ජනතාව රවටා බලයට ඒමට දේශපාලන අපතයන් කළ කී දෑ වමාරන අපතයෙක්...!!!
පසුගිය ජනාධිපතිවරණයේදි රටේ ජනතාවගේ බදු මුදල් ඉවක් බවක් නොමැතිව තැන තැන බෙදා දුන් අකාරය පිළිබදව ඊයේ(12) කළුතර දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මහින්ද අමරවීර අනාවරණය කළා…
“අපි මොනවද නොකළේ අපි හැම ගොවියෙකුටම
බීජ වී කියලා චෙක් එකක් දුන්නා. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල වී පිරිලා සල්ලි
දෙන්න ඕන නිසා චෙක් ලිය ලිය දුන්නා. ඡන්ද ටික ගන්න. බැංකුවල තිබ්බ සල්ලි
ටික අරගෙන අපි ඒවා දුන්නා නිවාස රෙපයාර් වලට කියලා සල්ලි. ඊට පස්සේ සිල්
රෙදිත් බෙදුවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි ඒ විතරක් නෙමෙයි අලත් බෙදුවා.
අල කිලෝ 5 ගානේ අපි ආණ්ඩුවේන් ෂොපින් බෑග් එකත් අරගෙන ගෙවල් වලටගිහිල්ලා
බෙදුවා. නුවරඑළියේ අල විකුණ ගන්න බැරි උනාම අපි ලොරි අරගෙන ගිහිල්ලා ඒ අල
අරගෙන ඇවිල්ලා නිකම් බෙදුවා. හම්බන්තොට එක්ක වටේ තියන දිස්ත්‍රික්ක ගණනාවක
බෙදුවා. අපි නොකර දෙයක් නෑ. මිලියන 765 හැම තැන්වලටම හැම ආසනයකටම බැසිල්
මහත්තයා සල්ලි දුන්නා ඇති වෙන්න.
අපිට වැඩ කරන්න නෑ. සාරිත් බෙදුවා. අපි ගොඩාක් වැඩ කලා නේ. සමහර තැන්වල අපි වෙල් යායවලත් අපි පාරවල් හැදුවා. කොන්ක්‍රීට් දැම්මා. ඔක්කොම කළා. අවශ්‍ය ද නැද්ද කියලා බලන්නේ නැතුව මොකටද ඡන්දය දිනා ගන්න. අන්තිමට මොකද වුණේ සෙනඟ අපේ ඡන්දේ එහේ.”