එහෙත් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති අතර දෙමළ තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇත්නම් ඒවා තමන් වෙත එවන ලෙස මානව හිමිකම් කාර්යාලයට දැනුම් දී තිබේ.
පසුගිය කාලසීමාවේදී යාපනය අර්ධද්වීපයේදී පොලිස් නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර ගණනාවක් එල්ල වූ අතර එහිදී එක් පෙලිස් නිලධාරියකු මියගිය අතර තවත් නිලධාරීහු සිව්දෙනෙක් තුවාල ලැබූහ.
හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් 'ආවා' නමැති පාතාල කල්ලිය සහ තවත් සංවිධානාත්මක කණ්ඩායම් විසින් යාපනය අර්ධද්වීපය පුරා විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරන බව පොලිස් විමර්ශනවලින් හෙළි විය.
මෙම අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මගින් අපරාධකරුවන් රැසක් පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව අධිකරණයන් වෙත ඉදිරිපත් කර තිබිණි.
එහෙත් යාපනය මානව හිමිකම් කාර්යාලය පවසා ඇත්තේ කිසිම හේතුවක් නොමැතිව පොලිසිය යාපනයේ දෙමළ තරුණයන් අත්අඩංගුවට ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් තම කාර්යාලය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව ද යාපනය මානව හිමිකම් කාර්යාලය යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
එහෙත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ යාපනය අර්ධද්වීපයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් නිකරුණේ දෙමළ තරුණයන් කිසි විටෙකත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.