ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 2, 2017

ලෝ පතළ කපටියාගේ ලෝ පොයින්ට්ස්...!!!

බදු ගිවිසුම දැක්‌කෙත් නෑ
මොනෑක්‌ ගනුදෙනුව මම දන්නේ නෑ
නිවස බදු ගැනීම,මිලදී ගැනීම පවුලේ අයගේ වැඩක්‌
ඇමැති රවි බැඳුම්කර කොමිසමට කියයි

ප්‍රශ්නවලට පිළිතුරු මිස ප්‍රකාශ එපා
-කොමිසමෙන් ඇමැතිට අවවාද
රවී සහ ඇලෝෂියස්‌ගේ සිංගප්පූරු ගුවන් ගමන්
ගැනත් කොමිසම කරුණු විමසයි
කොල්ලුපිටියේ මොනෑක්‌ රෙසිඩන්සීස්‌ හි සුපිරි මහල් නිවස බදු ගැනීමට හෝ එය පසුව මිලදී ගැනීමට තමා සම්බන්ධ වූයේ නැති බවත් එය තම පවුලේ අය විසින් සිදුකරන ලද්දක්‌ බවත් වර්තමාන විදේශ ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක  (02 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් කීවේය.තමා බිරිඳ සහ දරුවන් සමඟ දැනටත් පදිංචිවී සිටින්නේ එම සුපිරි තට්‌ටු නිවාස ඒකකයේ බව ද ජනාධිපති කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක පිළිගත්තේය.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා  විදේශ ඇමැතිවරයාගේ සාක්‌ෂිය මෙහෙයවීම සිදුකළේය.

වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම එම සුපිරි නිවස බදු ගැනීමට ගිවිසුමකට එළඹ ඇති බව තමා දැනගත්තේ පසුව බව ද එම නිවස පසුව තමා ආරම්භ කළ ග්ලෝබල් ලොජිස්‌ටික්‌ස්‌ සමාගමින් මිලදී ගත් බව ද විනිසුරු ජයවර්ධන ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක  පිළිගත්තේය.

එය තම පවුලේ සමාගමක්‌ බව ද එම සමාගමෙන් මොනෑක්‌ සුපිරි මහල් නිවාස ඒකකය මිලදී ගත් බව ද කරුණානායක  කීවේය.

තම පවුලේ සාමාජිකයන් සමඟ පදිංචි වී සිටියත් එහි බදු ගිවිසුම තමා දැක්‌කේ නැති බව ද ඔහු කීවේය. එසේම මේ නිවාස ඒකකය ෂනිකා විඡේසූරියගෙන් වෝල්ට්‌ ඇන්ඩ් රෝ සමාගම බදු ගත් එකක්‌ බව තමා නොදන්නා බව ද රවි කරුණානායක කීවේය. එය පවුලේ අය විසින් සිදුකළ දෙයක්‌ බව ද ඔහු කීවේය.

අර්ජුන් ඇලෝෂියස්‌ පාලනය කරන වෝල්ට්‌ ඇන්ඩ් රෝ සමාගම ගෙවා තිබෙන මසකට මිලියන 1.45 ක බදු මුදල ගෙවන බව තමා දන්නවා දැයි ඇසූ විට කරුණානායක  කීවේ එය පවුලේ අය විසින් නැවත ගෙවා දමන ලද බවයි.

2015 මාර්තු 17 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට සහ මහා භාණ්‌ඩාගාරයේ නිලධාරීන් කොමිසමට පැමිණ දිවුරුම් පිට ලබාදුන් සාක්‌ෂිවලට පටහැනි දේ රවි කරුණානායක  කොමිසමට ප්‍රකාශ කළ බවද දප්පුල ද ලිවේරා  කීවේය.

ඒ අවස්‌ථාවේ කඩිනමින් අවශ්‍යව තිබූ මුදල රු. බිලියන 15 ක්‌ බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබූ බවද ලිවේරා  කොමිසමට පැවසීය. එසේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නියෝජ්‍ය ලේකම්වරයා සහ භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැමිණ ඇමැති රවි කරුණානායක  සිය ලිපිය මගින් සඳහන් කර ඇති රු. බිලියන 75 ක හදිසි මූල්‍ය අවශ්‍යතාව ගැන තමා කිසිවක්‌ නොදන්නා බව කොමිසමට දිව්රුම්පිට සාක්‌ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බවද ලිවේරා  කීවේය.


එහෙත් අගමැතිවරයා රු. බිලියන 100 ක අවශ්‍යතාවක්‌ ඇති බව එම ප්‍රකාශයේ සඳහන් කර ඇති බව කී ඇමැතිවරයා මේ අරමුදල් අවශ්‍යතාව ගැන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් එසේ නැතැයි යම් නිලධාරියකු ප්‍රකාශ කරන්නේ නම් එය සත්‍යයක්‌ නොවන බවත් කරුණානායක  කොමිසමට කීවේය.

මහ බැංකු අධිපතිවරයා අමතමින් ඇමති රවි කරුණානායකගේ අත්සනින් යුතුව කොමිසමට ඉදිරිපත් කළ ලිපිය අලුතින් නිර්මාණය කරන ලද ලිපියක්‌ බව දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළ අතර ඇමතිවරයා ලිපිය ලබා දුන් බවට කොමිසමට ප්‍රකාශ කළ දිනය අසත්‍යයක්‌ බවද ලිවේරා කීවේය.

එය ප්‍රතික්‌ෂේප කළ රවි කරුණානායක  තමාගේ ප්‍රකාශය සත්‍යයක්‌ බව කීවේය. මෙහිදී විනිසුරු ජයවර්ධන ප්‍රකාශ කළේ එම ලිපිය අලුතින් නිකුත් කළ ලිපියක්‌ බව කොමිසම නිරීක්‍ෂණය කළ බවත් එහෙත් කරුණානායක  පවසන්නේ එය වසරකට පෙර නිකුත් කරන ලද්දක්‌ බවත්ය.

ඇමති රවි කරුණානායක  තමා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළක්‌වන්නැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා  කොමිසමෙන් ඉල්ලීමක්‌ කළ අතර එය පිළිගනිමින් කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන රවි කරුණානායක  අමතමින් ප්‍රකාශයන් සිදු නොකර ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අසන ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලෙස කරුණානායකට අවවාද කළේය.

2015 සැප්තැම්බර් සිට 2017 අප්‍රේල් දක්‌වා කාලය තුළ රවි කරුණානායකගේ සහ අර්ජුන් ඇලෝසියස්‌ ගේ සිංගප්පූරු ගුවන් ගමන් විස්‌තර දප්පුල ද ලිවේරා  විසින් කොමිසමට ඊයේ ඉදිරිපත් කළ අතර එම දෙදෙනාම සමාන කාලවකවානුවලදී සිංගප්පූරුවට ගොස්‌ ඇති බවද එක්‌ වරක්‌ එම දෙදෙනාම එකම ගුවන් යානයේ ගමන් කර ඇති බවද කොමිසමට ලිවේරා මහතා කියා සිටියේය.

එම කාලය තුළ අර්ජුන් ඇලෝසියස්‌  සිංගප්පූරුවේදී හමුවූදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් රවි කරුණානායක  කීවේ අවස්‌ථා දෙක තුනකදී පමණක්‌ ඔහු හමුවූ බවයි.

 ලෝ පතළ කපටියාගේ ලෝ පොයින්ටස්...!!! මේ කපටියා ගැන, වූ තවත් කරුණු පහත ලින්ක්ස් වෙතින්..!!!
 http://www.lankanews.org/search/label/ravi%20karunanayagam?updated-max=2015-10-15T15:00:00%2B02:00&max-results=20&start=100&by-date=false

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.