ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, August 6, 2017
පින්වත්නි සැබෑ සර්පයා දුටුවෙහිද...!!!
රාජපක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම
හොංකොං කේන්ද්‍ර කරගත් ෂැන්ග්‍රි ලා සමාගමට ඔප්පුවකින් සින්නක්කරව ලබාදීමේ
ගනුදෙනුව අද කරළියට පැමිණ ඇත. එය මගහැර යා නොහැක්කේ බදුදීමට එරෙහිව මේ සා
උද්ඝෝෂණ පැන නගින සමයකදී වීම නිසාත්, විදේශිකයන්ට ඉඩම් විකිණිය නොහැකි බවට
ප්‍රතිපාදන රට තුළ පැවතීම නිසාත් හා තවමත් අනාවරණය නොවූ ඒ ආකාරයේ ඉඩම්
ගනුදෙනු තවත් සිදුවී ඇද්ද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ මතුවන නිසාත්ය.
කොළඹ ෂැන්ග්‍රි ලා හොටෙල් ව්‍යාපෘතිය එන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේය. ඒ අනුව කොළඹ ෂැන්ග්‍රි ලා හොටෙල් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ ෂැන්ග්‍රි ලා ඒෂියා ලිමිටඞ් ආයතනයය. එම ආයතනයේ ලිපිනය වන්නේ 21රැත්ල ක්සඑසජ ඔදඇරල භදල 1 ඔසප ඵැස ්ඩැ ක්ැබඑර්කල ්යදබට ණදබට ය. එම ආයතනයේ සම්බන්ධ කරගත හැකි දේශීය පුද්ගලයා වන්නේ කොළඹ 4, ආර්.ඒ. ද මැල් මාවතේ ලෙයිෂර් ප්ලේස්, අංක 4 පදිංචි එම්. සජාඞ් මව්ෂුම්ය. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරනවා යැයි කියා ඇති මුදල රුපියල් මිලියන 44880කි. විදේශ සේවකයන් 30 දෙනෙකුට හා දේශීය සේවකයන් 432 දෙනෙකුට රැකියා ලබාදෙන බව සඳහන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 6යි පර්චස් 3.13ක ඉඩමක් අවශ්‍ය බව සඳහන් කර තිබේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා සාමාන්‍ය යෙන් ලබාදෙන්නේ ආයෝජන මණ්ඩල කලාපවලට අයත් ඉඩම්ය. එම ඉඩම් කිසිසේත් කිසිදු ආයෝජකයෙකුට සින්නක් කරව ලබා දෙන්නේ නැත. ලබාදෙන්නේ බදු පදනම යටතේය. රටේ නීතිය අනුව කොහොමත් පෞද්ගලික ඉඩමක් හෝ වේවා විදේශිකයන්ට සින්නක්කරව ලබාදීම තහනම්ය. ආයෝජන මණ්ඩල කලාපවලින් පිට ඉඩමක් නම් ඒ සඳහා ගනුදෙනු කළයුත්තේ රජය සමඟය. ඒ අනුව ෂැන්ග්‍රි ලා ව්‍යාපෘතියේ ඉඩම වෙනුවෙන් ගනුදෙනුව සිදුවී ඇත්තේ රජය සමඟය. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ කොළඹ බාලදක්ෂ මාවතේ ඉඩම ෂැන්ග්‍රි ලා සමාගමට ලැබී ඇත්තේ ඒ අනුවය.
Posted by
lankanews
at
August 06, 2017
Labels: basil con person, basil corruptions, basil rajapakshe, basil remand, lankanews, namal baby, shangrilla
පින්වත්නි සැබෑ සර්පයා දුටුවෙහිද...!!!
2017-08-06T21:39:00+02:00
lankanews
basil con person|basil corruptions|basil rajapakshe|basil remand|lankanews|namal baby|shangrilla|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
