රේඛා
චායිද්වාල් උදායිපූර්හි රවින්ද්‍රනාත් තාගෝර් ශික්ෂණ රෝහලට
පැමිණියේ ඇගේ බිළිදු දියණියට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා
ගැනීමටය. ඒ ගමනේදී ඇය අමුතු නාමපුවරුවක් දුටුවාය. -දිව්‍යා
මවුකිරි බැංකුව- ඒ නාමපුවරුවෙහි ලියවී තිබිණ.
මේ නාම පුවරුව දැක රේඛා එහි ඇතුළු වූවාය. තම දරුවන්ට මවු කිරි
දෙන්නට හැකියාව නැති මවුවරුන්ගේ දරුවන් වෙනුවෙන් මෙහි පැමිණෙන
කාන්තාවන් මවු කිරි දන් දී යන ආකාරය ඒ මවුකිරි බැංකුවේ
කළමනාකාරවරයා වූ භව්නා ජෝෂි රේඛා චායිද්වාල්ට විස්තර කළේය. ඒ
විස්තරය ඇසූ රේඛා චායිද්වාල්ද එසැණින්ම මවුකිරි දන් දෙන්නියක
බවට පත් වෙන්නට තීරණය කළාය.වීඩියෝ
මූලික පරීක්ෂණ කිහිපයකින් පසුව රේඛා ඇගේ කිරි වල අතිරික්තය
-මවුකිරි බැංකුවට පරිත්‍යාග කරන්නට බෝතලයකට දොවන්නට වූවාය.
මවුකිරි මිලි ලීටර් සියයක් බෝතලයකට දොවා ඇය -මවුකිරි බැංකුවට
පරිත්‍යාග කොට නික්ම ගියේ මේ කිරි බිඳෙන් තවත් එක් දරුවෙකුගේ
ජීවිතය රැක ගන්නට රුකුලක් ලැබෙන බව සිතමින් සතුටිනි.
ඒ 2013 වසරේදීය. එතැන් සිට මේ වන තෙක් ඇය 299 වාරයක්
-මවුකිරි බැංකුව-ට පැමිණ ඇති අතර, මේ කාලය තුළ ඇය මවුකිරි
ලීටර් 30කට අධිකව දන් දී ඇත්තීය. මවුකිරි නැති පෝෂණ ඌණතා ඇති
මව්වරුන්ගේ කුඩා බිලිදුන් මෙන්ම රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ
බිලිදුන් සිය ගණනක් රේඛා චායිද්වාල්ගේ කිරි වලින් පෝෂණය
ලබන්නට ඇත. මේ වන විට රේඛා ඇගේ තුන්වන දරුවාත් බලාපොරොත්තුවෙන්
සිටින අතර, තමන්ගේ දරුවන්ට කිරි දෙන තාක්ම මවුකිරි දන්දෙන්නට
ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය.
පෝෂණ ඌණතාවයන් නිසා කිරි නොඑරෙන, නොමේරූ දරුවන් ඇති, සහ ලාබාල
මවුවරුන්ට රේඛා චායිද්වාල් වැනි කිරිමව්වරුන් ගැන කතාව සුබ
ආරංචියකි.
කුඩා බිලිදුන්ට වැළදෙන පාචනය හා නියුමෝනියාව වැනි රෝග කුඩා
කලදීම හොදින් මවුකිරි දීම මගින් පමණක්ම වලක්වා ගත හැකි බව
පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. බිලිඳුන්ට නිසි අයුරින් මවුකිරි
නොදීම නිසාම චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මෙක්සිකෝව හා
නයිජීරියාවේ වසරකට ළමා මරණ 236,000 ක් සිදුවන බව වාර්තා වී
ඇත.
ඉන්දියාවේ ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණයක් මගින් මේ වන විට
එරට ළදරුවන්ට මවුකිරි දීමේ ප්‍රවණතාවය වර්ධනය වෙමින් තිබෙන බව
සොයාගෙන ඇත. එරට කුඩා දරුවන්ගෙන් 55%කට පමණම මවුකිරි ලබා දෙන
බව එයින් වාර්තා වී ඇති අතර මීට දශකයකට පමණ පෙර ඒ ප්‍රතිශතය
46% ක් විය.
මෙම වර්ධනය ළඟා කරවන්නට -මවුකිරි බැංකු- විසින් සැලකිය යුතු
දායකත්වයක් ලබා දී ඇත. අප පෙරකී -දිව්‍යා මවුකිරි බැංකුව-
පිහිටුවා ඇත්තේ උදායිපූර්හි බිළිදු සුරැකුම් මධ්‍යස්ථානයක්
පවත්වාගෙන යන දේවේන්ද්‍ර අග්‍රවාල් විසිනි. අලුත උපන් බිළිදුන්
හා කුඩා දරුවන් හැකි තරම් ප්‍රමාණයකට මවුකිරි බීමේ අයිතිය ලබා
දීම ඔහුගේ අරමුණ වීය.
ඔහු විසින් කරන ලද සමීක්ෂණයන්ට අනුව ඉන්දියාවේ කිරි මවුවරුන්ට
හෙවත් -දායි- ලාට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ඔහු සදහන් කරයි.
ගැමි ජනතාව අතරින් තෝරාගන්නා ලද නීරෝගිමත් කාන්තාවන් රජවරුන්ගේ
හා ප්‍රභූවරුන්ගේ දරුවන්ට මවුකිරි දෙන කිරි මාතාවන් ලෙසින්
කටයුතු කළ බව ඉන්දීය ඉතිහාසයෙන් අසන්නට ලැබෙයි. චිතෝගාර් කොටුව
මෝගල් අධිරාජ්‍ය අක්බාර් විසින් දික්විජය කළ පසුව පිහිටවූ
මිවාර් රාජධානියේ අගනුවර ලෙස උදායිපූර් නම් කළ දෙවන උදායි සිං
රජුගේ කිරිමව් වූ රානා දායි 16 වැනි සියවසේ විසූ එවැනි කිරි
මාතාවකි.
අගර්වාල්ට -මවුකිරි බැංකුවක්- ඇරඹීමේ අදහස ලැබුණේ මෙම
සංකල්පයෙනි. -ඒ අතීතයේදී වුණත් කිරි අම්මා කෙනෙක් තෝරගන්නකොට
මුහුණ දෙන්න සිද්ද වෙන පරික්ෂණ ගොඩක් තිබුණා.. රජ කුමරෙකුට
කිරි දෙන්න යම් කාන්තාවක් ශාරීරිකව මානසිකව නීරෝගීද, එම
කාන්තාව හොද සමාජ වටපිටාවක් ඇති කෙනෙක්ද යන්න පවා පරික්ෂා
කිරීමෙන් පසුවයි කිරිමව් තනතුරට තෝරගත්තේ..-
එබැවින් දිව්‍යා මවුකිරි බැංකුවට මවුකිරි දන් දෙන
කිරිඅම්මාවරුන්ටත් එවැනි පරික්ෂණ කිහිපයකට මුහුණ දෙන්නට
සිදුවෙයි. සම්ප්‍රේෂණය විය හැකි රෝග, ජානගත රෝග, ආසාත්මිකතා
ආදිය ඇතිදැයි ලේ පරික්ෂණ කිහිපයක් මවුකිරි ලබා ගන්නට පෙර
සිදුකරනු ලබයි. මෙසේ පරිත්‍යාගශීලී කිරි අම්මාවරුන් විසින්
පරිත්‍යාගකරන මවුකිරි කල්තබා ගැනෙන්නේ ජීවානුහරණය කොට
සෙල්සියස් අංශක -20 ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කොට තැබීමෙනි.
-නිසි විදිහට ඇසුරුම් කරලා ගබඩා කළොත් මවුකිරි මාස හයක කාලයක්
කල් තබා ගන්න පුලුවන්..- මෙම මවුකිරි බැංකුවේ සේවය කරන වෛද්‍ය
ඩී.එල්. මෙග්වාල් පවසයි. -සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී නම්
මවුකිරි පැය හයක කාලයක් කල් තියාගන්න පුළුවන්.-
මේ වන විට අගර්වාල් විසින් මවුකිරි බැංකු දහයක් පමණ පිහිටුවා
ඇති අතර ඔහු දැන් රාජස්ථාන් පළාත් රජය විසින් ගෙන යන මවුකිරි
බැංකු ව්‍යාපෘතියේ උපදේශකයාද වෙයි. මෙම ව්‍යාපෘතිය මගින්
උදායිපූර් වල පමණක් නොව මේ වන විට මුම්බායි, පූනේ, දිල්ලි
වැනි ප්‍රදේශ වලද මවුකිරි බැංකු පිහිටුවා ඇත.
-මගේ දෙවෙනි දරුවා නොමේරු දරුවෙක්.. එයා ඉපදුනේ සති විසි
නවයෙන්.. එයා ඉපදිලා සති දෙකක් විතර යනකල් මට එයාට දෙන්න
මවුකිරි තිබුණේ නෑ.. මවුකිරි බැංකු මගේ දරුවාට ආශිර්වාදයක්
වුණා..- සමාගමක කලමනාකාර උපදේශකවරියක් වන 36 හැවිරිදි රාකි
සායිනි පවසන්නීය. -මම නාඳුනන ඒ කිරිඅම්මාවරු මගේ දරුවාට පිහිට
වුණා වගේම තවත් කවුරු හරි දරුවෙකුට පිහිට වෙන්න මමත් මවුකිරි
බැංකුවට මවුකිරි දන් දෙනවා.-
මිලියන විසිහයක් වන ඉන්දියාවේ ළදරු උපත් සංඛ්‍යාවෙන් 3.5 ක්ම
නොමේරූ ළදරු උපත්ය. එයින් 300,000 ක් පමණ සංකූලතා හේතුවෙන්
මිය යති. මෙසේ මිය යන දරුවන් සංඛ්‍යාවෙන් 156,000 ක් පමණ
මවුකිරි දීම මගින් බේරා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන
ඇත.
මවුකිරි වලින් 88% ක්ම ඇත්තේ වතුරයි. ඉතිරිය විටමින්, ඛණිජ
ලවණ හෝමෝන ආදී දේවල් වලින් සමන්විතයි.. දරුවාගේ මොළය වර්ධනයට,
ප්‍රතිශක්තිය ඇති කරන්නට, මෙන්ම දරුවාගේ ඇඟට අවශ්‍ය ජල
අවශ්‍යතාවය සපුරාලන්නටත් මවුකිරි වලට ඇති හැකියාව වෙන කිසිම
දේකට නෑ..- නෙදර්ලන්තයේ යමප්බ පසකන රුseaරජය aඑ භමඑරසජස්
Reseaරජය සබ ඹඑරුජයඑ හි වෛද්‍ය බර්න්ඩ් ස්ටෝල් පවසයි.
දරුවෙකුට දිය හැකි හොඳම ඔසුවත් හොඳම ශක්තියත් මවුකිරිම
වන්නේය. තමන්ගේ දරුවාට මෙන්ම අනුන්ගේ දරුවන්ටත් ඒ දායාදය
පරිත්‍යාග කරන මවුවරුන් දරුවාට මවුකිරි දෙන මව මෙන්ම හෝ ඊටත්
වැඩියෙන් ශේ්‍රෂ්ඨය.
නිම්මි මුදිතා හේරත්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, August 15, 2017
මවුකිරි බැංකු
Posted by
lankanews
at
August 15, 2017
Labels: brest mllk bank, divya bank, india, lankanews
මවුකිරි බැංකු
2017-08-15T19:03:00+02:00
lankanews
brest mllk bank|divya bank|india|lankanews|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
