වර්තමාන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා
නිලධාරි සමීර මනහර නමැත්තා කොකේන්, හෂීස්, කුෂ්, පිල් ඇතුළු මත්ද්‍රව්‍ය
තොගයක් ඇතුළු තවත් මත්පැන්, නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සමග STF විසින් 06
දා අත් අඩංගුවට ගෙන තිබෙන නව එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.
එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනුයේ අමාත්‍ය මංගල සමරවීරගේ MSD
සේවයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්නගේ පොලිස් නිල
හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති
බවයි. Link
එහෙත් මේ මහජන සම්බන්ධතා නිලධාරියා අමාත්‍යවරයාගේ වරප්‍රසාද හරහා
ඇමතිවරයා සමග පසුගිය කාලය තුලදි කිහිප වතාවක් පිටරට ගොස් පැමිණ ඇත්තේ රේගු
පරීක්ෂාවලින් තොර ප්‍රභු පර්යන්තය හරහා යයිද අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන්
කරයි.
එමෙන්ම මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා වශයෙන් පසුගිය කාලයේදී
ඇමරිකාවේ සංචාරය කිරිමේදී ඉහත පුද්ගලයා සමඟ එකට සංචාරය කොට එකම හෝටලයේ රැදි
සිටිම සම්බන්ධයෙන් එල්ල වු චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මාධ්‍ය වෙත
නිකුත් කල නිවේදනය මගින් ද ඔහු පිලිගෙන ඇත්තේ තම පෞද්ගලික කාර්යය මණ්ඩල
සමාජික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සමීර මනහර නමැත්තා තමන් සමඟ
ඇමරිකානු සංචාරයේ නිරත වු බවයි.
ඒ බැව් 2015 පෙබරවාරි 9 වෙනිදා ඇමරිකාවේ නවාතැන් ගෙන සිටි සුප්‍රසිද්ධ
ෆෝ සීසන්ස් Four Seasons Hotel හෝටලයේ බිල්පත මගින් තහවුරු කරගත හැකිය. Link
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, August 8, 2017
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් කිහිප වතාවක් ප්‍රභූ පර්යන්තයෙන් අමාත්‍යවරයා සමඟ විදෙස් ගත වී ඇති බව හෙලි වෙයි..
Posted by
lankanews
at
August 08, 2017
Labels: drugs container, drugs dealer duminda silva, lankanews, mangala samaraweera, sameera manahara drugs, yahapalanaya
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් කිහිප වතාවක් ප්‍රභූ පර්යන්තයෙන් අමාත්‍යවරයා සමඟ විදෙස් ගත වී ඇති බව හෙලි වෙයි..
2017-08-08T04:21:00+02:00
lankanews
drugs container|drugs dealer duminda silva|lankanews|mangala samaraweera|sameera manahara drugs|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
