ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 28, 2017

වාණිජ අර්ථක්‍රමය, ලිංගික අපරාධ හා නිරාමිස දිවිය

කසාය තිත්තය. නමුදු රෝග සුවය සඳහා තිත්ත කසාය වැළඳිය යුතුය. අප කසාය වැළඳිය යුතු යැයි කී විට එය කියනුයේ භික්ෂුවක් අරඹයා යැයි කෙනෙකුට සිතෙනු ඇත. ඒ මෙහි භාවිතා කර ඇති වැළඳීම යන ක්‍රියා පදය නිසාය. ගිහියෙකු නම් කසාය පානය යනුවෙන් දැක්විය යුතු බැවිනි. නමුදු මෙහි කර ඇති සඳහන ගිහි පැවිදි කිසිදු භේදයක් නැතිව අවශ්‍ය ඕනෑම අයෙකුට වලංගු කරගත හැකිය. තොප්පිය හරි නම් දාන්න යැයි සාමාන්‍ය සමාජයේ ව්‍යවහාරයක් පවතියි. ඒ අනුව තමන්ට සරිලන පරිදි රුචි පරිදි අප දක්වන අදහස් අනුගත කර ගැනිමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අපි ඔබට පිරි නැමීමට කැමැත්තෙමු. තිත්ත යැයි කියා කසාය විසි කර දමන කිසිදු රෝගියෙකු නැත. මන්ද රෝග සුවයට වෛද්‍ය නිර්දේශ පරිදි ඊට අදාළ කසාය පානය ඉතා වැදගත් බැවිනි. වෛද්‍යවරයෙකු රෝගියෙකුට ප්‍රතිකාර කරනුයේ නිකම් නොවේ. රෝග ලක්ෂණ, රෝගයේ ඉතිහාසය හා රෝගයට සම්බන්ධ සියලු දේ රෝගියා හා සාකච්ඡා කර රෝගය ඇති වීමට හේතුව විධිමත් ලෙස කළ රෝග විනිශ්චයකින් පසුව නිර්ණයකොට පසුව පමණක් රෝගය සුව වීමට අදාළ ඖෂධය නියමිත මාත්‍රාව අනුව නියම කිරීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ ලක්ෂණයකි. එලෙස වෛද්‍යවරයෙකු විධිමත් ලෙස නිර්දේශ කරන ඖෂධයක් තිත්ත යැයි ඉවත නොදමනු ලබනුයේ එකී රෝගයට නියමිත ප්‍රතිකාරය එය බැවිනි. කසාය යන්නද සිංහල හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නිර්දේශිත ඖෂධ වර්ගයි. කසාය වර්ග අතර ඉතා තිත්ත කසාය වර්ගයද තිබේ. යම් රෝගයකට නිර්දේශිත ඖෂධ වර්ගය එකී තිත්ත කසාය නම් එම කසාය පානය කළ යුතුමය. කසාය තිත්ත නිසා රෝගියා එය පානය කිරීමට අකමැති වීම සාමාන්‍ය ගතියකි.

නමුදු රෝගියා තිත්තට අකමැති නිසා රෝගියා කැමති පරිදි පැණි රස යෙදූ වෙනත් පානයක් කසාය වෙනුවට ලබා නොදේ. ලෝකයේ පවතින බොහෝ සත්‍ය දේ තිත්ත කසාය බඳුය. ඇත්ත කොහොමත් තිත්තය.ඒනිසා තිත්ත ඇත්ත යන ව්‍යවහාරය බහුලව සත්‍ය සඳහා භාවිතා වේ. ඇත්ත තිත්ත නිසා ඇත්තට කවුරුත් කැමති නැත. ඇත්ත පිළිබඳව පවසන්නාටද කවුරුත් අකමැතිය. හැමෝම පැණි රසට කැමතිය. පැණි රසය පිළිබඳව පවසන අයටද මේ නිසා හැමෝම කැමතිය. මේ නිසා සමාජයේ බොහෝ දෙනෙකු පැණියන්වීමට කැමතිය. බුදු දහම පිළිබඳව කටයුතු කිරීමේදීත් සමහරුන්ට පැණියන්වීමට මිසක තිත්ත ඇත්ත පිළිබඳව පවසා සත්‍ය ගරුක අය වීමට අවංක වුවමනාවක් නැත. බොරුවර්ණනා, පිටකසා ගැනීම්වල ඇත්තේ ව්‍යාජ හිස් මවාපෑම් මිසක සත්‍යගරුකත්වය නොවේ. බුදු දහම පිළිබඳව අවංක සත්‍යගරුක ප්‍රමාණික වියතුන් විද්වතුන් යටපත් කර දමා හුදු පැණියන් නොව කඳෝ පැණියන් ඉස්මතු වී ඇත්තේ මේ හේතුව නිසාය. මවක දරුවෙකුගේ යම් දුර්ගුණයක් මෙත් සිතින් පෙන්වා දෙනුයේ දරුවා පිළිබඳ අකාරුණික හැඟීමෙන් නොවේ. පිට අය දරුවෙකුට වර්ණනා කරනුයේ ඒ දරුවාගේ කැමැත්ත දිනාගැනීමටය. නමුදු එය ඒ දරුවාගේ මවට වැදගත් නැත. ඇයට වැදගත් තම දරුවා පත්වීමට යන අනතුරින් මුදා ගැනීම පමණකි. ඇය ඒ සඳහා උපක්‍රමයක් ලෙස දරුවෙකුට සැරවැර කර හදා ගැනීමට වෙහෙස ගන්නීය. නමුදු මවගේ කාරුණික වෑයම බාහිරව නොපෙනේ. දරුවෙකුට පෙනෙන්නේ සිය මවගේ සැරවැර කිරීම පමණි. එයට පදනම් වූ මවගේ චේතනාව දරුවා දැනගනුයේ තමන්ද මවක පියෙකුවූ පසුවය. නමුදු බාහිරව තමන් වර්ණනාකරන බොරු පුරසාරකම්කරුවන්ට දරුවන් ක්ෂණිකව රැවටේ.බුදුදහම පිළිබඳ තිත්ත ඇත්ත හැමවිට නිස්සරණාධ්‍යාශයෙන් මෙත් සිතින් ප්‍රකාශකරන මේ ලියුම්කරු ද සිය දරුවාට ඇති ස්නේහයෙන් සැර වැරකර හෝ හදාගැනීමට වෙහෙස ගන්නා එබඳු මවක පියෙකු පරිදිය.
අතීත භාරතයේ බුදුරදුන් ජීවමාන කාලවකවානුව තුළ ඡත්තපාණි, විසාඛ, උග්ග, චිත්ත බඳු අනාගාමී මාර්ග ඵල අවබෝධයට පත්වූ ගිහියෝ සිටියහ. මේ ගිහියන්ට බුදු දහම පිළිබඳ සුත දැනුම පමණක් නොව ප්‍රතිවේධ අවබෝධයද තිබිණ. සක්කායදිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, කාමාරාග හා පටිඝ යන පංච ඕරම්භාගීය සංයෝජන ධර්මද මෙබඳු අනාගාමී ගිහියන්ට ප්‍රහීණය. මෙහිදීම රහත් නොවී මියගියහොත් ඔවුහු අතප්පය, අවිහය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨ නම්වූ පංච ශුද්ධාවාස බ්‍රහ්මලෝකවල උපදිති. සමහරු එහිදීම රහත්ව පිරිනිවන් පාති. සිඛි, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යම හා ගෞතම බුදුවරුන්ගේ දහම පිරිසිදු අයුරින්ම එම පංච ශුද්ධාවාසී බ්‍රහ්මයෝ දනිති. දීඝ නිකායේ මහාපදාන හා සංයුක්ත නිකායේ මේ පිළිබඳ විස්තර දක්වා ඇත. කල්ප සීයක්තුළ මනුලොව පහළවූ සත්බුදුවරුන්ගේ දහම පිරිසිඳු අයුරින්ම ඔවුන් අසා ඇත. වර්තමාන මනුලොව පිරිසිදු බුදු දහම අනුක්‍රමිකව පරිහාණියට පත්වන ලකුණු දිස්ව තිබේ. මතුපිට ඔපයට බැබලී බැබලී බුදු දහම දිස්වුවද මුල් පාලි ත්‍රිපිටක බුදු දහමේ සැබෑ ස්වරූපය මේවනවිට අනුක්‍රමිකව අභාවයට යමින් පවතියි මෙකල පෙරපැවතී සැබෑ බුදු දහමේ හැඩය අනුකරණය කරමින් නමුදු ව්‍යාජ සද්ධර්ම ප්‍රතිරූපය පහළව ඇත. එසේම බුදුන් ජීවමාන කාලය තුළ තිබූ අර්හත්ව පරමාදර්ශය අනුකරණය කර ව්‍යාජ අර්හත්ව ප්‍රතිරූපක පහළ වී ඇත. එපමණක් නොව සැබෑ බුදුරදුන් අනුකරණය කර ව්‍යාජ සම්බුද්ධ පිටපත් එනම් ව්‍යාජ බුද්ධ ප්‍රතිරූපක මේ වන විට සමාජයතුළ පහළව තිබේ. මෙය ත්‍රිවිධ රත්නය මෙලොව අන්තර්ධානව යන බවට වූ සලකුණකි. මෙකල මනුලොව මනුෂ්‍ය ප්‍රජාව කාමරාගයෙන්, පටිඝයෙන්, විෂම ලෝභයෙන්, මෝහයෙන් අන්ධව වඩාත් අන්ධකාරයට ගමන් කරමින් වෙසෙති. මේ කාමය වාණිජ වශයෙන් උත්කර්ශණයවූ සමාජයකි. මානවයා වඩ වඩාත් ඉන්ද්‍රිය ප්‍රීණනයට ඇබ්බැහිව වඩ වඩාත් අතිධාවනකාරීව කාමය පසුපසම ලුහුබැඳ යන සමාජයකි. මේ මානව සමාජයේ ස්ත්‍රියට, ස්ත්‍රී සිරුරට වඩාත්ම වැඩි පාරිභෝගික ඉල්ලුම තෘප්ත කරදෙන අවස්ථා සැකසී ඇති සමාජයකි. කාමය උත්කර්ශණයට නංවා ඇති සමාජයක ස්ත්‍රීයගේ සමාජ ඉල්ලුම අධිකවී ඇත. පිරිමින්ද මේ සමාජයේදී ශල්‍යකර්මකර ගැහැණුබව ලැබීමට වෙහෙසෙන ආකාරය තායිලන්තය බඳු රටවලට ලිංගික විපර්යාස සැත්කම් කරවාගැනීම සඳහා ලොව විවිධ රටවලින් පැමිණෙන ග්‍රාහක පිරිස් අනුව නිරීක්ෂණය වේ.
රටේ ජාතික තලයේ පුවත්පත්වල සමලිංගික සේවනය උත්කර්ශණය කර විශේෂාංග ලිපි, වාර්තා පළ වේ. ඒ පිළිබඳ මහජනතාවතුළ ව්‍යාජ උනන්දුවක් ඇතිකරවීම මෙහි අපේක්ෂාවයි. රට කරවන මහතැන්වල අවලම්, අශික්ෂිත ලිංගික ආශාවල් සාමාන්‍ය පොදු මහජනතාවතුළද ඇතිකර එය මේමඟින් සාමාන්‍යකරණය කෙරේ. සමලිංගිකත්වය බුදුදහමේ විෂමලෝභය නමින් දක්වා තිබේ. එය අනෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගික ආශාවට වඩා පහළ මට්ටමක විකෘති ආශාවක් බවට බුදු දහමේ පැහැදිලිව දක්වා තිබියදී ඊට උඩගෙඩි සැපයීම සඳහා රටේ ජාතික තලයේ පුවත්පත් ගණිකා වෘත්තියේ යොදවා ඇත. ස්ත්‍රියකව ඉපදීම පුරුෂයෙකුව ඉපදීමට වඩා පහත් මට්ටමේ ඉපදීමක් ලෙසද නපුංසකයෙකුව හා උභතෝබ්‍යංජනයෙකුව ඉපදීම අනුක්‍රමිකව ඊටත් වඩා පහළම මට්ටමේ උපත් ලෙසද සුත්ත විභංගයෙහි භික්ෂු හා භික්ෂුණි විභංගවල සඳහන්ය. කාමයෙහි වරදවා හැසිරීමට ලැබෙන පාපකර්ම විපාකය ලෙස මෙසේ පහළ මට්ටමේ ලිංගික වර්ගීකරණයට අයත් උපත් ලැබීම පෙන්වා දී තිබේ. ආශ්වාදයට වඩා ඉන් ලැබෙන දුක් විපාක ප්‍රබල බැවින් කාමය හලාහල විස තැවරූ රසකැවිල්ලකට බුදු දහමේ උපමා කර ඇත. නමුදු මෙකල භාණ්ඩ හා සේවා අලෙවිය ප්‍රධාන ඉලක්කයවූ වාණිජ අර්ථක්‍රමයට අනුව කාමය හොඳ අලෙවිකරණ ක්‍රමවේදයකි.ඒ අනුව ස්ත්‍රියගේ නග්න දෙකලවා ප්‍රදර්ශනය නොකර වාහන ටයරයක් අලෙවිකර ගැනීමටද නොහැකිය.මාතෘත්වයේ උතුම් අධ්‍යාත්මික ගුණවෙනුවට සුකුමාර රූමත් ස්ත්‍රී ලාලිත්‍ය බාහිර සිරුරු හැඩය කිරි, ළදරු නිෂ්පාදන අලෙවිකරණයේදී බහුලව භාවිතා වේ.ස්ත්‍රියක ලෙස මවක් සොයුරියක් යන ආකල්ප වෙනුවට ලිංගික තෘප්තිය සඳහාවූ කාම භාණ්ඩය යන මතය වෙළඳ දැන්වීම් හරහා සමාජය පුරා ව්‍යාප්ත කර හැර ඇත. ස්ත්‍රීදූෂණ, ළමා අපයෝජන අපචාර ආදී එහි අනිසි ඵල විපාක සමාජයට ලැබේ. වාණිජ අර්ථක්‍රමය විසින් ස්ත්‍රී සිරුර උත්කර්ශණයට නංවා ඇත්තේ මිනිස් සිතේ ජාගර ආශා අවදිකර හැකිතාක් භාණ්ඩ,සේවා අලෙවි ඉලක්ක සපුරාලීමට පෙළඹවීම සඳහා මිස වෙන අන් යමක් උදෙසා නොවේ.
කෙතරම් උගත්, වියත්, බහුශ්‍රැත වුවද එය නොතකාහැර කමෝත්පාදක නාරිලාලිත්‍යයට මුල්තැන ලැබෙන ස්ත්‍රීවාදී කාමගරුක, කාමුක සමාජයක අද අපට ජීවත්වීමට සිදුව තිබීම අතිශයින් අවාසනාවකි. ජන මාධ්‍යවල දී, විශ්වවිද්‍යාලවලදී ආදී සෑම තැනකම මුල්තැන හිමිවනුයේ කාමඋත්පාදක නාරිරුවටය. මේ තත්වය පාලි හා බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී ඇති විශ්වවිද්‍යාල, බෞද්ධ පර්යේෂණායතනවලටද වලංගුය. ඒවා වල අධ්‍යයන කාර්යමණ්ඩලවල ඇති සම්මුඛපරීක්ෂණවලදී තේරීපත්වන අපේක්ෂිකාවන්ගේ එකම සුදුසුකම එහි මහෝපාධ්‍යාය, උපාධ්‍යාය, අංශාධිපති, පීඨාධිපති ආදී තනතුරු දරන භික්ෂූන්තුළ පවා කාමය දැනවීමට සමත් හුදු රූමත් ස්ත්‍රියකවීම පමණකි. නෙක්ඛම්මය සමස්ත බුදු දහමේ පදනමයි. නමුදු ආකර්ශණීය නාරි ලාලිත්‍යයට මුල්තැන පිරිනැමීම නිසා බුදු දහමේ පදනමට පයින් ගසා ඇත. සුදුසුකම් ඇති අප වැනි විද්වතුන් ඒ හේතුව නිසා මුල්ලකට විසිවී ඇත. බුදු දහම පිළිබඳව මෙරට ඇති ඉහළම උසස්ම සුදුසුකම් සියල්ලම ලැබූ අපි මේ හේතුව නිසා සමාජයේ කොන්වී අසරණව ජීවත් වන්නෙමු.මේ අසාධාරණය කියන්නට බුදුන්ද නැත. අපේ අධ්‍යාපන, වෘත්තිය සුදුසුකම්වලට සමාජයේ නිසි තැන නොලැබීමත්, පුස්සන් ජනමාධ්‍යවලින් පිම්බීමත් නිසා තව වැඩිකල් නොගොස් බුදු දහම මේ රටෙන් තුරන්ව නැත්තටම නැතිව යනවාට කිසිම සැකයක් නැත. තොරතෝංචියක් නැතිව මේ රටේ විද්‍යුත් සන්නිවේදන මාධ්‍යවලින් විවිධ වර්ගයේ රූමතියන් තේරීමේ තරඟ ප්‍රදර්ශනය කෙරේ. විවාහක, අවිවාහක, විවිධ වයස්මට්ටම්වල අවුරුදු කුමාරි, සිඟිති අවුරුදු කුමාරි ආදී ලෙසට මේ තරඟ වර්ගීකරණය කර ඇත. ඇගැයිය යුත්තේ විනාශ වන කුණුකය නොව කෙනෙකුගේ බුද්ධිමට්ටමයි. උගත් ස්ත්‍රීන්ට වඩා පොත්ත සුදු රූමත් ස්ත්‍රීන්ට කාමය උත්කර්ශණයකර ඇති මේ සමාජයේ මුල්තැන හිමිය. පුරාණ සමායේ පුවත්පත්වල පිටකවර ලස්සන කිරීමට පමණක් භාවිතාවූ බුද්ධින ග්‍රාම්‍ය කාමුක රූමතියන්ට වර්තමානයේ ලැබී ඇති ඉහළ සමාජ ඉල්ලුම ඉතා විශ්මිතය. බුද්ධිමතුන්ට, උගතුන්ට, ලේඛකයන්ට අයත්වූ සමාජ ගරුත්වය, ජන සන්නිවේදන මාධ්‍ය පිළිගැනීම උසස්ම මට්ටමින් මෙබඳු අශ්ලීල ස්ත්‍රීන්ටම හිමිව තිබේ.
භික්ෂුවක පරිද්දෙන්ම විදසුන් වඩා ඇති ගිහියෙකුවන මට මේ සිරුර විනාශවන කුණු කයක යන අවබෝධය ඇත. එසේම ෂඩ් ඉන්ද්‍රියන්ට අරමුණුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී අරමුණුවල ත්‍රිලක්ෂණ ධර්මතාව පිළිබඳවද පැහැදිලි වැටහීමක් ඇත. එලෙස විදසුන් වැඩීමට ප්‍රථම තිබූ කාම හා පටිඝ සංඥාවල යම් අඩුකමක් වසර ගණනාවක පටන් ස්ථිරව චිත්ත අභ්‍යන්තරගතව ඇති බැවින් කාමගරුක ආකල්පවල පැටලී සමාජය ගමන්කරන වැරදි දිශානතිය පිළිබඳව පැහැදිලි දැක්මක් මට ඇත.හොර මාර්ගඵල ලාභින් ලෙස ඊට අදාළ බෝඩ්ලෑලි,නාමපුවරු පෙන්වා ලාභසත්කාර සම්මාන ලැබීමේ අවශ්‍යතාවයක් අවංකව නොමැති නිසා ඒ පරපුට්ටන් විලස පුද්ගලිකත්වය පෙරටුකොට උතුම් බුදු බණ කෙලෙසීමට මට කිසිදු ඕනෑකමක් නැත. එම නිසා ධර්මගරුකව, ප්‍රතිපත්තිගරුකව අප්‍රසිද්ධව ප්‍රදර්ශනකාමී නොවී ජීවත්වීමට කැමැත්තෙමි.ලියන ශාස්ත්‍රීය ලේඛනවල සාධිකාරීත්වය රැකීමට අවශ්‍ය බැවින් පමණක් උචිත අවස්ථාවලදී සත්‍ය වශයෙන්ම ලැබූ උපාධි පශ්චාත් උපාධි නාම ශාස්ත්‍රීය ලේඛනවල පමණක් භාවිතා කරමි. එය මුදල්, ලාභ සත්කාර ලබා ගැනීම සඳහා කිසිසේත්ම භාවිතා නොකරමි.ඒ සෑම දෙයක අනිත්‍ය, දුක්ඛ හා අනත්ත ස්වභාවය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති බැවිනි. පාලි ත්‍රිපිටක අධ්‍යයන ක්ෂේත්‍රයේ පර්යේෂණ ග්‍රන්ථ රැසක් ලියාපළකර ඇති නමුදු කිසිදු මුදලක් එයින් මා උපයා නොමැත. දෙමව්පියන් මියගොස් ඇති බැවින් මා ජීවත්වනුයේද වෙන අයගේ උපකාරයෙනි. නමුදු මරණින් පසු සුගතිගාමීවන බව දන්නා නිසා ගෙවන මේ ජීවිතය මට නිරාමිස තෘප්තියකි. නූතන සමාජ ප්‍රජාවගේ අධිතරඟකාරී අධි පරිභෝජනවාදී ජීවන රටාවතුළ නොදැනෙන සැහැල්ලුවක් තෘප්තියක් අල්පේච්ඡ දිවියතුළ ඇත. නමුදු ජීවත් වන කෙටිකාල සීමාව තුළ බොහෝ අය අවබෝධකර නොගන්නා දෙය ද එයමය.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.