බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් බොරු කී බව පර්පචුවල්
ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණ අංශ ප්‍රධානී සචින්ද්‍ර දේවතන්ත්රී
පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල්
ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා බැඳුම්කර කොමිසමට ඊයේ (30) දැනුම් දී
තිබේ.
මීට පෙර දින මෙම කොමිසම හමුවේ හෙළි වු කරණු සම්බන්ධයෙන් දේවතන්ත්රී කැඳවා ලබාගත් ප්රකාශයේදී ඔහු මේ බව පිළිගෙන ඇතැයි ද ලිවේරා
දැනුම් දී ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්ෂණික ප්‍රධානි සචින්ද්‍ර
දේවතන්ත්ගෙන් කොමිසමේ විර්ශන නිලධාරීන් ලබාගත් ප්රකාශයේදී
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම්
පටිගත වීම සඳහා මුලින් තිබු ක්‍රමවේදය ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල්
ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය තහනම් කළ පසුගිය ජුලි 06 වැනිදා ඉවත් කොට එදින
සිට නව පද්ධතියක් ස්ථාපනය කොට ඇති බව හෙළි කොට ඇතැයි කී ලිවේරා එම
කරුණු සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ හෙළි වු කරුණු අනුව ඔහුගෙන් යළිත් වරක්
ප්‍රකායක් ලබාගත් බවත් එහිදී තමන් මුල් අවස්ථාවේදී අසත්‍ය කරුණු පැවසු බව
ඔහු පිළිගෙන ඇති බවත් එහිදී පැවසා තිබේ.
මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර විමර්ශන ජනාධිපති පරීක්ෂණ
කොමිසමට ඉදිරිපත් කොට ඇති “දත්ත ගබඩා පද්ධතියේ” (System of the
Comiunication) අඩංගුව ඇත්තේ සත්‍ය වශයෙන්ම එහි ගබඩා වූ දත්ත නොවන බවත් ඒවා
විකෘති කරන ලද මෘදුකාංගයක් එම පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු ලබාගන්නා ලද
ප්‍රතිනිර්මාණය කරන ලද දත්ත බවත් එකී පද්ධතිය ස්ථාපනය කරන ලද ආයතනයේ
ප්‍රධාන ඉන්ජිනේරුවරයා පසුගිය 29වනදා කොමිසම හමුවේ සාක්ෂි සහිතව තහවුරු
කරමින් කියා ඇත.
මෙම කරුණු කොමිසම හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ සීමාසහිත මෙට්‍රොපොලිටන්
කොමියුනිකේෂන් සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරු දෙල්ගොඩ උඩුපිල පදිංචි 41 හැවිරිදි
නලින් රංග ධර්මරත්න විසින්ය.
ජනාධිපති නීතිඥ – අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩගේ
මෙහෙයවීමෙන් සාක්ෂි දුන් ඔහු කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉන්ජිනේරු උපාධිය ලැබ තමා මෙම සමාගමේ ඉන්ජිනේරුවරයකු වශයෙන් සේවය ආරම්භ කළ
අතර 2010 අප්‍රේල් මාසයේදී එම සමාගමේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා වශයෙන් පත්වූ
බවද එතැන් සිට එහි කටයුතු කරගෙන යන බවත්ය.
ජ්‍යෙ.අති.සො.ජ. කෝදාගොඩ – සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම තම සමාගමේ ගනුදෙනුකරුවෙක් නේද?
පි : – ඔව් ස්වාමීනි.
ප්‍ර :- 2013 දෙසැම්බර් මාසයේ පර්පචුවල් සමාගම සමඟ යම් ගනුදෙනුවකට සම්බන්ධ වුණාද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- කුමක්ද ඒ ගනුදෙනුව…?
පි :- එම ගනුදෙනුව සිදුවුණේ ඇත්ත වශයෙන්ම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම
සමඟ නොවේ. එහෙත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි අවශ්‍යතාව සඳහා
‘ඉන්ටර්කොම්’ යන්ත්‍රයක් සවිකිරීම සිදු කළා.
ප්‍ර :- කොහොමද එය සිදු වන්නේ?
පි :- ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් එම කටයුත්ත අප සමාගමට පැවරුවා. ඒ අනුව එම යන්ත්‍රය සවි කළේ අප විසිනුයි.
ප්‍ර :- එම ඉන්ටර්කොම් යන්ත්‍රය පර්පචුවල් සමාගමට ටෙලිකොම් සමාගමෙන් නොමිලේ ලැබුණු ප්‍රදානයක් නේද?
පි :- ඔව් ස්වාමිනී.
විනිසුරු ජයවර්ධන මහතා – වැඩිපුර දුරකතන සේවාවන් ලබා ගන්නා ආයතනවලට ටෙලිකොම් සමාගම විසින් මෙම යන්ත්‍රයක් නොමිලේ ලබා දෙනවා නේද?
පි :- එහෙමයි ස්වාමීනි.
ප්යෙ.අ.සො.ජ. කෝදාගොඩ මහතා ඊට පසු පර්පචුවල් සමාගම ඔබ සමාගමත් සමඟ ගනුදෙනුවකට සම්බන්ධ වෙනවා.
පි :– ඔව් ස්වාමීනි.
ප්‍ර :- ‘වොයිස් ලොගර්’ සිස්ටම් එකක් සවිකරන ලෙස ඔබ ආයතනයෙන් පර්පචුවල් සමාගම ඉල්ලා සිටියා.
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- එම සිස්ටම් එකෙන් කුමක්ද සිදුවන්නේ?
පි :- එම සිස්ටම් එක මඟින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබෙන සහ
සමාගමෙන් යැවෙන සියලු දුරකතන පණිවුඩ පිළිබඳ සියලුම විස්තර ගබඩා වෙනවා.
ප්‍ර :- කවදාද එය සවි කළේ?
පි :- එය සවි කළේ 2015 මාර්තු මස 08 වැනිදා.
ප්‍ර :- ඉන් අනතුරුව පර්පචුවල් සමාගම ඔබ ආයතනයෙන් තවත් පහසුකමක් ඉල්ලා සිටිනවා.
පි :- එහෙමයි ස්වාමීනි.
ප්‍ර :- කුමක්ද ඒ පහසුකම?
පි :- එම පහසුකම මඟින් සම්බන්ධතා 16ක් පිළිබඳ සියලු දත්ත ගබඩාවීම සිදුවෙනවා.
ප්‍ර :- එය සවි කළේ කවදාද?
පි :- එය සවි කළේ 2016 සැප්තැම්බර් මාසයේදී.
ප්‍ර :- ඒ අනුව එක්ස්ටෙන්ෂන් ලයින් 27කට අයත් සංවාද පටිගත කිරීමේ හැකියාව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබෙනවා.
පි :- එහෙමයි ස්වාමීනි.
මේ අවස්ථාවේදී පුළුල් තිරයේ ප්‍රදර්ශනය කරන ලද රූප රාමුවක් ඇසුරින් ප්‍රශ්න නඟයි.
ප්‍ර :- EL යනුවෙන් තිරයෙහි රූපරාමුවේ දැක්වෙන්නේ කුමක්ද?
පි :- එය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබාදෙන ලද එක්ස්ටෙන්ෂන්
ලයින් 30ක් සහිත ඒකකයක්. එය ඩිජිටල් තාක්ෂණය භාවිත වන එකක්. Front Line
එකක් හැටියට එය හැඳින්වෙනවා. අනික් පැත්තේ ඇනලොග් යුනිට් එක තිබෙනවා.
ඇනලොග් යුනිට් එක භාවිත වෙන්නේ ගෙවල් ආදියටයි.
ප්‍ර :- PABX යනු කුමක්ද?
පි :- PABX යනු ටෙලිකොම් එකේ සම්බන්ධතාවයි. එයට සෑම ලයින් එකෙන්ම දුරකතන පණිවුඩ එනවා.
ප්‍ර :- ඔබ ලබා දුන් Extent 8 හා Extent 16 යන ඒකකවලටත් යනවා.
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- ඊළඟට ඒ සියලු පණිවුඩ පරිගණකයට ඇතුළු වෙනවා. එයත් ලබාදුන්නේ ඔබලාගේ සමාගම විසින්මයි.
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- සියලු දත්ත ලබාගැනීමට අවශ්‍ය පහසුකම් එහි තිබෙනවා.
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- දුරකතනයක ඇමැතුමක හඬ හා සෙසු විස්තර වශයෙන් කොටස් 2ක් තිබෙනවා නේද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- වෙනත් විස්තර යටතේ ‘පැමිණි කෝල්’ එකක්ද ‘යැවුණු කෝල්’ එකක්ද කියලත් ඒකේ සටහන් වෙනවා නේද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- ඒ හඬ හා අනෙක් තොරතුරු වෙන් වෙන්ව සටහන් වෙනවා.
පි :- හඬ Folder වේව් ‘ෆෝමැට්’ එකේ සඳහන් වෙනවා.
ප්‍ර :- තොරතුරු ෆෝල්ඩර් එක Data Baseවල මොනවාද සටහන් වෙන්නේ ?
පි :- කෝල් එක ගත්ත දවස, වෙලාව, කොහෙන්ද ගත්තේ, පැමිණි එකක්ද, දෙන ලද
එකක්ද, වෙනත් එක්ස්ටෙන්ෂන් එකක් හරහා ආ එකක්ද යන සියලුම තොරතුරු සටහන්
වෙනවා. ගතවූ කාලය පවා සටහන් වෙනවා.
ප්‍ර :- වේව් (Wave Format) එකේ අංක සඳහන් වෙන්නේ 1, 2 ආදී වශයෙන් මෙන් අනුක්‍රමික අංකවලින්.
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- මේ සිස්ටම් එක සවි කළාට පසු යම් විටෙක පැමිණිල්ලක් ඔබට මේ සමාගමෙන් ලැබුණද පණිවිඩ පිළිබඳ සටහන් නොවීමක් ගැන?
පි :- ඔව් ස්වාමීනි ලැබුණා.
විනිසුරු ජයවර්ධන- කුමන දුරකතනයකින් ආවත් එහි සියලු විස්තර සටහන් වෙනවා නේද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- සචිත් දේවතන්ත්‍රි සමඟ තමයි මේ ගනුදෙනුවට අදාළව කතාබහ කළේ.
පි :- ඔව් ස්වාමීනි.
( ඛ් 216 ලේඛනයට අවධානය යොමු කරවයි)
ප්‍ර :- මෙය ඔබ සමාගමේ ලාල් මහතාට පර්පචුවල් සමාගමේ තාක්ෂණික විධායක සචිත් දේවතන්ත්‍රි විසින් එවන ලද ඊ-මේල් පණිවුඩයක් නේද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- ඒ අනුව ඔබ එය යථා තත්ත්වයට පත් කළාද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- 2015 ජුනි වල සිට (ජුනි 4) අවස්ථා කීපයකදීම එය සිදු කළාද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- එය අවස්ථා කීපයකදී අලුත්වැඩියා කළා කියලද ඔබ කියන්නේ?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- එය කවදා වනවිටද සම්පූර්ණයෙන් සාදා නිම කළේ?
පි :- 2015 දෙසැම්බර් වෙද්දි සියල්ල නිවැරැදි කර සාදා දුන්නා ස්වාමීනි.
ප්‍ර :- ඔබ සමාගම විසින් පර්පචුවල් සමාගමට ස්ථාපනය කර දෙන ලද මෘදුකාංගයේ
(System Software) “Back Up” බොත්තම තද කිරීමෙන් පමණක් කිසිදු අපහසුවකින්
හෝ බාධාවකින් තොරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු හා සමාගමෙන් යැවුණු
සියලු දුරකතන පණිවුඩ පිළිබඳව සියලුම විස්තර ලබාගත හැකි නේද?
පි :- ඔව්. ස්වාමීනි. පැහැදිලිවම ලැබෙනවා.
ප්‍ර :- එසේ නොවුණා නම් ඒ ගැන ඔබ ආයතනයට ඔවුන් පැමිණිලි කරනවා නේද?
පි :- ඔව් ස්වාමීනි.
ප්‍ර :- පැමිණිල්ලක් ඇතත් නැතත් ඔබලා විසින් සවිකළ පද්ධතිය (System) පරීක්ෂා කිරීමක් සිදුවන්නේ නැද්ද?
පි :- සිදුවෙනවා ස්වාමීනි. මාස 04කට වරක් අනිවාර්ය ‘සර්විස්’ එකක්
කරනවා. එම අවස්ථාවේදී සුළු හෝ දෝෂයක් හෝ යම් අඩුපාඩුවක් තිබුණහොත් එම
නිලධාරීන් ඒ බව අනිවාර්යයෙන්ම අපගේ ආයතනයට වාර්තා කරනවා.
ප්‍ර :- එවැනි කිසිම දෙයක් වාර්තා වී නැහැ නේද?
පි :- නැහැ ස්වාමීනි.
විනිසුරු ජයවර්ධන මහතා
ප්‍ර :- එයින් අදහස් වෙන්නේ කිසිදු හෝ දෝෂයක්වත් අඩුපාඩුවක්වත් නොමැතිව පද්ධතිය (System එක) ක්‍රියාත්මක වූ බව නේද?
පි :- ඔව් ස්වාමීනි. සත්‍ය වශයෙන්ම.
මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සාක්ෂිකරුට ලේඛනයක් ලබාදෙමින් ප්‍රශ්න නඟයි.
ප්‍ර :- ඔබ අතට පත් කර ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන
විධායක නිලධාරී කසුන් පලිසේන නමැති අය විසින් ගෞරව බහුමානයෙන් යුතුව කොමිසම
හමුවේ දිවුරමින් කොමිසමට ලබාදෙන ලද ‘දිවුරුම් ප්‍රකාශයකි’. ඔබ අත ඇති එම
දිවුරුම් ප්රකාශනයේ 12 වැනි ඡේදය දෙස අවධානය යොමුකරන්න. එහි ප්‍රකාශ කොට
තිබෙනවා නේද මේ කාලවකවානුව තුළ ඔබගේ සමාගම විසින් ස්ථාපනය කොට ඇති පද්ධතියේ
මෘදුකාංගය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවත් එහි සමාගමට ‘ලැබෙන’ හෝ
‘යැවෙන’ දුරකතන පණිවුඩවල ‘හඬ’ මිස දුරකතන අංකයවත්, පණිවුඩය ලැබුණු හෝ
යැවුණු වේලාවවත් ගතවූ කාලයවත් යනාදී කිසිදු තොරතුරක් එහි සඳහන් නොවූ බවත්?
පි :- ඔව් ස්වාමීනි එලෙස ප්‍රකාශ කොට තිබෙනවා.
ප්‍ර :- නිකම් නොව දිවුරා ප්‍රකාශ කොට තිබෙනවා?
පි :- එහෙමයි ස්වාමීනි.
ප්‍ර :- ඔබගේ දැනුවත්භාවය අනුව කසුන් පලිසේන විසින් කර ඇති එම ප්‍රකාශය ‘කෙප්ප බොරුවක්’ නේද?
(සාක්ෂිකරු පිළිතුරක් නොදී සිනාසෙයි)
විනිසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරු අමතමින්
ධර්මරත්න මහතාණනි, ඔබ කොමිසමට ප්‍රකාශ කරන්න එම ප්‍රකාශය සත්‍යයක්ද අසත්‍යයක්ද කියා.
පි :- එය අසත්‍ය ප්‍රකාශයක් ස්වාමීනි.
විනිසුරු ජයවර්ධන මහතා
හොඳයි ධර්මරත්න මහතාණනි අපට පහදා දෙන්න කොහොමද වැඩේ කරන්න ඇත්තේ කියලා.
සාක්ෂිකරු :- ස්වාමීනි, මේ පිළිබඳව ඉන්දියාවේ පිහිටි අපගේ මවු සමාගමටත්
දැනුම් දී ඔවුන්ටද මෙම (සිස්ටම් එකේ) පද්ධතියේ සම්බන්ධතාව ඔවුන්ට සම්බන්ධ
කළා. ඔවුන්ගේ නියෝජිතයකුත් ඒ සඳහාම මෙහි පැමිණියා. ඔවුන්ගේ නිගමනය වූයේ මෙම
පද්ධතියේ මෘදුකාංගය වෙනස් කොට වෙනත් මෘදුකාංගයක් (Software) භාවිත කරමින්
පද්ධතිය තුළ අන්තර්ගතව තිබූ ගබඩා වී තිබූ දත්ත වෙනස් කොට ඔවුන්ට අවශ්‍ය
පරිදි ‘හඬ පට’ පමණක් පටිගත කොට ඇති බවයි.
සභාපති විනිසුරු චිත්රසිරි මහතා :- මේ වගේ තක්කඩි ක්‍රියාවක් මීට පෙර ඔබ ආයතනයට කොහෙන් හෝ වාර්තා වී තිබෙනවාද?
පි :- නැහැ ස්වාමීනි. ඉන්දියාවේ මවු සමාගමටවත් එවැනි දෙයක් වාර්තා නොවූ බව ඔවුන් ප්‍රකාශ කළා.
ජ්‍යෙ. අති. සො. ජ. කෝදාගොඩ මහතා
ප්‍ර :- මහත්මයාණනි පහැදිලිවම ඔබත් ඔබගේ මවු සමාගමත් ප්‍රකාශ කරන්නේ
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම වංචනික ක්‍රියාව සිදුකොට විකෘති කරන ලද
දත්ත අඩංගු තැටියක් කොමිසමට ලබාදී ඇති බවයි.
පි :- එහෙමයි ස්වාමීනි. සිලෙක්ට් ඕල් අණ නොකොට සිලෙක්ට් සම් අණ කොට හඬ
පමණක් ලබාගත හැකියි. එහිදී බැක් අප් බොත්තම භාවිත නොකොට එසේ කළ හැකියි.
නමුත් මෙහිදී සමස්ත පද්ධතියේ දත්ත වෙනස් කිරීමක් සිදුකර ඇත්තේ ඉහතින්
ප්‍රකාශ කළ පරිදි පද්ධතියේ මෘදුකාංගය වෙනුවට වෙනත් ප්‍රතිනිර්මාණය කරන ලද
මෘදුකාංගයක් භාවිත කිරීමෙනුයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, August 31, 2017
තමන් කොමිසටම බොරු කී බව පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ ප්‍රධානියා පිළිගනියි
Posted by
lankanews
at
August 31, 2017
Labels: arjun alosius, arjun mahendran, Bond Scam, yahapalanaya
තමන් කොමිසටම බොරු කී බව පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ ප්‍රධානියා පිළිගනියි
2017-08-31T08:17:00+02:00
lankanews
arjun alosius|arjun mahendran|Bond Scam|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
