ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 23, 2017

නැව් ගිලි මහ හොරාගේ විලි පොට ලිහා දමයි...!!! විලි ලැජ්ජයි රාජිත...!!!

අනුරගෙන් රාජිතට සැර චෝදනා...!!!
ජනාධිපති අරමුදලෙන් ලක්‌ෂ
100ක්‌ අරන් මවුන්ට්‌ එළිසබෙත් ගියා

ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා
එදා මන්ත්‍රීකම නැතිකර ගත්තා...!!!

 අනුර කුමාර දිසානායක  - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක්‌ තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්‌ද මේ.
 එතුමා කෝප වෙලා... ටොමියා ඇවිස්‌සිලා...

රට පුරා යහපත් සෞඛ්‍ය සේවාවක්‌ පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න  කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් විරෝධය දැක්‌වූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක  ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැතිවරයා විවේචනය කරමින් කතාකිරීම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක්‌ ඇති විය.
දිස්‌ත්‍රික්‌ක කිහිපයක ජනතාව නියඟයෙන් පීඩා විඳින බවත් ඒ අතර වකුගඩු හා පිළිකා රෝගීන් සිටින බවත් ඔවුන්ට දිනපතා ප්‍රතිකාර කටයුතු කරගැනීමට ආර්ථික අපහසුතාවක්‌ ඇති බවත් දිසානායක කීවේය.video

අනුර කුමාර දිසානායක  - ගොවි ජනතාවට අසනීපයක්‌ වුණොත් රෝහල්වල බෙහෙත් නෑ. පිටින් ගන්න ඕනෑ..

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න  - කොහෙද කොහෙද?

අනුර කුමාර දිසානායක  - මොනරාගල

රාජිත සේනාරත්න  - මම පරීක්‍ෂණයක්‌ කරන්නම් රෝහල් අධ්‍යක්‍ෂකවරයාට විරුද්ධව. රෝහල්වල බෙහෙත් තියෙනවා. රසායනාගාර සේවා රෝහල්වල තියෙනවා.

අනුර කුමාර දිසානායක  - රෝහල්වල බෙහෙත් තියෙනවා කියනවා. සියලුම රසායනාගාර සේවා රෝහල්වලින් කරගත හැකියි කියනවා. රටේ සෞඛ්‍ය සේවය යහපත් නම් ඇයි රෝහල් ඉදිරිපිට ෆාමසි තියෙන්නේ. ලේ, මුත්‍රා පරීක්‍ෂා කරන රසායනාගාර සේවා තියෙන්නේ ඇයි? ඉස්‌සර රෝහල් ඉදිරිපිට තිබුණේ මිනීපෙට්‌ටි සාප්පු. ඒ මියයන අයට රෝහලෙන් පෙට්‌ටි නොදෙන නිසා. අද රෝහල්වලින් බෙහෙත් නොදෙන නිසා, ලේ මුත්‍රා පරීක්‍ෂා නොකරන නිසා තමයි ෆාමසි, රසායනාගාර සේවා තියෙන්නේ.

මේ අවස්‌ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා නැගිට නොනවත්වා යමක්‌ ප්‍රකාශ කරයි.

අනුර කුමාර දිසානායක  - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක්‌ තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්‌ද මේ. (සභාවේ ඝෝෂා - සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි)

කථානායක - වාඩිවෙන්න

අනුර කුමාර දිසානායක  - මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩිවෙන්න කියන්න. ටොමියා ඇයි බුරන්නේ? මෝදර ධීවර වරාය බදු දුන්නා. තක්‌සේරුව ලක්‍ෂ 17 යි. ඒත් එක්‌ලක්‍ෂ විසිපන්දහස ගානේ මාස තුන්සීයකට බදු දුන්නා. පරීක්‍ෂණ අල්ලස්‌ කොමිසම කරද්දී ජනාධිපතිවරයා හමුවෙලා අල්ලස්‌ කොමසාරිස්‌ව මාරුකළා. ආයුර්වේද සංස්‌ථාවට මස්‌සිනා දාලා නෝනා පත්වීම් දෙනවා. පට්‌ට හොරෙක්‌. මොන හිඟන්නෙක්‌ද මේ. ඒවට එන්න එපා හොඳේ. කවුද මෙයා. මගෙන් මොකවත් අහගන්න එපා. ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණා. රනිල් වික්‍රමසිංහට දණ ගහලා වඳින්න ඕනේ.. මන්ත්‍රීකම ජාතික ලැයිස්‌තුවෙන් දුන්නට. බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණ එකම පුද්ගලයා. එයාව වාඩිකරවන්න. මට කතාකරන්න කාලය ඕනේ.

සෞඛ්‍ය සේවය බිඳ වැටිලා. මේ නියඟය නිසා ගමේ මිනිහෙක්‌ අසනීප වුණොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්‌තියක්‌ නෑ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක්‌ලක්‍ෂ හැත්තෑපන් දාහයි. ඒකටත් ග්‍රාම සේවකගේ, ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමැතිට ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ දෙනවා. මොන හිඟන්නෙක්‌ද ඒ සෞඛ්‍ය ඇමැති. මේ නියඟය සමඟ ගොවි ජනතාවට සෞඛ්‍ය දීමනාවක්‌ ලබාදිය යුතුයි.

(යළි සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි.)

දිසානායක  - බුරන්න එපා.. එතුමා කෝප වෙලා... ටොමියා ඇවිස්‌සිලා...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.