මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..
ඇමති මංගල සමරවීරගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා වන සමීර මනහර
මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය
ලේකම් අසිත රාජපක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.
“අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්
අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම පදනම්
විරහිතය.
මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සහ ඔහුගේ
මිතුරන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (05) රාත්‍රී
අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට බාර දීමේ සිද්ධිය පාදක කර ගනිමින්
අමාත්‍යවරයාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය විසින් මඩ මෙහෙයුමක් ආරම්භකර
ඇති බැවින් සිද්ධියට අදාළ කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මාධ්‍ය
නිවේදනය නිකුත් කරමි.
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා
පෙරේදා රාත්‍රී ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ රාත්‍රී සාදයක් සඳහා යමින්
සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් රාත්‍රී 8.45
ට පමණ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි සිටි අයකු සතු එම ජීප් රථය පොලිස්
නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී එහි තිබී මත්ද්‍රව්‍ය හසුවීම හේතුවෙනි.
එම ජීප් රථය එහි සිටි අයකු සතු වුවකි.
රථයේ සිටි අයකු එය තමන්ගේ බව පිළිගෙන ඇති අතර අනතුරුව විශේෂ කාර්ය බලකා
නිලධාරීන් අදාල සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද සිගරට් කාටුන්
තුනක් ද ප්‍රදර්ශන කඩුවක් හා නිවසේ භාවිතයට යොදාගත් මන්නයක් ද අත්අඩංගුවට
ගෙන මෙම පිරිස ඊයේ (06) උදැසන ගල්කිස්ස පොලිසියට බාරදී ඇත.
අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාම ඊයේ පස්වරුවේ දී ගල්කිස්ස වැඩබලන
මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල ගල්කිස්ස පොලිසිය, මත්ද්‍රව්‍ය ළඟ
තබාගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී
නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි
නිසා බවත් බී වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ
පොලිස් පරීක්ෂකවරයාල පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා එරෙහිව
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා ඉදිරිපත්
නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා
සිටියේය.
එම කරුණු සලකා බලමින් පළමු සැකකරු රිමාන්ඩ් භාරයට පත්කල
මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන සිටි සමීර මනහර මහතා ඇතුළු තිදෙනා ඇප මත
මුදා හරිනු ලැබිය.
ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරියට එරෙහිව
ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා කර ඇති කරුණු පදනම් විරහිත බව සනාථවේ.”
අසිත රාජපක්ෂ
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Tuesday, August 8, 2017
බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…
Posted by
lankanews
at
August 08, 2017
Labels: drugs container, drugs dealer duminda silva, lankanews, mangala samaraweera, sameera manahara drugs, yahapalanaya
බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…
2017-08-08T04:17:00+02:00
lankanews
drugs container|drugs dealer duminda silva|lankanews|mangala samaraweera|sameera manahara drugs|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
