ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 8, 2017

රවිගේ රවිගේ fපුල් බොඩි චෙකප් එකක්‌ කරන්න ඕනෑ

අද උපාධිධාරි උගත් තරුණ තරුණියන් ලක්‍ෂ ගණනාවක්‌ රැකියා පෝලිම්වල සිටියදී රට කරවන පාර්ලිමේන්තුවේ අ. පො. ස. සාමාන්‍ය පෙළ අසමත් 96 දෙනකු හා අ පො ස උසස්‌ පෙළ අසමත් 112 දෙනකු මහජන නියෝජිතයින් ලෙස ඉන්නවා යෑයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  06 දා බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමකදී පැවසීය. අධ්‍යාපන සේවා නියුක්‌තිකයන්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ ඌව පළාත් ශාඛාවේ පවුල්වල දරුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට මෙම රැස්‌වීම පැවැත්විණි.
මෙහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රිවරයා

අද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පෙළවත් නැති අය (අට පාස්‌) 96 දෙනකු ඉන්නවා. උසස්‌ පෙළ නැති 12 ක්‌ ඉන්නවා. වරද ඔවුන්ගේද? නැතිනම් ඔවුන් එතැනට යෑවූ ජනතාවගේද?

බත් පැකට්‌වලට උදලු තලවල ටකරන් කෑලිවලට වටිනා ඡන්දේ දුන්නාම එහෙම අය පාර්ලිමේන්තුවට යනවා. ඊට පස්‌සේ කාටවත් බැනලා වැඩක්‌ නැහැ.

අපේ සාක්‍ෂරතාව නැතිනම් අකුරු කියවීමේ හැකියාව සියයට අනු අටක්‌ තියෙනවා කියලා කිවුවත් අපේ රටේ දේශපාලනයේ කියවීමේ හැකියාව බිංදුවයි.

හිටපු මුදල් ඇමැතිතුමා රවි කරුණානායක රුපියල් කෝටි ගාණක ගෙයක්‌ කුළියට අරගෙන ඒකේ කුළිය ඔහු දන්නේවත් නැහැ කියනවා. ඒක නෝනා කාගෙන් ගත්තද දන්නෙත් නැහැ කියනවා. ඒවා මොනවත් මතක නැහැ කියනවා. නෝනා තමයි දන්නේ කියනවා.

මෙහෙම අමතක වෙන්න හේතු කීපයක්‌ තිබෙන්න පුළුවන්. එක, මානසික රෝගී තත්ත්වයක්‌ තිබෙනවා නම් අමතක වෙන්න පුළුවන්.

අනෙක තමයි තයිරෝයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්නයවක්‌ තිබීම. එහෙම තියෙනවා නම් එන්සයිම ක්‍රියාකාරීත්වයේ අවුලක්‌ ඇතිවී මතකය නැති වීම වෙන්න පුළුවනි.

එහෙමත් නැතිනම් අනතුරක්‌ හෝ තද පහරක්‌ වැනි දෙයක්‌ ඔළුවට වැදුනමත් මතකය නැති වෙන්න පුළුවන්.

ඒ නිසා අපි කියනවා රවි කරුණානායකගේ පුල් පොඩි චෙකප් එකක්‌ ඉක්‌මනින් කර ගන්න ඕනේ කියලා.

ඒක රවී කරුණානායක විතරක්‌ නොවෙයි පසුගිය කාලේ ඔය රෝග ලක්‍ෂණ තිබුණ නාමල්, බැසිල්, මහින්ද වගේ අයත් කර ගත්තොත් හොඳයි.

මෙම අවස්‌ථාවේදී ඌව පළාත් අධ්‍යාපන සේවා නියුක්‌තිකයන්ගේ සමුපකාර හා සක සුරුවම් ණය දෙන සමිතියේ නිලධාරීහු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව ලාභී සිසුන්ගේ දෙමාපියෝ ද අදහස්‌ දැක්‌වූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.