ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 19, 2017

යහපාලනේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති....!!!


යහපාලනය යනු කුමක්ද?







පසුගිය ජනාධිපතිවරණය සහ මැතිවරණ සමයේ, මේ රටේ, ඇතැම් උගත් බුද්ධිමත් ඉහළ පෙළේ දේශපාලනඥයන් පවා 'යහපාලනය' 'යම පාලනය', ලෙස අර්ථ දැක්‌වූහ. තවත් සමහරුන් මෙයට විවිධාකාර නම් පටබැන්දූහ. කිසිවකුත් මෙහි නියමාර්ථය අර්ථදැක්‌වීමට, උත්සුක වූයේ නැත. එය හුදෙක්‌ දේශපාලන අර්ථ දැක්‌වීම් පමණක්‌ ම විය.

වත්මන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද, මෙම සංකල්පය පෙරටු කොටගෙන නව ආණ්‌ඩුවක්‌ පිහිටවූයේ, මෙය රටකට වැදගත් මෙන්ම තිබිය යුතු, සංකල්පයක්‌ බව වටහාගත් නිසා බව පැහැදිලිය.

මේ වෑයම දේශපාලන පක්‍ෂවලට හෝ ප්‍රතිපත්තිවලට කෙරෙන පක්‍ෂපාති විග්‍රහ කිරීමක්‌ නොව පසුගිය කාලයේ ඇතිවූ මතවාද හා අර්ථකථනවලට අවධානය යොමු නොකර මෙහි නියාමාර්ථය කුමක්‌ ද යන්න විමසා බැලීම සඳහාය.

මෙය හුදෙක්‌ අපට නුහුරු නුපුරුදු වුවද, මෙය පුද්ගල මතවාදයක්‌ හෝ ඉබේ පහළ වූවක්‌ නොව, රටවල් ගණනාවක්‌ අනුගමනය කරන සංකල්පයකි.

පාලනකරණය යනු, රටක්‌ තුළ හෝ සංවිධානයක්‌ තුළ තීරණ ගැනීමේ හා තීරණ ක්‍රියාවට නැංවීමයි. ඒ අනුව, යහපාලනය යනු,

"කිසියම් රටක බලධාරීන් 'පාලනකරණය සඳහා යොදාගනු ලබන ආයතන හා සම්ප්‍රදායන්' යහපත් ඒවා වීමයි".

එම, සම්ප්‍රදායන් වන්නේ,

(1) ආණ්‌ඩුවක්‌, තෝරා පත්කර ගන්නා ආකාරය

(2) ආණ්‌ඩුවක්‌, කටයුතු කරන ආකාරය

(3) ආණ්‌ඩුවක්‌ වෙනස්‌ කළයුතු ආකාරය

(4) ප්‍රතිපත්ති කාර්යක්‍ෂමව සකසා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීම ආණ්‌ඩුවට ඇති හැකියා ආදී, කරුණු යහපත් ලෙස ඉටුකිරීමයි.

අසාර්ථක රාජ්‍යයක්‌ හෝ සමාජයක්‌ බිහිවීමේ මූල සාධකයක්‌ ලෙස 'අයහපත් පාලනය දක්‌වනු ලැබේ. විදේශීය රටවල් හා ජාත්‍යන්තරව ලැබෙන ආධාර ලබාදීමේදී, වැඩි වශයෙන් සලකා බලන්නේද, යහපාලනය ශක්‌තිමත් කිරීමට, අදාළ රට එකඟවනවාද යන කොන්දේසියයි. යහපාලනය යටතේ කරුණු 8 ක්‌ ගැන අවධානය යොමු කෙරේ.

එනම්,

(1) සහභාගිත්වය

(2) එකඟතාව

(3) වගවීම

(4) පාරදෘෂ්‍යභාවය

(5) සංවේදී බව

(6) සඵල හා කාර්යක්‍ෂම බව

(7) සාධාරණත්වය හා

(8) නීතියේ අධිපත්‍යය

යන කරුණුයි.

මෙම කරුණුවලින් අදහස්‌ වනුයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී, දූෂණයෙන් තොරව, එය සිදුවන බවත් සුළු ජාතීන්ගේ අදහස්‌ද සැලකිල්ලට ගන්නා බවත්, සමාජයේ ආන්තීක කරණයට ලක්‌වූ කොටස්‌වලට හඬට කන් යොමන බවත්ය.

'යහපාලනය, ආර්ථික සංවර්ධනයට අදාළ පූර්ව කොන්දේසියකි. ඒ යටතේ නීතියේ අධිපත්‍ය පවත්වා ගැනීම, දේපළ හිමිකම් සුරැකීම මෙන්ම 'පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් රැකදීම රටක සංවර්ධනයට සෘජුවම අදාළ වේ.

නෝර්වේ, ස්‌වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය ආදී ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනක්‌ මෙය අනුගමනය කරයි. යහපාලනය සම්බන්ධව දර්ශකයක්‌ද පිළියෙල කරයි. ලොව වටා සිටින, 10,000 නියෑඳි මත පදනම්ව, 'යහපාලන දර්ශකය' සකස්‌ වේ. 2011 වර්ෂයට අදාළ දත්තවලට අනුව ලෝකයේ ඉහළම දර්ශකය සහිතව පළමු ස්‌ථානය හිමිකරගන්නා රට වනුයේ, 'නෝර්වේ'ය. එය මානව සංවර්ධනය අතින්ද, පළමු ස්‌ථානය හිමිකරගෙන සිටින රටයි. දෙවැනි ස්‌ථානය හිමිවන්නේ, ස්‌වීඩනයටයි. එයද, මානව සංවර්ධනය අතින් 12 වැනි ස්‌ථානයේ පසුවෙයි.

තුන්වන ස්‌ථානය හිමිවන්නේ, පින්ලන්තයටය. එය මානව සංවර්ධනය අතින් 24 වන ස්‌ථානයේ, පසුවෙයි. හතරවැනි ස්‌ථානයේ, පසුවන්නේ, අයිස්‌ලන්තයයි. ඔවුහු මානව සංවර්ධනය අතින් 13 වැනි තැන ලබයි. පස්‌වන ස්‌ථානය හිමිවන්නේ ඩෙන්මාර්කයටයි. එයද මානව සංවර්ධනයේ 10 වැනි ස්‌ථානයේ පසුවෙයි. මේ සියලු රටවල් ඉතා ඉහළ මානව සංවර්ධනයක්‌ ඇති රටවල්ය. මානව සංවර්ධනයද, ඉතා ඉහළ, ඉහළ. මධ්‍යම හා පහළ ලෙස කොටස්‌ හතරකට බෙදේ.

ඉහත පරිදි 2011 වර්ෂයට අදාළ දත්ත අනුව ශ්‍රී ලංකාව යහපාලනය අතින් 130 වැනි ස්‌ථානයේ පසුවෙයි. (එය දර්ශකයක්‌ ලෙස 0.560 කි) ශ්‍රී ලංකාව, මානව සංවර්ධනය අතින් 73 වැනි ස්‌ථානයේ පසුවෙයි.

මෙම දර්ශකය අතින් පහළම ස්‌ථාන හිමිවන රටවල් අතර, ඇµaගනිස්‌ථානය, සෝමාලියාව, කොංගෝ යන රටවල් හුවා දැක්‌විය හැක.

මේ අනුව පෙනී යන්නේ, 'යහපාලනය, නිසි පරිදි හා සාර්ථකව' අනුගමනය කරන රටවල් සංවර්ධිත රටවල් ලෙස, ප්‍රමුඛස්‌ථානයට පත්වන බවය.

යහපාලනය ගොඩනැංවීමට නිර්ණායක කිහිපයක්‌ම පදනම් කරගනී. ඒ සියලු කරුණු දැක්‌වීම කෙසේ වුවත්, එහි සඳහන් ඇතැම් උප කරුණුවලින්, වාර්තමානයට ගැලපෙන කරුණු කිහිපයක්‌, මෙලෙස හුවා දැක්‌විය හැක.

ඒ අනුව, 'මාධ්‍ය නිදහස, දේශපාලනීකරණය නොවීම. පොලිසිය හා අධිකරණය ස්‌වාධීනවීම යන කරුණු සම්බන්ධයෙන්, සැලකිය යුතු ප්‍රගතියක්‌ අත්පත් කර ගැනීමට වත්මන් ආණ්‌ඩුව පසුගිය දින සියය වැඩපිළිවෙල තුළ දැරූ වෑයම අපට පැහැදිළිවම දැකගන්නට ලැබිණි. දූෂණය පාලනය කිරීමද එක්‌ කරුණකි. (මෙහිදී, "දූෂණය යනුවෙන් අදහස්‌ වනුයේ, පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නිල ලෙස බලය උපයෝගී කර ගැනීමයි") මෙයද, සඵල කර ගැනීමට වත්මන් ආණ්‌ඩුව අසීරු උත්සාහයක යෙදෙනවා අපට දැකගන්නට ලැබුණි. ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ වීමද ඉන් එක්‌ කරුණකි. එය යහපාලනය පැමිණීමට පෙරදීම අප නිමකළ කරුණකි. එය දැන් අතීතයට එක්‌වී හමාරය.

සංවර්ධනය ගත්කල එය දිගු ගමනකි. එය පහසුවෙන්, ළඟා කරගත හැක්‌කේද, අපටමය. නමුත් මෙය තනිව කළ හැක්‌කක්‌ නොවේ. සියලු දෙනා එකට එක්‌වී කළ යුතු දෙයකි.

මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක්‌ ඇත. ඒ ජනතාව සතු අදහස්‌ය. රටක්‌ දියුණුවීමේ, මූල සාධකයක්‌ ලෙස රට තුළ සිටින ජනතාවගේ අදහස්‌ද, වැදගත් බව සලකමු. මන්ද, රටක දියුණුව පතන මිනිසුන් සිටින රටක්‌ කිසිසේත්ම වෙනයම් අරමුණු කරා ගමන් නොකරන, නිසාවෙන්ය. මෙයට හොඳම උදාහරණයක්‌ ලෙස අප ආසියාවේම රටක්‌ ලෙස 'ජපානය' ගත හැකිය. ජපානය යනු, සංවර්ධිත රටකි. සියලු දේ අතින් ඉදිරියට යන රටකි. මෙහිදී එම රටතුළ සිටින මිනිසුන්ගේ අදහස්‌ ගැන විමසා බැලිය යුතුය. 'ජපන් වැසියන් තම රටට, සංස්‌කෘතියට බෙහෙවින්ම ආදරය කරති. 'කුමන දේ' වුවත්, ඔවුහු තම රටට අපකීර්තියක්‌ සිදු කරන්නේ නැත. ඔවුහු සිහින දකිති. එම සිහින ක්‍රියාවට නංවමින් ධනාත්මක සිතුවිලි වලින් යුතුව තමන්ගේ රටට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරති.

ප්‍රජාතන්ත්‍රවාදී, රටක පුරවැසියන් ලෙස, ධනාත්මක චින්තනයෙන් යුතුව අපද, අප රටේ දියුණුව පැතිය යුතුය. එතනදී වෙනත් රටක්‌ අභියෝග ජයගන්නා හැටි බලා එය ආදර්ශයට ගැනීමට අප නිහතමානී විය යුතුය.

මේ නිසා, අප කළ යුත්තේ, හුදෙක්‌ දේශපාලන ප්‍රතිපත්ති හෝ අදහස්‌වල එල්බ නොවී 'යහපාලනය හෝ මොනයම් කරුණක්‌ හෝ නිසිපරිදි ඉටුවනවා දැයි බලා සිටීම මෙන්ම එයට තමන්ගෙන්ද ලැබිය යුතු දායකත්වය ලබාදීමයි.

මෑතකදී අවසන්වූ මහ මැතිවරණයෙන් අනතුරුව අගමැතිතුමන්ද ප්‍රකාශයට පත්කළ කරුණක්‌ වනුයේ, "ජයග්‍රහකයන් හෝ පරාජිතයන් ලෙස බෙදා වෙන් නොකොට, අප දේශය ඉහළට ඔසවා තැබීමට සම්මුතිවාදී ආණ්‌ඩුවක්‌ ගොඩනැංවිය යුතු බවයි".

'මෙලෙස ප්‍රකාශ කළේ, සියලු දෙනා එකට එක්‌ව සහයෝගයෙන් වැඩ කළ යුතු බවයි. පසුගියදා අවසන්වූ මහමැතිවරණයෙන් වුවද, අපට පැහැදිලි වන්නේ, යහපාලනය පිළිබඳ ජනතාව අතර යම් විශ්වාසයක්‌ ගොඩනැගී ඇති බවයි.

මේ නිසා පසුගිය කාලවකවානුව තුළද යහපාලනය පිළිබඳ ඇතිවූ මතගැටුම් හා වැරදි අර්ථකථනවලට නොරැවටී, එය හුදෙක්‌ වචනයක්‌ හෝ සංකල්පයක්‌ බවට පත්වන්නට ඉඩ නොදී, එය යථාර්ථයක්‌ බවට පත් කිරීම මෙන්ම එම වචනයේ, නියමාර්ථයෙන්ම ප්‍රතිඵල ලබාගැනීමට, පක්‍ෂභේද, ජාතිභේදවලින් තොර සැවොම සහයෝගයෙන් 'වත්මන්' යහපාලන ආණ්‌ඩුවට තම දායකත්වය ලබාදීම අප සතු යුතුකමක්‌ වන බවයි. රටේ සැවොම පැතිය යුත්තේ, රටේ සංවර්ධනයයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් ලෙස අප සතු වගකීම වන්නේද එයයි.
ලිහිනි උදයන්ති ජයතිස්‌ස

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.