ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 15, 2017

නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!

එතෙක් පැවැති තත්ත්වයට වඩා සැබෑ සුබදායක වෙනසක් බලාපොරොත්තුවෙන් 2015 ජනවාරි මස 08 වන දින සිය ඡන්දය ප‍්‍රකාශ කළ ජනතාව මේ වනවිට යහපාලන රජය කෙරෙහි දක්වන ආකල්ප ද පෙර පාලන කාලයටටත් වඩා සුබදායක නොවන බව පෙනෙන්නට තිබේ. පෙර සිටි පාලකයින් කෙරෙහි වූ ජනතා අප‍්‍රසාදය තියුණු වෙමින් පැවැතියාටත් වඩා වැඩි වේගයකින් යහපාලනයේ ඇතැම් පාර්ශවයන්හි අක්‍රමිකතා සහ දූෂණ සීඝ‍්‍රයෙන් හෙළිවෙමින් තිබීම මෙයට හේතුවයි.

නව පාලනයේ දින සියය ඉක්මයාමට මත්තෙන් මහබැංකුව හා රටේ ප‍්‍රධාන මර්මස්ථාන පාලනය කරන අධිකාරිය විසින් සිදු කළ බවට හැඟෙන දූෂණ වෙනුවෙන් දැන් දැන් වැඩි කාලයක් මිඩංගු කිරීම හේතුවෙන් පෙර පැවැති රජයේදූෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව නැගුණු චෝදනා යටපත්වන බවක් ද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හමුවේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පත්කළ කොමිෂන් වල කාර්යයභාරය ද පෙරටත් වඩා ජනතා අවධානය දිනාගන්නට සමත්ව ඇත.


ආසන්න වශයෙන් හෙළිදරව් වූ සහ හෙළිවෙමින් පවතින තවත් දූෂණ හා වංචා රැුසක් හේතුවෙන් යහපාලන රජයේ ම ඇතැම් ප‍්‍රබල පාර්ශවදූෂිතයින් හා වැරදිකරුවන් බවට සාක්ෂ්‍ය ගණනාවකින් මේ පත්කළ කොමිෂන් හමුවේ හෙළිදරව්වීම කැපීපෙනනෙ ප‍්‍රවණතාවක් ද වෙයි. මෙය ඉවසා දරාගත නොහැකි ඇතැම් කණ්ඩායම් දේශපාලන බොරදියේ මාලූබාන්නට වෙර දරනවා සේ මචෝදනාවන්ට ලක්වන පාර්ශවයේ හිතමිතුරන් සේ ම,අන්තේයවාසිකයින් චූදිතයින් ආරක්ෂා කිරීමට විවිධ පියවර ගන්නා බවක්ද දක්නට ලැබීම පිළිකුල් සහගත ය.

මේ අතරපෙර පැවැති රජයේ අත්තනෝමතිකභාවයන්ට එරෙහිව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවමින් නීතියේ ආධිපත්‍යය හා යුක්තිය පසිඳවනබවට පොරොන්දු වූ යහපාලනයකින්ම ඇතැම් රාජ්‍ය ආයතන කෙරෙහි වෛරය වැපිරීම ඉතා කනගාටුදායකය. වර්තමානයේ මේ ආකාරයට ගැරහුම් ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ය. රටේ වගකිවයුතු ඉහළම රාජ්‍ය ආයතනයක කාර්යයභාරය කෙරෙහි රජයේ ම පාර්ශව පදනම්විරහිත චෝදනා එල්ල කිරීම ම සමස්ත රටට ම බලපාන කලූ පැල්ලමක් එක්කළ හැකි පරිසරයක් නිර්මාණය කරන බව අපගේ විශ්වාසයයි.

විශේෂයෙන් රජයේ ම ඇමැතිවරයෙක්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ආයතන ව්‍යුහයක් පාර්ලිමේන්තු වරප‍්‍රසාදයන්ට යටත්ව හා ඉන් මෙපිට දීද දැඩි දෝෂයට ලක්කිරීම සැලකිල්ලට ගතයුතු සුවිශේෂී කරුණකි.

කුමන තත්ත්වයක් යටතේ වුවද රාජ්‍ය ව්‍යුහයේ විශේෂිත ආයතන ව්‍යුහයක් කෙරෙහි එම රාජ්‍ය ව්‍යුහයේම කොටස්දූෂිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්දය විවේචන එල්ල කිරීම යහපත් සමාජයක් පතන කිසිදු පුරවැසියෙක්ට අනුමත කළ නො හැකි ය.

මේ අර්ථයෙන් ගත්විටනීතිපති දෙපාර්තමේන්තුව හෝ ඒ විෂයයභාර ඇමතිවරයා හෝ මෙසේ විවේචනයට බඳුන්වන්නේ දූෂිත චෝදනා එල්ල වූ පාර්ශවයෙන්ම නම් එය වඩාත් කනගාටුදායක ය. ඒ අනුව මේ දෙපාර්ශවය විසින්ම එකී අදාළ ආයතන වෙත යම් බලපෑමක් කරන්නේනම් එය බරපතල තත්ත්වයකි.

තවත් පසෙකින් මින් ගම්‍යවන්නේ මෙකී ආයතන අනියමින් යටපත් කරගැනීමට කුමන හෝ පාර්ශවයක් කටයුතු කරන බවක් හෝ එසේ කටයුතු කරමින් සිටින බවකි. මෙය රටේ දියුණුවට මෙන්ම ජනතා පරමාධිපත්‍ය අයිතීන්ට මරු පහරකි. තවද ලෝතය හමුවේ රට හෑල්ලුවට ලක්කිරීමකි.

එසේ හෙයින් මහජන සභාව ලෙස අපි මේ දුර්මුඛ තත්ත්වය පිළිබඳව අපගේ කනගාටුව ප‍්‍රකාශ කරන අතරරටේ ජනතාව යහපාලනය නමින් තැබූ විශ්වාසය රැකගනිමින් ලොව හමුවේ නිර්දෝශී රාජ්‍යයක සුජාත බව ප‍්‍රකට කරවන්නට පෙරට එන ලෙස ලෙස පාලක-පාලිත දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිමු.

මේ වෙනුවෙන් හා යහපත් ප‍්‍රගමණයෙන් යුතු ශ‍්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවන්නට අත්වැල් බැඳගන්නා ලෙස මහජන සභාව සමස්ත රටවැසියන්ගෙන්ම ඉල්ලා සිටී.

මහජන සභාව ජනතා ව්‍යාපාරය

පූජ්‍ය උලපනේ සුමංගල හිමි
සභාපතිමහජන සභාව
2017 අගෝස්තු 15

විමසීම් :
ජනිත් විපුලගුණ
ලේකම්මහජන සභාව
·        0777 88 33 64
·        [email protected]

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.