කන්ටේනර පිටින් කුඩු මෙරටට ගෙන එන මුත් ගෙන්වන මිනිහෙක්
හොයාගන්නට නැත. කුඩු තොග ගණනින් අත්අඩංගුවට ගන්නා නමුත් ඒවාට
වෙන දෙයක් නැත. ආණ්ඩුවට විසඳන්නට (විසඳ ගන්නට) ඇති බොහෝ
ප්‍රශ්න තිබෙන නිසා මෙවැනි සිල්ලර ගණයේ ප්‍රශ්න පසුවට කල් තබා
තිබෙනවා වන්නට පුළුවන. එහෙත් සෙස්ස පස්සට තැබීමේ විපාකය රටම
"කුඩු" වීම වන්නට බැරි නැත. එය අප අවවාදයක් ලෙස නොව පූර්ව
සූදානමක් ලෙස සිහිපත් කර සිටිමු.
මේ රටේ නමගිය කුඩු කප්පිත්තන් හිරේය. එහෙත් රට පුරාම විවිධ
වර්ගයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ත්‍රිපෝෂ බෙදනවාටත් වඩා පහසුවෙන්
සිදු වන බව පෙනේ. එසේ කරන්නට "හයියක්" වුවමනාය. එසේ මෙසේ
හයියක් නොව දේශපාලන හයියක්ය. ඒ බව තහවුරු කරන ප්‍රවෘත්තියක් (07 දා) "දිවයින" මුල් පිටුවේ සඳහන්ව තිබිණි. එම
ප්‍රවෘත්තියට අනුව "ප්‍රබල ඇමැතිවරයකුගේ" පෞද්ගලික ලේකම්වරයකු
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී කොටුවී තිබේ. පොලිස් විශේෂ
කාර්ය බළකාය සිදු වීම තහවුරු කර ඇති නිසා ඒ ගැන සැකයක් නැත.
නැතිනම් මේවා අදහාගන්නටත් බැරි තරමේ "නිවුස්" ය. අපට හිතෙන්නේ
කොතැනක හෝ වරදක් සිදුව ඇති බවය. කෙසේ හෝ මේ "ලේකම්තුමා" එසේ
මෙසේ වැඩකාරයකු නොව සුපිරි වැඩකාරයෙකි. කාට අසු වුණත් වැඩේ
ගොඩින් බේරා ගැනීම සඳහා හෝ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ
රාජකාරි හැඳුනුම්පතද තිබී ඇත්තේ මේ පුද්ගලයා ළඟය.
සමහරවිට ඒ
අහිංසකයා මේ කිසිවක් නොදන්නවා වන්නට පුළුවන. කරුමෙට මෙන් මේ
පොලිස් හාදයාගේ "බැංකු කාඩ්පත්" වාහනයක රක්ෂණ සහතිකයද තිබී
ඇත්තේ "ලේකම්තුමා" ළඟය. "එතුමා" බිස්නස් එක සාරේට කර ඇති බව
පැහැදිලි වන්නේ අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය "කැටගරිය" ගැන
බලන විටය. ඒ මෙසේය. ඩාන්සින් ටැබ්ලට් 10 ක්, ගංජාවලින් තැනූ
තවත් මත්ද්‍රව්‍ය වර්ගයක් මිලි ග්‍රෑම් 9420 ක්, කොකේන්
මිලිග්‍රෑම් 3000 ක් සහ මදි පාඩුවට "ලේකම් මහතාගේ" නිවසේ
අල්මාරියේ සඟවා තිබූ හෂීස් මිලිග්‍රෑම් 97440 ක්, තීරු බදු
රහිතව මෙරටට ගෙන්වූ බවට සැක කරන විදේශීය මත්පැන් බෝතල් 10 ක්
සහ තියුණු ආයුධ දෙකකි.
අප මෙතැනදී මෙවැනි "අහිංසක ලේකම්වරුන්ට" දොස් පවරන්නට ඉක්මන්
වන්නේ නැත. අප සෘජුවම චෝදනා කරන්නේ අදාළ ප්‍රබල ඇමැතිවරයාටය.
මේ මිනිහාට තමන්ගේ ලේකම්වරයා ගොඩ දමන්නට ඕනෑතරම් දේවල් කරන්නට
තිබියදී මෙවැනි නසරාණී වැඩ පැවරීම හොඳ නැත. කුමක් හෝ ආණ්ඩුවේ
"කොන්ත්‍රාත්" වැඩක් පැවරීම මාසයෙන් දෙකෙන් ගොඩ යා හැකි
කොමිස් කුට්ටියක් කඩා ගැනීමට හැකි ආකාරයේ ව්‍යාපෘතියක්
පැවරීම අදාළ අමාත්‍යාංශයේ රියෑදුරු, පියන් තනතුරු සඳහා රැකියා
අවස්ථා ලබාදී කීයක් හෝ සොයා ගන්නට අවස්ථාව සලසා දීම ආදී
මෙවැනි තවත් "රාජකාරි" කොපමණ තිබේද? එසේ තිබියදී ලේකම්වරයා
අමාරුවේ දමන්නට කටයුතු කළ ඇමැතිවරයා වහා අත්අඩංගුවට ගත යුතු බව
අපේ විශ්වාසයයි. නැතිනම් හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකම එකතුවී මේ
ප්‍රබල ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතුය. අනෙක්
ඇමැතිවරු (දේශපාලනඥයන්) මේ වගේ තුප්පහි වැඩවලට කිසිසේත්ම අනුබල
නොදෙන නිසා එය එතරම් අසීරු කාරණයක් නො වන බව අපේ හැඟීමය.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Tuesday, August 8, 2017
ඇමැති ලේකම්ගේ රස්සාව කුඩු
Posted by
lankanews
at
August 08, 2017
Labels: drugs container, drugs dealer duminda silva, lankanews, mangala samaraweera, sameera manahara drugs, yahapalanaya
ඇමැති ලේකම්ගේ රස්සාව කුඩු
2017-08-08T04:47:00+02:00
lankanews
drugs container|drugs dealer duminda silva|lankanews|mangala samaraweera|sameera manahara drugs|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
