අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගිය රවි කරුණානායක ඊළගට වැලිකඩට…
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මයෙන්දිරයේදී
‘බැඳුම්කරේ කාගේ කරේ’ යන තේමාව යටතේ විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කොට
තිබිණි.
මෙම සම්මන්ත්‍රණය අමතා ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ
සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය
ගම්මන්පිල, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර,
ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික
පර්යේෂණ ඒකකයේ කැඳවුම්කරු බන්දුල ගුණවර්ධන, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු
කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස්
දැක්වූහ.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල කළ කතාව.
‘බැඳුම්කරේ හොරකම ගැන අවුරුදු දෙකක් තිස්සේ අහලා අපිට දැන් ඇතිවෙලා
තියෙන්නේ. රවි කරුණානායකගේ ඇමතිකමත් දැන් අහිමි වෙලා ඉවරයි. එහෙමනම්
දැන් තියෙන්නේ මීලගට කළ යුත්තේ කුමක්ද? මේ සටන මෙතනින් ඉදිරියට ගෙනයන්නේ
කොහොමද කියන එකයි. ඒයයි අපි ඉදිරියේ ඇති අභියෝගය.
දැන් වසර දෙක හමාරක් ගිහින් තියෙනවා. මේ වනතුරු මහේස්ත්‍රාත් උසාවියකවත්
නඩුවක් පවරා නෑ. පුංචි පුංචි දේවල්වලට පවා නඩු පටන් අරන් බැංකු ගිණුම්
තහනම් කරනවා, විදේශ ගමන් තහනම් කරනවා. රක්ෂිත බන්ධනාගාර ගතකරනවා. නමුත් මේ
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නෑ. අද මේ තිබෙන ජනාධිපති
කොමිසම යනු දඩුවම් ලබාදෙන තැනක් නොවෙයි. හුදෙක් කරුණු සොයා වාර්ථාකරන
විමර්ශන කොමිසමක් පමණයි. එහෙමනම් මේ කොමිසම හරහා හරි මේ බැඳුම්කර
සිද්ධීයේදී මොකක්ද උනේ කියලා හරියට හෙළි කරගෙන රටට කියන්න අප විසින් ගතයුතු
පියවර කුමක්ද?
පළවෙනි පියවර තමයි රටේ ජනාධිපතිවරයා මේ කොමිසම හමුවට ගෙන ආ යුතුයි.
ඇතමෙක් අහන්නට පුළුවන් ජනාධිපති මුක්තිය ද මුට්ටියද මොකක්දෝ එක්ක
තියෙනවා නේද කියලා. 19 වෙනි සංශෝධනය හරහා එය අයින් කරනවා කිව්වනේ. නමුත්
එහෙම අයින් කරලා නෑ. අදටත් ජනපතිට එරෙහිව මුලික අයිතිවාසිකම් නඩු විතරයි
පවරන්න පුළුවන්. ජනාධිපතිවරයා විත්තිකරුවෙකු කරන්න විතරයි අපට බැරි.
සාක්ෂිකරුවෙක් විදහට ඕනෑම අධිකරණයට කැදවන්න පුළුවන්. තිස්ස අත්තනායක මහතාට
එරෙහිව ගොනුකල කූට ලේඛණ නඩුවක පළමු සාක්ෂිකරු ජනපති. දෙවනි සාක්ෂිකරු
අගමැති. පෞද්ගලිකව මනුස්සයෙකු හිරේ යවන්න සාක්කිකරුවෙකු වෙන්න පුළුවන්නම්
ජාතිය මහා බරපතල ආර්ථික ප්‍රපාතයකට ඇද දැමු මේ බැඳුම්කර වංචාවේ ඇත්ත හොයන්න
ජනපතිවරයාව අපි ගේන්න ඕන මේ කොමිසම ඉදිරියට.
ගෙනල්ලා මොකක්ද අහන්න ඕන. අර රාජිත සේනාරත්න ඇමතිවරයා කියන විදිහට
එතුමන්ලා තදින් විරුද්ධ වෙද්දී තමයි ජනාධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව මහ
බැංකු අධිපති කමට පත්කරන්නේ. එහෙමනම්,
ප්‍රශ්න අංක 1
තම අමාත්‍ය මණ්ඩලය විරුද්ධ වෙද්දී අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කමට පත්කිරීමට ඔබට බලපෑ හේතු මොනවාද?
ප්‍රශ්න අංක 2
ඒවගේම අර්ජුන් මහේන්ද්‍රන් යනු විදේශිකයෙක්. ඔහු ලංකාවේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවට පක්ෂපාතීවන බවට දියුරුම දෙන්න බැරි පුද්ගලයෙක්. මෙවැනි
විදේශිකයෙකු මහබැංකු අධිපති කමට පත්කලේ ඇයි ?
ප්‍රශ්න අංක 3
2015 පෙබරවාරි 27 වෙනිදා වංචාවෙන් පසුව අපි දැවැන්ත උද්ඝෝෂණ කරද්දි
පෙත්සම් බාරදේද්දි මහ බැංකු අධිපති ඉවත්කරන ලෙස රට පුරා ලොකු රැල්ලක්
හැදුවා. ජන මතයක් හැදුවා . නමුත් ජනාධිපතිවරයා ඔහුව ඉවත්කලේ නෑ. එහි
ප්‍රථිපලයක් ලෙස 2016 මාර්තු වලදී ඊටත්වඩා ලොකු බැදුම්කර වංචාවක් සිදු
කිරීම. අර්ජුන් මහේන්ද්‍රන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් හදල දුන්නා උඹ
කොතරම් හොරකම් කලත් කිසිම හානියක් වෙන් නෑ. බයනැතුව කරගෙන යන්න කියලා.
එහෙමනම් අපේ තුන්වන ප්රශ්නය වෙන්නේ ජනපතිතුමන්ගෙන් ඇසිය යුතු පළමු
හොරකමෙන් පසුව ඉවත්කරන්නැයි මෙතරම් බලපෑම් එල්ල උනත් ඔහුව ඉවත් නොකලේ ඇයි.
ප්‍රශ්න අංක 4
ජනාධිපති කොමිසම කාලය මරණ අතරේ මෙතන තව තව සොරකම් වෙනවා. අපිට
විශ්වාසනීය තොරතුරක් තියෙනවා මේ දිනවල අර්ජුන් මහේන්ද්‍රන් හදිසියකදී පැනාල
යන්න ගමන් මළු ලෑස්තිකරන් ඉන්නවා කියලා. සිංගප්පූරුවේ ගමන්බලපත්‍රයක්
තියෙන්නේ. ගියොත් ගියාමයි. අපේ කෙනෙක් නෙමෙයි මේ. සිංගප්පූරුවේ
පුරවැසියෙක්. මේ හොරකමට දැන් වසර දෙකහමාරකට වැඩියි. අද වනතුරු ඔහුගේ විදේශ
ගමන් තහනම් කරන්න අධිකරණ නියෝගයක් ගන්න අධිකරණය කටයුතු කරලා නෑ. එහෙම
නොකලේ ඇයි කියන එකයි අපි ජනපතිතුමන්ගෙන් අහන හතර වෙනි ප්රශ්නය.
ප්‍රශ්න අංක 5
වසර දෙකහාමාරක් තිස්සේ හොරකම ගැන සොය සොයා ඉන්න අතරේ හම්බකරගත්
ප්‍රකෝටිගනන් ධනය මේ අය වියදම් කරනවා. ඉස්කාගාර අළුතෙන් හදනවා. විදේශිය
වත්කම් ගන්නවා. බැඳුම්කර වංචාවට එරෙහිව කතාකරන දේශපාලකයන්ට මඩ ගැසීමට
ජනයුගය වැනි පුවත්පත් පටන් අරන් තියෙනවා. බැඳුම්කර හොරුන්ව පුම්බන්න මාධ්‍ය
පාවිච්චි කරනවා. මේ විදිහට මේ සල්ලි වියදම් කරගෙන යනකොට අවසානයේ කවදා හරි
දවසක නඩු දාලා වැරදිකාරයා වෙනකොට රාජසන්තක කරන්න එක සතයක් ඉතුරු වෙන්නේ නෑ.
ඒ නිසා අපි ජනපතිවරයාගෙන් අහන පස්වෙනි ප්රශ්නය තමයි මේ සොරකම් කළ මුදල්
වල බැංකු ගිණුම් සීල් තබන්න හෝ මුදල් රාජ සන්තක කරන්න මෙතෙක් පියවර ගත්තේ
නැත්තේ ඇයි.
ප්‍රශ්න අංක 6
ජනපතිගෙන් අපි අහන හයවෙනි ප්රශ්නය. ජනාධිපතිතුමන් 2015 ජුනි 26
වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඉවර වෙලා කියනවා බැඳුම්කර හොරුන්
බේරගන්න තමන්ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිදු වුනා කියලා. කෝප් කමිටු
වාර්ථාව පාර්ලිමේන්තුවට එන එක වලක්වගන්නනම් වාර්තාව හදලා ඉවරවෙනකොට
පාර්ලිමේන්තුව නැතිකරලා තියෙන්න ඕන. එහෙමනම් මේ බැඳුම්කර හොරුන් බේරාගැනීමට
පාර්ලිමේනතුව විසුරුවා හැරීම ගැන ජනපතිගෙන් ප්‍රශ්න කරන්න ඕන.
ඊලගට අපි කැදවන්න ඕනේ කලක් මිස්ටර් ක්ලීන් කිව්වා දැන්නම් මිස්ටර්
ඩර්ටි. ඇගපුරාම ජරාව ගාගෙන ඉන්න අපේ අගමැතිව. චෝදනාවක් එල්ල වෙනවනේ
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගරු නම්බුදීලා කතාකරන් නෑ. හරි සැරට
කතාකරන්නේ කියලා. ඒ නිසා ගරු අගමැතිතුමනී කියලා ගරු සරු ඇතුව ඔලුවත්
පොඩ්ඩක් නමලා කතාකරලා අගමැතිගෙනුත් මේ ප්‍රශ්න අසන්නට ඕනෑ.
ප්‍රශ්න අංක 7
අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමට රාජිත සේනාරත්න ඇමතිවරයා විරුද්ධ වෙනවිට
ඔබ බය නැතුව ඉන්න. ඔහුව පත්කරන්නේ ඒ පත්වීමේ වගකීම මම බාරගන්නවා යැයි
ඔබ කිව්වා කියන්නේ ඇත්තද? එහෙමනම් ඒ වගකීම බාරගැනීමෙන් අදහස් කරන්නේ
මොකක්ද? අපි ඉන්දියාවේ දැක්කා දුම්රිය දෙකක් එකම මාර්ගයේ ඇවිත් ගැටුනා. ඒක
දුම්රිය ඇමතිතුමන් සැලසුම් කරපු දෙයක් නෙමෙයි. නමුත් දුම්රිය භාර ඇමතිවරයා
ඉල්ලා අස්වුනා. නමුත් මෙතන සිදුවීම ඔය රේල්පාරේ බයනැතුව යවන්න . හැප්පුනොත්
මම වගකීම බාරගන්නවා කියලා අගමැතිවරයා කල් ඇතුව කීවා වගේ වැඩක්. එහෙමනම්
දැන් වගකීම බාර අරගෙන අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු නේද?
ප්‍රශ්න අංක 8
2015 මාර්තු මාසයේ 17 වෙනිදා අගමැති බැඳුම්කර වංචාව ගැන
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. එහිදී එතුමන් කියනවා ඕනෑම ආණ්ඩුවක්
පත්කරන්නේ තමන්ට විශ්වාස අය. මම පත්කලෙත් මට විශ්වාස අවංක මහත්වරු. මේ
මහත්වරු මහත්හොරු වෙලයි තියෙන්නේ. එහෙනම් දැන්වත් වගකීම භාරගත යුතුයි නේද?
ප්‍රශ්න අංක 9
දී කිරට බළල්ලුත් සාක්ෂි වගේ අගමැති එජාපයේම නීතිඥයෝ තිදෙනෙක් දාලා
අගමැතුමන් මේ වංචාව ගැන සොයන්න කමිටුවක් පත්කළා. ගාමිණී පිටිපන, මහේෂ්
කළුගම් පිටිය, චන්දිමාල් මෙන්ඩිස් මේ කමිටුවේ හිටියා. මේ අය
වාර්ථාවක් දුන්නා. කොළේ වහලා තමයි දුන්නේ . හැබැයි ඒ වාර්ථාවේත් යම් යම්
නිර්දේශ ඉදිරිපත් කෙරෙනවා. ඒ එක් නිර්දේශයක්වත් ක්‍රියාත්මක කිරීමට
අගමැතිවරයා විශය භාර අමාත්‍යරයා විදිහට කටයුතු නොකලේ ඇයි කියලා මේ කොමිසම
ඉදිරියේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න කල යුතුයි.
මීලගට කොමිසම හමුවට ගෙන්විය යුතුතේ පාද සටහන් කල්ලිය. එහෙම නැත්නම් ෆුට්
නොට් කල්ලිය. අර අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, වගේ ඇමතිලා තමයි
මේ කට්ටිය. සුජීව සේනසිංහ මන්ත්‍රී මේ හොරකම සාධාරණය කරමින් පොතකුත්
ලිව්වා. මම පහුගිය කාලේ පුස්තකාල පීරලා හෙව්වත් මේ පොත හොයාගන්න නෑ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පොතක් ලිව්වොත් ඒ පොත
අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ පුස්ථකාලයේ තියෙනවා. නමුත් මේ පොත නෑ. සුජීව
සේනසිංහ කොච්චර ලස්සනට මේ හොරකම සාධාරණීකරනය කලාද කියනවනම්
අගමැතිට තේරුනා මෙයා කෝප් කමිටුවේ හිටියොත් නම් හොරකම් ලස්සනට වහල
දෙයි කියලා. ඒ නිසා ඩබ්ලිව් වේළුකුමාර් මන්තීව කමිටුවෙන් ඉවත්කරලා
සුජීව සේනසිංහ ව මේකට ආනයනය කළා.
මේ ගොල්ලෝ කොප්කමිටුව ඇතුලේ ඉදගෙන විගනකාධිපතිට තර්ජනය කළා තමන්ගේ
වාර්ථාව වෙනස් කරන්න කියලා. නමුත් විගනකාධිපතිවරයා කොන්ද කෙළින් තියාගෙන
සිංහයෙක් වගේ හිටියා. අපිට මතකයි ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා තමන්ගේ හොදම
යාළුවෙක් අගවිනිසුරු කරගත්තා. ඒ තමයි නෙවිල් සමරකොන් . නමුත්
තනතුරට ආවට ප්සසේ ස්වාධීනවයි කටයුතු කලේ. වත්මන් විගනකාධිපති
කටයුතු කලේ එහෙම ස්වාධීනවයි.
එදා විගනකාධිපතිට තර්ජන ඝර්ජන කරපු ඒ පාද සටහන් කල්ලියම තමයි අද
නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ටත් තර්ජනය කරන්නේ. ඒ නිසා මේ පාද සටහන්
කල්ලියේ වත්කම් බැරකම් වහාම පරීක්ෂාවට ලක්කරන්න ඕන අර්ජුන් ඇලෝසියස්ගෙන්
කොහොමද කෑවේ බිව්වේ බලන්න.
රවි කරුණානායක හිටපු ඇමති පොඩි අකර තැබ්බයක් කරගත්තා. නෝනගෙ නමට
තමයි තෑග්ග ගත්තේ. අපේ වත්කම් බැරකම් ප්‍රකාශන වල තම බිරිදගේ සහ අවිවාහක
දරුවන්ගේ වත්කමුත් තමන්ගේ වත්කම් ලෙස ප්‍රකාශ කළ යුතුයි. අපිට ආරංචි
තියෙනවා මේ පාද සටහන් කල්ලියේ සමහරු සුඛෝපභෝගී නිවාස නැන්දම්ගෙ නමට අරගෙන.
තවත් සමහරු අරන් තියෙනවා අක්කගෙ නමට. මොකද ඒ අයගේ වත්කම් තම වත්කම් ලෙස
ප්‍රකාශ කල යුතු නෑ. ඒහෙනම් මේ පාද සටහන් කල්ලියේ හත්මුතු පරම්පරාවෙම දේපළ
පරික්ෂාකර බලලා උපයගෙන ඇති ආකාරය හෙළි කරන්නට බැරිනම් රාජසන්තක කල යුතුයි.
ඔය ක්ලලිය ඇතුලේ අවංක කට්ටිය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඔක්කොමලා හොරු
නෙමෙයි. ඒ අය තමයි අර මාධ්‍ය ඉදිරියේ මුන කළු කරගෙන ගොත ගගහා කතා කලේ.
ඒ වගේම ලංකා බැංකුවත් මේ කොමිසම ඉදිරියට ගෙන ආ යුතුයි. ලංකා බැංකුවෙන්
තමුන්නාසේලා රුපියල් ලක්ෂයක් නයට ගන්න ගියොත් කරුණු කාරනා ගනණාවක්
පරික්ෂාකරලා බලලයි ණය දේන්නේ. නමුත් මේවා මොකුත්ම බලන්නැතුව එක දුරකතන
ඇමතුමකට රුපියල් බිලියණ ගනනක් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට මේ අය ණයට
දෙනවා. අධ්‍යක්ෂක මණ්ඩල අණුමැතියක්වත් නෑ. එහෙම දෙන කලාව මොකක්ද කියලා
දැනගන්න වහාම ලංකා බැංකුවේ ලොක්කෝ ටිකත් මේ කොමිසම හමුවට ගේන්න ඕන.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් මිලදී ගත්ත බැඳුම්කරය වැඩි ගානට මිලදී අරන් අපේ සේවකයන්ට හානිකරපු
සේවක මුදල් විනාශ කරපු සේවක අර්ථසාධක අරමුදලේ ලොකු ලොක්කොත් මේ කොමිසම
ඉදිරියට ගේන්න ඕනෑ .අන්න එවිටයි මේ වංචාවේ දිග පළල ගැන හරි චිත්‍රයක් අපිට
ඇදගන්න පුළුවන් වෙන්නේ. නමුත් අද ආණ්ඩුව උත්සහා දරන්නේ සියළුම කුණු බේරේ
වැවට වගේ රවි කරුණානායකගේ කරේ මේ බැඳුම්කරය එල්ලලා අනික් සියළු දෙනා නිදහස්
වෙන්න. ඒකට අපිට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. මොකද අද කියකනවා රවි කරුණානායක
ආදර්ශයක් දුන්නලු. මේ මහා වංචාව නිසා අපේ පොලී අනුපාත වැඩි වුනා. සමස්ථ
ජාතියම මේ මහා වංචාවේ පීඩාවට ලක්වුනා. සමස්ථ ආර්ථිකයම මේ මහා වංචාවෙන් කඩා
වැටිලයි තියෙන්නේ. ඒ නිසා අපිව අමාරුවෙ දාපු මේ සියළුම දෙනාට අනිවාර්යෙන්ම
දඩුවම් දෙන තුරු මේ සටන නතර කරන්න බෑ.
අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගිය රවි කරුණානායකලා වැලිකඩට යනතුරු අපි මේ සටන නතර කරන්නෑ කියන ප්‍රතිඥාව අපි තමුන්නාන්සේලාට ලබාදෙනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, August 17, 2017
අලිමංකඩ පාමංකඩ හරහා වැලිමංකඩට දැක්කිය යුතු පට්ට හොරා...!!!
Posted by
lankanews
at
August 17, 2017
Labels: Bond Scam, corruptions ravi, fake ravi, lankanews, onela, ravi karunanayagam, ravi karunanayake family, ravi karunanayke, unp politicians, yahapalanaya
අලිමංකඩ පාමංකඩ හරහා වැලිමංකඩට දැක්කිය යුතු පට්ට හොරා...!!!
2017-08-17T04:26:00+02:00
lankanews
Bond Scam|corruptions ravi|fake ravi|lankanews|onela|ravi karunanayagam|ravi karunanayake family|ravi karunanayke|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
