ලූණු බික ඉවත් කිරීමෙන් මේ ප්රශ්නය විසද ගන්න ඉඩ දෙන්නේ නෑ..ලූණු ගෝණිය තියන අර්ජුන් අල්ලලා ඇතුලට දාන්න....!!!
“රවි කරුණානායක ඇමති ආවනේ ජනාධිපති කොමිසමට. රවිගෙන් දැන් ප්‍රශ්න අහනවා. ඔබ පදිංචි වී සිටින්නේ කොල්ලුපිටියේ ඒ
නිවස තියෙන්නේ, ඔබ දන්නවාද මේ නිවසට කුලිය ගෙවන්නේ කවුද කියලා. මම
දන්නේ නෑ. ඒක ගත්තේ කාගේ නමටද මට මතක නෑ. එතකොට අහනවා අරජුන් ඇලෝසියස් ද
මුදල් ගෙව්වේ එතකොට කියනවා මම දන්නේ නෑ නෝනා මට කිව්වේ නෑ. අපේ නෝනා
අලුතින් ලස්සන ගවුමක් ඇදගෙන හිටියොත් ෂා ලස්සන ගවුම කියන්න ඉස්සල්ලා අහන්නේ
නැද්ද උඹට ඔය ගවුම කොහෙන්ද කියලා. එහෙම දේවල් වෙන්න පුළුවන්ද? අසු වුණේ
ලූණු බිකක් ලු එහෙමනම් ලූණු ගෙඩිය අතේ තියන අර්ජුන් ඇලෝසියස්වත් ඇතුලට ගත
යුතුයි, ලූණු ගෝණිය තියන අර්ජුන් මහේන්ද්‍රන්ද ඇතුලට ගත යුතුයි. ඒ නිසා
ලූණු බික ඉවත් කිරීමෙන් මේ ප්රශ්නය විසද ගන්න ඒකාබද්ධ විපක්ෂය ඉඩ දෙන්නේ
නැහැ.”
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල්
අමාත්‍යවරයා ඉල්ලා අස්විම හරහා එම වංචාව යට ගැසිමට ඉඩ නොදේන බව
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.