ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 6, 2017

සම ලිංගික ආශාවල් ඇති වන්නේ ඇයි ?

සමාජ බිඳ වැටීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ කතාබහට මාතෘකාවක් වී තිබේ. සමාජයේ නීතිය,සාරධර්ම බිඳ වැටී ඇති බව ජනමාධ්‍ය මඟින් පෙන්වා දේ. දැනට අප ඉදිරියේ පවතින්නේ පුදුමාකාර ලෙසට සෘණාත්මක ආකල්ප නිසා ඔද්දල් වූ සමාජයකි. වංචනිකයින්ට ඕනෑම බොරුවක් කර අනුන්ගේ මුදල් ගසා කෑමට ඉඩ හැර ඇත.සමාජය දුෂිත වීමට මූළික සමාජ සංස්ථාවවූ පවුල් ඒකකයේ බිඳ වැටීම බෙහෙවින් උපස්ථම්භක වී තිබේ. අද ඇත්තේ වාණිජ අර්ථක්‍රමය විසින් ගිල ගන්නා ලද ගරා වැටුණු පවුල් සංස්ථාවකි. මේ ‍තුළ බිරිද හෝ ස්වාමියා විදේශගතවී ඇත. එසේ නොමැති නම් පැවති යුදමය වාතාවරණය නිසා සිය දෙමාපිය ඥතීන් අහිමි ඒ නිසාම සුරක්ෂිත බව නොලැබූ අසරණ  ළමා පරපුරක් අප හමුවේ පවතී. එක් අංශයකින් වාණිජ අර්ථක්‍රමයේ විවෘත දොරටු නිසා නිදහසේ රට තුළට ප්‍රවේශ වන ආගන්තුක විනාශකාරී ගතිසිරිත් පැවතුම් බඳු දේ මඟින් ළමා පරපුර ඇතුළු සමස්ත ජනතාව ගිළ ගනිමින් ඇත. තවත් අංශයකින් මෙරට ඈත අතීතයේ සිටම කාන්තාවට පැවති ගෞරවණීය ස්ථානය ක්‍රමයෙන් වියැකීයාම මාතෘ පදවිය හෑල්ලුවට ලක් වීමටක් බව පෙන්වා දිය හැක. විවිධ රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් හා මූල්‍ය ප්‍රතිපදාන හරහා මෙරට ක්‍රියාත්මක වන බෞද්ධ සංස්කෘතියට හානිකර ප්‍රචාරාත්මක මතවාද යාන්ත්‍රණය ද එකී සංස්කෘතික සෝදා පාළුව වේගවත් කරවීමට සමත්වී තිබේ. වාසි,ලාභවලට ගිජු වූ ඇතැම් බුද්ධිමතුන්ගේ නිහඬ ප්‍රතිපදාව ද මේ තත්වය උග්‍ර වීමට හේතුවකි.

ස්ත්‍රියට මේ රටේ හිමිවී තිබූ අද්විතීය ස්ථානය වූ මාතෘත්වයෙන් පහළට හෙළා එම ගුණ‍ය අවලංගුකර දමා ඇය වෙළඳ අර්ථ ක්‍රමයේ මූල්‍ය උත්පාදක යාන්ත්‍රණයක් කර ගැනීම පිණිස සකස් කරන ලද ස්ත්‍රීවාදය වැනි මතවාද මෙරට සංස්කෘතියට රිංගවීම පිණිස බටහිරගැති විජාතික බලවේග කැසකවමින් සිටිති. ඒ වෙනුවෙන් විදේශීය මුදල් ඇති තරම් ඒ ව්‍යාපෘතිවල නිරතව සිටින උදවියට අත්පත් වන බව එවැනි පරාජිත බෙලහීන මතවාදවලට ගොදුරු වී සිටින අහිංසක කාන්තා පර්ශවය නොදනිති.රෝග මුලින් ව්‍යාප්තකොට හෝ නිසි පිළියම් නොකොට අනතුරුව ඒ රෝගවලට ඖෂධ අලෙවි කර ඉන් මුදල් ඉපැයීමට හුරුව සිටින කපටි පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් එක් වරම වටහා ගැනීමට තරම් අසීරුය. ඒ අනුව අද සෑම ‍දෙනාටම ප්‍රශ්න සේ පවතින ආර්ථික, සමාජයීය, ආගමික ආදී විවිධ සමාජ සංස්ථා ඇසුරේ ඇති ප්‍රශ්න හුදෙක් ස්ත්‍රියටම ආවේණීක ඇයගේම ප්‍රශ්න ලෙස හුවා දක්වා ඒ කෙරෙහි ආකර්ශනය කරවා ගන්නා ලද අසරණ ස්ත්‍රින්ගේ මොළ ශෝධනයකරණයකට ලක් කරනු ලබන්නේ ඒ අයට ඒ බවක් කිසිසේත්ම නොදැනෙන ලෙසය.
ස්වභාවයෙන්ම සිය අවධානය දිනා ගනු ලැබූ ආගන්තුක මතවාද කෙරෙහි නිරාසව ආකර්ශනයවීම සහජ මානව ලක්ෂණයකි.අනුකරණයට කැමතිබව ද තවත් මානව ගති ලක්ෂණයකි. මෙබඳු සහජ මානව ලක්ෂණ මනාව උපයෝගී කර ගනිමින් ස්ත්‍රීවාදය ඔස්සේ සමාජයට කාමයේ මූළික බීජය කිසිදු අපහසුවකින් තොරව එන්නත් කරනු ලබයි. ඒ ද්‍රව්‍යවාදී ආර්ථික රටාවේ ප්‍රවාහය ඔස්සේ සිය භාණ්ඩ හා සේවා පහසුවෙන් හා සීඝ්‍ර ලෙස අලෙවි කර ගැනීමට සුදුසු වෙළඳපළක් මෙරට තුළ නිර්මාණයකිරීමේ යටි අභිලාශයෙනි. ඒ තුළ ස්ත්‍රියගේ මාතෘත්වයට ගරු කර පිරිනැමිය යුතු මානව අගය වෙනුවට හුදෙක් සුකොමළ නාරි දේහයේ මාංශමය වටිනාකම පමණක් වෙළඳ අගයකින් හුවා දැක්වීමට ප්‍රමුඛත්වය පිරිනැමී තිබීම මහත් අවාසනාවන්ත තත්වයකි. ඒ සඳහා නාරිදේහය දැක්වෙන වෙළඳදැන්වීම් සඳහා නිරුවතින් හා අඩ නිරුවතින් පෙනී සිටීම බහුල ලෙස සිදු වේ. ඒ තුළ කාමය දැනවීමද එහි අහිතකර ප්‍රතිඵල සේ සමාජය තුළ කාමය සඳහා අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීමෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශව තුළ අනවශ්‍ය ලිංගික ආවේග කැළඹීම් ස්වරූපයෙන් මුදා හැරේ. කාමය සම්බන්ධ අපරාධකාරී චර්යා සඳහා අවශ්‍ය ඉඩකඩ පුළුල්වීම මේ නිසා ඇති වේ.

අනවශ්‍ය සේ සිරුර ප්‍රදර්ශනය කිරීමට හෝ අයිතියක් ස්ත්‍රිය සතු බව පැවසීම හෝ සිරුර දුටු පමණින් ලිංගික ආවේගවලින් මුසපත්වීමේ වරද ස්ත්‍රිය මත පැටවීම යනාදී ලෙස හෝ සමාජ වගකීමෙන් බැහැරව කටයුතු කිරීමට මෙහිදී කාන්තාවට හැකිදැයි බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. නිදහස හා සම අයිතිය ලැබීම පිණිස මාතෘත්වයට ගරු කරන දිගු මානුෂික සභ්‍ය ඉතිහාසකට හිමිකම් කියන බෞද්ධ සංස්කෘතියට එරෙහිව සටන් වැදීමෙන් අත්කර දෙන ජය නව යටත් විජිතකරණයේ අදිසි හස්තය වෙත උරුමකර දීමට පළමු දෙවරක් සිතා බැලීමට කාලය පැමිණ ඇත. පෙරදිග සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ පවුල කේන්ද්‍ර කර ගනිමිනි. බුදුදහමේ ආභාෂය ලැබීම නිසා එය වඩා සවිමත් බවට පත් විය. පෙරදිග සංස්කෘතියේ පවුල තුළ මවට හිමි වනුයේ ඉතා අද්විතීය ස්ථානයකි. පවුලේ සෙසු සාමාජිකයින් අතර මානව බැඳීම සවිමත් වනුයේ මවගේ භුමිකාව සවිමත් පදනමක් මත ගොඩ නැඟී ඇති හෙයිනි.
ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය තුළ විද්‍යමාන වනුයේ පුරුෂ මූළික පවුල් සංස්ථාවක් බව සත්‍යයකි. එනමුත් එය කිසිසේත් පුරුෂාධිපත්‍යය තහවුරු වන පවුල් පසුබිමක් නොවේ. පුරුෂ මූළික යන්නේ අර්ථය පියාගේ ආරක්ෂාව පෝෂණය හා රැකවරණය නොමඳව ලැබෙන බවයි. දරුවන්ට අවශ්‍ය ආදරය හා සෙනෙහස ලැබෙනුයේ මවගෙනි. මේ යටතේ දරුවෙකුට අවශ්‍ය සියළු ආවේදන සංතෘප්තිය මව වෙතින් ලැබේ. නිරෝගී ගුණ සම්පන්න දරු පරපුරක් ඇති දැඩි කිරීමේ කාර්යයේ දී මවගේ සමාජ ප්‍රතිමානය පියා තරමටම හෝ ඊටත් වඩා ප්‍රබල සේ පිළිගැනීමට ලක් විය. එදා පැවති සමාජ ක්‍රමය යටතේ ස්ත්‍රිය මව් පදවියේ වගකීම් දරන්නිකසේ පුරුෂයාගේ නොමඳ ගෞරවයට පාත්‍ර විය.

ස්ත්‍රිය පුරුෂයාගේත් පුරුෂයා ස්ත්‍රියගේත් අන්‍යෝන්‍ය ගෞරවයට පාත්‍ර වූ පුරාණ සමාජ ක්‍රමය තුළ සාමකාමී සහජීවන සහනශීලී යුගදිවි ප්‍රතිපදාව මනාව රැඳී පැවතිණ. රෝම ලන්දේසි නීති ක්‍රමය යටතේ විවාහය නීත්‍යානූකූලව ලියාපදිංචි කිරීමට ප්‍රථම පුරාණ හෙළ සංස්කෘතිය තුළ විද්‍යමානව පැවතියේ හුදෙක් නෛතික පදනමකින් පරිබාහිර ආදරය, අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය හා සෙනෙහස මත දැඩිව පදනම් වූ විවාහ ක්‍රමයකි. ඒ තුළ අද බහුලව පවතින දික්කසාද නඩත්තු නඩු හබ, පවුල් ආරවුල්, අඹු සැමි ප්‍රශ්න ආදිය නොවීය. පවුල තුළ පැණනඟින ප්‍රශ්න විසඳා ගත්තේ අඹුසැමි ගැටළු බාහිර අයට නිරාවරණය නොවීය. ගෙයි ගිනි පිටට නොදීමට ‍හා පිටගිනි ගෙතුළට නොගැනීමට තරම් ඒ යුගයේ මිනිසුන් බුද්ධිමත් විය. අධිකරණයක සිවිල් නඩු විභාග වන අවස්ථාවක ගොස් නිරීක්ෂණය කළහොත් අද දිනකට කෙතරම් දික්කසාද නඩු ප්‍රමාණක් ගොඩ ගැසී ඇති දැයි බැලිය හැක. ඇතැම් විට ඒ වෙනුවෙන් වෙනම උසාවි පිහිටුවීමට අවශ්‍ය වේ දැයි සි‍තේ. බටහිර රටවල පවුල් ප්‍රශ්න සඳහාම වෙන් වූ ජංගමඋසාවි පවා පිහිටුවා තිබේ.
සාධාරණ ලෙස කාම තෘප්තිය ලැබීම විවාහ දිවියක අරමුණයි. දැනට මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි විවාහ ක්‍රමය යටතේ නීත්‍යානූකූලව විවාහයට පත් වූ අඹු සැමි යුවළකට මෙහි සඳහන් ලෙස සාධාරණ කා‍ම තෘප්තිය ලැබීමේ කිසිදු බාධාවක් නැත. තම නීත්‍යානූකූල වෛවාහික සහකරු හෝ සහකාරියගෙන් පරිබාහිරව කාම තෘප්තිය ලැබීම රටේ පවතින නීතිය අනුව වරදක් හෙයින් ඒ වරද සාධාරණ සැකයකින් තොරව ඔප්පු වූ අවස්ථාවක ඒ සඳහා නීතියෙන් දඬුවම් ලැබීමට සිදු වේ. විවාහයෙන් පිට සිදුකරන කාම තෘප්තීන් අනියම් ලිංගික සේවන ලෙස හැඳින්වේ. මෙවැනි අසත් දේ සඳහා මිනිසුන් යොමු වනුයේ තමාගේ සිත තුළ නැඟ එන යටපත් කළ නොහැකි අධික කාම රාගය නිසාය. කාමය තෘප්තිමත් කර ගැනීම සඳහා මිනිස් සමාජයෙන්ම ඒ සඳහා සුදුසු නීත්‍යානූකූල ක්‍රමවේද සකස්ව ඇති විට ඒ සඳහා නීතියෙන් පිටතට ගොස් කාම තෘප්තිය ලැබීම සමාජය අවුල්ව යාමට හේතුවකි. ඒ නිසා එය වරදක් සේ පිළිගැනෙන පරිදි සමාජ ප්‍රතිමාන සකස්ව තිබේ. මේ සමාජ ප්‍රතිමාන පසු කාලයක දී නීතියක් බවට පත්ව ඇත.
බෞද්ධ සමාජ ප්‍රතිමානය නම් පංචශීල ප්‍රතිපදාවයි. එය සමාජය කෙරෙහි මෛත්‍රී පූර්වකව පැවතිය යුතු මූලික ස්ථාවර පහක් පිළිබඳ පෙන්වා දෙනු ලබයි. මෙහි අන්තර්ගත වනුයේ ප්‍රාණඝාතය, සොරකම, සාවද්‍ය මෛථුනය, මුසාවාද හා මත්ද්‍රව්‍ය යන සමාජගත පැවැත්ම බිඳ හෙළීමට ආධාර වන මූලික කරුණු පහකින් වැළැකීම යහපත් ‍බව පෙන්වා දේ. මින් කාමේසු මිච්ඡාචාරා යන තෙවන කරුණින් අදහස් වන්නේ සාවද්‍ය මෛථුනයෙන් වැළකීමයි. මෙහි සඳහන් සාවද්‍ය මෛථුනය යනු කුමක්ද? මේ පිළිබඳව සඳහන් සාම්ප්‍රදායික අර්ථකථනවල දැක්වෙනුයේ නීත්‍යානූකූල විවාහ දිවියට පරිබාහිර අනියම් විවෘත ලිංගික ඇසුර සාවද්‍ය මෛථුනය බවයි. නියම හා අනියම් බව දැක්වීමේ සීමාව කුමක්ද? එය නීතියද? එසේ නම් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමට රෝමලන්දේසි නීතිය අවශ්‍ය විය යුතුය. මේ නීති එදා නොතිබිණ. එසේ නම් මෛථුන සේවනයේ සීමා වැරදි හෝ හරි යැයි දැන ගන්නේ කෙසේද?

මෙසේ අර්ථ දැක්වීම වැරදි නොවුණත් එම අර්ථ දැක්වීමේ එක්තරා සීමා සහිත බවක් පවතින බව පෙනේ. මෙහි සඳහන් මෛථුන සේවනයේ සීමාව වූ කලී අධික බවේ සීමාවයි. යමෙකු අධික ලෙස මෛථුන සේනයේ යෙදේ නම් එය සාවද්‍ය මෛථුන සේවනයයි. එසේම මධ්‍යස්ථ බවකින් මෛථුන සේවනයේ යෙ‍දීම නිරවද්‍ය මෛථුන සේවනයයි. ඒ මිස මෛථුන සේවනය පිණිස යොදා ගන්නා ස්ත්‍රී, පුරුෂයින් ගණන නොවිය යුතුය. මක් නිසා ද යත් ඇතැම් රටවල එක් අයෙකුට වඩා වැඩියෙන් නීත්‍යානූකූලව විවාහ කරගැනීමට අවසර තිබෙන හෙයිනි. මුස්ලිම් රටවල පවතින විවාහ නීතිය මීට උදාහරණ ලෙස දැක්විය හැක. ඒ රටවල පුරුෂයෙකුට නතමාට නඩත්තු කළ හැකියාව තිබේ නම් ස්ත්‍රීන් සතක් දක්වා විවාහ කර ගැනීමට පුළුවන්කම තිබේ. නමුදු බෞද්ධයෙකුට විවාහ කරගැනී‍මට නීත්‍යානූකූල අවසරය තිබෙනුයේ එක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු පමණි. එසේ නම් බෞද්ධ සමාජ පසුබිම අනුව එක් බිරිඳකගෙන් සෑහීමකට පත්විය යුතුය. මේ ගණනට වඩා වැඩිවීම කාමයේ වරදවා හැසිරීමකි. නමුදු මුස්ලිම් නීතිය අනුව එක් පිරිමියෙකුට බිරින්දෑවරුන් සතක් දක්වා විවාහ කරගැනීම කාමයේ නිවැරදිව හැසිරීමකි. මෙහි දී අධි කාම පරිභෝජනයට ආගමේ රැකවරණද ලබා දී ඇත.
එවිට පංචශීල ප්‍රතිපදාව අනුව බෞද්ධයාට කිසියම් අසාධාරණයක් සිදුවන බවක් පෙනේ. මෙසේ විවාහ කරගැනීමට අවසර තිබුණා කියා ඒ සෑම අයෙකු සමඟම අසීමාන්තිකව මෛථුන සේවනයේ යෙදීමට අවශ්‍ය නැත. මෙහි වරද සිදුවී ඇත්තේ අදාළ කාම මිථ්‍යාචාර යන්න අප අර්ථකථනය කරගනු ලබන ආකාරය අනුවය. සැබවින්ම මෙහි දී ගත යුතු වනුයේ කුමන ස්ත්‍රී, පුරුෂයින් ප්‍රමාණයක් එරටේ වංලංගු නීතිය අනුව විවාහ කරගනු ලැබූවත් කාමයේ හැසිරීම කිසියම් සීමාවක් අනුව පාලනය විය යුතු බවකි. ඒ අනුව මුස්ලිම් විවාහ නීතිය අනුව භාර්යාවන් සතක් විවාහ කරගෙන කාමයේ සීමාසහිත බව අපේක්ෂා කිරීම කිසියම් අවදානමක් ගැනීමක් හා සමානය. මුස්ලිම් විවාහ නීතිය මඟින් අභ්‍යන්තර සදාචාරයට කිසිදු අනුබලක් මින් නොලැබේ. මුස්ලිම් විවාහ නීතිය අනුව කාම මිථ්‍යාචාරයට නීතිමය ප්‍රතිපාදන ද සැපයී ඇත. නමුදු බෞද්ධ පසුබිම අනුව ඒක භාර්යා, ඒක ස්වාමි විවාහය අනුදත් නිසා, සදාචාර ප්‍රතිපදාවට නීතිමය ආවරණයක් ද සැලසී තිබේ. මේ නිසා බෞද්ධ පසුබිම තුළ ආරක්ෂාවක් සැපයේ.

කිසියම් සංකල්පයකට නිර්වචනයක් සැපයීමේ දී අදාළ නිර්වචනය මඟින් එකී සංකල්පය මුළු මනින්ම විග්‍රහ නොවී එහි එක් දේශයක් පමණක් පැහැදිලි කිරීමේ දුර්වලතාවය මෙහි විද්‍යමානය. දැනට මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගික ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් වී ඔවුන්ගේ විවාහය නීත්‍යානූකූල ලෙස ලියාපදිංචි කිරිමෙන් අනතුරුව ඔවුන් අඹු සැමියන් ලෙස එක්ව ජීවත්වීම ඇරඹීම සම්ප්‍රදායයි. මෙකී අඹු සැමියන් ලෙස දිවි ගෙවීම යනු සමාජ සම්මත ලෙස විවාහ සංස්ථාවට ඇතුළත්ව ඔවුන් දෙදෙනා අතර පමණක් ලෙස සීමා කරනු ලබන නීත්‍යානූකූල ලිංගික ඇසුරයි. මෙහි කිසිදු ගැටළුවක් නොමැත. සමාජය මෙය එකහෙළා අනුමත කරන බැවිනි. විවාහ වී දූදරුවන් ලැබීම සමාජ සම්මතය ලෙස ද සැලකෙන හෙයිනි. මීට වඩා වෙනස් වූ අසම්මත කාම සේවන ක්‍රම මෙරට සංස්කෘතියට හෝ සදාචාරයට නොගැලපේ. එසේම ඒවා නීතියට ද පටහැනිය.
විවාහ ජීවිතය විවිධ පැතිකඩ යටතේ විවිධ ස්වරූපයෙන් විග්‍රහ කළ හැක. විවාහය හුදෙක් ලිංගික ජීවිතයට පමණක් ලඝු කර නිර්වචන සැපයිය නොහැක. එසේ වුවහොත් ඉන් නිරූපණය වනුයේ විවාහයේ එක් සීමා සහිත පැතිකඩක් පමණි. කිසියම් සංකල්පයකට නිර්වචනයක් සැපයීමේ දී අදාළ නිර්වචනය මඟින් එකී සංකල්පය මුළු මනින්ම විග්‍රහ නොවී එහි එක් දේශයක් පමණක් පැහැදිලි කිරීමේ දුර්වලතාවය මෙහි විද්‍යමානය. එනිසා විවාහය පිළිබඳ සාකච්ඡාවක දී එහි සියළු පැතිකඩ පුළුල්ව අරමුණු කිරීම අවශ්‍යය. විවාහය යනු නීතියෙන් එක්වීම පමණක්ම නොවේ. පුරාණ ලාංකේය සංස්කෘතියට අනුව විවාහය ලියාපදිංචි කිරීමක් නොවීය. විවාහ ප්‍රාප්ත යුවළගේ කැමැත්ත මත, අදාළ පාර්ශව දෙකේ වැඩිහිටි අනුමැතිය පරිදි, දෙදෙනා එක්ව වාසය කිරීමට ඇරඹීම මෙරට පුරාණයේ පැවති ක්‍රමයයි. නමුදු එක්ව වාසය කිරීම ඇරඹූ දාසිට මියයන තුරුම එබඳු විවාහයන් සුරැකිය පැවතිනි. දික්කසාදවීම් එබඳු විවාහයන් තුළ නොවීය. එය අනෝන්‍ය විශ්වාසය,ගරුත්වය,සාරධර්ම මත මනාව රැඳී පැවති විවාහ සංස්ථාවක් විය. අපේ සංස්කෘතික සාරධර්ම ශිෂ්ට නොවන බව පවසා අපව ශීලාචාර කිරීමට බටහිර ජාතිකයින් ඔවුන්ගේ නීතිරීති විවාහය සඳහා මෙරට තුළ භාවිතා කිරීම ඇරඹීය. දික්කසාදවීම් හා බටහිර සංස්කෘතියට අනුව වරදක් නොවන කාමයේ වරදවා හැසිරීම් සියල්ල අපට බෝ වූයේ ඒ ව්‍යාජ සභ්‍යත්වයේ නීතිරීති වලට මෙරට වැසියන් හුරුකරවීමත් සමඟය.
විවාහය ලියාපදිංචි කිරීම අපේ සංස්කෘතියට එක්වූයේ මෙරට බටහිර විදේශීය ජාතීන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ සමයේදීය. දැනට මෙරට විවාහය ලියාපදිංචි කිරීමේදී ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීති ක්‍රමයයි.ඒ අනුව අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගික ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් වී ඔවුන්ගේ විවාහය නීත්‍යානූකූල ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔවුන් අඹු සැමියන් ලෙස එක්ව ජීවත්වීම ඇරඹීම සම්ප්‍රදායයි. විවාහයේ පරමාර්ථය ලිංගික ආශාව සපුරා ගැනීම පමණක් නොවේ. එසේ වුව ද විවාහයක පදනම ලිංගික ජීවිතය බව පිළිගත හැක. ප්‍රති විරුද්ධ ලිංගික අය දෙදෙනකු තුළ ඇති වන විවිධ ස්වරූපයේ කායික, මානසික අවශ්‍යතා විවාහ ජීවිතය තුළ ඇත. විවාහ වූ අළුත ලිංගික ජීවිතයට වැඩි නැඹුරුවක් පැවතිය ද කල් ගතවීමේ දී එහි මානසික පැතිකඩ වඩාත් ශක්තිමත් වේ. මෙය සිදුවනුයේ දෙදෙනා අතර ඇති අවබෝධය වැඩිවීම සමඟමය. වයසින් හා ජීවිත අත්දැකීම් වලින් මෝරායාම ද මෙයට හේතුවක් විය හැක. මෙකී අඹු සැමියන් ලෙස දිවි ගෙවීම යනු සමාජ සම්මත ලෙස විවාහ සංස්ථාවට ඇතුළත්ව ඔවුන් දෙදෙනා අතර පමණක් ලෙස සීමා කරනු ලබන නීත්‍යානූකූල ලිංගික ඇසුරයි. මෙහි කිසිදු ගැටළුවක් නොමැත. සමාජය මෙය එකහෙළා අනුමත කරන බැවිනි. විවාහ වී දූදරුවන් ලැබීම සමාජ සම්මතය ලෙස ද සැලකෙන හෙයිනි. මීට වඩා වෙනස් වූ අසම්මත කාම සේවන ක්‍රම මෙරට සංස්කෘතියට හෝ සදාචාරයට නොගැලපේ. එසේම ඒවා නීතියට ද පටහැනිය.එලෙස හැසිරීම නිසා නීතියෙන් දඬුවම්ලැබේ.එසේම එලෙස දඬුවම්දීම ලෝක සම්මත සදාචාරයටද එකඟය.
බටහිර රටවල ස්ත්‍රී පුරුෂ ලෙස අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගිකයින් අතර පමණක් නොව සමලිංගිකයින් අතර පවා ආවාහ විවාහ හා ලිංගික සබඳතා බහුලව ඇතිවන බව පෙනේ. ඒ රටවල සංස්කෘතික පරිසරයම ඒ සඳහා කිසියම් ඉඩකඩක් නිර්මාණය කර දී තිබෙන නිසා ඒ තත්වය උදා වී තිබේ. බොහෝවිට බටහිර රටවල එරට නීති පද්ධතියෙන් පවා මෙබඳු අසම්මත චර්යා සඳහා අවසර ලබාදී ඇති බව ද දක්නට ලැබේ. බොහෝ බටහිර රටවල කාමයේ වරදවා හැසිරෙන අය හඳුන්වනුයේ ලිංගික වෘත්තිකයින් හෝ ශ්‍රමිකයින් යන නමිනි. එය සෙසු වෘත්තියක් හා සමානව කායික ශ්‍රමය කැප කර සිදුකරන රැකියාවක් බව එබඳු රටවලදී සමාජ පිළිගැනීමක් පවා හිමිව තිබීම සාරධර්ම දෘෂ්ටිකෝණය අනුව දැඩි අවාසනාවන්ත තත්වයකි. එවැනි රටවල එබඳු අයට වෘත්තිය අයිතිවාසිකම් පවා ලබා දී තිබේ. ඒ රටවල ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම හරි හරියට බහුලව මෙබඳු වෘත්තීන්වල නියැලෙන බවද වාර්තා වේ. කුඩා දරු දැරියන්ද සිය අධ්‍යාපන වියහියදම් පියවා ගැනීම සඳහා සිය අධ්‍යාපනයට අමතරව මෙබඳු අර්ධකාලීන වෘත්තීන්හි බහුලව නිරතවන බවද පැවසේ. විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයින්හි සිසු සිසුවින් පවා සිය උසස් අධ්‍යාපනික හා දෛනික වියහියදම් පියවා ගැනීමට මෙබඳු වෘත්තීන්හි අර්ධකාලීනව නිරතවන බවද දැන ගැනීමට ලැබේ. මෙබඳු දේ එම රටවල සංස්කෘතියට අමුතු දේ නොවූව ද මෙරට සංස්කෘතියට අනුව බෞද්ධ සාරධර්මවලට එකඟ නැත.
ඒ හැර ජෛව හා වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද ඔවුන්ට විශේෂ සහන සැලසී තිබේ. ඒවා බටහිර සමාජවලට ආගන්තුක නැත. ඔවුහු බොහෝවිට ප්‍රකෘතියට වඩා විකෘති හැසිරීම්වලට ප්‍රිය කරති. ඒ නිසා එබඳු ජෛව විකෘතිතා ස්වභාවික සංසිද්ධිවලට වඩා අගය කොට සලකා කටයුතු කරන බව පැහැදිලිවම දැකගැනීමට ලැබේ. යම් යම් පුද්ගලයින් උපතින්ම ජානගතව මෙබඳු සංසිද්ධි උරුම කර ගෙන පැමිණෙන බව නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින්ද සොයා ගෙන තිබේ. ඒ කෙසේ වුවද බෞද්ධ දෘෂ්ඨිකෝණය අනුව කාම ආ‍වේදනය විෂම හා විකෘත බවට පමුණු වනුයේ විෂම ලෝභය නිසා බව පැහැදිලි කර දී තිබේ. විෂම ලෝභය නිසා ලිංගික හැඟිම් වුවද ඇති වනුයේ විකෘතිවය. ස්ත්‍රී හෝ පුරුෂ ආශා,ආකල්ප, හැඟීම් ස්වභාවික පසුබිම යටතේ පිහිටනු ලබන්නේ එක් පුද්ගලයෙකු උපතේදී උරුම කරගන්නා ලිංගික අනන්‍යතාව අනුවය. නමුදු මීට වෙනස් තත්ව පවා නූතනයේ බහුලව දැක ගැනීමට ලැබේ. ස්වභාවික තත්ව අනුව ස්ත්‍රී,පුරුෂ දෙදෙනෙකු තුළ වෙන් වෙන්ව තිබිය යුතු ආශා,ආකල්ප,හැඟීම් පවා එකම තැනැත්තා හෝ තැනැත්තිය සතුව පවතින බව පෙනේ. මේ අනුව ඇතැම් ස්ත්‍රීන් තුළ ස්ත්‍රියක සතුව ආකල්ප හැඟීම් හා ආශා වලට අමතරව පුරුෂයෙකු සතුව තිබිය යුතු වූ එබඳුම ‍චෛතසික ගතිලක්ෂණ උරුමව ඇතිබව පෙනේ. එසේම පුරුෂයෙකු සතුව තිබියයුතුවූ පුරුෂබව හඟවන චෛතසික ගතිලක්ෂණවලට අමතරව ඇතැම් පිරිමිතුළ ස්ත්‍රීයක සතුව තිබිය යුතුවූ ස්ත්‍රී චෛතසික ගතිලක්ෂණද පවතින බව දැකගත හැක.මෙය ලිංගික ආශාවේම විකෘතියකි.
මෙසේ ඇතිවූ මෙබඳු ජන්මගත අකුසල විපාක මත විකෘති වූ ස්ත්‍රී, පුරුෂ ලක්ෂණ සහිතව යමෙකු උපත ලැබිය හැකි බව පැහැදිලිය. ජෛවවිද්‍යාව අනුව y ජානය මඟින් පුරුෂබවද x ජානය මඟින් ස්ත්‍රීත්වය ද අඟවයි. මින් Y ජානය මඟින් පුරුෂ බවට ද හා x ජානය මඟින් ස්ත්‍රී බවට ද අදාළ ගති ද්විතීයික ලිංගික ගති ලක්ෂණ අදාළ නව ජීවීයා කරා රැගෙන එනු ලබයි. මේ අනුව යමෙකු උපත ලැබීමේ දී ඔහුට හෝ ඇයට පිහිටීමට අවශ්‍ය ලිංගනිර්ණය පිණිස xy මඟින් පුරුෂබවද xx මඟින් ස්ත්‍රී බව ද ලබයි. මේ අනුව පිරිමි දරුවෙකු xy මඟින් ද ගැහැණු දරුවෙකු xx මඟින් ද උපත ලබයි. පියාගෙන් හා මවගෙන් දරුවෙකුට අවශ්‍ය xy හා xx ජාන ලැබේ. එසේ වුව ද, යම් විකෘති තත්ව නිසා මේ ස්වභාවික වරණය වෙනස්ව ඊට පටහැනි විය හැකි ඇතැම් අවස්ථා ද උදා විය හැකි බව ජෛව විද්‍යාවේ සඳහන්ව තිබේ. සමහරු ඉපදීමෙන් පසුව යම් අවස්ථාවක දී ද්විතියික ලිංගික ගති ලක්ෂණ හුවමාරු වේ. එසේ හුවමාරු නොවුන ද, ජීවත්ව සිටින කාල පරිච්ඡේදය තුළම, තමාගේ ස්වභාවික ද්විතීයික ලිංගික ගතිගක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ ප්‍රකට කරන අය ද දැකගත හැකිය. එසේ xyy සහ xxy යන විෂම ජාන යුගළ ලැබීම එක් පුද්ගලයා තුළම ප්‍රතිවිරුද්ධ ලිංගික ගති ලක්ෂණ ඇති වීමට හේතුවකි. ඉපදීමෙන් පසුව ලිංගිකත්ව මාරුවීමට (Trans Sexuality ) ද මෙය ඉවහල් විය හැක. ඇතැම් විට‍ එක් තැනැත්තා තුළම ද්වි ලිංගික අනන්‍යතාවද දැකගත හැක. විවෘත සමාජයේ දී මේ බැව් හෙළි වුවහොත් ලැජ්ජාවට පත්ව අපහසුතාවයට ලක්විය හැකි බැවින් එබඳු අය සිය අසාමාන්‍ය ලිංගික අනන්‍යතාව සඟවාගෙන සිටීමට වඩාත් රුචි කරති. යම් හෙයකින් සිය අසාමාන්‍ය ලිංගික අනන්‍යතාවට ගැලපෙන වෙනත් අයෙකු හමුවූ විටදී පමණක් ඒ කෙනාට පමණක් මෙබඳු දේ අනාවරණය කිරීමට ඔවුහු නොපැකිලෙති. බොහෝවිට ඔවුනොවුන්ගේ ලිංගික ආශා තෘප්තිමත් කරගැනීමට පවා එබඳු සමාන ලක්ෂණ ඇති අය යොදවා ගැනීම මෙබඳු අයගේ සුවිශේෂී වූ ලක්ෂණයයි.ඒ අය තමාට නිසියාකාරව ගැලපෙන සහකරු, සහකාරිය හමුවූ විටම වහා හඳුනා ගැනීමට තරම් දක්ෂය.ඔවුහු හැඟීම්වලට මූලිකත්වය ලබාදී කටයුතු කරන්නට පෙළඹි අයයි. මෙබඳු අයගේ තවත් සුවිශේෂිතාවක් වනුයේ ලිංගික බලහත්කාරය කෙරෙහි ඔවුන් දක්වන දැඩි අකැමැත්තයි. ඔවුන්ගේ සිතැඟි මනාව හඳුනා ගන්නා අයට පමණක් සෙනෙහස මත පදනම්ව ඔවුන් සමඟ යහපත් සබඳතා පැවැත්විය හැක.
            ලිංගික අනන්‍යතාව පිළිබඳ ගැටළුකාරී බවකින් පෙළීම මෙබඳු අයගේ ලක්ෂණයකි. ඔවුන්ගේ ඇතැම් චර්යාවන් නිසා ඔවුන්ව සමාජයේ නොයෙක් ලෙස හෙළිවේ. ඇතැම් ස්ත්‍රීහු පිරිමින් භාවිතා කරන ඇඳුම්, උපකරණ ආදියට රුචි කරති. එසේම ඇතැම් පිරිමි කාන්තා යට ඇඳුම්, රෙදිපිළී ආදියට රුචි කරති. ඇතැම්හු සිය ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් හඳින පළඳින ලෙස හැඳ, පැළඳ, සැරසී සිටීමට පවා ප්‍රිය කරති. බොහෝවිට සිය නියම ලිංගික අනන්‍යතාව සඟවා විරුද්ධ ලිංගික අනන්‍යතාව කැපී පෙනෙන අයුරින් හැඳ, පැළඳ, සැරසී සමාජයේ පෙනී සිටීමට වඩාත් ‍රුචි කරනුයේ මෙබඳු අයයි.ඔවුන් ලිංගික සබඳතා පැවැත්වීමට පවා වඩාත් රුචිකරනුයේ සිය ප්‍රති විරුද්ධ ලිංගික අය සමඟ නොවේ. ඔවුන් විරුද්ධ ලිංගික අනන්‍යතාව හුවා දක්වා ආකර්ශණය කර ගැනීමට වෑයම් කරනුයේ සමාන ලිංගික අයමය.මෙය එක්තරා මානසිකරෝගී චර්යාවක් ලෙසද දැක් වේ. සමලිංගිකතාව ජෛවමය කරුණක් බවද වර්තමානයේ අනාවරණය වී ඇත. එසේ නම් මෙබඳු අය උපත ලබනුයේ විෂම ලෝභයේ කර්ම ඵල විපාකය වශයෙන් යැයි සිතිය හැක.
පුරුෂයෙකුව සිටියදී ස්ත්‍රී ලක්ෂණ ගති සිරිත් පහළවීම හා ස්ත්‍රියකව සිටියදී පුරුෂ ලක්ෂණ ගති සිරිත් පහළ වීම ජීවවිද්‍යා දෘෂ්ඨිකෝණය අනුව බටහිර වෛද්‍යවිද්‍යා ග්‍රන්ථයන්හි පුළුල්ව විග්‍රහ කර තිබේ. හෝමෝන විපර්යාස, සිරුරු පරිවර්තනයවීම, මනසේ සිතුවිලි මට්ටමේ ඇති වන විවිධතා වැනි විවිධ පරාස යටතේ එබඳු විග්‍රහ දක්වා ඇත. ලිංගික පරිවර්තනවලට සාර්ථකව මුහුණ දීම සඳහා බටහිර ශල්‍ය වෛද්‍යවිද්‍යාව සමත්ව සිටී. එහිදී සිදුවනුයේ මානසිකව යම් අයෙකු පෙන්වන ලිංගික අනන්‍යතාවය ගැලපෙන පරිදි ඒ පුද්ගලයාගේ කායික ලිංගික අනන්‍යතාව ශල්‍ය කර්මයක් මඟින් වෙනස්  කිරීමයි. මෙහි දී තමාගේ රුචිකත්වය අනුව ලිංගික ඉන්ද්‍රියයන් බද්ධ කරනු ලැබේ. මෙමඟින් ස්ත්‍රියකට පුරුෂයෙකුගේ ලිංගික අවයවද, පුරුෂයෙකුට ස්ත්‍රියකගේ ලිංගික අවයවද ශල්‍යකර්මයක් මඟින් ලබාගත හැක. මේ ලිංගික ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ ශල්‍යකර්ම බටහිර රටවල සාමාන්‍ය දෙයක් තරමට සුලබය. මේ සියළු දේ තුළ ගැබ්ව ඇත්තේ කාම තණ්හාවේ විවිධ පැහැ හා හැඩතල අතර පරාසයකි. ස්ත්‍රියක වුව ද පුරුෂයෙකු වුව ද තණ්හාව වර්ධනය වීම ‍ දුකට කරුණක් බව බුදු දහම අනුව පෙන්වා දිය හැක. ස්ත්‍රියක පුරුෂ බව තුළ සර්වතෝභද්‍රය යැයි හඟින අතර පුරුෂයෙකු ස්ත්‍රී බව තුළ සියළු සුන්දරතාව සමලංකෘතවී යැයි හඟියි. තමාට නොමැති දේ උසස් යැයි වරදවා හඟියි.
සසර අති දීර්ඝ බැවින් සසර ගමනේ දී ස්ත්‍රී පුරුෂ බව හුවමාරුවෙමින් පැවතීම හා එසේ පෙරභව පුරුදු පුහුණු වූ සිතිවිලි පරම්රාවන් යළි කිසියම් ලෙසකින් ක්‍රියාත්මකවීම යනාදිය මෙබඳු විෂම කාම සංකල්ප පහළවීමට හේතු වී ඇති බව පෙනේ. භෞතිකව ස්ත්‍රී, පුරුෂ වශයෙන් ප්‍රතිවිරුද්ධ ලිංගික අනන්‍යතාවක් සහිතව උපත ලබා ඇතිව සිටිය ද, තමාට ප්‍රති විරුද්ධ ලිංගිකයින්ට නොව තමාගේම ලිංගිකත්වය දරණ අයටම ආශා කරන අය ද සිටිති. ප්‍රතිවිරුද්ධ ලිංගික අයට වඩා පහසුවෙන් තමාව තේරුම් ගත හැකියාව ඇති බව සමාන ලිංගික අය තුළ පිහිටීම මෙබඳු චර්යාවලට ඇඳී යන අයගේ ආකල්පයක් බව පෙනේ. ප්‍රති විරුද්ධ ලිංගිකයින්ට උරුම වූ ඇතැම් චර්යා රටා, ආකල්ප තමාගේම ලිංගිකත්වය දරණ අයටම කළාතුරකින් පිහිටා තිබීම මීට එක් හේතුවක් වීමට ඉඩ තිබේ. ඇතැම් විට ප්‍රතිවිරුද්ධ ලිංගික අයට ඇලුම් කරනවාට ද වඩා දැඩි ලෙස මෙබඳු අය කෙරෙහි සිත බැඳී යන්නට හැක. බොහෝ අයගේ දැඩි මිත්‍ර සබඳතා පිටුපස මෙබඳු අසම්මත බැඳීම් ද පැවතිය හැක. එබඳු බොහෝ බැඳීම් කායික සබඳතා දක්වා දුරදිග නොගිය ද යටි සිතින් දැඩිව ඇලුම් කරන බව දක්නට ලැබේ. එබඳු අය සමඟ අඬදබර කර නොගැනීමද,මෘදු ලෙස සැලකීමද දක්නට ලැබේ. බොහෝවිට‍ සිය විවාහ සහකරුට,සහකාරියට වඩා එබඳු අයට දැඩි ඇල්මක් දැක්වීමටද ඉඩ තිබේ.එබඳු අය විවාහජීවිතකට එළඹියද එය නමට පමණක් පවත්වන විවාහයක් වියහැක.ඔවුන්ගේ කායිකආශා විෂම වන බැවිනි.
ඇතැම් ස්ත්‍රීන් කෙරෙහි පිරිමි තුළ වත් නොදැක්වෙන පරිදි පිරිමිකමක් දිස් වේ. එබඳු ස්ත්‍රීන් හැඩි දැඩි මාංශ පේශී සහිත සිරුරකට හා රළු ගතිගුණ වලට හිමිකාරියන් වේ. පිරිමි මෙන් සියළු කටයුතු වල දී සෙසු ස්ත්‍රීන් පරයා ඒවායේ මූලිකත්වය ගෙන ක්‍රියා කරනුයේ මෙබඳු ස්ත්‍රීන් බව දැකගත හැක. මෙබඳු සමහර ස්ත්‍රීන් තවත් ස්ත්‍රියක හා සබඳතා පවත් වනුයේ පිරිමියෙකු පෙම්වතියක ඇසුරු කරන්නාක් පරිදිය. බොහෝ විට පිරිමියෙකු බඳු හැඩි දැඩි රළු ගතිගුණ උරුම ස්ත්‍රීන් ඇසුරු කිරීමට වඩාත් රුචිකත්වයක් දක්වනුයේ ද පුරුෂ පක්ෂයේ අය නොවේ. ස්ත්‍රී ගතිගුණ අධිකව ඇති බොහෝ සුකොමළ ලාලිත්‍යවත් ස්ත්‍රීන්ම බව පැහැදිලිවේ. එබඳු ස්ත්‍රීන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයෙනුයේ පිරිමි බඳු ස්ත්‍රීන්ගෙනි. එසේම ඇතැම් පිරිමි කෙරෙහි ස්ත්‍රීන් තුළ වත් නොදැක්වෙන පරිදි මෘදු සුකොමළ ස්ත්‍රී ලාලිත්‍යයක් ප්‍රකට වේ. මුහුණ, දෙ ඇස්, දෙ බැම, සිරුරේ විවිධ හැඩතල කාන්තාවකගේ බඳු රූමත් ස්වරූපයක් ගැනීම, ඇතැම් විට පුරුෂ බව ප්‍රකට කරන සිරුරේ රෝම, රැවුල නිසි සේ නොවැඩීම, සිහින් ස්වර සහිත කටහඬ හා මෘදු, සුකොමල ගතිගුණ උරුම වීම වැනි ලක්ෂණයක් හෝ වැඩි සංඛ්‍යාවක් මෙබඳු පිරිමි තුළ දැකගත හැක.
පිරිමියෙකු ස්ත්‍රියකට ආශා කරනුයේ ඒස්ත්‍රිය සතුව ඇති මෘදු ලාලිත්‍යමය ස්වරූපය නිසාය. එය ස්ත්‍රී භාව රූපයයි. එසේම ස්ත්‍රියක පිරිමියෙකුට ආශා කරනුයේ ඒපිරිමියා සතු ශක්තිමත් හැඩිදැඩි පිරිමි ස්වරූපටයි.එය පුරුෂභාවරූපයයි. ඇතැම් ස්ත්‍රීන්තුළ පුරුෂභාවරූපයට අනන්‍ය වූ ඇතැම් ‍කායික,මානසික ලක්ෂණ ඇත.එසේම ඇතැම් පිරිමින්තුළ ස්ත්‍රී භාවරූපයට අනන්‍යවූ ඇතැම් කායික,මානසික ලක්ෂණ ඇත.යම් ස්ත්‍රියක් පිරිමියෙකුට ආකර්ශණය වන්නාක් මෙන්ම මෙබඳු පුරුෂ ගතිලක්ෂණ සහිත වෙනත් ස්ත්‍රියක හා අනුරාගී වියහැක. එසේම යම් පිරිමියෙක් ස්ත්‍රියකට ආකර්ශණය වන්නාක් මෙන් මෙබඳු ස්ත්‍රී ගතිලක්ෂණ සහිත වෙනත් පිරිමියෙකු හා අනුරාගී වියහැක.මතුපිටින් ඒ බවක් ප්‍රදර්ශනය නොකළද යටි සිතින් මෙබඳු හැඟීම්,ආශා,ආකල්ප ඇතිවීම අරුමයක් නොවේ.ලෝකයේ පවතින සදාචාර සීමා වලට අනුගතව චර්යා පැවතියයුතු නිසාම මෙබඳු ආශා සිතින් මැඬ පවත්වාගෙන වාසයකිරීම සාමාන්‍ය ශිෂ්ටසම්පන්න අයගේ ලක්ෂණයකි. නමුදු රහසේ අවස්ථාව ලැබුවිට සැඟවී මෙබඳු චර්යාවට පෙළඹිය හැකිබව මේ ගති ලක්ෂණ ඇතිඅයතුළ විද්‍යමාන නෛසර්ගික ලක්ෂණයකි.බොහෝවිට සමාජයේ අසන්නට ලැබෙන ඇතැම් පිළිකුල් සහගත විවිධ විෂම වූ මානව ලිංගික චර්යාවල සැඟවූ පැතිකඩ තුළ මෙබඳු දේ බහුලය. දිවා කාලයට වඩා එබඳු අය වඩා කැමති රාත්‍රියටය.ඒ ඔවුන්ගේ විෂම චර්යා, ආශා පහසුවෙන් වඩා හොඳින් මුඳුන් පමුණුවා ගැනීමට හැකි වාතාවරණයක් සැලසෙනුයේ රාත්‍රී කාලයේදී බැවිනි. රාත්‍රී කාලය නිශාචරවූ සළෙළුන්ට වඩාත් නිදහසේ හැසිරිය හැකි වාතාවරණයක් සලස්වාලනු ලබයි.
බොහෝ විට තමාගේ වෙනත් පුරුෂ මිත්‍රයින්ට වඩා ඇතැම් පිරිමි මෙබඳු අය අයට වැඩි රුචිකත්වයක් දැක්විය හැක. මෙබඳු හැඟීම් හෝ ආකල්ප කිසිසේත් නිවැරදි හෝ සදාචාර සම්පන්න නොවේ. ඒවා අනිවාර්යයෙන්ම පාපීය, ගුප්තය, අසම්මතය. එසේම මෙබඳු ආශා, ආකල්ප හෝ හැඟීම් කිසිදු ලෙසකින්වත් යහපත් යැයි සාධාරණීකරණය කළ නොහැක. අඳන කඬක් හැඳ දිය නාමින් සිටී ඡවි වර්ණ සමක් ඇති මහා කච්චායන මහ රහතන්වහන්සේ පිලිබඳ කාම සංකල්ප පහළ කර ගැනීමේ පාපය නිසා පුරුෂයෙකුව සිටියදීම ස්ත්‍රියක වූ සෝරෙය්‍ය සිටුවරයා පිළිබඳ ධම්මපදයේ සඳහන්ය. ප්‍රාතිමොක්ෂ විනය ශික්ෂාපද අතර පවා මෙබඳු කරුණු නිසා ඇතිවන ඇවත් වලින් මිදී සංවරව කටයුතු කිරීම පිණිස පැණ වූ ශික්ෂාපද විද්‍යමානය. මේ නිසා වර්තමානයේ මෙන් එබඳු දෑ බහුලව ප්‍රචාරය නොවූමුත් මානව සිතුම් පැතුම්හි පවතින ව්‍යාකූල ස්වභාවය මැනවින් ප්‍රකට කිරීමට බුදුරදුන් ධරමාන කාලයෙහි පවා සිදු වූ එවැනි සිදුවීම් හොඳින්ම සෑහේ.
කාම යන පාලි වදන කැමති යන අර්ථය දේ.කාමෙති යන ව්‍යවහාරය එය ක්‍රියා පදයක් ලෙස භාවිතා වන අකාරයයි. රාග හා තණ්හා යන වදන් දෙකට විශේෂණ වී කාමරාග හා කාමතණ්හා ලෙස ද මෙම වදන භාවිතා වේ. කාමයවිඳීම කෙරෙහි ඇතිවන කැමැත්ත කාමඡන්දය ලෙස හැඳින්වේ. පොදුවේ කාම යන්නෙන් පසිඳුරන් ගෙන් ගන්නා අරමුණු කෙරෙහි සිතෙහි ඇතිවන කැමැත්ත අදහස් වේ. පංචශීල ප්‍රතිපදාවේ තෙවන ශික්ෂා පදය වන කාමේසු මිච්ඡාචාරා යනුවෙන් මෙහිදී ඇස,කණ,නාසය,දිව හා සම යන පංච ඉන්ද්‍රිය අනුසාරයෙන්ම ලබා ගනු ලබන අරමුණු කෙරෙහි කැමැත්ත අදහස් නොවන අතර ඉන් අදහස් වන්නේ හුදෙක් මෛථුන සේවනයම බව අවධාරණය කර දක්වා තිබේ. මෙයට හේතුව ජීව වර්ගයා කෙරෙහි විද්‍යමාන වෙනත් ඉන්ද්‍රිය ධර්ම හා සැසඳීමේ දී ලිංගික ආවේදනයෙහි ප්‍රබලත්වය වඩා අධික බැවින් සත්ව චිත්ත සන්තානය ඒ කෙරෙහි වඩා පහසුවෙන් හා වේගවත්ව ග්‍රහණය වන බැවිනි. මේ හේතුව නිසා මිනිසුන් වරදට වඩා ප්‍රබල ලෙස පෙළඹීමක් ඇති වේ. යමක ඇති ආදීනව වලට වඩා ආශ්වාදය ‍කෙරෙහි අධික ලෙස පුහුදුන් සිත ඇදී යන හෙයිනි.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.