විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (28) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
මිහින් ලංකා සමාගමට කල්බදු සමාගමකින් බස් රථ දෙකක් මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 31ක මුදලක් පාඩු සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.
මේ වන විටත් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව වාර්තා වේ.