ලංකාවට මත්ද්‍රව්‍ය තොග පිටින් එද්දි පිලිපීනයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ නගාරාධිපති ඇතුළු 6 ක් පිලිපීන පොලිසිය මරා දමයි..!!! පරයෙකු සහ වීරයෙකු අතර වෙනස
පිලිපීන ජනාධිපති ඩුටාර්ටේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට සමගාමීව පිලිපීන පොලිසිය විසින් පසුගිය දා පිලිපීන නගර සභාවක නගරාධිපති ඇතුළු 6 දෙනෙකු වෙඩිතබා ඝාතනය කලේය.
පිලිපීනය මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය නිසා දහස් ගනක් තරුණ ජීවිත විනාශ වන අතර එරටේ ජනාධිපති ඩුටාර්ටේ රොද්‍රිගෝ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සම්බන්ධව දැඩි මර්දනයක් සිදු කරයි. දුටු තැන මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ සහ එයට සම්බන්ධ වූවන් ඝාතනය කිරීම එරටේ හමුදාව මගින් සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට ඇත.වීඩියෝ
ඇමරිකාවේ ඔබාමා පාලනය මෙන්ම යුරෝපා හවුලේ රටවල් දිගින් දිගටම මානවහිමිකම් සම්බන්ධව පිලීපීන ජනාධිපති ඩුටාර්ටේ රොද්‍රිගෝට චෝදනා එල්ල කරමින් රටට ලබාදෙන විදේශ ණය සහ ආධාර සඳහා සම්බාධක පැනවීමට ක්‍රියාත්මක කරනවා යැයි පවසමින් සිටින අවස්ථාවක, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් විසින් පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිවැරැදි බව ප්‍රකාශ කොට ඇත.
