සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර
රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට
දන්නේ නැතැයි“ (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය.
පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම්
තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ
ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ
පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ
කැඳවා තිබිණ.
පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි
රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ
නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද
ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද
රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර
තිබිණ.
(රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලදී කිසිවෙකුට ලඟ සිටීමට ඉඩ දෙන්නේ
නැත)
කෙසේ වෙතත් ශිරන්ති තමාට සිංහල කියවන්නට දන්නේ නැතැයි කී බැවින්
රහස් පොලිස් නිලධාරීන් ඇයගේ නීතිඥයා වූ එළියේ සිටි ජයන්ත වීරසිංහ නමැති
රාජපක්ෂලාගේ නීතිඥයා ඇතුලට කැඳවා එය කියවීමට ඉඩ දෙන ලද නමුත් නීතිඥයාට
දන්වා සිටියේ ප්‍රකාශයේ සඳහන් කිසිවක් වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
මන්ද යත් ශිරන්තිගෙන් ප්‍රශ්න කරන ලද්දේ සිංහලෙන් වන අතර ඇය පිළිතුරු
දුන්නේ ද සිංහලෙනි. ඒ අනුව සටහන් තබන ලද්දේ ද සිංහලෙනි. ඇයගෙන් ප්‍රශ්න
කිරීම සහ ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම රහස් පොලිසිය විසින් පටිගත කර ඇති
නිසාත් ඇය කියන ලද දේ මිස වෙනත් දෑ සටහන් තබා නොමැති නිසාත් නීතිඥයන්ට
අවශ්‍ය ලෙස වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි යයි පැවසීය. අවසානයේ නීතිඥ වීරසිංහ
ශිරන්තිගේ කට උත්තරය කියවා විරෝධයක් නොදක්වා අත්සන් කරන්නැයි ශිරන්තිට
දැනුම් දුන්නේය.
ඉන්පසුව බදුල්ලේ ඉපදී බදුල්ලේ සිංහල මොන්ටිසෝරියකින් සිංහල ඉගෙන ගෙන
පසුව කොළඹට පැමිණ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ දී ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා
දෙකෙන්ම ඉගෙන ගත් ශිරන්ති රාජපක්ෂට හදිසියේම රහස් පොලිසියේ දී වැළඳුනු
සිංහල අමතක වීමේ රෝගය සුව වී තම කට උත්තරයට අත්සන් තැබුවා ය.
මේ අතර ශිරන්ති රාජපක්ෂ රහස් පොලිසියට කැඳවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට
පත් කර ගත් ඒකාබද්ධ නඩය ඈත ගම් වල සිට බස් රථ වලින් සිය හෙංචයියන් සීඅයිඩිය
ඉදිරිපිටට කැඳවා ‘වනචර යුගයේ වීදි නාටකය‘ රඟ දැක්වූහ. මිනිසුන්ට පහර දෙමින් වනචර යුගය යලි ජනතාවට මතක් කර දුන්හ. වීඩියෝ ශිල්පීන්ගේ කැමරාවන්ට හසුවූ ‘වනචර යුගයේ වීදි නාටකය‘ පහත දැක්වේ. එහි ඇති අපූරුව නම් අසරණයෙකුට වට කර ගුටි දුන් රාජපක්ෂගේ මැරයන් බේරා ගුටි කෑ එකා පොලිසියට අරන් යෑමයි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, August 17, 2017
ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..!
Posted by
lankanews
at
August 17, 2017
Labels: murder of thajudeen, namal baby, namal hora, namal rajapakshe, shiranthi rajapakshe, waseem thajudeen
ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..!
2017-08-17T04:10:00+02:00
lankanews
murder of thajudeen|namal baby|namal hora|namal rajapakshe|shiranthi rajapakshe|waseem thajudeen|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
