ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 6, 2017

මොනාක්‌ ගනුදෙනුව ගැන මම දැන ගන්න ඕන ඇයි?

ඇමැති රවි කොමිසමෙන් අසයි .... ජනාධිපති බැඳුම්කර කොමිසම...!!!
 ඉකුත් අගෝස්‌තු 02 වැනිදා විදේශ ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක  ජනාධිපති බැඳුම්කර කොමිසමට පැමිණ උදේ 10.30 සිට සවස 3.00 පමණ දක්‌වා සාක්‌ෂි දුන්නේය. කොමිසම හමුවේ පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා  රවි කරුණානායක ගේ සාක්‌ෂිය මෙහෙය වූ අතර ලිවේරා  මොනෑක්‌ නිවස ගනුදෙනුව ඇතුළු කරුණු ගණනාවක්‌ ගැන කරුණානායක මහතාගෙන් ඉතා දැඩිව ප්‍රශ්න කරන ලදී. පහතින් සඳහන් වන්නේ කොමිසම හමුවේ තමාගෙන් අසන ලද ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරුයි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා - මම රවි කරුණානායක ව සාක්‌ෂියට කැඳවනවා.

විදේශ ඇමැති රවි කරුණානායක  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රියන්සි අර්සකුලරත්න - මේ අවස්‌ථාවේ යමක්‌ කියන්න මට අවසර දෙන්න. මම තේරුම්ගත් ආකාරයට ඔහු (රවි කරුණානායක ) කොමිසමට කැඳවා ඇත්තේ කරුණු තුනක්‌ මුල්කරගෙනයි. පළමු කරුණ මහ බැංකු අධිපතිට ලබාදුන් ලිපියක්‌ වන අතර දෙවැනි සහ තුන්වැනි කරුණු වන්නේ මොනෑක්‌ රෙසිඩන්සිස්‌හි නිවසක්‌ බදුගැනීම සහ ඊට පසුව එය මිලදී ගැනීමයි. පළමු කරුණ කොමිසමේ මැන්ඩේට්‌ පත්‍රයට අදාළ වුවත් මේ දෙවැනි සහ තෙවැනි කරුණු කොමිසමේ මැන්ඩේට්‌ පත්‍රයට බාහිරයි. කෙසේ වෙතත් දැන් මේ කරුණු ප්‍රසිද්ධියට පත්ව ඇති නිසා මගේ සේවාදායකයා (රවි කරුණානායක) එම කරුණුවලටත් පිළිතුරු දීමට සූදානම් බව කියන්න කැමතියි.

ඡේ. අ. සො. ජනරාල් - මම එම ප්‍රකාශයට පිළිතුරක්‌ දෙන්න කැමතියි.

කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි  - නෑ නෑ දැන් ඔහු සාක්‌ෂි ලබාදෙන්න සූදානම්ව සිටිනවා.

ඡේ. අ. සො. ජනරාල් - එහෙත් මම ප්‍රශ්න ඇසීමේදී සීමා වෙන්නෙ නැහැ සාක්‌ෂිකරුවකුගේ නීතිඥයකු කියන කරුණු වලට.....

සභාපති - කොමිසමේ මැන්ඩේට්‌ පත්‍රයට අදාළ ඕනෑම ප්‍රශ්නයක්‌ ඔබට අසන්න පුළුවන්.

ඡේ. අ. සො. ජනරාල් - අදාළත්වය මත අවශ්‍ය ප්‍රශ්න විමසනවා.

සභාපති - ඔව්. අදාළ ප්‍රශ්න අහන්න පුළුවන්.

නීතිඥ අර්සකුලරත්න - මම අවශ්‍ය අවස්‌ථාවලදී විරෝධය පළ කරනවා.

ප්‍රශ්නය - ඔබගේ නම?

සාක්‌ෂිකරු - රවි කරුණානායක

ප්‍රශ්නය - වයස?

සාක්‌ෂිකරු - අවුරුදු 54 යි.

ප්‍රශ්නය - ආගම කුමක්‌ද?

සාක්‌ෂිකරු - කතෝලික

ප්‍රශ්නය - රැකියාව කුමක්‌ද?

සාක්‌ෂිකරු - වරළත් ගණකාධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු ඇමැති.

ප්‍රශ්නය - ස්‌ථිර ලිපිනය.

සාක්‌ෂිකරු - රජමල්වත්ත පාර, බත්තරමුල්ල.

ජුලි 25 දින පැමිණීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.

සභාපති - ඔබගේ කාර්ය බහුලත්වය ගැන අපට අවබෝධයක්‌ තිබෙනවා. ඒකයි අර්සකුලරත්න මහතාගේ ඉල්ලීම මත අද දින ඔබට පැමිණීමට ඉඩ දුන්නේ.

සාක්‌ෂිකරු - කැබිනට්‌ රැස්‌වීමට ගිය නිසයි එදින (25 දා) පැමිණීමට නොහැකි වුණේ. මගේ දේශපාලන අනාගතයට අවදානමක්‌ මතුව තිබෙනවා. මාධ්‍ය මගින් එය අන්තරායකට ලක්‌කර තිබෙනවා. මම ඕනම දෙයක්‌ ගැන පිළිතුරු දීමට, සියලු දේ පැවසීමට සූදානම්.

සභාපති - ඔබ ඇත්ත කියනව නම් ප්‍රශ්නයක්‌ නැහැ. මේ කරුණු ගැන විමර්ශනය කිරීමට සහ පරීක්‌ෂණ කිරීමට අපිට දී ඇති මැන්ඩේට්‌ පත්‍රය අනුව අපි රාජකාරීමය වශයෙන් බැඳී සිටිනවා.

සාක්‌ෂිකරු - මම එය අගය කරනවා.

ඡේ. අ. සො. ජනරාල් දප්පුල ද ලිවේරා මහතා - කරුණානායක  ඔබ දැන් කොහේද පදිංචි වී සිටින්නේ?

සාක්‌ෂිකරු - මම මේ අවස්‌ථාවේ පදිංචි වී සිටින්නේ මොනෑක්‌ රෙසිඩන්සිස්‌හියි. මහත් ආන්දොaලනයක්‌ ඇති කළ......

සභාපති - අහන ප්‍රශ්නයට උත්තර දෙන්න

කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි කොමිසමට පැමිණෙන අයුරු...
කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා - කරුණානායක, ඔබ අහන ප්‍රශ්නයට උත්තර දෙනව නම් ඒක අප හැමෝටම පහසුයි.

ඡේ. අ. සො. ජනරාල් - එම නිවසේ අංකය කුමක්‌ද?

සාක්‌ෂිකරු - 5 ඡ්‍ය 2

ඡේ. අ. සො. ජනරාල් - ඔබ එහි පවුලේ අය සමඟ ද පදිංචි වී සිටින්නේ?

සාක්‌ෂිකරු - පවුලේ අයත් සමඟ සිටිනවා. බිරිඳ සහ දරුවන් තිදෙනයි.

ඡේ. අ. සො. ජනරාල් - බිරිඳගෙ නම මොකක්‌ද?

සාක්‌ෂිකරු - මෙලනි විරන්ති කරුණානායක.

ඡේ. අ. සො. ජනරාල් - දියණියන් කීදෙනෙක්‌ ඉන්නවද?

සාක්‌ෂිකරු - තිදෙනයි.

ඡේ. අ. සො. ජනරාල් - නම් මොනවාද?

සාක්‌ෂිකරු - ඔනෙලා, ෂෙනෙලා සහ මිනෙලා කරුණානායක.

ඡේ. අ. සො. ජනරාල් - කවදා සිට ද මොනෑක්‌ නිවසේ පදිංචි වී සිටින්නේ?

සාක්‌ෂිකරු - 2016 පෙබරවාරි සිට.

ඡේ. අ. සො. ජනරාල් - එදින සිට ඔබ පවුලේ අය සමඟ එහි පදිංචි වී සිටිනවා.

සාක්‌ෂිකරු - ඇත්ත වශයෙන්ම.

ඡේ. අ. සො. ජනරාල් - එතකොට මේ ලිපිනය තාවකාලික එකක්‌?

සාක්‌ෂිකරු - මගේ නිවස අලුත්වැඩියා කරන නිසා තාවකාලිකව මේ නිවසේ සිටිනවා.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌?

සාක්‌ෂිකරු - වසර 22 ක සිට.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ මේ රටේ විදේශ කටයුතු ඇමැතිවරයා?

සාක්‌ෂිකරු - ඔව්.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ 2015 ජනවාරි සිට 2017 මැයි දක්‌වා මුදල් ඇමැති.

සාක්‌ෂිකරු - ඇත්ත වශයෙන්ම හරි...මැයි 20 දක්‌වා.

ඡේ. අ. සො. ජනරාල් - මේ රජය බලයට පත්වුණේ 2015 ජනවාරි මාසෙ?

සාක්‌ෂිකරු - 2015 ජනවාරි 08 දින.

ඡේ. අ. සො. ජනරාල් - යහපාලනය ගැන පොරොන්දු දීලයි රජය බලයට පැමිණියේ. ඒක හරිද?

සාක්‌ෂිකරු - ඇත්ත වශයෙන්ම හරි. රජයේ ඉතා බලවත් සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ගෙන් අද ඔබලා හරස්‌ ප්‍රශ්න අහන්නේ ඒ නිසයි.

ඡේ. අ. සො. ජනරාල් - අහන ප්‍රශ්නයට උත්තර දෙන්න.

විනිසුරු ජයවර්ධන - කරුණානායක මහත්මයා කරුණාකරල අහන ප්‍රශ්නයට උත්තර දෙන්න. මේක දේශපාලන රැස්‌වීමක්‌ නෙවෙයි.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ රජයේ ඉතා වැදගත් කැබිනට්‌ තනතුරක්‌ හොබවන්නේ?

සාක්‌ෂිකරු - ඇත්ත වශයෙන්ම.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ නේද?

සාක්‌ෂිකරු - ඇත්ත වශයෙන්ම.

ඡේ. අ. සො. ජනරාල් - ඒ වගේම ඡේෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌.

සාක්‌ෂිකරු - ඔව්.

විනිසුරු ජයවර්ධන - මුදල් ඇමැති ලෙස ඔබට මහ බැංකුව සමඟ සමීපව කටයුතු කරන්න වෙනවා?

සාක්‌ෂිකරු - අයවැය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නැහැ. මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නම් ඔව්.

විනිසුරු ජයවර්ධන - අයවැය කළමනාකරණය ගැන කතා කිරීමේදී රාජ්‍ය ණයත් එහි කොටසක්‌ නේද?

සාක්‌ෂිකරු - ඔව්. ඒක හරි.

ඡේ. අ. සො. ජනරාල් - මහා භාණ්‌ඩාගාරය තිබුණේ ඔබ යටතේ නේද?

සාක්‌ෂිකරු - ඔව්. මහා භාණ්‌ඩාගාරයේ දෙපාර්තමේන්තු 14, 15 ක්‌ මගේ යටතට තිබුණා.

ඡේ. අ. සො. ජනරාල් - භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ඔබ යටතේ තිබුණේ ?

සාක්‌ෂිකරු - ඔව්.

ඡේ. අ. සො. ජනරාල් - මේ දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයෙක්‌?

සාක්‌ෂිකරු - ඔව්. ඒ කාලයේ රණසිරි මහතා සිටියේ.

ඡේ. අ. සො. ජනරාල් - මුදල් ඇමැති ලෙස රජයේ ණය වැඩසටහනේ ප්‍රධාන වගකීම උසුලන්නේ ඔබ නේද?

සාක්‌ෂිකරු - නැහැ. මම මුදල් ඇමැති ලෙස ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්‌ඩලයේ උපදෙස්‌ මත ඒ කටයුතු මෙහෙයවීම සිදුකළා.

විනිසුරු ජයවර්ධන - රජයේ මාසික මුදල් අවශ්‍යතාව තීරණය කරන්නේ මහා භාණ්‌ඩාගාරයෙන් ?

සාක්‌ෂිකරු - ඔව්.

විනිසුරු ජයවර්ධන - එම අමාත්‍යාංශය ඔබ යටතේ තිබුණේ?

සාක්‌ෂිකරු - ඒක හරි.

ඡේ. අ. සො. ජනරාල් - අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ ඔබට තිබෙන්නේ කොයි වගේ සම්බන්ධයක්‌ද?

සාක්‌ෂිකරු - වසර 25, 30 ක පමණ සිට අපේ පවුල් හඳුනනවා. දිගුකාලීන සම්බන්ධයක්‌ තිබෙනවා.

ඡේ. අ. සො. ජනරාල් - කවදා සිට ද ඔබ අර්ජුන් ඇලෝෂියස්‌ව හඳුනන්නේ?

සාක්‌ෂිකරු - වසර 10, 12 ක්‌ 15 ක්‌ පමණ තාත්ත දන්නව. සීය දන්නවා. මාමණ්‌ඩි දන්නව. දිගුකාලීන සම්බන්ධයක්‌ තියෙනව. මම දේශපාලනඥයෙක්‌ ලෙස හැම කෙනෙක්‌ම හඳුනගන්න උත්සාහ කරනව.

ඡේ. අ. සො. ජනරාල් - මොන වගේ සම්බන්ධයක්‌ ද ඔබට පසුගිය කාලයේදී අර්ජුන් ඇලෝෂියස්‌ සමඟ තිබුණේ?

නීතිඥ අර්සකුලරත්න - එයට පිළිතුරක්‌ දුන්නා. එම පවුල් එකිනෙකා දන්නවා. සීයලගෙ කාලෙ ඉඳන් දන්නවා කිව්වා.

විනිසුරු ජයවර්ධන - කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා අතර පැවති සම්බන්ධය ගැන අපි උනන්දු වෙනවා. ඒ නිසා ප්‍රශ්න කරන්න ඉඩ දෙන්න.

ඡේ. අ. සො. ජනරාල් - මම ඇහුවේ පවුල් අතර සම්බන්ධය නෙවෙයි. අර්ජුන් ඇලෝෂියස්‌ සමඟ පැවතියේ කොයි වගේ සම්බන්ධයක්‌ ද කියන එකයි?

සාක්‌ෂිකරු - සාමාන්‍ය සම්බන්ධයක්‌ පමණයි. උසස්‌ තනතුරක්‌ දැරීම නිසා මිතුරන් ඇසුරු නොකර සිටින්නේ නෑ.

ඡේ. අ. සො. ජනරාල් - ඔබට අර්ජුන් ඇලෝෂියස්‌ සමඟ පුද්ගලික සම්බන්ධයක්‌ තියෙනවද?

සාක්‌ෂිකරු - නැහැ. එහෙම අවශ්‍යතාවක්‌ නෑ.

ඡේ. අ. සො. ජනරාල් - ඔබට ඇලෝෂියස්‌ මහතා සමඟ ව්‍යාපාරික සම්බන්ධයක්‌ තිබුණද?

සාක්‌ෂිකරු - නැහැ.

ඡේ. අ. සො. ජනරාල් - ඔබට අර්ජුන් ඇලෝෂියස්‌ සමඟ නිල සම්බන්ධයක්‌ තිබුණ ද?

සාක්‌ෂිකරු - නැහැ.

ඡේ. අ. සො. ජනරාල් - එහෙම නම් මොනවගේ සම්බන්ධයක්‌ ද ඇලෝෂියස්‌ මහතා සමඟ ඔබට තිබුණේ?

සාක්‌ෂිකරු - ඒක තමයි මම මූලික වශයෙන් කීවේ. මම විධායක තනතුරක්‌ දැරුව කියල මිතුරන් අතහැරිය යුතු නැහැ.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ දැන් යම් සමාගමක අධ්‍යක්‌ෂ තනතුරක්‌ දරනවද?

සාක්‌ෂිකරු - දැන් නැහැ. ඇමැති තනතුර ගත් පසු අධ්‍යක්‌ෂ තනතුරුවලින් ඉවත් වුණා. එය අත්‍යවශ්‍ය නිසා. 2015 ජනවාරි වනතෙක්‌ සමාගම් 8, 9 ක අධ්‍යක්‌ෂ ධුර දැරුවා.

ඡේ. අ. සො. ජනරාල් - ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේෂන් පුද්ගලික සමාගම ඉන් එකක්‌.

සාක්‌ෂිකරු - ඔව්. ඒක ලොජිස්‌ටික්‌ සමාගමක්‌.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ කී සමාගම් නමයේ ඔබගේ බිරිඳත් අධ්‍යක්‌ෂවරියක්‌ද?

සාක්‌ෂිකරු - ඔව්. මම ඉවත් වූ පසු බිරිඳ සහ වැඩිමල් දියණිය ඔනෙලා විරන්ති කරුණානායක අධ්‍යක්‌ෂ ධුර දරනවා.

ඡේ.අ.සො.ජනරාල්- ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේෂන් පුද්ගලික සමාගම මේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඔබ ඉවත් වුණා.

සාක්‍ෂිකරු- ඔව්.

ජෙ.අ.සො.ජනරාල්- අනෙක්‌ අධ්‍යක්‍ෂවරු වන්නේ ඔබේ බිරිඳ, දියණිය ඔනෙලා විරන්ති, ලක්‍ෂ්මි කාන්තන් සහ ලක්‍ෂ්මිශන්?

සාක්‍ෂිකරු- හරි.

ජෙ.අ.සො.ජනරාල්- මේ සමාගමේ ව්‍යාපාර කටයුත්ත කුමක්‌ද?

සාක්‍ෂිකරු- ජාත්‍යන්තර ප්‍රවාහක (ලොජිස්‌ටික්‌) කටයුතු.

ඡේ.අ.සො.ජනරාල්- මේ ලක්‍ෂ්මි කාන්තන් විදේශිකයෙක්‌ද?

සාක්‍ෂිකරු- ඔහු ඉන්දියානු ජාතිකයෙක්‌ බ්‍රිතාන්‍යයේ ඉන්නේ.

විනිසුරු ජයවර්ධන- ඉන්දියාවේ ඉපදුණු කෙනෙක්‌. ශ්‍රී ලාංකිකයෙක්‌ නොවෙයි.

සාක්‍ෂිකරු- ලාංකිකයෙක්‌ නොවෙයි.

ඡේ.අ.සො.ජනරාල්- ලක්‍ෂ්මි ෂන්?

සාක්‍ෂිකරු- ලක්‍ෂ්මි කාන්ත්ගේ පුතා ඔවුන් බ්‍රිතාන්‍ය පුරවැසියන්.

ජනාධිපති නීතිඥදප්පුල ද ලිවේරා
ඡේ.අ.සො.ජනරාල්- මේ ලක්‍ෂ්මි කාන්තන් ප්‍රසිද්ධ එමිල් කාන්තන්ට සම්බන්ධයක්‌ තියෙනවද?

සාක්‍ෂිකරු- ස්‌වාමිනී කවුද එමිල් කාන්තන්?

විනිසුරු ජයවර්ධන- ලිවේරා මහතාගෙන් අහන්න.

සාක්‍ෂිකරු- ස්‌වාමිනී මට අහන්න පුළුවන්ද? (ලිවේරා මහතාගෙන්) කවුද එමිල් කාන්තන්?

ඡේ.අ.සො.ජනරාල්- ඔහු ත්‍රස්‌තවාදී කටයුතු වෙනුවෙන් සොයන කෙනෙක්‌.

සාක්‍ෂිකරු- ඒක මට ප්‍රවෘත්තියක්‌.

විනිසුරු ජයවර්ධන- (සිනහ සෙමින්) ඒක ඔබට ප්‍රවෘත්තියක්‌ නම් ඔබ විදේශ කටයුතු ඇමැති ලෙස කටයුතු කරන්නේ කොහොමද දන්නේ නැහැ.

ඡේ.අ.සො.ජනරාල්- ඔබේ ග්ලෝබල් ට්‍රාන්ස්‌පොටේෂන් ඇන්ඩ් ලොජිස්‌ටික්‌ස්‌ සමාගමේ කොටස්‌ හිමිකාරිත්වය දරන්නේ හැම්ප්ටන් ගෲප් ඩිවලොප්මන්ට්‌ සහ ඕඑස්‌එම් හෝල්ඩිංග්ස්‌ විසින්?

සාක්‍ෂිකරු- ඔව්. ඒක හරි.

ඡේ.අ.සො.ජනරාල්- ඕඑස්‌එම් හෝල්ඩිංග්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂවරු කවුද?

සාක්‍ෂිකරු- ඕනෙලා කරුණානායක, මේලා කරුණානායක.

ඡේ.අ.සො.ජනරාල්- ඔබ අර්ජුන් ඇලෝෂියස්‌ පසුගිය වසර දෙකේදී නිතර හමු වුණාද? 2015 සහ 2016 වසර දෙකේදි?

සාක්‍ෂිකරු- ඔව්. හමුවෙනවා. උත්සවල දී හමුවෙනවා. අපිට වැදගත් අවස්‌ථාවලට ආරාධනා කළහම යනවා.

ඡේ.අ.සො.ජනරාල්- නිවෙස්‌වලට යනවද?

සාක්‍ෂිකරු- ගෙදරට ගියාද මතක නෑ. එක අවස්‌ථාවක දරුවෙකුගේ උපන් දින සාදයකට ගියා.

ඡේ.අ.සො.ජනරාල්- ඔහු මුදල් අමාත්‍යාංශයට ආවාද?

සාක්‍ෂිකරු- ඔහු මුදල් අමාත්‍යාංශයට ආවාද මට මතක නෑ... නෑ ඔහු ඇවිත් තියෙනවා.

ඡේ.අ.සො.ජනරාල්- කී පාරක්‌ද?

සාක්‍ෂිකරු- සමහරවිට දෙතුන් පාරක්‌ ඇවිත් තියෙනවා.

ඡේ.අ.සො.ජනරාල්- ඔහු සමග ව්‍යාපාර ගනුදෙනු කරල තියෙනවද?

සාක්‍ෂිකරු- නෑ.

ඡේ.අ.සො.ජනරාල්- කොහෙත්ම නැද්ද?

සාක්‍ෂිකරු- නැහැ.

ඡේ.අ.සො.ජනරාල්- අපි අර්ජුන් ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනය ඩිජිටල් විමර්ෂණයට ලක්‌ කළා. එහි අන්තර්ගත වන තොරතුරු රහස්‌ පොලිසියේ ඩිජිටල් රසායනාගාරයේ විශේෂඥයකු මගින් එහි උධෘතයක්‌ ලබා ගත්තා. එය මුද්‍රිත පිටු 8600 ක්‌ අන්තර්ගතයි. එහි රවි කරුණානායක මහතාට අදාළ කොටස්‌ පමණක්‌ අපි මේ අවස්‌ථාවේ කොමිසමේ ලේඛනයක්‌ ලෙස සලකුණු කරනවා. කරුණානායක මහමත්මයා මේ ලේඛනය බලන්න. ඇමැති රවි කරුණානායක මහතා එම ලේඛනය පරීක්‍ෂා කරයි.

ඡේ.අ.සො.ජනරාල්- මේ කෙටි පණිවුඩයක්‌ (එස්‌.එම්.එස්‌) අර්ජුන් ඇලෝෂියස්‌ගේ දුරකථනයට ලැබුණු එකක්‌ නීල් ද සිල්වා නමැත්තෙකුගෙන්. ඒකෙ ඇමැතිවරයාට (ඇමැති රවි කරුණානායක) ආමන්ත්‍රණය කරලා තියෙනවා.

දත්පුලද ලිවේරා මහතා එම පණිවුඩය කියවයි.

ඡේ.අ.සො.ජනරාල්- මේ කෙටි පණිවුඩය ගැන ඔබ දන්නවාද?

සාක්‍ෂිකරු- නෑ.

ඡේ.අ.සො.ජනරාල්- මේ ගැන ඔබ කිසිවක්‌ම දන්නෙ නැද්ද?

සාක්‍ෂිකරු- නැහැ. පළමු වරටයි මම මෙය දකින්නේ.

ඡේ.අ.සො.ජනරාල්- ඔබ දන්නවද නීල්ව?

සාක්‍ෂිකරු- නෑ. මම දන්නෙ නෑ.

ඡේ.අ.සො.ජනරාල්- අර්ජුන් ඇලෝෂියස්‌ මේ පණිවුඩය ගැන ඔබට කිව්වද?

සාක්‍ෂිකරු- නැහැ.

රුවන් ගාල්ලගේ නම් අයෙකුගෙන් අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ ජංගම දුරකථනයට ලැබුණු තවත් කෙටි පණිවුඩයක්‌ දප්පුලද ලිවේරා මහතා ඉදිරිපත් කරයි. එහි එක්‌තරා පුවත්පත් ආයතනයක නමද සඳහන් වෙයි. එය රවී කරුණානායක පිටපත් කර ඇති බවද ලිවේරා මහතා කොමිසමට කීවේය.

ඡේ.අ.සො.ජනරාල්- මේ ගැන ඔබ දන්නවද.

සාක්‍ෂිකරු- නෑ මම දන්නෙ නෑ.

ඡේ.අ.සො.ජනරාල්- රුවන් ගාල්ලගේව දන්නවද?

සාක්‍ෂිකරු- ඔව්. ඔහු ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ නිලධාරියෙක්‌.

අර්ජුන ඇලෝෂියස්‌ගේ ජංගම දුරකථනයට පැමිණි තවත් දුරකථන කෙටි පණිවුඩවල ආර්කේ (RK) යනුවෙන් සඳහන් වුවත් එනමින් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නා බවද කරුණානායක මහතා කීවේය. තවත් කෙටි පණිවුඩයක පීඑම් (PM) සහ රවී කේ (Ravi K) යනුවෙන්ද සඳහන්ව තිබෙන බව කියමින් දප්පුලද ලිවේරා මහතා රවි කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළත් ඔහු කීවේ එම පණිවුඩ ගැන තමා කිසිවක්‌ නොදන්නා බවයි. ඔබ මේ දුරකථන පණිවුඩ ගැන කිසිවක්‌ම දන්නේන නැද්දයි ලිවේරා මහතා ප්‍රශ්න කළ විට කරුණානායක මහතා සාක්‍ෂි කූඩුවේ සිට ලිවේරා මහතාගෙන් "මම කොහොමද දන්නේ?" යෑයි ද ප්‍රශ්න කරනු ලැබිණි.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ දන්නවද ජී. ටී. එල්. සමාගම අනිකා විඡේසුරිය සමඟ විකිණුම් ගිවිසුමක්‌ අත්සන් කළ බව

සාක්‌ෂිකරු - මම එම සමාගමේ සාමාජිකයෙක්‌ නෙවෙයි. මම ඉන් අස්‌ වුණා. පවුලේ අයයි එය පාලනය කරන්නේ.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ දන්නවද ජී. ටී. එල් සමාගම රු. මිලියන 165 ක්‌ ගෙවල තියෙනව මේ එපාර්ට්‌මන්ට්‌ එක ගන්න?

සාක්‌ෂිකරු - මම ඒ ගැන දැනගන්න ඕන ඇයි?

ඡේ.අ.සො. ජනරාල් - ඔබ ඒ ගැන දන්නේ නැහැ?

සාක්‌ෂිකරු - (නැවතත්) මම ඒ ගැන දැනගන්න ඕන ඇයි?

ඡේ.අ. සො. ජනරාල් - ඔබ දන්නවද ඒ ගැන?

සාක්‌ෂිකරු - (තවත් වරක්‌) මම දැනගන්න ඕන ඇයි?

ඡේ. අ. සො. ජනරාල් - ඔබගේ බිරිඳගේ ස්‌වාමිපුරුෂයා ලෙස?

සාක්‌ෂිකරු - නිහඬයි

ඡේ.අ. සො. ජනරාල් - අඩු තරමේ ඔබගේ බිරිඳගේ ස්‌වාමිපුරුෂයා ලෙසවත් දන්නේ නැද්ද?

සාක්‌ෂිකරු - ඒක පුද්ගලික දෙයක්‌ නෙවෙයි. ඒක ආයතනයක්‌.

ඡේ.අ. සො. ජනරාල් - එම නිවස රු. මිලියන 165 ක්‌ බව දන්නවද?

සාක්‌ෂිකරු - නැහැ.

ඡේ. අ. සො. ජනරාල් - ඔබ එය දැනගත්තේ කවදාද? අනිකා විඡේසුරිය මෙහි සාක්‌ෂි දුන්නායින් පසුද ඔබ එය දැන ගන්තේ? ඒකද ඔබ කියන්නේ?

සාක්‌ෂිකරු - මට එය දැනගන්න අවශ්‍ය නෑ. ඔවුන් සමාගම පාලනය කරන්නේ. ඔවුන් අධ්‍යක්‌ෂවරු.

ඡේ.අ. සො. ජනරාල් - ඔබ මේ කොමිසමට දිවුරුම් පිට කියන්නේ ඔබ සහ ඔබේ පවුලේ අය සමඟ පදිංචි වී සිටින එපාර්ට්‌මන්ට්‌ එක රු. මිලියන 165 කට මිලදී ගත් බව ඔබ ඔබේ දැනුමින් තොරව සිදු වූ දෙයක්‌ බවද?

සාක්‌ෂිකරු - බිලියන 4.5 ක වත්කම් අගයක්‌ තිබෙන සමාගමක්‌ ඒ ගැන කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑ. ඔවුන් එය පාලනය කරන්නේ. මට රට වෙනුවෙන් කරන්න ඊට වඩා දේවල් තියෙනවා.

ඡේ.අ. සො. ජනරාල් - 2015 ජනවාරි වෙනකම් ඔබ එහි අධ්‍යක්‌ෂකවරයෙක්‌

සාක්‌ෂිකරු - ඔව්. එය හරි

ඡේ. අ. සො. ජනරාල් - මේ සමාගම ආරම්භ කළේ කවුද?

සාක්‌ෂිකරු - මා විසින්

කොමිසම යළි අනිද්දා (08 දා) උදේ 10.00 ට රැස්‌වේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා එදින සාක්‌ෂි ලබාදීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.