ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 8, 2017

සම්පූර්ණ ෆෙඩරල් සමග උතුරට ස්‌වයංපාලනයක්‌ ඉල්ලයි...

උතුරේ ජනතාවට සම්පූර්ණ ෆෙඩරල් පාලනයක්‌ සහිත ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බව ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සම සභාපති පී. ලක්‌ෂ්මන් යාපනය පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සම්මන්ත්‍රණය අමතා තවදුරටත් කරුණු දැක්‌වූ ලක්‌ෂ්මන්  යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බොරුවලින් කෙටුම්පත් කර ඇතැයිද පවසා තිබේ.

බොරුවලින් ද්‍රවිඩ ජනතාව මුලාකර ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමට රජය උත්සාහ කරනවා. අවාසනාවකට අපේ සමහරු ඊට එකඟවී තිබෙනවා යෑයි හෙතෙම එහිදී කියා ඇත.

 
නව ව්‍යවස්‌ථාවට විග්නේෂ්වරන්ගෙන්
අනිවාර්ය නිර්දේශ 3ක්‌...

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ෆෙඩරල් ක්‍රමය, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ බලය බෙදාහැරීම යන කරුණු අනිවාර්යයෙන්ම ඇතුළත්ව තිබිය යුතු බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් විසින් ප්‍රකාශ කර ඇත.උතුරේ ද්‍රවිඩ මාධ්‍ය ඇමතූ විග්නේෂ්වරන් ඒකීය රාජ්‍යය වෙනුවට එක්‌සත් රට යනුවෙන් භාවිත කරන ලෙස තමා නිර්දේශ කරන බව ද කියා සිටියේය.

නැගෙනහිරට සිංහල ජනතාව යොමුකර ඇති බවත් උතුරු නැගෙනහිර එක්‌සත් නොකළහොත් ඉදිරි වසර විස්‌ස තුළ තමන්ට නැගෙනහිර අහිමි වන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.

රජය ලබාදෙන දේශපාලන විසඳුම කුමක්‌දැයි තමා දන්නේ නැති බව පවසා ඇති විග්නේෂ්වරන් එම විසඳුම ගැන තමාට දන්වා නැති බව ද කීවේය.

එහෙත් ෆෙඩරල් ක්‍රමය සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම යන කරුණු රජය පිළිනොගන්නා බව වාර්තා වී ඇති බව ද උතුරු මහ ඇමැතිවරයා සඳහන් කළේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.