ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 3, 2017

පට්ට හොරා වන කරුපයියාට එරෙහි විශ්වාසභංගය එළි දකී ...!!!

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය පට්ට හොරා වන කරුපයියාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අද (03) පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත බාරදී ඇත.අත්සන් කළ ලේඛණය පහතින්...

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 32 නෙකුගේ අත්සන් ලැබී තිබේ. මෙම විශ්වාසභංගයට මූලික හේතුව වී ඇත්තේ ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධියයි.


රවිට විශ්වාසභංගයක්‌ ඒකාබද්ධයේ 32කගේ අත්සන් කෙහෙළියගේ පුතාගේ මඟුල් ගෙදරදී ලබා ගනී....!!! විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවලට විශ්වාසභංග යෝජනාවක්‌ භාරදී ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තිස්‌ දෙදෙනකු මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව ද එකී අත්සන් ඊයේ පෙරවරුවේ ලබාගත්තේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති කෙහෙළිය රඹුක්‌වැල්ලගේ පුතුගේ විවාහ මංගල්‍ය අවස්‌ථාවේදී බවද රත්නපුර දිස්‌ත්‍රික්‌ (එජනිස) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා  ප්‍රකාශ කළේය. ඉපැයූ ආකාරය හෙළිදරව් නොකර ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 1450 ක්‌ (එක්‌දහස්‌ හාරසිය පනහක්‌) මුදලක්‌ පෞද්ගලික සේප්පුවක තබාගෙන පසුව නිවසක්‌ මිලදී ගැනීමට ගෙවීම් කිරීමෙන් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම මෙම විශ්වාසභංග යෝජනාවේ රවි කරුණානායකට එරෙහි එක්‌ චෝදනාවකි. මෙම නිවස කරුණානායක  විසින් පරීක්‍ෂාකර බලා අනුමත කළ පසු ඇගේ නියමයෙන් අර්ජුන ඇලෝසියස්‌ විසින් මාස හයකට රුපියල් දශලක්‌ෂ 10.2 ක කුලී පදනම මත කරුණානායක  සහ ඔහුගේ පවුලට පදිංචියට ලබාදීමෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක අයථා ආර්ථික ප්‍රතිලාභයක්‌ භුක්‌ති විඳීම විශ්වාසභංග යෝජනාවේ සඳහන් තවත් චෝදනාවකි. ඇලෝසියස්‌ විසින් ගෙවන ලද කුලිය මත ඉහත නිවසේ පදිංචි වී සිටි කරුණානායක මහතාගේ පවුලේ අයට අයිති ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ පුද්ගලික සමාගම විසින් රුපියල් ලක්‌ෂ 1650 ක්‌ ගෙවා 2016 සැප්තැම්බර් 06 දින එම නිවස මිලට ගැනීම තුළින් විනිවිදභාවයෙන් තොර සුවිශාල මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධවී ඇත යන්න තවත් චෝදනාවකි. මහජනතාවගේ උපරිම විශ්වාසය මත පදනම් වන මුදල් නෝට්‌ටුවලට මුදල් ඇමැති ලෙස අත්සන් තැබූ රවි කරුණානායක  රජයට ණය සැපයීමේ ව්‍යාපාරයක නියුතු චූදිතයකුද වන අර්ජුන ඇලෝසියස්‌  සමඟ කුළුපග සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් එය චූදිත ඇලෝසියස්‌  නිර්දෝෂී පුද්ගලයකු බව තහවුරු කිරීම සඳහා සක්‍රීය ලෙස දායක වෙමින් අයථා ලෙස මුදල් ගනුදෙනු පැවැත්වූ බව පාර්ලිමේන්තුව තුළත් බැඳුම්කර කොමිසම තුළත් හෙළිවී ඇතැයි ද විශ්වාසභංග යෝජනාවේ සඳහන් කර ඇත. මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාව ලබාගත් වහා මහින්දානන්ද අලුත්ගමගේ  සහ බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස්‌ නියෝජ්‍ය මහලේකම්වරයාට භාර දුන් බව රංජිත් සොයිසා  ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංග යෝජනාව වහා පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා අවස්‌ථාව සලසන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය. මේ සම්බන්ධව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්‌ඩල ප්‍රධානී නීල් ඉද්දවල  ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පැමිණ පට්ට හොරා වන කරුපයියාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ භාරදුන් බවය. එය කථානායක කරු ජයසූරිය  වෙත යොමු කරන බවද ඉද්දවල  ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.