියන්නේ. 1963 අවුරුද්ද ගැනයි. කියමින් ගලහිටියාව මහතා කතාව ඇරඹිය...  

‘සුදු අම්මාට‘ නිවාස කුළිය රු. 7500 ක් දෙන්න බැරි බදුල්ල දිසාපති, උමා ඔය සහන මුදලින් පාරවල්වල බෝඩ් ගසයි.

් ‘අගු පිලකය.‘ - බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි.

රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත
උමා ඔය හේතුවෙන් විපතට පත් පළමු කාන්තාව ගලහිටියාව සීලවතී (70) ය. ඇයටත්, ඇගේ පුතාටත් නිවාස දෙකක් තිබුණි. මෙයට වසර දෙක හමාරකට පෙර උමා ඔය කැණීම් ඇරඹී ටික කලකින් ඇගේ නිවස අඩි 60 පෙළොව ඇතුලට ගිලා බැස්සේය. රජයේ ටයි කෝට් හමුදාවක් පැමිණ ඇය යලහිටියාව අතහැර දමා ඇති පාසලේ පන්ති කාමරයට දමා ගියේය. එතැන් පටන් ඇය ට රුපියලක් වත් රජයෙන් ලැබුණේ නැත. ඇය අදත් (අගෝ. 30) මේ අතහැර දැමූ වසර 75 ක් පැරණි ගොඩනැගිල්ලේ ය.
ඇයගේ වැඩිමහල් පුතාගේ විනාශ වූ නිවස කාමර 7 ක් හා නාන කාමර සහිත අංග සම්පූර්ණ නිවසක් විය. උමා ඔය ව්‍යසනයේ පළමු ගොදුර ලෙස ඇගේ නිවස බිලිගත් විට බදුල්ල දිසාපතිවරයා එහි ගොස් ඇය වහා එම ස්ථානයෙන් ඉවත්කර බඹරගම මහ විදුහලේ 1942 ඉදිකළ ගොඩනැගිල්ලක නවාතැන් දෙනු ලැබීය. මකුල්ඇල්ල ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කරන පිරිස් ඇයට උපකාර කරයි. දුක සැප බලයි. ජල ව්‍යාපෘතියේ පොම්පාගාරයේ වැඩ දැන් අවසන්ය. රජය විසින් අමතක කර දැමූ සීලවතී තනිකර දමා ඉදිකිරීම් කම්කරුවන් මෙතැනින් හෙට පිටව යා යුතුය.

කන්ද උඩරට රාජධානිය බිහිකළ පළමු වන විමලධර්මසූරිය රජතුමා

අනුරාධපුර යුගය තරම් දීර්ඝකාලීන පාලනයක්‌ ගෙන යැමට ඉන්පසු බිහිවන කිසිම රාජධානියකට අවස්‌ථාවක්‌ නොලැබේ. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ විදේශීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරැලි කෝලාහල තත්ත්වයන්ය. අවසන් වරට  පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1411-1466) කෝට්‌ටේ මුල්කර ගෙන මුළුමහත් ලංකාවේ ම බලය එක්‌සේසත් කිරීමට සමත් වුවද ඔහුගේ මරණයත් සමගම නැවත එය අසාර්ථක විය. 16 වන සියවසේ මුල් භාගයේ දී පෘතුගීසින් ලංකාවට පැමිණෙන අවස්‌ථාවේදී ලංකාවේ දක්‌නට ලැබෙන්නේ යාපනය කෝට්‌ටේ හා උඩරට නමින් බෙදී ගිය ප්‍රාදේශීය රාජ්‍යයන්ය. නමුත් කෝට්‌ටේ ප්‍රධාන රාජ්‍යය ලෙසට පිළිගත් බව පෙනේ. ක්‍රි.ව. 1521 දී සිදුවන විජයබා කොල්ලයත් සමග බිහිවන සීතාවක රාජධානිය බලය අතින් ද ජනප්‍රියත්වයෙන්ද මෙම සියලු රාජධානි අභිබවා සිටී. සීතාවක රාජධානිය ප්‍රබල වීමට බලපාන්නේ කෝට්‌ටේ බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551) රජු පෘතුගීසි සහයෝගය ලබා ගැනීම හා කෝට්‌ටේ පෘතුගීසින්ට අවනත රාජධානියක්‌ වීම නිසාය. මෙම තත්ත්වය තවත් ප්‍රබල වන්නේ හත්වන බුවනෙකබාහු රජු මියගොස්‌ ඔහුගේ මුණුබුරු ධර්මපාල කුමරු රජවීමත් සමගය.

ෆොන්සේකා ,මහේෂ් ,සින්නයියාට නැති යුද අපරාධ චෝදනා ජගත් ජයසූරියට පමණක් ඇයි ..?

රන්ජන් රාමනායකත් ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් බව මේජර් අජිත් ප්‍රසන්න පවසයි.  (31)මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් අජිත් ප්‍රසන්න සදහන් කළේ රන්ජන් දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් විම හෙතුවෙන් ඔහු මාධ්‍ය හරහා රටේ අධිකරණය, නීතිය, විනිසුරුවරුන් දූෂිතයි යනුවෙන් විවේචනය කරන බවත් ඒ අනුව අපේ රටේ පවතින දූෂිත තත්ත්වය නිසා යුද අපරාධ චෝදනා විග්‍රහයට ජාත්‍යත්නර යන්න සිද්ධ වෙන බවයි.
“තිස් අවුරුදු යුද්ධයේ ප්‍රතිඵල ලෙස රණවිරුවන් 28,000ක් දිවි පිදුවා. 14,000ක් ආබාධිතයන් වුණා. එමෙන්ම වැන්දඹුවන්, දරුවන් අහිමි වූ මවුවරුන් අදටත් කඳුළු බොමින් ජීවත් වෙනවා. මානුෂීය මෙහෙයුමේදී වන්නි ආඥාපතිව කටයුතු කළ ජගත් ජයසූරියට එල්ල කළ චෝදනාව සමස්ත රණවිරුවාටම කළ බලපෑමක්.”
“අපි මේ යුද අපරාධ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා වගේම මේ සියල්ල පිටුපස්සේ ඉන්නේ දෙමළ ඩයස්පෝරාව බවත් මම වගකීමෙන් කියනවා. ”

දුප්පත් අහිංසකයනටම පහර ගසන පාහරයෝ....!!!දඩය 25000

වහා ක්‍රියාත්මක වන පරිදි ලංකාවේ සියලුම ප්‍රධාන මාර්ග වල බයිසිකල් පැදීම සියලුම පාපැදි කරුවන්ට තහනම් කර තිබෙනවා.ඒ අනුව නව නීතියට අනුව තාර දැමූ කිසිම පාරක බයිසිකල් පැදීම තහනම් වන අතර බයිසිකල් පැදිය හැක්කේ අතුරු පාරවල් වල පමණි.ප්‍රධාන මාර්ගයක් හරහා ගමන් කරන අවස්ථාවකදී පා පැදිය තල්ලු කරගෙන යා යුතු අතර එසේ නොකළහොත් රුපියල් 25000ක දඩයක් ගෙවීමට නියමව ඇත.මේ පිළිබඳව අප කළ විමසීමකදී මහා මර්ර්ග අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළේ පාපැදියෙන් ගමන් කරන්නේ ඉතා සුලු පිරිසක් නිසාත් එම සුලු පිරිස නිසා මාර්ග තදබදයට විශාල බලපෑමක් සිදුවන බවයි.එමෙන්ම ලංකාවේ පාර පුරා දුවන පාපැදි කරුවන් විදේශිකයන් දුටුවොත් එය අප රටට විශාල අපකීර්තියක් බවද  තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.