ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 1, 2017

අධ්‍යාත්මික දියුණුව හා නිවන...!!!

අද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය.තනිවීම බැඳීම් කෙරෙහි ආශක්තබව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි.රුක්ඛමූල,ශුන්‍යාගාර,ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වන‍ෙයහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ.හුදකලා‍ෙවන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ.

මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය.බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ.බාහිර දියුණුව මානය,මච්ඡරිය වැනි සෙසු අකුසල ධර්ම වර්ධනයටද හේතුවකි.ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි.කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි.නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ.
දුක,වේදනාව,කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය.මනුෂ්‍යත්වටද එබැවින් ඒ කරුණු අදාළ වේ.මනුෂ්‍යත්වට සෙසු ජීවින්ට නොමැකි බුද්ධිමය පසුතලයක් ඇත.එබැවින් තමා අවට විද්‍යමාන සෙසු සාධක මැනවින් හසුරවාගෙන විසීමට මිනිසාට ඇති හැකියාව සෙසු ජීවීන්ට නොමැත.තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය.තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන්බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය.
මානව සමාජය භෞතික අංශයෙන් බොහෝ සංවර්ධනයවුවත් ආධ්‍යාත්මික අංශයෙන් දින දින ප්‍රපාතය කරා ගමන් කරයි.මිනිස් ශිෂ්ටාචාරය ඉතාමත් දියුණුව පැවති ලෙස සැලකෙන දුර ඈත යුගවලදී එම ශිෂ්ටාචාර සහමුලින් විනාශවූයේ මිනිසුන් සාරධර්ම නොතකා ක්‍රියාකරන්නට වූ නිසා බව කියැවේ.ඒවා සත්‍ය බව තහවුරු වන්නේ වර්තමාන දියුණු සමාජයෙහි පවා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දකින අසන විටය.මෙයට මූලිකම හේතුව තමන්ගේ නියම ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනෙකුට නොමැතිකමයි.නියම ස්වභාවය යන්නෙන් අදහස් වනුයේ තමා ලෝකයට අයත් මිස ලෝකය තමාට අයත් නොවන බව නොදන්නා බවයි.වුවමනාවට වඩා සංකීර්ණ චිත්ත ස්වභාවයකට පරිවර්තනයවීම නොදන්නා දේ දැන ඉගෙනීමට බාධාවකි.
දියුණුව කරා යාමට නම් මූලිකවම සමඟි සම්පන්න විය යුතුය. අසමඟිය පිරිහීමට ප්‍රධාන හේතුවකි.පවුලක හෝ ජනසමාජයක දියුණුව සැලසෙන්නේ සමඟිය ඇතිවිටය.අනුන්ගේ දියුණුව නොපතන අය සමඟියට විරුද්ධය.කිසියම් පිරිසක් සමඟි සම්පන්නවූ විට භේද ඇතිකිරීමට සමහරු තැත් කරති.බොරදියේ මාලු බාන්නේ එබඳු අයයි.කලදුටුකළ වල ඉහ ගැනීමට ඔවුහු මාන බලති.

උත්සහවන්තබව දියුණුවට අදාළ අනෙක් දෙයයි.දිගුකලක් වැටී සිට නැවත අර්බුදවලින් ගොඩඒමට උත්සහය විශාල අත්වැලකි.තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනීමට අනුන්ට සවන්දීම විශාල පිටිවහලකි.නමුත් අකෘතඥ යටි අදහස් ඇති අය පවසන දේ එක්වර බාරගැනීම නොසුදුසුය. සිත අධෛර්යයට පත්කර දියුණුව වැළකීම පිණිස ද ව්‍යාජ හිතවත්කම් පවා පා උපදෙස් දෙන අය බහුල බැවිනි.සමහරු ගැටළුවලට විසඳුම් සේ දෙන යම් යම් උපදේශ නිසා අර්බුද තවත් උග්‍ර වේ. නැති කරදරද ඇතිවිය හැක.ලුලා නැති වලට කනයා පණ්ඩිතයා විය හැකි අවස්ථාද වේ.බොහෝ විට එබඳු උපදේශවලට වඩා වටින්නේ තමන්ට හුරුපුරුදු අත්දැකීම් අනුව ක්‍රියා කිරීමයි.
කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව කෙනෙකුට හොඳක් කරන්නට ගොස් නරක නාමය අසා ගැනීමට ද ඇතැම් අවස්ථාවල සිදුවේ.මීයක් කඩන්නේ අත ලෙව කන්නට නොවන බව දක්වා එබඳු අවස්ථාවල දී පවා ආත්මාර්ථකාමී යටි පරමාර්ථ ඇතිබවට සමහරු සැකකරති.අනිත් අයගේ අහේතුක සැකයට ලක්ව හිත රිදවාගන්නා බොහෝ අය අනුන්ට අනුකම්පා කිරීම ද භූමිකම්පාවක් සේ සලකති.වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ යැයි කියන්නේ එබඳු අවස්ථාවලදීය. හොඳ නරක ස්වයං බුද්ධියෙන් තමාටම වැටහේ නම් සිතැඟි අනුව කටයුතු කිරීමේ කිසි වරදක් නොමැත.නමුත් අත්තනෝමතිය සෑම අවස්ථාවකටම එකසේ නොගැලපේ.වඩා සුදුසු සියළු අදහස් කෙරෙහි විවෘතවීමයි.එවිට තමාගේද විවිධ අඩුපාඩු හා දුර්වලතා වටහාගැනීමට ඉඩකඩ ලැබේ.
ක්ෂණිකව තීරණයකට එළඹිය යුතු අවස්ථාවන්හි තමාගේ රුචිකත්වයට අනුව ක්‍රියාකිරීම ගැලපේ.තීරණයක් ගත නොහැකිව චංචලවීම එබඳු අවස්ථාවලදී අවාසිදායක වන බැවිනි.පුද්ගලයා සතු කළමනාකරණ හැකියාව එවන් අස්ථාවලදී මහත්සේ උපකාරීවේ.තමා සතු සම්පත් හා හැකියා පිළිබඳව නිවැරදිව තක්සේරු කරගැනීම උපායමාර්ගිකව වැදගත්ය.නිශ්චිත ඉලක්කයකට සියල්ල ගොනු කොට මැනවින් පරිපාලනය කළ හැකි වන්නේ නායක්ව කුසලතා වර්ධනය කරගැනීමෙනි.

පිරිස් බලය බොහෝවිට යම් යම් කාර්ය ඉටු කරගැනීම සඳහා උපකාරීවේ.නමුත් නිසි සේ කළමනාකරණය නොවුන විට ඉන් අනපේක්ෂිත අර්බුද පවා මතුවිය හැකිය.තමා සතු පිරිසේ විවිධ හැකියා හා කැමැත්ත මනාව හඳුනාගෙන ඒ අනුව ඔවුන්ව නිශ්චිත කාර්යයන් ඉටු කිරීමට සාර්ථක ලෙස මෙහෙයවීම දක්ෂ කළමනාකරුවෙකුගේ වගකීමයි.දක්ෂතාවය හා හැකියාව විවිධ අය තුළ විවිධ මට්ටමින් පවතී.තම අනුගාමික පිරිස තුමන තරාතිරමකදැයි හැඳිනගැනීම සාර්ථක නායකයා සතු ලක්ෂණයකි.එමෙන්ම අනුගාමික පිරිස අවශ්‍ය ලෙස අභිප්‍රේරණයට ද නායකයා දත යුතුය.
ඕනෑම නායකයෙකුට හැකියා හා කැමැත්ත අනුව වර්ග සතරකට අයත් අනුගාමික පිරිසක් ලැබෙන බව පුහුණු මූළධර්ම අනුව සඳහන්වේ.කැමැත්ත හා හැකියාව නැති,කැමැත්ත ඇති හා හැකියා නැති,කැමැත්ත හා හැකියාව ඇති,හැකියාව  ඇති කැමැත්ත නැති වශයෙනි.ඕනෑම පිරිසක් මේ වර්ග සතරට අයත්වේ.කැමැත්ත හා හැකියාව නැතිඅය පවා ඇතිඅය බවට පත්කරවා ගැනීමට නායකයා දක්ෂ විය යුතුය.අනුගාමික පිරිස අරමුණෙහි රඳවා තැබීමට නායකයාට හැකිවිය යුතුය. පිරිසේ සමඟිය වැදගත් වන්නේ එය නායකත්ව කුසලතාවයක් ලෙස භාවිතා කළ හැකි බැවිනි.
නායකයා තුළ දක්ෂ කළමනාකරුවෙකු සිටීම නායකත්ව ගුණාංග ඉස්මතුවීමට හේතුවකි. හොඳ නායකයා පිරිස අතරින් නිරායාසයෙන් මතුවේ.ඇතැම් අයතුළ නායකත්ව ලක්ෂණ, ගුණාංග නිරායාසයෙන්ම පිහිටයි.එසේම පුහුණුකිරීම මඟින් හොඳ නායකත්ව ගුණාංග වර්ධනය කළ හැක. වර්තමානයෙහි නායකයින් පමණක් නොව නායකයන් බිහිකරන පුහුණුකරුවන් පවා පුහුණුකරන විෂයක්‍රම සංවර්ධනය වී තිබේ.ඉදිරියට පැමිණෙන්නේ දැනුම ප්‍රාග්ධනය සේ සලකන සමාජයකි.
වර්තමාන‍ෙයහි පවතින බොහෝ අර්බුදවලට හේතුව සමඟිය නොමැති කමයි. කිසියම් කෙනෙකු හොඳ දෙයක් කරන විට ඊර්ෂ්‍යාව නිසා එයට විරුද්ධවීම අනෙක් අ‍යගේ සිරිතයි.යම් හේතුවක් ඇතත් නැතත් සෑම දෙයටම විරුද්ධවන පිරිසක් ද සිටින බව පෙනේ. තමන්ට කිසිදු වාසියක් නොමැතිව කිසිවක් කරකියා ගැනීමට නොහැකි අය මෙයට අයත්ය. තමන්ට මූලිකත්වය හිමිවිය යුතු බව බෙ‍ාහෝ දෙනාගේ ආකල්පයයි. මේ හේතුව නිසා සමඟි සම්පන්නව සිදුකළ යුතු කාර්යයන් අතපසු වන පෙනේ.සාමූහික වගකීමක් දැරිය යුතු කණ්ඩායම් ක්‍රියාකාරකම් මෙවැනි අයට සිදුකළ නොහැක.මෙවනි දුර්වලතා ද කණ්ඩායම් ක්‍රියාකාරම් පුහුණුව මඟින් දුරුකළ හැක.

ඊර්ෂ්‍යාව නිසා විවිධ සතුරුකම් කිරීමට උත්සහකර නොහැකි වූ විට ඒ පුද්ගලයාගෙන්ම නොයෙක් ලාභ ප්‍රයෝජන ගැනීමට පවා සමහරු උත්සුක වෙති. කපන්න බැරි අත සිඹීමක් ලෙස එවැනි දේ සාමාන්‍ය ව්‍යවහාරයෙහි දැක්වේ.වරක් පසමිතුරන් වී සිටි සමහරු කළ්‍යාණ මිතුරන් සේ කටයුතු කරති.එසේ වූ පසු සමහරු තමන්ට මුලින් හිතවත්ව සිටි අයව අමතක කරදමා පසුව මිතුරු වූ අයට වඩා සලකති.මුලින් ආ අඟට වඩා පසුව පැමිණි කණ ලොකුවූ බව එබඳු විට දී පැවසේ.තව සමහරු මතුපිටින් හිතවත්කම පෙන්නමින් යටින් සතුරුකම් කරති.අ‍ඟේ සිට කණ කන්නේ එබඳු අයයි.මෙවැනි අය හඳුනාගැනීම එක්වරම අසීරුය.සතුරුකම් පිටට ප්‍රදර්ශනය නොකරන හෙයිනි.
සමහරුන්ගේ සැබෑ හිතවත්කම් හඳුනාගැනීමට තමා විශාල කරදරයකට පත්විය යුතු වේ. එවිට සැබෑ මිතුරන් තම සෙවනැල්ල හා බිතුසිතුවම් රූ මෙන් හැරදමා නොයයි.ව්‍යාජ හිතවතුන් හැර යන්නේ පැදුරටවත් නොකියාය.තවත් අය යන යකා කොරහේ බිඳ ගෙනම ගියා සේ විශාල පාඩුවක් අලාභයක් සිදුකරගෙනම තමන්ගෙන් වෙන්වේ.එවන් අයට උදව්කරනවාට වඩා සතෙකුට ආහාර බිඳක් දුනිනම් යෙහෙකැයි සිත්තැවුලට පත් අයට සිතේ.කෙසේ නමුත් එබඳු අයට පවා තම සිත දූෂ්‍යකර නොගෙන මෛත්‍රී සහගත වන ලෙස බුදු දහම උපදෙස් දේ.සැබෑ අභියෝගය ඇත්තේ හිතවතාට පමණක් නොව දුර්ජන ගුණමකු ද්‍රෝහී අයටද එකලෙස මෛත්‍රී සම්පන්නවීම තුළය.
කිසියම් අයෙකු ශ්‍රේෂ්ඨ වන්නේ තමා දිනීම මඟිනි.අනුන් දිනීමට වඩා බුදුදහම වැදගත් සේ සලකන්නේ තමා දිනීමයි.අනුන් දිනීමට වෛරය,ක්‍රෝධය,පළිගැනීම අවැසි නමුත් තමා දිනීමට ඒ හැම දුරුකොට කරුණාව,මෛත්‍රිය,මුදිතාව හා උපේක්ෂාව වර්ධනය කිරීම අවශ්‍යමය.එනිසා තමා දිනීම වඩා අපහසු සේ සැලකේ.බුදු දහම උපදෙස් දෙනු ලබන්නේ වඩා අපහසුමුත් එම කාර්ය ඉටු කිරීම පිණිසය.මුළු ලොවම ජය ලැබුණත් තමාට තමා නොමැති නම් කිසිදින සිතේ සැනසීමක් උදා නොවේ.තමාගේ සිත දමනයකර ක්ලේශමාරයා පරදවා ලබන විජයග්‍රහණයම පමණක් සදාකාලික ජය සතුට සැනසුම ගෙනදීමට සමත්වේ.අවිදු අදුර මැඩ ලබන සදාකාලික විමුක්තිය නම් නිවණයි. අවිද්‍යා තෘෂ්ණා ක්ලේශ දුරුකර නිර්වාණ විමුක්තියෙන් නිවී සැනසීම ලැබීම සියළු දුකෙන් මිදීමයි.



                                    ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.