ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 30, 2017

සජින් වාස් ඇප මත නිදහස් කර ගැනීමේ සුල මුල මෙන්න

රාජපක්ෂලාගේ වනචර දශකයේ නීලකාස හොරෙක් වූ සජින් වාස් ගුණවර්ධන පසුගියදා ඇප මත නිදහස් කරවා ගැනීමට අගමැතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පෙනී සිටින සුදත් චන්ද්‍රසේකර නමැති පරණ පොලිස් කාරයා කටයුතු කර ඇතැයි  වාර්තා වේ.
මොහු සජින් වාස් ගුණවර්ධනට විශාල ලෙස සහන ලබා දී ඇති අතර ඔහුට ඇමැති ආරක්ෂාවක් ලබා දීමට ද මැදිහත් වී තිබේ. මේ කටයුතු සඳහා සජින් වාස් ගුණවර්ධනගෙන් මුදල් ලබා ගෙන ඇති සුදත් චන්ද්‍රසේකර සියල්ල සිදුකර ඇත්තේ ‘පීඑම් කීවා‘ ‘පීඑම්ගේ ඕඩර්ස්‘ ආදී ලෙස කියමින් රනිල් වික්‍රමසිංහගේ නම විකුණමිනි. මෙවැනි අපත ක්‍රියා රැසක් හෙලි වීම නිසා අගමැතිවරයා මොහුට අරලියගහ මැදුර පැත්ත පළාතේ පස් පෑගීම පවා තහනම් කර ඇත.
සුදත් චන්ද්‍රසේකර සජින් වාස් ගුණවර්ධනට ඇප ලබා ගැනීමට ක්‍රියා කර ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. ආර්. නාගමුල්ල සමග කුමන්ත්‍රණයක් කරමිනි. දෙදෙනා පොලිසියට සම්බන්ධ වූයේ එකට වන අතර දෙදෙනා ‘බැජ් මේට්ස්‘ ලා වෙති.

සුදත් චන්ද්‍රෙස්කර සහ සීඅයිඩි අධ්‍යක්ෂ නාගහමුල්ලගේ කුමන්ත්‍රණය 
සජින් වාස් රිමාන්ඩ් කෙරුනේ රහස් පොලිසියේ වානිජ අපරාධ අංශය විසින් අධිකරණයට ගොනු කරන ලද බී වාර්තාවක් අනුවය. එම බී වාර්තාවෙන් කියා තිබුනේ  ‘කාසන්ස් ගෘෘප්‘ නම් සමාගම් 14 ක් හිමි ක්‍රිෂ්ණ සෙල්වනාදන් නමැති දමිළ ජාතික ව්‍යාපාරිකයා බිය ගන්වා සජින් වාස් බලයේ සිටි අවදියේදී කප්පම් ලෙස වරින් වර රු. මිලියන 30 ක් ලබා ගෙන තිබූ බවයි. (එකී බී. වාර්තාව සම්පූර්ණයෙන් මෙහි දැක්වේ) අධිකරණය ක්‍රිෂ්ණ සෙල්වනාදන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සජින් වාස් රිමාන්ඩ් කරමින් කියා තිබිණ.
සජින් වාස් වෙනුවෙන් ඉදිරිපත් වූ සුදත් චන්ද්‍රසේකර සහ නාගහමුල්ල  කළේ ක්‍රිෂ්ණ සෙල්වනාදන් අල්ලා ගැනීමයි. ලබා ගත් කප්පම් මුදල් යලි ගෙවීමට සජින් වාස් එකඟ වූ බව පවසා තමන්ගෙන් ප්‍රශ්න කළ රහස් පොලිසියේ පරීක්ෂණ මෙහෙයැවූ නිලධාරීන් තමන්ට තර්ජනය කර ප්‍රකාශ ලබා ගත්තා යැයි අධිකරණයට පවසන ලෙස ක්‍රිෂ්ණ සෙල්වනාදන්ට පවසා ඇත. මෙය අගමැතිවරයාගේ ‘ඕඩරයක්‘ යයි පැවසීමට ද සුදත් චන්ද්‍රසේකර අමතක කෙළේ නැත. ඒ අනුව දිව්රුම් ප්‍රකාශයක් මගින් මහේස්ත්‍රාත්වරයා වෙත ක්‍රිෂ්ණ සෙල්වනාදන් කියා සිටියේ රහස් පොලිසියේ වානිජ අපරාධ අංශයේ නිලධාරීන් තමන්ට තර්ජනය කර ප්‍රකාශයක් ලබා ගත් බවයි. ඒ නිසා සජින් වාස් ඇප මත නිදහස් කරන ලදී. (මෙහි ඇති බී වාර්තාව කියවද්දී එය තර්ජනය කර ලබා ගත හැකි දෙයක් නොව කරුණු සහිත එකක් බව පෙනී යනු ඇත)
මෙම කුමන්ත්‍රණයට නාගහමුල්ල සම්බන්ධ බව තහවුරු වන්නේ සෙල්වනාදන්ගේ දිව්රුම් ප්‍රකාශය සත්‍යයක් ද නැත්ද යන්න හෙලිකර ගැනීම සඳහා පරීක්ෂන මෙහෙයැවූ අදාල නිලධාරීන් පිලිබඳව පරීක්ෂනයක් පැවැත්වීම රහස් පොලිස් අධ්‍යක්ෂ වරයා ලෙස ඔහු විසින් කළ යුත්තක් වන නමුත් මෙතෙක් එවැනි පරීක්ෂනයක් ආරම්භ කර නැති නිසා ය.
මීට අමතරව නාගහමුල්ල සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව ඔහු දැනට පරීක්ෂන කෙරෙන චුදිත යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන්ද කෙරෙන පරීක්ෂණ වලට බාධා පමුණුවන්නෙකි. ‘මොනවා වුනත් උන් ආමි කොල්ලොනේ‘ යනුවෙන් පවසමින් පරීක්ෂණ වලට බාධා පමුණුවයි. රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති රවි විජේරත්න  නොසිටියේ නම් බොහෝ පරීක්ෂණ යට ගසා දැමීමට නාගහමුල්ල මැදිහත් වනවා ඇත.
මේ අතර ක්‍රිෂ්ණ සෙල්වනාදන් සජින් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් දැන් කුමක් කීවද සජින් වාස් තම වත්කම් බැරකම් ප්‍රකාශ වලින් පවසා ඇති දේට වඩා අති විශාල මුදලක් තිබූ අයෙක් බව හෙලි වී ඇත. වත්කම් බැරකම් ප්‍රකාශයේ ඔහු පවසා ඇත්තේ තමාට මන්ත්‍රීධූරයේ වැටුපට අමතරව ඇත්තේ මාසිකව රුපියල් ලක්ෂ 3 ක පමණ ආදායමක් පමනක් බවයි. නමුත් ඔහුගේ ලංකාවේ ඇති ගිණුම් 15 ක තිබූ මුදල රු.කෝටි 61 ක් ඉක්මවා තිබිණ. සජින් වාස් සතු කොස්මික් සමාගමෙන් ඔහු ඉවත් වූවා යැයි කියා තිබුනද එ් සතු මුදල් රු.කෝටි 15 ක්  ‘MD withdrawal ‘ කියා සජින් වාස් වරින් වර ලබාගෙන තිබේ. ඒවාට අත්සන් කර ඇත්තේද සජින් වාස් විසින්ම ය. ඒ අනුව ඔහු ව්‍යාජ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් රජය නොමග යවා ඇති බව පැහැදිලිය.
කෙසේ වෙතත් සුදත් චන්ද්‍රසේකර රාජපක්ෂ රෙජීමයේ හොරුන්ගෙන් මුදල් ලබා ගෙන ඔවුන්ව බේරා ගැනීමට මැදිහත් වන්නෙක් ලෙස කැපී පෙනෙන අතර ඒ වෙනුවෙන් විකුණන්නේ අගමැතිවරයාගේ නමය. තම ‘ක්ලීන් සූට්‘ එක කැත කරමින් ක්‍රියා කරන සුදත් චන්ද්‍රසේකර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අගමැතිවරයා විසින් නොපමාව සිදුකළ යුත්තකි. 
පහත ඇති කුඩා ඉමේජ මත ක්ලික් කර විවෘත වූ පසු විශාල කිරීමේ සලකුණ මත යලිත් ක්ලික් කර සජින් වාස් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ රහස් පොලිස් බී වාර්තාව සම්පූර්ණයෙන් කියැවිය හැකිය.


 
  
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.