ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 13, 2017

මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක්

යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ…  ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?

මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක් හෙළිදරව් වෙමින් තිබීම පින් ඇති මහත්තුරුයැයි වන්දනාමාන කරමින් සිටි ජනතාවට හොඳ .
 පාඩමක් බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.
ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?
යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන තවත් මහා සොරකමක් මේ වන විට රට හමුවේ හෙළිදරව් වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදෙස් ඇමතිව සිටි හා ඊට පෙර මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇමතිවරයෙකුට දූෂණ චෝදනා ඇතිවිට ධුරයෙන් ඉල්ලා අස්වී පරික්‍ෂණවලට සාධාරණය ඉටුකිරීම මහත්මා දේශපාලනය වුවත් රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් ඒ මහාත්මා දේශපාලනය පෙන්වා නැත.
සිදු වූයේ ජනතාවාදී දේශපාලන පක්ෂ හා ජනතාවත්, මාධ්‍යයත්, කෝප් කමිටුව, දූෂණ විරෝධී හඬ, වෘත්තීය සමිති, හා ජාතික භික්‍ෂු පෙරමුණ වැනි බලපෑම් කණ්ඩායම් බොහෝ වෙහෙසදරා කළ නොනවතින අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ඉල්ලා අස්වීමට සිදුවූවා මිස මහත්මයෙකු මහාත්මාකම පෙන්වීමක් නොවේ. ආණ්ඩුව හා ධනපති කල්ලි කණ්ඩායම් සියල්ල සමගින් ඇතැම් මාධ්‍ය උත්සාහ කළේ මේ මහබැංකු සොරකම වසන් කර හොරු රැකිමටයි.

පසුගිය ආණ්ඩුවේ සොරකම්වලට නම් දරා ඇති පිරිස් මේ කි‍්‍රයාදාමයට සම්මාදන් වූයේ ”දැන් ඉතිං උඹලත් අපි වගේම එක මල්ලෙ පොල් ” කියන න්‍යායට අනුවයි. එසේ නොවී බැඳුම්කර සිද්ධියෙන් රටට, මහජනතාවට සිදුකර ඇති අලාභය ගැන කම්පාවෙන් නොවේ. කෙසේ වෙතත් මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක් හෙළිදරව් වෙමින් තිබීම පින් ඇති මහත්තුරුයැයි වන්දනාමාන කරමින් සිටි ජනතාවට හොඳ පාඩමකි. එහෙයින් ජනතාවගේ පැත්තේ සිට අපට අසන්නට ඇත්තේ ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද? කියාය. ආණ්ඩුව යහපාලන නම්, පාලකයින් යහපාලකයින් නම් ”උතුම් මාතෘ භූමිය” ගැන කියවන ජනාධිපති හා ”ලිච්ඡවි පාලනයක්” ගැන කියවන අගමැති, තව දුරටත් හොරු රකිනවද? නැද්ද? කියා වහාම ජනතාව වෙනුවෙන් උත්තර බැඳිය යුතු බව අප අවධාරණය කරනු කැමැත්තෙමු.
ස්තූතියි.
මෙයට,පූජ්‍ය වකමුල්ලේ උදිත හිමිලේකම් ජාතික භික්‍ෂු පෙරමුණ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.