“පාන්දර දෙකට එන්න කියලා මහින්ද රාජපක්ෂ
මහත්තයා තමයි රනිල් වික්‍රමසිංහට බලය දුන්නේ. මම ගෙදර යනවා. ඒක කිව්වම අපි
සද්ද නැතුව හිටියා. බැසිල් නැගිටලා තවුසන් ටෝක් එකක් දුන්නා. මම කිව්වා
මහින්දානන්දට මචං අද මම මූට දෙකක් කියනවා කියලා. මම නැගිටින්න හදනකොට
මහින්දානන්ද මගේ අතින් අල්ලලා කිව්වා වඩක් නැහැ මචං වාඩිවෙයන් කියලා. ඒ පාර
වාඩි උණා. හත්දෙයියනේ ගෙදර ගිහින් බලනකොට මූ යනවා මුගේ රෙද්දත් නෑ,
බැනියමත් නෑ, මුගේ සාටකයත් නෑ කලිසමයි ෂර්ට් කැල්ලක් ඇදගෙන ඇමරිකාවට, කවුද?
ජාතික සංවිධායක. පිහිට වෙන්න කවුරුත් නැහැ. මම බැලුවා මෙන්න යකෝ අපිත්
එක්ක හිටපු එකානේ ජනාධිපති වෙලා තියෙන්නේ. මට හිතුණා දුරකතන ඇමතුමක් අරන්
බලන්න.”
“මම කතා කළා සර් මම, එකපාරටම කිව්වා අගමැති
යූඑන්පී ජනාධිපති ශ්‍රි ලංකා කියලා. හත්තිලව්වේ මට ඉබ්බා දියේ දැම්මා වගේ
මට ඇන්නෑවේ කියවුණා. මම කිව්වා පවුලට ලෑස්තිවෙනවා ඕයි යන්න ජනාධිපතිතුමා
හම්බවෙන්න කියලා. අනේ මට නම් බෑ තමුසේ යනවා කිව්වා. මම බැලුවා කඩවලුත්
වහලා. කොහොමහරි බුලත් නැටි ටිකක් එකතු කර ගත්තා. මම ගියා. කට්ටිය ඇස්
ලොකුවෙලා බලාගෙන ඉන්නවා. මම ගිහින් බුලත් ටික දුන්නා සර් කියලා. මොකද නිකන්
මගුල් ගෙයක්ද කියලා ඇහුවා. මම කිව්වා ඔව් අපේ සභාපතියි ලේකම්යි ඡන්දය
ඉල්ලුවා සභාපති පරාදයි ලේකම් දිනුවා ඒකත් මංගල කාරණයක් තමයි කියලා මම
කිව්වා,”
“අද කරන ටිකමයි එදා මහින්ද මහත්තයාත් කරන්න
හිටියේ. අර සමහර විදුහල්පතිවරු ඉන්නවා පාසලෙන් අස්වෙලා පෙන්ෂන් අරගෙන යනකොට
අලුත් විදුහල්පති පත්වෙච්ච පළවෙනි දවසේම කියනවා මම මේ පාසල කරපු විදියට
මේකට මේ පාසල කරන්න බෑ කියලා මහින්ද මහත්තයාත් අන්න ඒ වගේ පෙන්ෂන් ගිය
විදුහල්පතිවරයෙක් වගේ තමයි,”
මහින්ද මහත්තයාත් පෙන්ෂන් ගිය
විදුහල්පතිවරයෙක් වගේ යැයි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ
(14) හපුතලේ පැවති ජන හමුවකදි කියා සිටියා…